කෘමි සතුන්ට සහ මිනිසුන්ට පරිසර සාධක නිසා වන ව්‍යසන 

වසරකට පමණ පෙර දිනෙක මෙසේ දුටුවෙමි. නිවසෙන් එළියේ විදුළි බල්බ වල එල්ලී සිටින මී මැස්සන් සමූහ වශයෙන් දැකීමට හැකි විය. ඔවුන් උදේ හිරු ආලෝකය වැටීමට පසුවද එසේ එල්ලී සිටියහ. ඉන් භාගයක් පමණ තවත් ටික වෙලාවකින් පියාසර කර ඈතට ඉගිලී ගියද, බොහෝ දෙනෙක් මියන බවක් පෙණින. පියාසර කල සතුන්ද ඔහේ අන්ද මන්දව ඉගිලී ගියා මිසෙක රොන් ගන්නට හැකි ජවයකින් ඔවුන් සිටියේය යයි කිව නොහැක. 

මේ සතුන් කුමක් හෝ නොදත් හේතුවකට උදේ වරුවේ කරුවල ස්ථානයකට ගොස් එහිදීද සමූහ වශයෙන් මියයති. වැඩකට ගත නොහැකි පරණ රෙදි සෝදන යන්ත්‍රයක් ඉවත් කල අවස්ථාවක, ඒ යට මී මැස්සන් බොහෝ දෙනෙක් මිය ගොස් සිටියහ. මාසයක් පමණ කාලයක් තුල අඩුම ගානේ එහි මියගිය මී මැස්සන් ගණන පන් දාහට වැඩි වන්නට ඇත. ඉන් පසු රාත්‍රී කාලයේ නිවස අවට සියලු ලයිට් බල්බ නිවා දැම්මෙමි. නමුත් මේ ලයිට් දැමීම නිසා මී මැස්සන් වැනි කෘමීන් මිය යන බව අසල්වාසීන්ට කියා දීම ඉතා අපහසු දෙයක් විය.

එය වැළැක්වීමට බල්බ් නිවා දැමීමට ඔවුන්ට ඒත්තු ගැන්වීම ඉතා  අපහසු දෙයක් විය.මෙහි ඇති ඉතාම අවාසනාවන්ත දෙයක් ඇත.    සතුන්ට කරුණාවක් නැති පල්ලිවල නම් කමක් නැත. පන්සල් වල දමා ඇති ඉතා දීප්තිමත් බල්බ මේ කෘමි සතුන්ට සමූහ මර උගුල් වේ. භක්තිය වැඩි වන්න වැඩි වන්න, රාත්‍රියේ පන්සලේ දිළිසීමද වැඩිවේ.ඇස් කඩා යන ආලෝකයකින් යුතු දීප්තිමත් බල්බයට ඇදෙන කෘමීන් නොපෙනන භක්තිවන්තයන්, “හයියෙන් සාධු කියති”. “සියලු සතුන් නිදුක් වේවා යයි කියති”.

බුදුන් වහන්සේගේ පණිවිඩය ඔවුන් දකින්නේ නැත. ආලෝකයේ සිටින මුත් ඇස් නැති මිනිසුන් මෙනි.

කලාත්මක බව අතින් ගත්තද දීප්තිමත් බල්බයක, හදවත ඇද ගන්නා කිසිම ශෝභාවක් නැතිබව ඒ ඒ භක්තිවන්තයන්ට මෙන්ම පූජ්‍ය පක්ෂයට අවබෝධයක් නැතිවීම දුකට කරුණකි. එනම් පන්සලේ පණිවිඩය විදහාපාන, යාන්තමින් දැල්වෙන පාලිත විදුළි පහනක් වඩාත් කලාත්මක බව මෙන්ම, අවම වශයෙන් එය සතුන්ට හානිකර වන බව ඔවුන් නොදනී.බුදුන් වහන්සේ වැඩ සිටියා නම් ඔවුන් සියල්ලන්, චායාරූප කරණයේ “ආලෝක කරණය” පාටමාලාවකට අනුයුක්ත කරනු ඇත.

පොල්තෙල් පහන් කීපයක ආලෝකයෙන් සහ සඳ එළියෙන් ඇති කරන බෝගසේ සෙවනැල්ලෙන් එකළ පන්සලේ පෙනුණු සුන්දර බව අමතක කලේ ඇයි ?

රාත්‍රියේ සුන්දර බව එකකි. එය දහවල විය යුතු නැත.  කෙසේ හෝ එක දෙයක් නම් ඉතා පැහැදිළි විය.

එනම් ගිය වසරේ තරම් කෘමීන් සහ මී මැස්සන් ප්‍රමාණයක් අද දින පරිසරයේ නැති බවය. මෙයට හේතුන් වන්නේ අඩුවී ඇති ලයිට් බල්බ වල මිළ නිසා මෙන්ම එල්.ඊ.ඩී. බල්බ වලට යන විදුළි අඩු මිල නිසා අනවශ්‍ය ආලෝකයක් ඇති කිරීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව  උත්සාහ කිරීම වන්නට ඇත. මෙනිසා සමහරවිට නිවසේ, ආයතනයේ හෝ පන්සලේ සුන්දරතත්වය වැඩි යයි සිතුවද, එනිසා මියයන සතුන් ප්‍රමාණය නම් අපමණය. අනෙක් අතට රාත්‍රී ආලෝකය අවම ස්ථාන වල, කළාමැදිරියන් ගේ ප්‍රමාණය වැඩිය.යන්න” මින් පෙනී යන එක කරුණක් නම් රාත්‍රී ආලෝකය භාවිතය අප අවම කල යුතු බවය.    

මේ ආකාරයට රාත්‍රී ආලෝකය නිසා සාමාන්‍ය ජීවන චක්‍රය අසමබරව මියයන කෘමි සතුන් අප්‍රමාණ වේ. ඒ උදාහරණය හුදෙක් පරිසරයේ ස්වභාවික දෙයක් වන,”රාත්‍රී කාලයේ අඳුර පැවතීම පවත්වා ගත්තේ නැති වීමේදී” වන එකම එක දෙයක් පමණි.

ලෝකයේ පරිසරය සහ ඊට හේතු ඇත්තේ කිහිපයක් නොවේ. බොහෝ පරිසර සාධක ඊට ඇතුලත් වේ. මේ කෘමි සතුන්ගේ ජීවන චක්‍රයේ විශාල වෙනසක් හෙවත් අසමබර තාවයක් දකුණු ඇමරිකාවෙන්ද වාර්ථා වේ.

මෙතැනින් එහාට කියවන්නට පෙර පින්තුර දෙකක ඇති කෝපි ඇට වැනි දේ බලන්න. ඒවා කෝපි ඇට යයි ඔබ සිතන්නේද ? හොඳින් බලන්න.

ආර්ජන්ටිනාවේ, “ලා පම්පා පළාතේ”, “සැන්ටා ඉසබෙල්” නගරයේ වැසියන් ගිම්හානයේදී කුරුමිණියන් තම නිවෙස් ආක්‍රමණය කරන බව දැන සිටියහ. එහෙත් පසුගිය දෙසැම්බරයේ ඇති වූ දැඩි හා අඛණ්ඩ උෂ්ණත්වය හේතුවෙන් තත්වය වඩාත් නරක අතට හැරුණි. මේ නිසා, නිවාස, උද්යාන සහ උද්යාන අතර කුඩා පාරවල්, පොකුණු වල මිලියන ගණනක් කෘමීන් රැස් වූහ.  මෙම කෘමීන් ආලෝකයට ආකර්ෂණය වන බැවින් මෙසේ එක්රැස් වන අතර දුර්ගන්ධයක් සහ විශාල කරදරයක් ඇති කරයි.

ඔවුන්ට එරෙහිව සටන් කිරීම සඳහා, Telén, Victorica සහ Carro Quemado වැනි නගර කිහිපයක් රාත්‍රියේ මහජන ආලෝකය නිවා දැමීමට සිදු විය. “සැන්ටා ඉසබෙල්” නගරය ආක්‍රමණය කළ කෘමීන් විශාල සංඛ්‍යාවක ප්‍රමාණය අනුමාන කිරීමට අපහසුය. විශේෂඥයන් පෙන්වා දෙන්නේ වහලවල් හී ඔවුන් මියයාම නිසා ජලය ගලා යාමේ බාධක, වැසී ගිය කාණු සහ සිවිලිම් කැඩී යාම  වැනි විවිධ ප්‍රතිවිපාක ජනනය කරන දෝෂ මිලියන ගණනක් අනාගතයේ ඇති වනු ඇති බවයි.

“සැන්ටා ඉසබෙල්” පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, “ඕමාර් සබාඩිනි” ප්‍රකාශ කළේ, … “මකුණන්ගේ ප්‍රමාණය විශ්වාස කිරීමට අපහසුය”… “සමහර ස්ථානවල ඔවුන් ගොඩනැගිලිවලට පවා හානි කළ බවයි” …

මේ දරාගත නොහැකි උෂ්ණත්ව වෙනස නිසා මිනිසුන්ටද වී ඇති කරදර අති විශාල වේ. 

ප්‍රධාන නගරවල සංකේන්ද්‍රණය වී සිටින ජනතාවට, විදුලි පංකා විසන්ධි වීම, වායු සමීකරණය නතර වීම, ජලය පිරිපහදු කිරීම අසාර්ථක වීම, අපද්‍රව්‍ය පිටාර ගැලීම සහ ශීතකරණය නැතිවීම නිසා ආහාර දිරාපත් වීම වැනි අවදානම් තත්ව වලට ලක් වීමට සිදුවිය.

ඉදිරි දිනවලදී නගරයේ සහ ආර්ජන්ටිනාව පුරා සමූහ මරණ සිදුවීම තීව්‍ර වන තාප තරංගයක් ඇති විය. “බුවනොස් අයර්ස්” නගරයේ නිවාස වලින් එළියට පැමිණි ජනතාව පෙන්වන ඉහත ඡායාරූපය දෙස බලන්න. මහල් නිවාස ඒකක වලට විදුළිය නොමැති වීමෙන් නිවාස ඇතුලාන්ත උදුනක් බවට පත් වී ඇත. නගරවල, තදාසන්න ප්‍රදේශවල සහ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට බෙහෙවින් දුක් විඳිමට සිදුවිය. උෂ්ණත්වය, “මාරාන්තික උෂ්ණත්වය” හෙවත් කෙනෙක් මියයන උෂ්ණත්වය දක්වා තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. .පර්සියානු බොක්ක වැනි සමකයට ආසන්න ප්‍රදේශ සහ මධ්‍යම ඇමරිකාව, ඉන්දියාව සහ අග්නිදිග ආසියාවේ කොටස් දැනටමත් මෙම පැවැත්මේ සීමාවට ඉතා ආසන්න බවත්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම 2.5 ° C (4.5 ° C) වෙත ළඟා වුවහොත් සීමාව නිතිපතා ඉක්මවා යන බවත් විද්‍යාඥයන් සොයාගෙන ඇත.

පූර්ව කාර්මික උෂ්ණත්වයට [pre-industrial temperatures]  වඩා ඉහළින් උෂ්ණත්වය ඇති මෙම ප්‍රදේශ වාසයට නුසුදුසු බවට පත් කරයි.

මේ පරිසර ව්‍යසන වලින් මිදීමට ලෝක ව්‍යාප්ත සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යය. 

https://www.facebook.com/lalith.karunaratna/posts/10161209248376729?comment_id=10161209253251729&notif_id=1642212598028095&notif_t=feed_comment&ref=notif

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: