රටින් රටට වෙනස් වන කිතුණු සම්ප්‍රදායයන්.

                                මේ කාලයේ ජේසු තුමා හදිසියේම, “ භාග්‍යවත්  වූ බව” මේ දිනවල සමාජයේ පැතිර යන ආශිංශනයක් හරහා මෙසේ සඳහන් වේ. … “ ශ්‍රීමත් භාග්‍යවත් ක්‍රිස්තු ස්වාමි දරුවාණන්ගේ උත්පත්ති මංගල්‍යය සිදුවූ බවයි”…. එහෙත් බුදුන් වහන්සේගේ නව අරහාදී ගුණයෙන් බිඳක් කොපිකර,  තවත් “භාග්‍යවත් සාස්තෘන් වහන්සේ කෙනෙක්” ලොවට පහළ වීම සතුටකි.

ඒ සඳහා ඇඳ තිබෙන චිත්‍රය ඇඳ ඇත්තේ, ලංකාවේ නුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායය ගුරු කරගනිමින් වේ.  

මේ අතර කුරුසියේ තබා ඇණ ගැසීමට පෙර දින රාත්‍රියේ, ජේසු තුමන් විසින් තම ගෝලයන්ගේ පාද සේදු ආකාරය චිත්‍ර කරණය කර ඇති “ඉතියෝපියානු ආකාරයක්” දැකිය හැක. පුරාණය ඉතියෝපියානු චිත්‍ර, ළමයින්ගේ චිත්‍ර වැනි සරල සුගම ආකාරයේ ඒවා වේ. ඒ සම්ප්‍රදායයෙන්ම ජේසු තුමා තම ගෝලයන්ගේ පාද සේදීම ඇඳ ඇති ආකාරය මෙහි දැක්වේ. ඒ ආකාරයේ චිත්‍ර නම් ඉතා පැරණි වේ.

බුදු දහම පැතිරුණු වෙනත් රටවල් වල තනන ලද මුර්තීන් වලද, ඒ ඒ රටවල් වල මිනිසුන්ගේ මුහුණු වල හැඩයෙන් ඇත. කෙසේ වුවද ඒවායේ මුහුණු වෙනස් වුවද බෞද්ධ සංකල්ප වෙනස් වී නැත. කිතුණු ආගමේද පින්තුර එසේම වෙනස් වී ඇත. ඒ අනුව නුවර සම්ප්‍රදායයේ ආකාරයට අඳින ලද සිතුවමේ සිටින ගවයා ගේ ඉරණම, නත්තල් දිනයේ වෙනස් වීමට හේතුවක් නැත. නමුත් … “සතුන් දෙවියන් විසින් මවා ඇත්තේ මිනිසාගේ පරිභෝජනය සඳහා වේ” … යයි සඳහන් වී තිබීම එතැනට ගලපා ගත්තේ නැත්නම්, ඒ පින්තුරයේ අගයක් නැත. 

මේ අතර ලංකාවේදී,  බෞද්ධයන් පිළිපදින පස්වන සිල්පදයට අනුගාමීව, නත්තල් දිනයේ සුරා සැල් වැසීමට යෝජනාවක් කිතුණු නායකයන් ඉදිරිපත් කර තිබිණ. ජේසු තුමා වයින් පානය කලද, ලංකාවේ කිතුණු නායකයන් ගත් ඒ තීරණයද හොඳ බෞද්ධ තීරණයකි.

ඒ ආකාරයෙන්ම නත්තල් දිනය වැනි කිතුණු දිනයක, බෞද්ධයන් පිළිපදින පළවන සිල්පදයද ආරක්ෂා කිරීම කල හැකි නම් ලෝකය මීට වඩා සාමකාමී සුන්දර තැනක් වනු ඇත.

සතුන් නොමරන, මධ්‍යපානය නැති සුභ නත්තලක් වේවා !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: