පරණ අහස්යානා වලට මොකද වෙන්නේ ?

පරණ මෝටර් රථ නම් ඔහේ කෑලි වෙනස් කරමින් පාරේ ධාවනය වෙනවා අප දැක ඇත්තෙමු. එහෙත් පැරණි අහස් යානා ?

නෙදර්ලන්තයේ රයින් ගඟ අසබඩ ආර්න්හැම් පෙදෙස, ජර්මන් බෝඩරයට අනෙක් පස පිහිටුවා ඇත. වරක් එහි ගමන් කරද්දී, පැරණි ගුවන් යානා සමූහයක් අහසේ ඉබි ගමනින් පියාසර කරනවා දැකිය හැකි විය. තවත් දුරට සොයා බැලීමේදී ඒවා දෙවන මහා ලෝක සංග්‍රාමයේ භාවිතා කල ඒවා බවද, එම සංවත්සරය වෙනුවෙන් ඒවා පසුවදා ප්‍රදර්ශණය කෙරෙන බවද සොයාගන්නට හැකි විය. නමුත් වෙළඳ ගුවන් යානා ඒ ආකාරයට තබා ගැනීම අසීරු වන්නේ, ඒවා විශාල සහ සංකීර්ණ වන හෙයිණි.

දෙවන අත්දැකීම වූයේ, ඉතියෝපියාවේ “අඩිස් අබාබා, ගුවන් තොටුපලේදීය.

ප්‍රාදේශීය ගුවන් යානාවක් එනතුරු එහි ඉබාගාතේ ඇවිද යනවිට පැරණි මිතුරෙක් හමුවිය. ඔහු සමඟ, මා එහි පැමිණි යානාව ගුවන් පථයට පහත් කරන විට දුටු බොහෝ පැරණි ගුවන් යානා ගැන කීවෙමි. වාසනාවට ඔහු ඒ ස්ථානයේ සේවය කළේය. ඔහුත් සමඟ ඒ ඒ ගුවන් යානා බැලීමට ගියෙමි. එය පහසුවෙන් ලැබෙන අවසරයක් නොවිණි. ඇත්තෙන්ම ඒ දශක ගණනාවක් පැරණි යානාවක් යකඩ මිලට ගන්නට හැකිදැයි සොයා බැලුවේ, ඒ යානාවක් අවන්හලක් බවට පත් කිරීමට හැකිද යන අරමුණෙනි. එහෙත් ඒ සඳහා අවසර නැති විය.

පසුගිය වසර 35 තුළ ලොව පුරා වාණිජ මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 16,000 ක් පමණ විශ්‍රාම ගොස් ඇත. මේ අතර, සෑම වසරකම ජෙට් යානා 700 ක් දක්වා ඔවුන්ගේ ආයු කාලය අවසන් වීමට ආසන්න වේ. ඒත් විශ්‍රාම ගියාට පසු මේ ගුවන් යානා කොහෙද යන්නේ?

“AeroTime” ආයතනය විශ්‍රාමික ගුවන් යානයක පසු ජීවිතය විමර්ශනය කරයි. ගුවන් යානයක් පියාසර කිරීමට නොහැකි තරම් පැරණි වන්නේ කවදාද? මෝටර් රථ මෙන් නොව, ගුවන් යානයක ආයු කාලය තීරණය වන්නේ ක්‍රියාකාරී මෙහෙයුම් වලදී පියාසර කරන දුර අනුව නොවේ. තවද, ගුවන් යානයක් පියාසර කිරීමට සුදුසුද යන්න නිර්වචනය කිරීමට වයස වැදගත් ක්‍රමයක් සේ පෙනුනද, එය වඩාත් නිවැරදි දර්ශකය නොවේ.

“Boeing”, “Airbus”, “Bombardier”, “Dassault”, “Embraer” සහ “Gulfstream” ඇතුළු බොහෝ ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදකයින් සාමාන්‍යයෙන් ගුවන් යානයක ආයු කාලය මනිනු ලබන්නේ, ගුවන්ගත වීමේ සහ ගොඩබෑමේ චක්‍ර, පියාසැරි වේලාවන්, පියාසැරි වාර ගණන සහ නඩත්තු වේලාවන් ඇතුළු විවිධ දර්ශක මත පදනම්වය. නිදසුනක් ලෙස, ගුවන් යානයේ සැබෑ වයස කුමක් වුවත්, එයාර් බස් A320 පටු ශරීර [Narrow body] ගුවන් යානයකට චක්‍ර හෙවත් ගමන් 60,000ක් දක්වා විඳ දරාගත හැකිය.

Boeing 747 පුළුල් ශරීර [Wide body] ගුවන් යානයක් විශ්‍රාම යාමට පෙර චක්‍ර 35,000ක් හෝ පියාසර පැය 165,000ක් දක්වා සිදු කරයි. කෙසේ වෙතත්, ගුවන් යානයට එම නිශ්චිත ගුවන්ගත වීමේ සහ ගොඩබෑමේ චක්‍ර ප්‍රමාණයට ළඟා වීමට වසර 30ක් පමණ ගත වේ.

ආයු කාලය සම්බන්ධයෙන් ගත් කල, පීඩන මට්ටම්වල වෙනස්කම් බඳ, පියාපත්, දොරවල්, ජනෙල්, මතුපිට ගාංචු සහ රිවට් වැනි ගුවන් යානා සංරචක ගණනාවක කාර්යක්ෂමතාවයට බලපෑමක් ඇති කරයි. ගුවන් යානයක් අවකල්‍ය පීඩනයට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර ඇතත්, එය කාලයත් සමඟ පිරිහීමේ ප්‍රතිඵලයක් ලෙස ගුවන් යානයේ බිත්තියේ දෝෂ ඇති කරයි.ලොව පුරා ගුවන් යානා කීයක් මේ වන විට විශ්‍රාම ගොස් තිබේද?

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) පවසන්නේ පසුගිය වසර 35 තුළ ලොව පුරා වාණිජ මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 16,000 ක් පමණ විශ්‍රාම ගොස් ඇති බවයි. මේ අතර, සෑම වසරකම ජෙට් යානා 700 ක් දක්වා ඔවුන්ගේ ආයු කාලය අවසන් වීමට ආසන්න වේ. IATA ට අනුව, ගෝලීය වසංගතය නිසා මෙන්ම පැරණි සහ අඩු කාර්යක්ෂම ගුවන් යානා, විශේෂයෙන් පුළුල් ශරීර [Wide body] මගී ගුවන් යානා ඉක්මන් විශ්‍රාම යැවීම් සඳහා පොළඹවා ඇත. 

එක්සත් රාජධානිය පදනම් කරගත්, “අභ්‍යවකාශ උපාය මාර්ග උපදේශන ආයතනය” වන “NAVEO” විසින් ද එවැනිම ඇස්තමේන්තුවක් සිදු කර ඇති අතර, එය සාමාන්‍ය වාර්ෂික ගුවන් යානා විශ්‍රාම අනුපාතය 1.7% සහ 3.4% අතර වෙනස් වන අතර, අවම වශයෙන් මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 11,000 ක් ඉදිරි කාලය තුළ නිල වශයෙන් සේවයෙන් විශ්‍රාම යනු ඇත.

“NAVEO” සිය මෑත කාලීන පර්යේෂණ වලදී සොයා ගත්තේ 2021 දී ලොව පුරා ගුවන් යානා විශ්‍රාම ගැනීමේ සාමාන්‍ය අනුපාතය 1.5% ක් වූ බවයි. 2022 ජනවාරි සිට 2022 මාර්තු දක්වා කාලය තුළ ගුවන් යානා 65ක් පමණ ඉවත් කිරීම සඳහා යවා ඇත. දැනට පවතින ගුවන් ඉන්ධන මිල ගණන් ඉහළ මට්ටමක පැවතියහොත් මේ අනුපාතය සාමාන්‍ය මට්ටමට වඩා වර්ධනය විය හැකි බව උපදේශක ආයතනය පවසයි. 2020 දී විශ්‍රාම ගිය ගුවන් යානා 738 ක සාමාන්‍ය වයස අවුරුදු 23.12 ක් වන අතර 2021 දී විශ්‍රාම ගිය ගුවන් යානා 429 ක වයස අවුරුදු 23.09 ක් පමණ වූ බව සමාගම ගණන් බලා ඇත.

“NAVEO” හි දත්ත වලට අනුව, පුළුල් ශරීර කාණ්ඩයේ 2020 සහ 2021 අතර ඉවත් කිරීම සඳහා බොහෝ විට විශ්‍රාම යවන ලද ඉහළම ගුවන් යානා ආකෘති හතර වූයේ, “Boeing 777-300ERs” (සාමාන්‍ය වයස අවුරුදු 13.8 ක් සමඟ) සහ “Airbus A380s” (අවුරුදු 11 ක් පමණ) ය. කෙටි ශරීර කාණ්ඩයේ එය “McDonnell Douglas MD-80s” (වසර 30.8) සහ “Boeing 737 Classics” (අවුරුදු 28.9) විය.

ගුවන් යානා කඩා දැමීම සඳහා නිතර විශ්‍රාම යවන ලද අනෙකුත් වර්ගයේ ගුවන් යානා අතර බෝයිං 737NGs, 737-600/700s මෙන්ම 737-800s – සහ එයාර්බස් A320/A321 පවුලේ ගුවන් යානාද ඇතුළත් විය.

“ඉදිරි වසරවලදී ගුවන් යානා විශ්‍රාම ගැනීම් වැඩි වනු ඇතැයි අපි පුරෝකථනය කරමු (බොහෝ පැරණි ගුවන් යානා විශ්‍රාම ගැනීමට නියමිතයි), නමුත් සංඛ්‍යා රඳා පවතින්නේ ඉන්ධන මිල, නව ගුවන් යානා නිෂ්පාදන ගැටළු මත ය.” NAVEO පැවසීය. ගුවන් සමාගමක් ජෙට් යානයක් විශ‍්‍රාම ගැනීමට තීරණය කළ පසු, එය ගුවන් යානය ස්ථිරවම ගොඩබසින බවක් අදහස් නොවේ. සමහර අවස්ථාවලදී, ගුවන් වාහකයන් ගුවන් යානා දිගුකාලීන ගබඩා කර තබා වෙළඳ පල තත්ත්වයන් වැඩිදියුණු වූ විට පසුව ඒවා නැවත සක්‍රීය කරයි.

සාමාන්‍යයෙන්, පැරණි ගුවන් යානයක් ධාවනය කිරීමේ පිරිවැය ඉහළ නමුත් එය ගුවන් යානයක් ලෙස තවමත් වටින්නේ නම්, ගුවන් සමාගමක් තෝරා ගන්නේ ජෙට් යානයක් නැවත සක්‍රිය කිරීමට හෝ කුඩා ගුවන් ආයතනයකට එය විකිණීමය.

කෙසේ වෙතත්, ගුවන් යානා කොටස් සහ උපාංගවල වටිනාකම ගුවන් යානයට වඩා වැඩි වන විට, ගුවන් සමාගම් සදහටම ගුවන් යානය විශ්‍රාම ගන්වයි. තවද ජෙට් යානයක් දින නියමයක් නොමැතිව විශ්‍රාම ගිය විට, එය සාමාන්‍යයෙන් ගුවන් යානා සොහොන් පිටියකට යවනු ලැබේ. වියළි කාලගුණික තත්ත්වයන් විඛාදනය සීමා වීමට උපකාරී වන බැවින් ඒවා බොහෝ විට කාන්තාරවල ස්ථාපිත ගන්වනු ඇත.

ගුවන් යානයක ඉතිරි කොටස් ඉවත් කිරීමට පෙර නැවත භාවිතයට හෝ නැවත විකිණීම සඳහා එහි වටිනා කොටස් ඉවත් කරනු ලැබේ.

ගුවන් යානාවල භාවිත කළ හැකි ද්‍රව්‍ය (USM- Usable service materials) ගණනාවක් ඇති අතර ඒවා ඉවත් කරන ලද ජෙට් යානා වලින් ලබා ගනී. විශ‍්‍රාම යාමට ආසන්නව සිටින ගුවන් යානා මගින් පිරිවැය අඩු කිරීම සිදු කෙරේ. එනම් සෙසු ගුවන් යානා වල එකම ගුවන් යානාවල උපාංග වෙනස් කිරීමට පැරණි කොටස් භාවිතා කිරීමෙනි. නව කොටස් මිලදී ගැනීමට වඩා මේ ක්‍රමය ලාභදායී වේ. උදාහරණයක් ලෙස, පාවිච්චි කරන ලද ගුවන් යානා එන්ජින් සඳහා භාවිත කරන ලද කොටස් වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින අතර ඒවායේ ටර්බයිනවල කැරකෙන තල සහ තැටි වැනි අනෙකුත් සංරචක අඩංගු වේ.

භාවිතා කරන ලද “ටර්බෝෆෑන්” එන්ජිමක වටිනාකම ඩොලර් මිලියන 2 ක් පමණ විය හැකිය. නමුත් ගුවන් සමාගමකට මෙවැනි එන්ජිමක් මිලදී ගැනීම අලුත්ම එන්ජිමක මිළට සාපේක්ෂව 50% දක්වා ලාභදායී වේ. ගුවන් යානා කොටස්වලින් 90%ක් ප්‍රතිචක්‍රීකරණය හෝ නැවත සකස් කළ හැක.

ජෙට් යානයක් ගබඩා කර ඇති විටෙක එය වාණිජ සේවය සඳහා සූදානම් කිරීම සඳහා අවශ්‍ය සියලු නැවත සක්‍රීය කිරීමේ කටයුතු සිදු කිරීමට වැඩි කාලයක් අවශ්‍ය වේ. දිගු කාලීන ගබඩා කිරීමෙන් පසු යානය ක්‍රියාකාරීත්වයට ගෙන ඒම සඳහා පටු යානාවක් සඳහා දළ වශයෙන් සේවක පැය 40 ක් සහ පුළුල් බඳ සහිත ගුවන් යානයක් සඳහා සේවක පැය 100 ක් පමණ ගත වේ. සමහර අවස්ථාවලදී, නඩත්තු කටයුතු සඳහා පැය 1,000 ක් වුවද ගත විය හැකිය.

නමුත් අවසාන සමුගැනීමේදී, ප්‍රමාණය සහ මාදිලිය අනුව ගුවන් යානයක් කොටස් 1,500ක් හෝ 2,000කට විසුරුවා හැරීමට දින 30ත් 60ත් අතර කාලයක් ගත විය හැක. එයට එන්ජින්, සහායක බල ඒකක, ගොඩබෑමේ ආම්පන්න සහ නැවත භාවිතා කළ හැකි හෝ විකිණීමට හැකි අනෙකුත් උපාංග ඇතුළත් වේ. කෙසේ වෙතත්, තවත් වටිනා කොටස් තිබේ. “Aircraft Fleet Recycling Association (AFRA)” ට අනුව, ගුවන් යානා කොටස්වලින් 90% ක් පමණ වෙනත් කර්මාන්ත මගින් ප්‍රතිචක්‍රීකරණය කෙරේ.

එය පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කරයි.

උදාහරණයක් සේ පැරණි ගුවන් යානයකින් ඉවත් කළ පසු, ආසනයක් ඩොලර් 450 ත් 5,000 ත් අතර මුදලකට අලෙවි කළ හැකිය. තවද ගොඩබෑමේ ආම්පන්න ඩොලර් මිලියන ගණනකට විකිණිය හැක. කේබල්, බැටරි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි අනෙකුත් කොටස් සම්ප්‍රදායික ප්‍රතිචක්‍රීකරණය සඳහා යවනු ලැබේ. ඒවා වර්ග කර, පිරිසිදු කර, උණු කොට නැවත භාවිත කිරීම කරනු ලැබේ.

මේ අතර, යානයේ සිරුර බොහෝ දුරට ඇලුමිනියම් වලින් සමන්විත වන බැවින්, එය සාමාන්‍යයෙන් කුඩා කැබලිවලට කඩා ඉවතට ගනු ලබන අතර එමඟින් තවදුරටත් භාවිතය සඳහා ඒ ලෝහය උණු කළ හැක. උදාහරණයක් ලෙස, Boeing 747 යානයක ඇති ඇළුමීනියම් බොහෝ ප්‍රමාණයකි. ගුවන් යානා බඳකින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඇළුමිනියම් භාවිතා කිරීමෙන් බලශක්තිය 95% කින් පමණ ඉතිරි වේ. භාවිතා කරන අමුද්‍රව්‍යවලින් 90% ක් ඉතිරි වන බවත්, වායු හා ජල දූෂණය 81% කින් පමණ අඩු කරනු ඇත. 

මීට අමතරව, සමහර නිෂ්පාදකයින් ගුවන් යානා කැබින් ව්‍යාජ ඒකක නිෂ්පාදනය කරන අතර එය ගුවන් සමාගම් කුටි කාර්ය මණ්ඩල පුහුණු අරමුණු සඳහා භාවිතා කරයි. මෙයින් අදහස් කරන්නේ එන්ජින් මැදිරි වැනි ගුවන් යානා කොටස් නැවත භාවිතා කළ හැකි බවයි. ගුවන් යානා වලින් ගන්නා භාණ්ඩ, ගෘහ භාණ්ඩ, ගුවන් තේමා මේස, සම්මන්ත්‍රණ මේස සහ පුටු බවට පත් කළ හැකිය. පැරණි ගුවන් යානා ද ගුවන් තේමා ව්‍යාපාර බවට පරිවර්තනය කළ හැකිය.

නිදසුනක් වශයෙන්, සමහර ව්‍යවසායකයින් විශ්‍රාමික නවතා ඇති ගුවන් යානා හෝටල් බවට පත් කරයි.

එක් උදාහරණයක් නම් “ස්ටොක්හෝම් නගරය” පදනම් කරගත් හෝටලයක් වන ‘ජම්බෝ ස්ටේ’, එය “Arlanda” ගුවන් තොටුපළ (ARN) අසල පිහිටා ඇත. 2009 වසරේදී මෙම හෝටලය දියත් කරන ලද්දේ එහි නිර්මාතෘවරයා විසින් වසර 46ක් පැරණි, “Queen of the Skies” ලෙස හඳුන්වනු ලැබු, Boeing 747-212B ජම්බෝ ජෙට් යානයක් මගිනි. එය භූමියේ ඉඩකඩ සහිත හෝටලයක් බවට පත් කිරීමට තීරණය කරන ලදී. එහි සංක්‍රමණයට පෙර, ගුවන් යානය ක්‍රියාත්මක වූයේ දැනට අක්‍රිය වූ ස්වීඩන් ගුවන් සේවයක් වන “Transjet” මගිනි.

Body aircraft සේ හඳුන්වන ලබන ඒ හෝටලයේ කාමර 33 ක් ඇති අතර එකවර අමුත්තන් 76 දෙනෙකුට සත්කාර කිරීමට හැකියාව ඇත.

මගී ගුවන් යානයක් සුවපහසු ගෘහ කාර්යාලයක් බවට පරිවර්තනය කළ හැකි බව අයර්ලන්ත ඉදිකිරීම්කරුවන් දෙදෙනෙකුද ඔප්පු කර ඇත. ඉන්ඩිගෝ විශ්‍රාමික එයාර් බස් A320 ජෙට් යානයක බඳකින් සාදන ලද ඉඩක්, නිදන කාමර සහ ඉඩකඩ සහිත ජනේල 10කින් යුත් හෝටලයක් කළහ. මෙම සාර්ථක ව්‍යාපෘතියෙන් පසුව, ව්‍යවසායකයින් විසින් ගුවන් යානා පරිවර්තන සමාගමක් දියත් කරන ලද අතර, එය දැනට විවිධ ජෙට් යානාවල කුටි වලින් සාදන ලද හෝටල් සපයයි.

විශ්‍රාමික ගුවන් යානයකට දෙවන ජීවිතයක් ලබාදීම සරළ ක්‍රියාවලියක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. පරිවර්ථනය සඳහා අවශ්‍ය ආයෝජන මෙන්ම, දැඩි අවශ්‍යතා නිසා යාඩ් එකකින් ගුවන් යානයක් මිලදී ගැනීමට කැමති පුද්ගලයන් සීමා කරයි. භාවිතා කරන ලද කොටස් සහ සංරචක අලෙවිය පොදු වන අතර, සම්පූර්ණ විශ්‍රාමික ජෙට් යානයක් මිලදී ගැනීම් කළ හැක්කේ නිවැරදි බලපත්‍රයක් ඇති සමාගමකට හෝ පුද්ගලයෙකුට පමණකි. 

[සමහර විස්තර අන්තර් ජාලයෙනි.] 

https://www.facebook.com/lalith.karunaratna/posts/pfbid02cjheP3hvysjw5JtzN9komYBFZjK9chxxZmfm7HQ8vwJCRhadd7ukZx94JJjcvj4Kl?notif_id=1661481613549004&notif_t=feedback_reaction_generic&ref=notif

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: