බුදුන් වහන්සේගේ අන් අයට ඉගැන්වූ ආකාරය.

                                                   අද දින බුදුන් වහන්සේ වැඩ සිටින්නේ නම්, බොහෝ අය තාක්‍ෂණය කෙරේ උනන්දුවක් දක්වන නිසා ඒ ඇසුරෙන්ද බුදු දහම අවබෝධ කරවීමට ඉඩ තිබේ. බුදුන් වහන්සේ උපමා , උපමේය භාවිතා කල ආකාරය විශිෂ්ටය.

එක්තරා වීණා වාදකයෙක් පැවිදි වී භාවනා කර තම සිත කේන්ද්‍රගත කල නොහැකි තැන සිවුරු හැර යන්නට තීරණය කළේය.  බුදුන් වහන්සේ ඔහුට අවවාද කලේ, වීණාවේ තත් බුරුලින් හෝ තදින් තබා ගතහොත් වීණාවේ ස්වරය අවශ්‍ය  ආකාරයට ඇති නොවන බවත්, සිතද එසේ ක්‍රියා කරන බවත්ය. භාවනාව වැඩීමත්, “මජ්ඣිමා පටිපදාවට” හෙවත් “මැදින් මඟ” තුල කල යුතු බවය.  අධික වීර්‍යය මෙන්ම ලිහිල් වීර්‍යයත් සුදුසු නැති බව පැවසූහ. බුදුරජාණන් වහන්සේ ගේ උපදේශය වන්නේ, මැදුම් පිළිවෙතට අනුව වැඩ කිරීම වේ.

එසේම, “චුල්ල පන්ථක” හාමුදුරුවන් ගේ සිතේ පවතින භව ගණනාවක් පුරුදු පුහුණු කල නිමිත්තක් නැවත මතක් කර දීමෙන්, ගාථාවක් කටපාඩම් කරගන්නට නොහැකිව තිබු “චුල්ල පන්ථක” හිමියන් රහත් වූ බව සඳහන් වේ. අවබෝධය සඳහා වෙනස් පුද්ගලයන්ට දිය යුතු ඒ ඒ වෙනස් උදාහරණ දීමේ විශිෂ්ට හැකියාව බුදුන් වහන්සේට ඇත්තේ, ඒ ඒ පුද්ගලයාගේ සිතේ ඇති විශේෂ ගුණයන් පෙනෙන හෙයින් යයි කියනු ලැබේ.

බණ පොතේ කියවෙන “භවාංග චිත්තය” යන්න කුමක්ද යන්න ගැන ඇති අවබෝධයද වටී. බුදු දහමේ කියැවෙන ආකාරයට කුඩා දරුවෙක්ගේ සිත ප්‍රභාශ්වරය. ඒ සිත බාහිරින් එන අරමුණු වලින් කිළිටි වේ.  දුහුවිළි බිඳක් වත් නොවැටෙන කව්ළු හෝ දොරවල් නැති කාමරයක රත්තරන් කුට්ටියක් තියෙනවා මෙනි. නමුත් ඒ කාමරයේ කව්ළු 5ක් ඇත්නම්, ඒ ඒ කව්ළු වලින් එන දුහුවිළි වලින් ඒ රත්තරන් කුට්ටිය කිළිටි වනවාක් මෙනි. ඒ කව්ළු සමාන වන්නේ පංචඉන්ද්රියන්ටය.

මෙය අනෙක් ආකාරයකට අවබෝධ කර ගැනීමට, පරිසරය දෙස බලා සිටින කෙනෙක් ඇස් පියා ගැනීම කලාක් වැනිය. දැන් ඇසට කිසි දෙයක් පෙනෙන්නේ නැත. හුදෙක් කළු පැහැය පමණි. ඇස වසා ගත්තා කියා ඇසේ ක්‍රියාව නැති වුනේ නැත. ඇස් ඇරිය විගස රූප පෙනීම ආරම්භ වේ. තව විදියකට කීවොත්, හරියට රූපවාහිනියකට එන කේබල් එකක් ඉන් ගැලෙව්වා මෙනිය. දැන් එහි රූප නැත. එහෙත් රූපවාහිනිය ක්‍රියාත්මකය. එය භවාංග චිත්තය මෙනි.

භවාංග චිත්තය යනු “භවය පවත්වා ගැනීමට අවශ්‍ය චිත්තය” වේ.  සෑම විටම අපට ඇතිවන සිතිවිලි සිත් 17 ක ‘සෙට් එකක්’ සේ ඇති වේ. මෙය ඉතාම පැහැදිළිව, “කිරුලපනේ ගෞරවණීය ධම්මවිජය ස්වාමින් වහන්සේ” විසින් මෙසේ පැහැදිළි කර දී ඇත. එහිදී ස්වාමින් වහන්සේ භාවිතා කර ඇත්තේ සරළ, සුගම උදාහරණයකි. එනම් මිනිසෙක් අඹ ගසක් යට නිදා ගෙන ඉන්නා අතරේ ගසෙන් වැටුණු අඹයක් නිසා අවදි වූ ඔහු ඒ අඹය කා නැවත නිදා ගැනීමය.  ස්වාමින් වහන්සේ කියන්නේ කුමක්දැයි අප බලමු.

චිත්ත වීථියක් තැනෙන්නේ මේ ආකාරයෙනි. ඒ ප්‍රකෘති සිත යනු “භවාංග සිත” [අඹ ගහක් යට කෙනෙක් නිදා ගන්නවා මෙනි.] වේ. හීන පෙනෙන්නේ නැති වෙලාවේ ඇති සිතයි. යමක් දෙස බලා, පළමු සිත “අතීත භවාංග සිත” වේ. ඊළඟට 1. “භවාංග සිත” පැමිණේ. භවාංග සිත සෙලවීම, 2. “භවාංග චලන සිත” [අඹ ගෙඩිය වැටෙන විට සද්දෙට ඇතිවූ ගැස්සීම] වේ. භවාංග සිත නැති වී යයි. ඒ සිතට කියන්නේ 3. “භවාංග උපච්ච්චේදන සිත වේ”. [නිදි ගැට කඩන සිත]

ඊළඟට වන්නේ අරමුණකට සිත හරවා දීම වේ. එය වන්නේ 4. “පංචද්වාරම්මන සිත” වේ. [සද්දයක්, ගඳක්, රසක්, ස්පර්ශයක් ආවේ කොහෙන්ද යයි බැලීම, එනම් එම අරමුණ පංච ඉන්ද්රීයයන්ගෙන් කුමකින් ආවේදැයි බැලීම.] ඊළඟට එන්නේ 5. “චක්ඛු විඥාන” සිත වේ. [අඹ ගෙඩිය දැක්කා. රූප අරමුණ ගන්නේ චක්කු විඥානයෙනි. ] දැන් ඊළඟට වන්නේ, එන්නේ 6. “ආරම්මණ විජානන සිත” වේ. ඇතුලට ගන්නා සිත, 7. “සම්පටිච්චන සිත” වේ. [අරමුණ ඇතුලට ගන්නා සිත වේ. “අඹ ගෙඩිය ගත්තා”].

ඊළඟට එන්නේ 8. “සන්තීර්ණ සිත” වේ. [ “අඹ ගෙඩිය ඇල්ලුවා – ඔබලා බැලුවා මෙනි.] ගත්තේ කාවද ? සේ අහනවා මෙනි. ඊළඟට එන්නේ 9. “වොත්තපන සිත” වේ. [“විනිශ්චය කරන සිත වේ”. “අඹ ගෙඩිය හොඳයි”]  එය විනිශ්චය කරන සිත වේ. සිත් 8 යි. ඊළඟට, 10-16. “ජවන් සිත් 7” ක් පහල වේ. [කන්නේ ජවන් සිත් වලිනි] කෙටියෙන්  කිවහොත් කුසල් අකුසල් කරන සිත් වේ.

ඊළඟට එන්නේ ‘ගත්ත අරමුණ ගිල ගැනීම ‘ වේ. ඊට කියන්නේ 17. “තදාරම්මන සිත” යන්නය. [අඹ ගෙඩිය රස විඳීම. තදාරම්මන සිත හෙවාත්, ‘තදින්ම ගන්නා සිත’ ගන්නෙත් ජවනයන් ගත් අරමුණම ගත් සිත වේ.] සමහරවිට “තදාරම්මන තව සිතක්” පැමිණේ. එමගින් ඒ සිත් 17 ඇති වේ. ඊළඟට නැවත භවාංග සිතක් පැමිණේ.  [නැවත නිදා ගැනීම] 

මෙය හුදෙක් උදාහරණයක් පමණි. තත්පරයකදී මෙවැනි චිත්තයන් තත්පරයකට කෙළ කෝටි ගණනක් සිතට එන බව බුදුන් වහන්සේ වදාළහ.

මේ සා ගැඹුරට නොගියද, බුදුන් වහන්සේ උපමා උපමේය ඇසුරෙන් මෙන්ම සාමාන්‍ය තර්කණය ඇසුරෙන් මිනිසාගේ නැණස පෑදු අයුරු අපූරුය. එක්තරා බ්‍රාහ්මණයෙක් නොයේ විප්‍රකාර දක්වමින් ගංගා ගඟේ ගිලෙමින් නානවා දුටු බුදුන් වහන්සේ කුමක් නිසා එසේ කරන්නේද යයි ඇසුහ. බ්‍රාහ්මණයා කියා සිටියේ එවිට පව් සේදී යන බවය. බුදුන් වහන්සේ වදාළේ, … “එය එසේ නම්, ගඟේ සිටින මාළුන්. කිඹුලන් වැනි සතුන් අකුසල් සේදීගිය ඉතා පිංවන්ත සතුන් විය හැකිය යන්නය.

තර්කය වටහාගත් බ්‍රාහ්මණයා, විගස ගඟෙන් එළියට පැමිණියේය.

https://www.facebook.com/photo.php?fbid=10161159973401729&set=a.140146881728&type=3&notif_id=1639817332232100&notif_t=feedback_reaction_generic&ref=notif


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: