මෙහි ඇති අරුමය වන්නේ එය “කටාරයේ” සිදුවීමයි. තෙල් සම්පතින් අනුන කටාරය, ඒ ආකාරයේ බස් ඩිපෝවක් නිර්මාණය කරන්නට සිතුවේ ඇයි ?
කටාරයට සමහරුන් කියන්නේ, “සව්දි අරාබියේ සහෝදරයා” කියාය. හේතුව වන්නේ, කටාරයත් සව්දි අරාබිය මෙන්ම තෙල් වලින් අනුන රටක් මෙන්ම, සමාන දේශපාලන සහ සංස්කෘතික පැතිකඩක් රටවල් දෙකේම ඇති හෙයිණි.
නමුත් ලෝකය වෙනස් වෙමින් පවතී. කෙමෙන් කෙමෙන් කාන්තාරයේ මැද ඇති ස්වයංක්‍රීය තෙල් මධ්‍යස්ථාන නැවතී යනු ඇත. තෙල් වලට අද හෙට අනාගතයක් නැති වන්නේ නොමැති වුවද, එය කෙමෙන් වියැකී යාම නම් නවතින්නේ නැත. මේ ගැන යහමින් තෙල් ඇති කටාරය මෙන්ම සව්දි අරාබියද හොඳින්ම දනී. අද දින මීට දශක තුනකට පෙර සිටි “ආගමික පොලිස් මුල්ලා වරු” තවත් එහි නැත. සිරුරම වසාගෙන සිටි ගෝනි බිල්ලෝ සෙවීම අපහසුය. ඊට වඩා ලංකාවේ එය වඩා පහසුය.
මේ සියල්ලටම හේතු තිබේ. එය නම් ආර්ථිකයේ වෙනස් වීම සහ රටවල් වඩාත් එකිනෙකට සමීප වීමය. කටාරයේ වුවද භූමියෙන් වැඩි ප්‍රමාණයක් ජන ශුන්‍ය වේ. ජනතාව සිටින ස්ථාන වුවද කාන්තාර ගති ලක්ෂණ බෙහෙවින් පෙන්වයි. නමුත් ඒ ශුෂ්ක ගති ලක්ෂණ හරහා වුවද රටේ දියුණුවට රටේ පාලකයන් ගන්නා උනන්දුව ඉතා ඉහළය.
ඒ අනුව සිතු කටාරය සම්පූර්ණ වෙනස් ආකාරයේ බල ශක්ති භාවිතයක් නිරූපණය කරන විදුළි බස් රථ වලට පරිවර්ථනය වූවාක් වැනිය. ප්‍රතිඵලය, “ෆුට් බෝල ලෝක කුසලානය” වෙනුවෙන් කටාරයේ “ලුසායිල්” නගරයේ එම විදුළි බස් රථ ඩිපෝව විවෘත වීමය. ලෝකයේ විශාලතම විද්‍යුත් බස්රථ ඩිපෝව මෙය වීම අනෙක් විශේෂත්වයයි. එහි විද්‍යුත් බස් රථ නවතා තැබීමේ ස්ථාන 478 ක් සහ විදුලි ආරෝපණ ඒකක 248 කින් යුක්තය.
සූර්ය පැනල 11,000කින් බල ගැන්වෙන මෙය පසුගියදා ලොව විශාලතම විදුලි බස්රථ නැවතුම ලෙස ගිනස් වාර්තාවලට ඇතුළත් විය.
ලොවේ කාබන් පාදය වැඩි කිරීමට කලක් තිස්සේ මහත්සේ දායක වූ කටාරය, ඒ පව ගෙවන්නට සූදානම් වෙනවා වැනිය.
https://www.facebook.com/lalith.karunaratna/posts/pfbid02Ec5g1QeKc7mJX9wsZ9cS6gBsAi6QeXXNu8ymWP1x2twBmBopBwzYuKugz64ddCQUl?notif_id=1666927307827304¬if_t=feedback_reaction_generic&ref=notif
Leave a Reply