බලන්ගොඩ මෛත්‍රී ස්වාමින්ද්‍රයන් සහ ඉන්දියාවේ නාඩි වාක්‍ය

          කලින් කලට බුදුන් වහන්සේ ලංකාවේ උපන්නා යයි රැළි ඇති වී, නැති වී යයි. එපමණක් නොව තායිවානයේද ජනතාවෙන් සමහරෙක් බුදුන් වහන්සේ එහි උපන්නේය යයි විශ්වාස කරති. චීනයේද බුදුන් වහන්සේ ඉපදුනේ යයි විශ්වාස කරන්නෝ සිටිතියි කියති. මේ අතර ලංකාවේ සුප්‍රසිද්ධ යතීන්ද්‍රයන් වහන්සේ කෙනෙක් වූ, “බලන්ගොඩ ගෞරවණීය ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ” ඒ විස්තර සොයාගත් ආකාරයක් වේ.

එය විස්තර කිරීමට පෙර ස්වාමින් වහන්සේ ගැන කුඩා විස්තරයක් කිරීම මැනවි යයි සිතේ. ඉන්දියාවේ, බ්‍රිතාන්‍යයේ, ජර්මනියේ, බුරුමයේ උගතුන්ගේ ආරාධනා මත, බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් තෝරා බේරා දෙන සේ ලැබුණු අති විශාල ලිපි සංඛ්‍යාවක් සඳහා පිළිතුරු ලියමින් ස්වාමින් වහන්සේ මහත් කාර්යයක් ඉටු කළහ. ලතින් සහ ග්‍රීක් භාශාවේද දක්ෂයෙක් වූ ස්වාමින් වහන්සේ ලංකාවේ තිබි බොහෝ පැරණි පොත පතද අධ්‍යනය කල කෙනෙක් විය.

විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කෙනෙක් වූවද,  ස්වාමින් වහන්සේගේ ඉගැන්වීමේ වෙනසක් නොවිණි. ඉන්දියාවට තෙරුන් වහන්සේ ගොස් නාඩි වාක්‍ය හදාරන කල්හී, නාඩි කාරයා මෙසේ කීවේය. …”ඔබ වහන්සේගේ ගිහි කල නම “වල්ලිහාමි” වේ. ද්‍රවිඩ ඌරුවට කියන ලද එය, “විළියම්” විය. … “ඔබ වහන්සේ සිම්හල ජාතික පඬි වරයෙකි”… “පෙර අත් භවයක ඔබ වහන්සේ ඉන්දීය බ්‍රාහ්මණ පව්ලක ඉපිද සිටියේය”….”එක් සහෝදරයෙක් සිටි අතර ඔහුගේ නම “අධ්කාරම්” වේ”…

මේ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අධිකාරම් මහතා විය යුතුය.    

ඉන්දියාව හුරු පුරුදු තැනක් වූ ස්වාමින් වහන්සේ මේ තොරතුරු සොයා ගත් විශේෂ ආකාරයක් විය. එනම් ඉන්දියාවේ සෑහෙන පළාත් කීපයක් හරහා ව්‍යාප්ත වී ඇති නාඩි වාක්‍ය වල කුමක් ඇත්තේද යන්න සොයා බැලීමයි. ස්වාමින් වහන්සේ මේ ගැන විශාල පරීක්‍ෂණයක් කලහා. එමෙන්ම නාඩි වාක්‍ය හරහා බොහෝ තොරතුරු එකතු කල බවද එම ස්වාමින් වහන්සේගේ චරිතාපදානයේ තිබේ.

ලිපිය කෙටි වීමට මෙහි සඳහන් වන්නේ හුදෙක් බුදුන් වහන්සේගේ ගැන සොයාගත් විස්තර පමණි. ස්වාමින් වහන්සේ ගේ වචන වලින්ම එය මෙසේ වේ. 

… “බුදුන් වහන්සේ ලංකාවට වැඩියාද නැද්ද යන්න දිනක් මා සිතුවා. ඊට පිළිතුරු වශයෙන් නාඩි කියවන්නා බුදුන් වහන්සේ ඉන්දියාවේ සිට ලංකාවට වැඩි ආකාරය පිලිබඳ දීර්ඝ විස්තරයක් දුන්නා. බුදුන් වහන්සේගේ කේන්ද්‍රය මෙන්ම උපන් විස්තරද ඒ නාඩියෙන්ම මා ලබා ගත්තා. “කාකයර් නාඩි”, මෙන්ම “කෞමාර නාඩි වල”, එය මෙසේ සඳහන් වෙනවා” …

…”කළියුග 2478 වෙසක් පුණු පොහෝ ලත් රවි දින විසා නැකතෙන් උදයාදී එකොළොස් පැය විනාඩි හතරට උපත සිදු විය. ජීවත් වූ කාලය වසර 80 යි, මාස 10යි දින 15 යි. ලග්නය කටක විය. ගුරු 1, රාහු 3, 4 චන්ද්‍ර, 7 කුජ, 8 ශනි, 9 සිකුරු සහ කේතු, 10 බුද, 11 රවී විය. නවාංශකය සිංහ විය. එහි 1 ගුරු, 2 බුද කේතු, 3 ශනි, 6 ශුක්‍ර, 7 රවී, 8 රාහු, 9 කුජ, 10 චන්ද්‍ර සේ විය.

නාඩි වාක්‍ය බොහෝ ප්‍රමාණයක් ඇත. ඉන් ප්‍රසිද්ධව ඇති සමහරෙක් නම්, කමල, සූර්ය, ගුරුනාස, පුලස්ති, අගස්ති, රාවණා සංහිතා නාඩි, සත්‍ය සංහිතා, රාම ශුක්‍ර සේ වේ. මින් වැඩි කොටසක් සංස්කෘත භාෂාවෙන් ලියා තිබුණි. පරම්පරාවෙන් එසේ පැමිණි නාඩි ග්‍රන්ථ අයත් වූ, “තුන්ජෝර්” යන ප්‍රදේශයේ මහාරාජා කෙනෙක් ඒ ගැන එකල සිටි උගත් මෙන්ම බොහෝ භාෂා දන්නා පඬි වරුන්ගෙන් අසා සොයාගත් විස්තර අනුව ඒවා වර්ගීකරණය කරන ලදී. එය සිදුවූයේ වසර දෙදහසකට පමණ පෙරදීය.

ඉන්පසුව ඒ නාඩි වාක්‍ය තෙලිඟු, ද්‍රවිඩ යනාදී භාෂාවන්ට පරිවර්ථනය කර මහාරාජාගේ තුන්ජෝර්හී තිබුණු මාලිගයේ විශේෂ ශාලාවක තැන්පත් කරන ලදී, ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරමින් මතු පරපුරට දායාදයක් සේ තබා ගැනීම ඔහුගේ අභිප්‍රාය විය. ඒවා ආරක්ෂා කිරීමට මෙන්ම එහි ඇති කරුණු විස්තර කිරීමට අවශ්‍ය බ්‍රාහ්මණ පණ්ඩිතයන් මණ්ඩලයක්ද පත් කරන ලදී. එහෙත් අද වන විට ඉන් ඉතිරිව ඇත්තේ ස්වල්පයක් පමණකි.

මේවා කාණ්ඩ 12 කට වර්ගීකරණය කර මදුරාසි ආණ්ඩුව විසින් මුද්‍රණය කර තිබේ.

ස්වාමින් වහන්සේ තව දුරටත් ඒ ගැන විස්තර කරමින්, …”මට හැඟෙන විදියට නම්, අපේ පාලි බණපොත් වලද නාඩි වාක්‍ය ගැන සඳහනක් තිබේ. අම්බට්ට සූත්‍ර අටුවාවේ, “මහා පුරුෂ ලක්‍ෂණ” විස්තරයේ සඳහන් වන අයුරෙන්, කල්පාරම්භයේ දී දෙවියන් සමඟ සංයෝග වූ ඉසිවරුන්ට ඒ දැනුම ලැබුණි යයි සඳහන් වේ. වසර 5000 කට පෙර එය සිදුවුණි යයි කියති.

“කාකයර් නාඩි” හී “ප්‍රත්‍යෙක කාණ්ඩය”, අනෙක් නාඩි වල නැති විශේෂ දෙයක් තිබේ. එනම් තමාගේ කේන්ද්‍රය ඉදිරිපත් කර අසන ඕනෑම ප්‍රශ්ණයකට පිළිතුරු නාඩි කාරයා ඒ පොත බලා කීමය. එහිදී පටුන වන්නේ සහ ග්‍රහ චාරය වන්නේ ඒ අවස්ථාවයි. මේ අවස්ථාවේ කෙනෙක් මෙම ප්‍රශ්ණය අසන බවත්, ඊට පිළිතුර මෙය බවත් ඒවායේ සඳහන්ය. මේ පුදුමාකාර ක්‍රමයේ පදනම කුමක්ද යන්න අදත් කිසි කෙනෙක් නොදනී.     

ස්වාමින් වහන්සේ අනුමාන කල ආකාරයට මේ නාඩි වාක්‍ය නම් අනිකක් නොව, මහා පුරුෂ ලක්‍ෂණ සාහිත්‍යය වේ. 

https://www.facebook.com/photo.php?fbid=10161701590291729&set=a.140146881728&type=3&notif_id=1665718791227651&notif_t=feedback_reaction_generic&ref=notif

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: