රැජිනගේ අභාවය සහ ලංකාවට එහි ඇති වැදගත්කම

ලංකාව කාලයක් පාලනය කල ජාතියක නායිකාවකගේ අභාවය උදෙසා ජාතික නිවාඩු දිනයක් ප්‍රකාශ කිරීම කෙසේ වුවත්, ඒ නායිකාවගේ රටේම එවැනි නිවාඩුවක් අනිවාර්ය නොකිරීම යන්න ගැන දෙවතාවක් සිතා බැලිය යුතුය. බ්‍රිතාන්‍යයේ මෙන් නොව, දිනක නිවාඩුවක් නිසා රටකට නැතිවන ශ්‍රම දායකත්වය ගැන මෙලෝ හසරක් නැති ලංකාවේ පාලකයන් විසින් ඒ නිවාඩුව ලබා දී තිබේ.

නැතිවන ශ්‍රමයට සාපේක්ෂව, මෙහි ඇති රාජ්‍ය තාන්ත්‍රික වැදගත්කම කුමක්ද  ?

උදාහරණයක් සේ එකක මිනිසුන් දහසක් සිටින ආණ්ඩුවේ ආයතන දහයක් ගනිමු. එනම් ඔවුන්ගේ දිනක ශ්‍රමය පැය වලින් 10,000 කි. අකාර්යක්‍ෂම බව වැනි සෘණ සාධක නිසා එය පැය වලින් 6000 ක් නම්, ඒ නැතිවූ ශ්‍රම දායකත්වය වසර 7 කි !! රටම ගතහොත් එය කොපමණ වේද ? මේ නැතිවන ශ්‍රම දායකත්වය යනු කෙලින්ම අප මෙතෙක් රැගෙන ඇති විදේශීය ණය බරට බලපෑමකි. එසේ නැත්නම් එහි වෙනත් යටි අරුතක් තිබිය යුතුය. මුදල් අවශ්‍ය නම් වැඩ කල යුතුය. එය කාල් මාක්ස් ගේ සිද්ධාන්තයයි.

සමහරවිට නැති කීකරුකමක් පෙන්වන බල්ලන් මෙනි. තවත් මස් කටුවක් බලාපොරොත්තුවෙන් ඒ නිවාඩුව ජනතාවට දී, පැරණි යටත් විජිත මානසිකත්වය නැවත සුද්දාට පෙන්වන ලද නිවට ප්‍රයත්නයකට වඩා දෙයක් එහි නැත. මෙය හරියට ඔබේ බත් පත කොල්ලා කා බුදින්නෙක්, ඔබට එහි ඇති මස් කටුවක් විසිකිරීමෙදීම් ඔබේ වල්ගය සොලවනවා මෙනි. මෙහි ඇති අපූරුතම දේ වන්නේ, එය සාධාරණීයකරණය කරන, දේශපාලුවන්ද නොවන පිට කොඳු බිඳගත් අපතයන් ද සිටීමය.  

බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට කල දේ ගැන දින ගණන් වාද කල හැකි වනු ඇත. එහෙත් සමස්ථයක් සේ ගත් කල කියා නිම කරන්නට නොහැකි තරම් ශාඛ සහ සත්ව ප්‍රජාව ඇති මධ්‍යම කඳුකරය විනාශ කිරීම සහ ජලජ ප්‍රදේශ එනිසා සදහටම විනාශ කිරීම බ්‍රිතාන්‍යයන් ලංකාවට කල විශාලතම අපරාධ වලින් එකක් වේ.

අද ඒ වරද නැවත නිවැරදි කරන්නට නොහැකිය. එනිසා මධ්‍යම කඳුකරයේ අඩි තුනක මතුපිට පෘෂ්ටයේ පස [Top soil] සේදී ගොස් ඇත. එය ආරම්භය විය. ඉන්පසු ආරම්භ වූ සෝදා පාළුව සදාකල් පවතිනු ඇත. උදාහරණයක් සේ “නිල්වලා” ගඟ සේ නිල්වන් දියවරින් පිරුණු ගංගාව අද දින නම් කල යුත්තේ, “දුඹුරුවලා” ලෙසිණි. මේ ඇති මහත් සෝදා පාළුව ගැන මිනිසුන්ටද වගේ වගක් නැත. හොඳයි, එය මොහොතකට පැත්තකින් තියමු.  

ඊට අමතරව හදන්නට හැකි වැරදි තිබේ. ඉන් එකක් වන්නේ ලංකාවෙන් ගෙන ගිය මිළ කල නොහැකි පොත් පත්, සඳකඩ පහන්, ඇත් දළ කරඬු වැනි කෞතුක භාණ්ඩ නැවත ලංකාවට ගෙන්වා ගැනීමය. විවිධ අවස්ථාවන්හී මේ භාණ්ඩ ඉල්ලා සිටියද, අද වනතුරු ඒ භාණ්ඩ තවමත් අනීතිකව තබා ගෙන සිටින බ්‍රිතාන්‍ය ඉතිහාස කෞතුකාගාරයෙන් පිළිතුරක් නැත.      

කෞතුක භාණ්ඩයක්, එහි ප්‍රමාණයේ තරමින් අවතක්සේරු කිරීමට පෙර ඒ භාණ්ඩ වල එයිතිහාසික වටිනාකම සොයා බැලිය යුතුය.  කුඩා කඩදාසි කැබැල්ලක් වන මුද්දරයකට මිලියන ගණනක් මිල නියම කෙරන්නේ එහි වටිනාකමක් ඇති හෙයිණි. බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවෙන් කොල්ල කා ගෙන යන ඒ ඒ කෞතුක භාණ්ඩද එසේමය. උදාහරණයක් සේ “තාරා දෙවඟන” ගේ ප්‍රතිමාව ගනිමු. මේ ප්‍රතිමාවේ මිළ නියම කල නොහැකි තරම් එය වටින්නේ එයින් ගම්‍ය වන සමාජයීය සහ පැරණි ආගමික වෘතාන්ත ලංකාවට සම්බන්ද වන ආකාරය විමර්ශනයේදීය. 

ඒ ගැන වැඩි විස්තර කැමති නම් ඔබට අන්තර් ජාලයේ කියැවිය හැක.

අද දින මහ ජනතාවට දැකීමට හැකි ආකාරයට බ්‍රිතාන්‍ය ඉතිහාස කෞතුකාගාරයේ තබා ඇති, ලංකාවේ ත්‍රිකුණාමලය අසල පිහිටුවා තිබුණු එම “තාරා දෙවඟනගේ” ලෝකඩ ප්‍රතිමාව (ක්‍රි.ව. 800) ලංකාවේ ඉතිහාසය අදාළ කරුණු සම්බන්දව ඉතා වැදගත් තැනක් ගනී. එහි උඩු කය විවෘත හෙයින් එය වික්ටෝරියානු මුල් යුගයේ ප්‍රදර්ශණය නොකෙරිණි. එකල ත්‍රිකුණාමලයේ ජීවත්වූ ජනතාවගේ දැඩි විරුද්ධත්වය නොතකා එය සාහසික සේ ගලවා එංගලන්තයට පැහැර ගෙන යන ලදී.

එය අදත් කිසිම ලැජ්ජාවක් නොමැතිව, ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. එය මානව ඉතිහාසයේ ලෝකයේ වැදගත්ම කෞතුක භාණ්ඩයක් ලෙස සැලකේ. බ්‍රිතාන්‍යයන් විසින් ඔවුන්ගේ යටත් විජිතයන්ගෙන් එසේ කොල්ල කන ලද හෙවත් පැහැර ගෙන ගිය කෞතුක භාණ්ඩ නැවත ඒ ඒ රටවල් වලට නැවත ලබා දෙන්නේ නම්, ලන්ඩන් කෞතුකාගාර වසා දමන්නට සිදු වනවා ඇත. උදාහරණයක් සේ බ්‍රිතාන්‍යය ඊජිප්තුවෙන් කොල්ල කන ලද කෞතුක භාණ්ඩ සඳහා වෙනම ශාලාවක් ඇත.

දේශපාලුවන් ඇතුළු බොහෝ දෙනා, මේ පාදඩයන්ට නායක කම දැරූ රාජකීය පරම්පරාවක පව් සේදීමට ඉදිරිපත් වීම කනගාටුවට කරුණකි. රැජින කෙරේ පුද්ගලික වෛරයක් තබා ගැනීමේ හේතුවක් නැත. එහෙත් ඇය ඒ පරම්පරාවෙන් දිගින් දිගටම පැවතියාවූ, තම ආදී යටත් විජිතයන් කෙරේ එක්සත් රාජධානියේ නීති දිගටම ක්‍රියාත්මක කල කෙනෙකි. නැතිනම් ඇයට ඒ පාලන තන්ත්‍රයේ එම තත්වය උසුලන්නට හැකියාවක් නැත. රැජින කලේ ඇයට දෛවයෙන් කරන්නට නියම වූ දේය.

ඇය එය හොඳටම කලේ අපේ පකිස් බූරුවන්ට පාඩමක් ලෙසය. නමුත් ඔවුන් ලංකාවට කරන ලද අපරාධයන්ගේ පව් සේදීමට වික්ටෝරියා ව්‍යාපෘති සීයක් කලද එය ප්‍රමාණවත් නොවේ. ඇයගේ අභාවයෙන් අප ගත යුතු එකම දෙය, රටක ජීවනාලිය වූ මධ්‍යම කඳුකරය විනාශ කිරීමට දායක වූ සහ වටිනාකම කිව නොහැකි කෞතුක භාණ්ඩ කොල්ල කෑමට දායක වූ ජාතියක නායිකාවගේ අභාවය සැමරීම නොවේ. අවම සේ ඉහත කී ආකාරයේ කෞතුක භාණ්ඩ නැවත රටට ගෙන්වා ගැනීමට ඒ අවස්ථාව ඥානාන්විතව භාවිතා කිරීමය.


වෙන්දේසියක පවුම් 30,000 (ඩොලර් 47,500) කට වඩා වැඩි මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කරන අති දුර්ලභ ශ්‍රී ලාංකික කෞතුක භාණ්ඩයක් එක්සත් රාජධානියේ, “ඩෙවෝන්: හි නිවසක උද්‍යාන දොරකඩ තිබිණ. එය නම් කුමක්වත් නොව දර්ශනීය සඳකඩ පහනකි. වෙන්දේසිකරු පවසා සිටියේ කැටයම් කරන ලද එම සඳකඩ පහන සහ ඊට පාදක පඩිපෙළ ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ (400BC-1000AD) විහාරස්ථානවල දක්නට ලැබෙන සඳකඩ පහණ හෝ සඳකඩ පහණක් බවයි.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ පවසන්නේ එය සත්‍ය නම්, එය අත්පත් කර ගැනීමට බලධාරීන් පියවර ගත යුතු බවය. “ඩෙවොන් නගරයේ” බංගලාවක වත්තක තිබුණු මෙම ගලේ හිමිකාරිණිය පැවසුවේ, එය මුලින් “සසෙක්ස්” හි නිවසක තිබූ බවත්, ඇගේ පවුලේ අය එය 1950 වසරේදී දී මිලදී ගත් බවයි. වෙන්දෙසිකරුවා පවසන්නේ මෙම නිවස ශ්‍රී ලංකාවේ ජීවත් වූ තේ වතුකරුවෙකුගෙන් මිලදී ගත් බවයි.

ශ්‍රී ලංකාවෙන් පිටත මෙවැනි දෙයක් සොයා ගැනීම අතිශය දුර්ලභ බව විශේෂඥයෝ පවසති. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී “සෙනරත් දිසානායක මහතා” පැවසුවේ එවැනි භාණ්ඩයක් ශ්‍රී ලංකාවට ආපසු ලබා දීම ඉතා දුෂ්කර බව ඔප්පු විය හැකි බැවින් එවැනි පියවරක් සඳහා නීති සම්පාදනය ප්‍රමාණවත් නොවන බවයි. “එය රාජ්‍ය තාන්ත්‍රික ආකාරයකින් පාර්ශව සමඟ කතා කිරීමෙන් හෝ නීතියෙන් විය හැකිය. නමුත් සත්‍යතාව තහවුරු කරන තුරු අපට නීතිය ගැන සිතිය නොහැක,” ඔහු බීබීසී යට පැවසීය.

වෙන්දේසිකරුගේ වෙබ් අඩවිය මේ සඳකඩ පහණ විස්තර කරන්නේ … “ලස්සන ලෙස කැටයම් කර ඇති” …සහ …”සිංහයන්, අශ්වයන්, අලි ඇතුන්, කුරුල්ලන් සහ බ්‍රහීම් ගවයින් ඇතුළු සතුන්ගේ වක්‍ර පෙරහැරක් ඇතුළත්”… ලෙසයි.

යම් දිනයක, එහි සංස්කෘතික, සමාජයීය සහ එතිහාසික අගය ගැන මෙලෝ හසරක් නොදත් ධනපතියකුගේ නිවසක එළිපත්තේ තිබෙනු ඇත.

රැජින ගේ අභාවයෙන් අප උනන්දු විය යුත්තේ ඔහේ යන්නන් වාලේ ගොස් නැවත කටු කන්න හදනවාට වඩා, අපට නැති වූ උරුමයන් ලබා ගැනීමය.    


https://www.facebook.com/lalith.karunaratna/posts/pfbid02s3AZGbkLyRqU4h6jdPGigzuR3WCUcCTxq5ep2tYaqxhAwSzw9BiaFRiM8rBkj8P2l?notif_id=1663450158462410&notif_t=feedback_reaction_generic&ref=notif

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: