සියුස්ගේ ආදර කතා සහ තාරකා තතු – 6 

ලිංගිකත්වය ග්‍රීක මිත්‍යා කථා වල කේන්ද්‍රීය තේමාවක් බව රහසක් නොවේ. කන්‍යාවන්ව සිටීමට, ආදරයෙන් සහ විවාහයෙන් ඈත්ව සිටීමට තීරණය කළ දේවතාවියන් සිටියහ. ඔවුන් “ඇතීනා”, “ආටෙමිස්” සහ “හෙස්ටියා” යන දේවතාවියන් විය.  අනෙකුත් බොහෝ ග්‍රීක දෙවිවරු ඔවුන්ගේ නිදහස් කාලය ලිංගිකත්වය ගවේෂණය කිරීමට යෙදුවහ.

මෙය මිනිස් අපට අවබෝධ කරගත නොහැක. එහෙත් ඔබ බලවත් කෙනෙක්, තේජාන්විත කෙනෙක් සහ විශේෂයෙන්ම අමරණීය සහ දෙවියෙක් වූ විට එය අවබෝධ කරගනු ඇත. එතෙක් මෙම ග්‍රීක දෙවිවරුන්ගේ ඒකාධිකාරය ඔබට අර්ථවත් නොවනු ඇත. ඔබ සදහටම ජීවත් වන්නේ නම් යමෙකු සමඟ මුළු ජීවිත කාලයම ගත කරන්නේ ඇයි? එපමණක් නොව, අමරණීය මිනිසුන්ගේ කුඩා සංඛ්‍යාව සහ ඔවුන්ගේ අසීමිත ආයු කාලය නිසා මෙම දෙවි දේවතාවුන් එකිනෙකාට මුණගැසීම නොවැළැක්විය හැකිය.

එබැවින් බොහෝ විට අනාචාරය සිදු වේ.

ඔවුන්ට අවශ්‍ය සෑම දෙයක්ම පාහේ ලබා ගැනීමට දෙවිවරුන්ට ඇති බලය ඔවුන්ගේ අවශ්‍යතා බොහෝ විට සපුරාලයි. “සියුස්” සහ “පොසෙයිඩන්” ඔවුන් කැමති ඕනෑම කාන්තාවක් ආකර්ෂණය කර ගැනීමට, රැවටීමට හෝ බල කිරීමට ඔවුන්ගේ බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධය. අනාචාරය, බලහත්කාරකම්, ශාපයන් සහ සටන් ග්‍රීක මිථ්‍යා කථා වල බහුල වේ.

මුහුදු දෙවියා වූ “ඇසොපස්” ගේ [Asopus] දියණිය, සුන්දර ඒජිනා [Aegina] විය. සියුස් ඇය කෙරේ පැහැදුණු මුත් රැකවල් ඇතිව සිටි ඇයට සමීප වන්නට වෙනත් උපායක් යෙදුවේ, ඔහු දැවැන්ත උකුස්සෙක් සේ ස්වරූපය මාරු කළේය.  එක් මතයකට අනුව, උකුස්සා අද අහසේ සේ “ඇකියුලා”  [Aquila constellation]  සිටී.  ඉන් පසු පියාසර කර රාජාංගනයට පමණි ඔහු ඒජිනා පැහැරගෙන ගියේය. ඇසොපස් රජු ඔහුගේ දියණිය මුළු ග්‍රීසිය පුරා සෙව්වද සොයාගැනීමට නොහැකි විය.

හේතුව වූයේ සියුස් විසින් ලස්සණ ඒජිනා ව, යාබද දූපතක් වෙත ගෙන යාම හෙයිණි. සියුස් විදුළි කෙටීමට සහ ගෙරවීමට අධිපතියා විය.  ඒජිනා ගේ පියාට සියුස් විසින් “විදුළි පහරක්” එල්ල කර නිහඬ කලේ, ඒ ආදර සම්බන්දය සාර්ථක කර ගනිමිණි. අවසානයේ ඇයට “ඒකස්” නම් [Aeacus]  පුතෙක් ලැබිණි. ඇය සියුස්ගෙන් ඉලා සිටියේ ඔහුගෙන් පවතින පරම්පරාව ඒ දිවයිනේ ඇති කරවන ලෙසිණි. ඇයගේ ඉල්ලීමට ඉඩ ලැබිණි. ඒ දූපත ඇයගේ නමින් නම් විය.

ග්‍රීසියේ ඇතන්ස් නගරයට නුදුරින් ඇති “ඒජිනා දූපත” සුන්දර මුහුදු තීරයෙන් යුතු විදේශීය සංචාරකයන් ප්‍රිය කරන තැනක් වේ.      

ග්‍රීක කතාවල “කුසලාන දරන්නා” [Cup bearer] යයි කියන්නේ නායකයාට වයින් වත් කර දෙන සේවකයා වේ. එහෙත් එහි ඊට වඩා ලොකු අරුතක් ඇත. එනම් ඒ නායකයාගේ ලිංගික වින්දනය සඳහා තබාගෙන සිටින්නාද වේ. සියුස් මහා දෙවියා, තරුණ සහ කඩවසම් “ගැන්මිඩ්” [Ganymede] සමඟ ආදරයෙන් බැඳුණු විට ඔහුව “කුසලාන දරන්නා” සේ තබාගෙන සිටියේය.

“කුසලාන දරන්නාට” “Aquarius” යන නම ලතින් භාෂාවෙන් ඇත. පෙරදිග ඊට කියන්නේ “කුම්භ රාශිය” හෙවත් “කළය” කියා වේ. මේ රාශියෙන් පෙන්වන්නේ, හෙවත් තාරකා මණ්ඩලය නියෝජනය කරන්නේ සියුස්ගේ ආදරයට ලක් වූ කඩවසම් තරුණයා වූ “ගනිමීඩ්” ය. Aquarius දකුණු අර්ධගෝලයේ වසන්තයේ දී සහ උතුරු අර්ධගෝලයේ ශීත සෘතුවේ දැකිය හැකිය. නමුත් මෙය විශාල ප්‍රදේශයක පැතිරී තිබුනද පියැවී ඇසෙන් දැකීමට ලෙහෙසි නැත්තේ, එතරම් දීප්තිමත් තාරකා ඒ තාරකා පන්තියේ නැති හෙයිණි. 

පෙරදිග සංකල්ප අනුවද, කුම්භ රාශියට දීප්තිමත් ග්‍රහයෙක් පැමිණියද, එහි දීප්තිය අඩු වෙනවා යයි කියන්නේ, කුම්භය නිරුපණය කරන කළයක් ඇතුලේ පහනක් දැල් වූවා මෙන් වන ලෙසිණි. එවැන්නෝ “නිහඬ බුද්ධිමතුන්” යයි කියති.

මෙහිදී “ඇකියුලා” [Aquila] හෙවත් ග්‍රීක බසින් “රාජාලියා” නම් වූ තාරකා පන්තියක් ගැන සැළකිය යුතුය. තරු හතක් ඇති එය නියෝජනය කරන්නේ රාජාලියෙකි. එය සියුස් ගේ “අකුණු කෙටීම” ගෙනයන කුරුල්ලා හෙවත් ග්‍රීකයන්ගේ “ගිගුරුම් කුරුල්ලා” වේ.  ගැනිමීඩ් අසල්වැසි “කුම්භ රාශියේ” සිටින අතර, තරු ප්‍රස්ථාරවල දැක්වෙන්නේ “ඇකියුලා” තරු පංතිය,  කුම්භ ලග්නය දෙසට ඇදෙන බවයි. 

සියුස්ගේ විධානය අනුව, ඒ “රාජාලියා”, “කුසලාන දරන්නා” වන “ගැනිමීඩ්” ව ඔලිම්පස් කන්දට ගෙන ආවේය.  

කුම්භ රාශිය පිහිටා ඇත්තේ ජලය ආශ්‍රිත අනෙකුත් තාරකා මණ්ඩල අසලය. එනම් “සීටස්” [Cetus] (තල්මසා), “මීන” [Pisces]  (මාළු), ඩෙල්ෆිනස් [Delphinus] (ඩොල්ෆින්) සහ එරිඩනස් [Eridanus] (ගඟ) – බොහෝ විට මේ කොටස “අහසේ ජලය ඇති කොටස” හෝ “මුහුදු කොටස” ලෙස හැඳින්වේ.

මේවා ගැන කෙටියෙන් කිවහොත් මෙසේය. “පර්සියස්” විසින්” සීටස්” හෙවත් තල්මසාව ඝාතනය කලේ, “ඇන්ඩ්රොමීඩා” බේරා ගැනීමටය. ක්‍රෝනස් යටපත් කිරීමෙන් පසු “සියුස්”, “පොසෙයිඩන් හෙවත් නැප්චුන්”, සහ “හේඩ්ස් හෙවත් ඇඩෝනිස්”  විශ්වය බෙදා වෙන්කර පාලනය කළ බව ඔබ දනී. හුදෙකලාවේ මුහුදේ රජ කල “පොසෙයිඩන්” ට බිරිඳකගේ අවශ්‍යතාවය දැනී තිබිණ.

මුහුදු අප්සරාවක් වන “ඇම්පිට්‍රයිට්ට” [Amphitrite] ඔහු ආදරය කලද, මුලින් ඔහුට ඇය කැමති වූයේ නැත. ඇය ඈත දේශයකට පැන ගියාය. “පොසෙයිඩන්”, ඔහුගේ ආදරය  ප්‍රකාශ කිරීමට ඩොල්ෆින් මාලුවෙක් අතේ ඇයට පණිවිඩ යැව්වේය. මිත්‍රශීලී ඩොල්ෆින්ට ඒ කාර්යය කල හැකි විය. ඒ සුන්දර අප්සරාව ඔහුගේ බිරිඳ කර ගැනීමට හැකි වූ හෙයින්, ඩොල්ෆින්ට කෙලෙහි ගුණ සැලකීමක් සේ, “ඩොල්ෆින් මාළුවා” ගේ රුව අහසේ සටහන් කිරීම “ඩෙල්ෆිනස්” [Delphinus] තාරකා මණ්ඩලයෙන් පෙන්වයි.

සියුස් ආදරය කරනවාට අමතරව ලෝකයේ සිදුවන සිදුවීම් ගැනද කල්පනාවෙන් සිටියේය.

ඕනෑම තරුණයෙක්ට මෙන්, “ෆියර්ටන්” ට තම පියා වූ හීලියෝස් ගේ අශ්ව කරත්තය දෙව්ලොව හරහා ධාවනය කිරීමට මහත් ආශාවෙන් සිටියේය. බොහෝ ඉල්ලීම්වලින් පසුව හීලියෝස්ගේ අවසරය ඔහුට ලැබුණි. කෙසේ වෙතත්, පියා තම පුතාට උපදෙස් දුන්නේ නියම මාර්ගය අනුගමනය කරන ලෙසයි.

අත්දැකීම් නොමැතිකම සහ ඔහුගේ රිය පැදවීමේ කුසලතා පිළිබඳ ඕනෑවට වඩා ආත්ම විශ්වාසයෙන්, “ෆියර්තන්” අහසට පියාසර කළ නමුත් අශ්ව රථයේ පාලනය නැති විය. එබැවින් අශ්ව රථය පෘථිවියට ආසන්නව ඇද වැටුණු අතර, දේශය ගිනි ජාලාවක් බවට පත් විය.

සිදුවීම් ගැන දැනගත් සියුස්, ෆීතන් [Phaeton] හට ගිගුරුම් පහරකින් හෙවත් අකුණු සැරයකින් පහර දුන්නේය. ඔහුගේ හිසකෙස් පිළිස්සී, ඔහු අශ්ව රථයෙන් විසිවී “එරිඩනස්” වෙත වැටුණි. තම පුත්‍රයාගේ ක්‍රියාවෙන් දැඩි ශෝකයට පත් හීලියෝස් දින ගණනක් තම අශ්ව රථය පදවාගෙන නොගිය අතර, ලෝකය අන්ධකාරයේ තබා ගියේය. “එරිඩනස්” යනු අහස් ගංගාව වේ. “කුසලාන දරන්නා” [Aquarius] තුලින් වෑස්සෙන ජලය “එරිඩනස්” ට එක් වේ.

“එරිඩනස්” තාරකා පන්තියේ ඇති  දීප්තිමත්ම තාරකාව වන්නේ “Achernar”, “Alpha Eridani” ලෙස නම් කර ඇත. එය රාත්‍රී අහසේ දීප්තිමත්ම තාරකාවලින් එකකි. “Achernar” ඇත්ත වශයෙන්ම අහසේ නව වන දීප්තිමත්ම තරුව වන අතර බොහෝ දෙනෙක් එය අපගේ මන්දාකිනියේ අඩුම ගෝලාකාර තාරකාව ලෙස සලකති.

ඊට තත්පරයට කිලෝමීටර 250 / සැතපුම් 155 ක පමණ අසාමාන්‍ය ලෙස වේගවත් භ්‍රමණ ප්‍රවේගයක් ඇත. මේ නිසා මෙම තරුවට අමුතු හැඩයක් ඇති බව පෙනේ. ඇචර්නාර් අපගේ සූර්යයාට වඩා 15 ගුණයක් වේගයෙන් භ්‍රමණය වන අතර දින 2 කින් එක් භ්‍රමණයක් සම්පූර්ණ කරයි. එහි මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය 15.000 K පමණ හෝ අපගේ සූර්යයාට වඩා 3 ගුණයක් පමණ උණුසුම් වේ. එය අපගේ සූර්යයාට වඩා 3.150 ගුණයකින් දීප්තිමත් වන අතර සාමාන්‍ය විෂ්කම්භය අපගේ සූර්යයාගේ මෙන් 10 ගුණයකට වඩා වැඩි ය. 

සියුස් ගේ ප්‍රේමවන්තයා වීමේ හිලව්වට ත්‍යාගයක් “ගනිමීඩ්” ට ලැබිණි. එනම් සියුස් ඔහුව ඔලිම්පස් වෙත ගෙනැවිත් සදාකාලික තාරුණ්‍යය  ලබා දී “ගනිමීඩ්ව” අමරණීය කළේ, ඔහු වෙනුවෙන් “කුසලාන දරන්නා” [Aquarius] සේ තාරකා මණ්ඩලයක්ද පුද කරමිනි.

තරු ඇති රාත්‍රියක අහස දෙස බලන ඔබ සුන්දර දර්ශණයක් දකිනු ඇත. ඊටත් වඩා එහා යන කෙනෙක් මේ තාරකා, කණ්ඩායම් වලට බෙදා ඇත්තේ කෙසේදැයි සොයා බලනු ඇත. එහෙත් ඒ තාරකා වලට දමා ඇති බොහෝ නම් සිහියේ තබා ගැනීම නම් එතරම් ලෙහෙසි දෙයක් නොවනු ඇත.

පැරණි ග්‍රීකයා ඒ කාර්යය පහසු කර තිබේ. එනම් ඔහු ග්‍රහ ලෝක සහ තාරකා ආශ්‍රිත වූ අන්දරයන් බොහෝ ගණනක් නිර්මාණය කර ඇති හෙයිණි. ඊට පැරණි පේගන් ආගම සම්බන්ද කර තිබීම, ඒ තාරකා ලොව තව තවත් ප්‍රචලිත වන්නට හේතුවක් විය. එසේ නොවුනා නම් මේ තාරකා සහ ග්‍රහ ලෝක ගැන මේ තරම් අපට දැනුමක් නොලබෙන්නට ඉඩ තිබිණ.

එපමණක් නොව ඒ අන්දරයන්හී චරිත වලට දී ඇති නම් බොහොමයක් ලොව සිටින්නවුන්ට මෙන්ම නොයෙකුත් සංවිධාන සහ ආයතන වලට ලැබී ඇත. ග්‍රීක කතා හරහා ලොවට පැමිණි විශ්වාස සහ සංකල්පද බොහෝ වේ.    

https://www.facebook.com/lalith.karunaratna/posts/10161139642696729?notif_id=1638830165572944&notif_t=feedback_reaction_generic&ref=notif

  


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: