මමී කරණයේ එක්තරා අවයවයක් හැර අන් සියලුම අවයව සිරුරෙන් එළියට ගනු ලැබේ. එසේ ගන්නා අවයව වීදුරු වැනි ද්‍රව්‍යයකින් තනන ලද බරණි වල තැන්පත් කර, දේහය මිහිදන් කරන ස්ථානයේම තැබීම සිරිතක් විය.
ශරීරයෙන් ඉවත් නොකරන එකම අවයවය වන්නේ කෙනෙකුගේ හදවතයි. එයට හේතුව වන්නේ පුරාණ ඊජිප්තුවේ ඇති ඇදහීමකි. මළවුන්ගේ ලෝකයේ දී ඊළඟ ජීවිතය සඳහා ස්වර්ගයට යෑම තීරණය වන්නේ හදවතේ ස්වභාවයෙනි. දැන් ඔබ ඉහත පින්තුරය දෙස බැලුවහොත් මිනිසුන් පේළියක් සිටින බවත් කිසියම් දෙවියෙක්, බල්ලෙක්, නරියෙක් වැනි සතෙක් පසුපස සිටින බවත් දැකිය හැකිය.
ඊට අමතරව අජීවී දෙයක් සේ දැකිය හැක්කේ තරාදියයි. පෝලිමේ එන මිය ගිය මිනිසුන් මමිකරණය කර ඇත. එනම් ඔවුන්ගේ සිරුර තුල ඇත්තේ හදවත පමණි. මෙය අවසාන විනිශ්චය වේ. හදවත ගලවා තරාදියේ එක පසක තබන අතර අනෙක් පැත්තේ ඇත්තේ කුරුළු පිහාටුවකි. යම් හෙයකින් කුරුළු පිහාටුව පහතට ගොස් හදවත තබා ඇති පැත්ත ඉහළට ගියහොත්, ඔහු හෝ ඇය ස්වර්ගයට යෑම තීරණය වේ.
යම් හේතුවක් නිසා හදවත කුරුළු පිහාට්ටට වඩා බර නම්, ඒ හදවත පසුපස සිටින නරියාට ආහාරයක් වනු ඇත. එනම් එතනින් එහාට ඒ මිනිසා කියා කෙනෙක් නැත. සමහරවිට නරියා ගෙන් පෙන්වන්නේ නිරය වෙන්නද ඇත.
මෙය ග්‍රීම්ස් සුරංගනා කතාවක් සේ යයි ඔබ සිතනු ඇත.
එහෙත් එහි චර්යා ධර්ම රටාවක් අනුව සැකසුණු ඇදහීමකි. සැහැල්ලු සිතින් මරණයට යාමේ අවශ්‍යතාවය ඉන් පෙන්නුම් කරයි. ඒ අතරම බුදු දහමේ කියවෙන, “ජීවය පවත්නේ, අඩ පතක් පමණ ලේ ඇති හදවතේ බව” ට මේ කතාවට සමානත්වයක් ඇත. ජීවය හදවතේ ඇති බව පුරාණ ඊජිප්තු ජාතිකයා විශ්වාස කලේ ඇයි ?
මව් පිය සම්බන්දයෙන් ඇතිවන කළලයේ මුල් අවස්ථාවේ ඇත්තේ හදවත පමණි. පසුව මොළය නිර්මාණය වේ. එය එසේ නම් ජීවය කොතැනක තිබේද ?
දැන් ඒවා පැත්තක තබා ඔබ සිතිය යුත්තේ ඔබේ හදවත සැහැල්ලුද නැද්ද යන්නය. ඒ අනුව ඔබ ස්වර්ගයට යන්නේය.
ඒ නොමැති නම් ඔබ නරියාට ආහාරයක් වන්නේය.
Leave a Reply