මිය ගිය පසු අපට වන දේ – ග්‍රීක සහ ඊජිප්තු මිත්‍යා සාහිත්‍ය කතා . 

මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ “මඩොල් දූව” පොත ඔබ කියවා ඇතැයි සිතමි. එහි එක් තැනක ඒ පාළු දූපතේ මියගිය කෙනෙක්ගේ ඇට සැකිල්ලක් තිබුණු බවද, ඒ ඇටසැකිල්ලේ මුහුණ අද්දර තඹ සත කාසි දෙකක් තිබී බවද සඳහන්ය. කවදාවත් ඊට හේතුව ඔබ සොයා තිබේද?

මේ සිරිත ග්‍රීකයන්ගෙන් ලොවට පැමිණේ.  හේතුව වන්නේ කෙනෙක් මියගිය පසු “ස්ටයික්ස්” ගංගාවේ යාත්‍රා කර “මළවුන්ගේ ලෝකයට” ඇතුලත් විය යුතු හෙයිණි. එහිදී ඒ භයානක ගංගාවේ ඔබව ගෙන යන ඔරුව පදවන්නා වන “චැරොන්” [Charon] ට අල්ලසක් දිය යුතුය. මිය ගිය පුද්ගලයාගේ ඇස් වසා ඒ උඩ සතේ කාසි දෙකක් තැබීමේ සිරිත එයින් ආරම්භ විය.  සමහරවිට මේ සිරිත, ලංකාව පාලනය කල යුරෝපීය ජාතීන්ගෙන් ලංකාවට එන්නට ඇත.

එසේ ඒ ඔරුව පදවන්නාට අල්ලසක් නොදුන්නොත්, ඔහු ඔබව ගං ඉවුරේ දමා ඔරුව පදවනු ඇත. බොහෝ අය ගං ඉවුරේ හඬමින් සිටී.  මේ කාලයේ සතයකින් ඇති ප්‍රයෝජනයක් නැති හෙයින් දාහේ නෝට්ටු දෙකක්වත් අවශ්‍ය වනු ඇත. මා සිතා සිටින්නේ, ලක්ෂයේ චෙක්පත් දෙකක් මගේ මිනී පෙට්ටියේ තබා ගැනීමටය. 


මිය ගිය පුද්ගලයාගේ ආත්මය මළවුන්ගේ දේශයට පැමිණෙන ගේට්ටුව අසල ඇති ඔලු තුනේ බල්ලා ගෙන්ද ප්‍රවේශම් විය යුතුය. ඉන් පසු ඔහු හෝ ඇය කල කී දේ විනිසුරුකරුවන් තිදෙනෙක් විසින් පරීක්ෂා කර, ඒ අනුව ඊළඟට යා යුතු ස්ථානය තීරණය කරයි.  “එලිසියම්” “ඇස්පොඩෙල්” සහ “ටාටරස්” ඒ ස්ථාන තුන වේ. “එලිසියම්” යනු හොඳ දේ කල පුද්ගලයන් යන ස්ථාන වේ. “ඇස්පොඩෙල්”, විශේෂයෙන් හොඳ හෝ නරක කියා දේවල් කර නැති සාමාන්‍ය මිනිසුන් යන ස්ථානය වේ.

නමුත් “ටාටරස්” දේශය එසේ නැත.

එහි සිටින්නේ ලෝකයේ සිටින කාලයේ නරක දේ කල අපරාධ කරුවන්ය. එය “අපාය” ට සමාන වේ.   

ඊජිප්තුවේ කතාව මීට වෙනස් වේ.

ඊජිප්තුවේ කෙනෙක් මිය ගිය විට ඒ දේහය “මමිකරණය” කරයි. එහිදී හදවත හැර අනෙක් සියළුම ඉන්ද්‍රීන් ශරීරයෙන් පිටතට ගනු ලබයි. දේහය භූමදාන කරන්නේ හුදෙක් හදවත පමණක් එහි ඇති විට පමණි.

අවසාන විනිශ්චයේ දී මිනිසුන් පෝලිමේ මහ දෙවියා වෙත යති. ඔහු විධාන කරන්නේ මිනිසාගේ සිරුරේ ඇති හදවත එළියට ගෙන එහි බර බලන ලෙසය. ඒ බර බලන ස්ථානයේ තරාදිය අසල නරියෙක්ද සිටී. තරාදියේ එක පැත්තක පිහාටුවක් ඇත. අනෙක් පැත්තේ මිය ගිය පුද්ගලයාගේ හදවත තබනු ලැබේ. 

යම් හෙයකින් හදවත පිහාටුවට වඩා සැහැල්ලු නම්, ඔබට දෙව්ලොව විවෘතය. පිහාටුවට වඩා හදවත බර නම් , ඒ හදවත සිරුරෙන් ගලවා නරියාට දෙනු ලැබේ. එය නරියා විසින් කා දැමුව පසු ඔබ කියා කෙනෙක් නැත.

මෙයින් පෙන්වන්නේ සියළු කල්හී හදවත පිවිතුරුව තබා ගෙන සිටිය යුතු බවය.

එහෙත් මට ඇති ප්‍රශ්ණය එය නොවේය. බැරිවෙලාවත් පිහාට්ට සහ හදවත එකම බරක් වුවොත් කුමක් වේද යන්නය.
සමහරවිට නැවත ඔබට ලෝකයට එවනු ඇත… !

ඔබ හිතන්නේ ඔබට දෙව්ලොව යා හැක කියාද ? 

අපි ටාටරස් දේශයේදී හමු වෙමු.

https://www.facebook.com/lalith.karunaratna/posts/10161149350946729?notif_id=1639296122816418&notif_t=feedback_reaction_generic&ref=notif

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: