කොහොඹා, හාපුරා, තුප්පහි සහ පද්දෝ

බොහෝ අය මේ පසුව ලියා ඇති වචන ගැන අඩුම ගානේ අසා තියෙනවාට සැක නැත. එහෙත් “කොහොඹා” සහ “හාපුරා” ගැන කී දෙනෙක් නම් දන්නේද ?

මිහිතලයෙන් යට ඇති දේ බහිරවයාට අයත්ය. එතැනින්ද ඒ ඒ දේවල් වෙන වෙනම බහිරවයන්ට අයත් බවට විශ්වාසයකි. ඒ අනුව වී අයත් වන්නේ කිසි කෙනෙක්ට බිය නැති එක්තරා බහිරවයෙක් ටය. ඔහුට කියන්නේ “කොහොමා” කියාය. කාට බිය නැති වුනද, ඔහු එක් කෙනෙක්ට පමණක් බිය ය. එනම් ඒ ඔහුගේ ඇඹේණිය වන “හාපුරා” ටය.

අස්වනු කපා එම වී කරල් කමතේ ගොඩගසා, ඒවා මැඩ වී හෙවත් බැත ගැනීමට පෙර කෙරෙන පුරාණ සිරිතකි.

ගොවියන් ඔවුන්ගේ දෑස විමසිලිවත්ව කමතේ ගොඩ ගැසූ අස්වැන්න දෙස තබාගෙන ඉන්නේ, යම් හෙයකින් ඔවුන් ඉන් දෑස් ඉවත් කරගත්තේ නම්, ඒ විගසම වී කරල් සමූහයේ අස්වැන්න “කොහොමා” යයි කියන බහිරවයා විසින් පොළවට ඇද ගන්නා හෙයිණි. කොහොඹා ගේ අවධානය වෙනස් කරන්නට කල හැකි දෙයකි. එනම් ඒ ඔහුගේ බිරිඳගේ නම කීමය. එසේ හෙයින් කුඹුරේ වයසකම ගොවියා විසින් බැත පිරීමට මොහොතකට පෙර මහා හයියෙන්, …”හා හාපුරා කියා, අපි දැන් වැඩේට බහිමු”… වැනි වාක්‍යයක් කියයි.

මින් කලබල වන කොහොඹා, බිරිඳ වන “හාපුරා” එන්නේදැයි කියා පසුපස බලන නිසා, ඔහුට බැත සොරකම් කළ නොහැක. මෙතනින් පෙනෙන්නේ බහිරව ලෝකයේද බිරිඳට ඇති භීතිය වේ. උන්ගේද අපට වඩා වෙනසක් නැත. එමෙන්ම භූත ලෝකයේ භුතයන්ද මෝඩයන් බව තවත් වදන් වලින් පෙනී යයි. කුඩා දරුවෙක් සිටින පිටිසර ගම්මානයක නිවසක අදත්, …”බාලගිරි අද නොවේ, හෙට”… කියා ලියා තිබෙන්නේ ඒ හේතුව හෙයිනි. හෙට පැමිණෙන බාලගිරි යක්ෂයා නැවත ඒ වචන දකී.

එවිට හෙට යන්න හෙට, අද වී අලුත් හෙටක් ඇති වී තිබේ. බාලගිරියා අන්ද මන්ද වේ. මෙසේ දරුවා ලෙඩ කරන්නට පැමිණෙන භූතයා හෙට පැමිණ ඒ වැඩේ කිරීමට සිතාගෙන යන්නට යයි.

මේ ආකාරයේ අදහස් මිත්‍යා මත සේ කියා ඉවත දැමිය හැක. නමුත් මේ සංසිද්ධීන් ගෙන් පෙන්වන්නේ සමාජයක් සේ අපට ලැබෙන්නට ඇති දේ සහ ප්‍රජාව ආරක්ෂා කර ගැනීමේ අභිප්‍රායයෙන් මිනිස් මනසට දිරියක් දීම සඳහා කෙරුණු මනෝ විද්‍යා උපායයන් වේ. මේවා අපගේ සමාජයේ අනාදිමත් කාලයක් තිස්සේ එන අදහස් වේ.

ඉතිරි වචන දෙක වඩාත් ප්‍රකට වේ. පුරාණ රජ කාලයේ නොයෙක් වෘත්තීන් කරන්නට මිනිසුන් නොයෙක් ආකාරයේ කුල වලට බෙදා තිබුණහ. ඉන් “තුප්පහි” යන්න, රජුන් බිසවුන් සහ රජ මාලිගයේ ඉහළ නිලයන් දෝලා හරහා ඔසවා ගෙන යන්නට නියම කෙරුණු ජන කොටස වේ. මේ තුප්පහි යන සමාජ කොටස සමහරවිට ඒ දෝලාව එතරම් ඕනෑකමින් ඔසවා ගෙන යන්නේ නැත. සමහරවිට ඒ ඔවින් රජ පවුලට ඇති අප්‍රසාදය පෙන්වීමට වන්නට ඇත.

එහිදී වේගයෙන් දෝලාව සෙලවීම හෝ පෙරලා දැමීම නිසා ඇතුලේ සිටින්නවුන් පීඩාවට පත්වී සමහරවිට ඔවුන්ට වමනයද ඇති වේ.

දැන් ඔබ “තුප්පහි” කියා කියන්නේ කාටද කියා දනී. කිසියම් බස් රියදුරෙක් ඕනාවට එපාවට වලවල් වල දමමින් බස් රථය පදවන්නේ නම්, …”යකෝ, තුප්පහි වැඩ අරන්න එපා…! කියා ඔබට දැන් බැනිය හැක. ඊළඟට කල යුත්තේ කකුල් වලට වඳිමින් දුවන එකය. තුප්පහි බොහෝ භයානකය.                   

“පද්දෝ” යන්න ඉඳුරා වෙනස් අර්ථයක් ගෙන දෙන කාරියකට ප්‍රසිද්ධ ජන කොටසකි. ඔවුන් මධ්‍යහනයට පසුව වැඩ කරන්නේ නැත. මධ්‍යහනයට පසුව වැඩ කරන්න යයි ඔබ ඔවුන්ට බල කලොත්, ඒ කරන වැඩය ඔවුන් වනසනවා ඇත. කුමක්දෝ අඩුපාඩුවක් නිසා ඔවුන්ට මධ්‍යහනයෙන් පසුව වැඩ කල නොහැක. මේ නිසා එවන්නෙක්ට,…”මූ මහ පද්දෙක් ! යයි චෝදනා කෙරිණි.

“සට්ටැඹි රාළ” යනු, එකල රජතුමා ශරීර කෘත්‍යය කල විට, රජතුමාව පිරිසිදු කල කෙනා විය. අද නම් අපට අපේම සට්ටැඹි රාළ වීමට සිදු වුවත් එකළ රජු එසේ නොවීය. සට්ටැඹි කම් වෙනස් ආකාරයකින් කරන්නෝ අදත් සිටිති.  

මේ වචන සමහරක් තවමත් අපගේ පැරණි වාසගම් වල තියෙනවා දැකිය හැක. මෙම ලිපිය ලීවේ ඒ අයට අපහාසයකට නොවේ. හුදෙක් අතීතය ආශ්‍රිතව සිංහල භාෂාවට වචන පැමිණි ආකාරය කීමට පමණි. මේ කතාව එංගලන්තයේ, “ජෝශප් ටේලර්” , “පෝල් කුක්”, “නයිජල් බට්ලර්” සහ “පීටර් වුඩ්” යන්නන් ගේ වාසගම් වලට වඩා වෙනසක් නැත.

“ටේලර්” යනු ඇඳුම් මහන්නා වේ. “වුඩ්” යනු ලී වැඩ කරන්නෙක්ගේ පරම්පරාවකින් පැමිණිය කෙනෙක් වන්නට ඇත. අනෙක් වෘත්තීන් ද එසේමය. ඒ නිසා ඊට සමාන ඉහත කී වචන කෙනෙක්ගේ සිංහල වාසගමේ තිබුනාට කලබල වීමේ තේරුමක් නැත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: