ඉරානය දැවැන්ත රටකි. වේගයෙන් ජනගහණය වැඩි වූ රටකි. සොරෝස්ත්රියන් ආගම සබැඳි පුරාණ සංස්කෘතියකට හිමිකම් කියන්නෝ වෙති. තමන් ආර්ය ජාතියකට අයත් යයි කියන්නෝ වෙති. දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන්නෝ වෙති. සාපේක්ෂව බොහෝ මිත්‍රශීලී අය වෙති. ඔබට කිසිම ආකාරයේ බාධාවකින් තොරව ඔවුන්ගේ සදාචාරය සභ්‍යත්වය පමණක් නොව, ඔවුන් අදහන “ෂියා ඉස්ලාම් ආගම” ගැනද ඔවුන්ගෙන් ප්‍රශ්ණ කල හැක.
නිවසකට ගියහොත්, ඔවුන් කුසගින්නේ සිට හෝ ඔබේ කුස පුරවන වර්ගයේ මිනිසුන් වෙති. අනෙක් සංස්කෘති සහ සිරිත් විරිත් නොඉවසන මූල ධර්මවාදී ආගම් අදහන මිනිසුන්ට වඩා ඉඳුරාම වෙනස් අය වෙති. ඒ නිසාමදෝ අදත් ඔවුන්, “නුරූස්” නමින් හැඳින්වෙන ඉරාන් නව අවුරුදු උදාව සමරති. අවට ඇති අනෙක් ඉස්ලාමික රටවල්, “කලු සුදු අජීවී පින්තුර” සේ සැලකෙන අතරේ, ඉරානය යනු, “වර්ණවත් විචිත්‍ර වූ ජීවමාන චිත්‍රයක්” වැනිය.
ඔවුන්ගේ සංස්කෘතිය විවිධ අංගයන්ගෙන් ඉතාමත් පොහොසත්ය. එය ආහාර, ඇඳුම්, මෝස්තර පමණයක් නොව, වසර දහස් ගණනක් ඔස්සේ නිමවන ලද සිල්ක් ඉරාන පලස් වැනි අපූර්වතම නිර්මාණ වලින් හෙබිය. පුළුල් අදහස් සහ විවිධ කුසලතාවයන් ගෙන් පිරුණු ජනතාවකගෙන් යුතු රටකි. ඒ එක උදාහරණයක් සඳහා පින්තුරයක් වසර කීපයකට පෙර ගතිමි. ඒ කුරුල්ලන් වෙනුවෙන් වීථි වල පවතින ගස් වල එල්ලා ඇති කෘතීම කූඩූ වේ. ඔවුන් සංවේදී මෙන්ම කරුණාවන්ත සහ ඥාණවන්ත මිනිසුන් වෙති.
එය එසේ නම් අද මේ ඇතිව තිබෙන නොසන්සුන් කම කුමක්ද ?
බළලුන් අල්ලා නාවනවාට අකමැති බව ඔබ දනී. ඉරානයේ තත්වයද එසේමය. ස්වභාවයෙන් ඥාණවන්ත මිනිසුන්ට බලෙන් ආගමික මූලධර්මවාදී අදහස් පොවන්නට හැදුවාට ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කරති. මෙය ආරම්භයයි. පැරණි මතවාද කරපින්නාගත් මහල්ලන්ට, තරුණ ජීවය, තරුණ අදහස් සහ නූතන ලෝකයේ අවශ්‍යතා අවබෝධ නොවීම මේ අරගලයෙන් මැනවින් කියාපායි.
https://www.facebook.com/lalith.karunaratna/posts/pfbid038JKJwsMQHcEXLTrf6EcVix5ohrdvYUgjp933YeFg1wojpjXKvRhScySoS9s828wfl?notif_id=1663946672562864¬if_t=feedback_reaction_generic&ref=notif
ඉස්ලාමය යනු ජාතිවාදයට විරුද්ධ දහමක්.
නමුත් ඉරාන ජාතිකයෝ ජාතිවාදීයි. මේක ජාතිවාදය සහ ඉස්ලාමය අතර ගැටුමක්.
ලංකාවේ වුනත් මැලේ මිනිස්සු ජාතිවාදීයි. දෙමළ කතා කරන මුස්ලිම්වරු ජාතිවාදී නෑ. දෙගොල්ලන්ගේ වෙනස පේනවනේ.
LikeLike