ඔබටත් අමරණීය වෙන්නට ඕනෑද?  

අපි යනු කව්රුන්ද? පැරණි දර්ශනයන් ගෙන් ඒ ගැන අපට ලැබී ඇති කරුණු මොනවාද?  බුදු දහම හැර සියළුම ප්‍රචලිත ආගම් වල කියැවෙන්නේ, “මහ දෙවියා” යන උත්තරීතර සත්වයා මිනිසා නිර්මාණය කල බවය. බුදු දහමේ නම් කියැවෙන්නේ සත්වයා භවයෙන් භවයට මැරි මැරී උපදින බවය. ලෝක පමණක් නොව, සක්වළ වල් පවා ඇති වී නැතිවී යන බවය. එහි මුල් කෙළවරක් සොයාගත නොහැකි බවය. සොයන එකේ තේරුමක් නැති බවය. 

තවත් ආකාරයකින් කිවහොත් එහි “කල්පය” යන්න එහි විද්‍යාවට සමාන ආකාරයකින් අර්ථ දැක්වේ. විද්‍යාවේ එන “මහා පිපිරුම” සහ ඉන් පසුව ඇති වූ විශ්වය යන්න ගැන සහ අවසානයේ මුළු විශ්වයම නැතිවේ යන ආකාරය ගැන ඉඟියක් ඉන් ලැබේ. එය චක්‍රයක් බවද පැවසේ.

දහමකට කිසිම සම්බන්දයක් නැති “එඩ්ගාර් කේසි” හෙවත් “නිදන වක්තෘ” නම් අරුම පුදුම පුද්ගලයා [ඔහු ගැන දැන ගැනීමට “Many mansions by Gina Cerminara” හෝ, එහි පරිවර්ථනයක් වන, “පණ්ඩිත කන්නිමහර සුමංගල ස්වාමින් වහන්සේ ලියන ලද  “සංසාර මන්දිර” කියවීම වටී.] එහි කියන්නේද, අප ඉපදෙමින් මිය යමින් බොහෝ කාලයක් භවයන් හරහා නොයෙක් ආකාර චරිත වලට පණ දෙමින් එන බවය. ඔහුගේ කියවීම් තුල “කර්මය” ට ඉහළ තැනක් ලැබේ.

මේ අතර මුලක් සෙවිය නොහැකි තරම් පැරණි ග්‍රීක පේගන් ආගමේ තවත් දෙයක් ගැන කියැවේ. එය වඩාත්ම ගැලපී යන්නේ “මහා පිපිරුම” වූ පසු විශ්වයේ සිදු වූ ක්‍රියාවලිය හෙවත් “චක්‍රයේ එක රවුමක්”  ගැනය.

මුලදී තිබුණේ හිස් අඳුරක හෙවත් රික්තයකි. එහි පැවතුනු එකම දෙය වූයේ “කළු පියාපත් සහිත කුරුල්ලෙකු” වන “නික්ස්” [Nyx] ය. ඇය රන් බිත්තරයක් මත වසර ගණනාවක් වාඩි වී සිටියාය. අවසානයේ ජීවිතය බිත්තරය තුළ ආරම්භ වූ අතර එයින් “ආදරයේ දෙවියා වන “ඊරෝස්” [Eros]  නැගී සිටියේය. “ආදරය යනු තණ්හාවමය”. “ලෝකය පවතින්නේ තණ්හාව මතය” යන්න බුදු වදනකි.

ඒ බිත්තර කටුවේ අඩක් අහස බවට පත් වූ අතර අනෙක පෘථිවිය බවට පත් විය. ඊරෝස් විසින් අහස “යුරේනස්” හෙවත් “ක්‍රෝනස්” ලෙසත්, පෘථිවියට “ගයියා” [Gaia] ලෙසත් නම් කරන ලදී. ඊට පසුව, “ඊරෝස්” විසින් ඔවුන්ව ආදරයෙන් බඳවන ලදී. “යුරේනස්” සහ “ගයියා” ට බොහෝ දරුවන් සිටි අතර අවසානයේ ඔවුන්ට මුණුබුරන් ද ලැබුණි. සමහරු තම දරුවන්ගේ බලයට බිය වෙති. “ක්‍රෝනස්”, තමාව ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක් ලෙස, තම දරුවන් තවමත් ළදරුවන්ව සිටියදී ගිල දැමීය.

කෙසේ වෙතත්, ඔහුගේ බිරිඳ “රියා” [Rhea] ඔවුන්ගේ බාල දරුවා වන “සියුස්ව” සඟවා තැබුවාය. පසු කලෙක සියුස් තම පියා යටපත් කළේය. ඔහු නායකයා විය. ඉන් පසු ඔහු සහ ඔහුගේ සහෝදර සහෝදරියන්, ඔහුගේ පියා වූ “යුරේනස්” ගේ බඩෙන් නැවත ගෙන,  “ගයියා” සහ “යුරේනස්” ව අහසේ සදාකාලික තරු බවට හැරවූහ. මේ වන විට පෘථිවියට කරුණු දෙකක් පමණක් නොතිබුණි. එනම් “මිනිසා” සහ “සතුන්” විය. සියුස් තම පුතුන් වන “ප්‍රොමතියස්” [Prometheus (පෙර සිතුවිල්ල)] සහ “එපිමෙතියුස්” [ Epimetheus (පසු සිතුවිලි)] කැඳවා ඔවුන්ට පැවසුවේ, පෘථිවියට ගොස් මිනිසුන් සහ සතුන් නිර්මාණය කර ඔවුන්ට තෑගි දෙන ලෙසය.

“ප්‍රොමිතියස්” දෙවියන්ගේ රූපයෙන් යුතුව මිනිසුන් සෑදීම ආරම්භ කල අතර “එපිමෙතියස්” සතුන් සෑදුවේය.

දැන් මොහොතක් “යුදෙව් සහ කිතුණු ආගමට ගොස් බැලුව හොත්, “දෙවියන්, ඔහුගේ ස්වරූපයෙන් මිනිසුන් නිර්මාණය කළේය”… යයි ලියා තිබෙනවා දැකිය හැක. මේ දෙවියන් සර්වබලධාරී යයි ඒ ආගම වල කියැවේ. නමුත් ග්‍රීක ආගමේ අයුරෙන් එසේ “මිනිසුන් නිර්මාණය කල දෙවියා” ප්‍රථම දෙවියන් හෝ පුද්ගලයා නොවේ. “එපිමෙතියස්” වැඩ කරන විට ඔහු සෑම සතෙකුටම එක් තෑග්ගක් ලබා දුන්නේය.  උදාහරණයක් සේ අලියාට දළ ලබා දුන්නේය.

එහෙත් “එපිමෙතියස්” ඔහුගේ කාර්යය වන සතුන් සාදා නිම කිරීමෙන් පසුවද, “ ප්‍රොමතියස්” මිනිසා තනමින් සිටියේය.  කෙසේ වෙතත්, ඔහු මිනිසාට දිය යුතු තෑග්ග කුමක්දැයි බැලීමට ගිය විට, “එපිමෙතියස්” , “ප්‍රොමතියස්” ට දන්වා සිටියේ ඔහු සියලු තෑගි භාවිතා කළ බවයි. සිත් තැවුලට පත් වූ ප්‍රොමිතියස් තීරණය කළේ ගින්නට ප්‍රවේශ විය හැක්කේ දෙවිවරුන්ට පමණක් වුවද, තෑග්ගක් සේ මිනිසාට “ගින්දර” දිය යුතු බවයි.

පසුදා උදෑසන හිරු දෙවියන් ලෝකයට නැඟී එන විට, “ප්‍රොමිතියස්” ගින්නෙන් කොටසක් ගෙන එය මිනිසා වෙත ගෙන ආවේය. ඔහු තම නිර්මාණයට එය රැකබලා ගන්නා ආකාරය කියා දුන්නේය. නමුත් මෙය මහ දෙවි “සියුස්” ගේ අභිප්‍රාය නොවීය. සියුස් මහ දෙවියා ප්‍රකාශ කළේ, “කිසිම මිනිසෙකුට පෘථිවියේ ගින්නක් භාවිතා කළ නොහැක. ගින්න, ආහාර පිසීමට හෝ උණුසුම්ව තබා ගැනීමට නොවේ.

මේ කාලයේ ගෑස් හිඟ වීම සහ මිළ වැඩිවීම ගැන ඔබ සතුටු විය යුතුය. ගෑස් බැරල් පිපිරෙන්නේ සියුස් දෙවියා ගේ ශාපයෙනි.

ෆොසිල ඉන්ධන හරහා වුවද, ගින්දර භාවිතා කිරීම නිසා ලෝකය විනාශ වෙමින් පවතී. සියුස් දෙවියා නිවැරදිය. 

“සියුස්”, “ප්‍රොමිතියස්” ගේ ක්‍රියාව දැනගත් විට ඔහු කෝපයට පත්වී ඔහුව සිර කළේය. ඉන් පසු ඔහු මනුෂ්‍ය වර්ගයාට දඬුවම් කිරීමට පටන් ගත්තේය.

සියුස්ගේ තවත් පුතෙක් “පැන්ඩෝරා” නම් රූමත් කාන්තාවක් නිර්මාණය කළේය. සෑම දෙවි කෙනෙක්ම ඇයට තෑග්ගක් දුන් අතර සියුස් විසින් ඇයට ලැබුනේ වසා ඇති පෙට්ටියක් පමණි. ඔහු ඇයට එය කිසිදා විවෘත නොකරන ලෙස නියෝග කළේය. ඉන්පසු ඔහු ඇයව “එපිමෙතියස්” ට හඳුන්වා දුන්නේය. ඔවුන් එකිනෙකා ආදරයෙන් වෙලී විවාහ වූහ.
පෙට්ටිය විවෘත කිරීමට ඇති දැඩි ආශාව අමතක කර “පැන්ඩෝරා”, “එපිමෙතියස්” සමඟ ජීවිතය සතුටින් ගත කළාය. දෙවි දේවතාවුන් තමාට මෙතරම් තේජාන්විත ත්‍යාග දී ඇති නිසා, පෙට්ටියේ ඇතුළත ඇති දේද වටින්නේය යයි ඇයට සිතුණි. දිනක් “එපිමෙතියස්” නැති වූ විට ඇය පෙට්ටිය විවෘත කළාය.
 
පෙට්ටියෙන් පිටතට පියාසර කළේ අද ලෝකය පීඩා කරන සියලු භීෂණයන් විය. එනම් වේදනාව, අසනීප, ඊර්ෂ්‍යාව, කෑදරකම වැනි දේය. “පැන්ඩෝරා”ගේ කෑගැසීම ඇසූ “එපිමෙතියස්” නිවසට දිව ගොස් පියන වසා දැමු නමුත් ඒ වන විටත් සියලු නපුරුකම් එළියට බේරී තිබුණි. මේ කතාවත් යුදෙව් සහ කිතුණු ආගමේ ආඩම් සහ ඒව යන ප්‍රථම මිනිස් යුවල, තහනම් ගෙඩිය අනුභාවයෙන් පසුව පාපයක් කළා කියනවා මෙනි. “එපා කියා කීම” දෙවියන් කියති. එය මිනිසා විසින් කඩ කරයි. 

තවද අපි දැන් බනින්නේ, “පැන්ඩෝරා” ට මිසෙක “සියුස් දෙවියා” ට නොවේ. පසුව පැමිණි කිතුණු ආගමේ, “ඒව” ට චෝදනා කරනවා මෙනි.  කොහොමත්, එපා කියන දේ ගැහැණු කරති. ..! මෙය සියුස් දෙවියා දැන ගෙන සිටියේය.  එදින රාත්‍රියේ පෙට්ටියෙන් මෙසේ කියන හඬක් ඔවුන්ට ඇසිණි…. “”මට එළියට යන්න දෙන්න, මම “බලාපොරොත්තු” වේ දෙවඟන වෙමි” … “පැන්ඩෝරා” සහ “එපිමෙතියස්” ඇයව නිදහස් කළ අතර ඇය ලෝකය වෙත පියාසර කළේ මානව වර්ගයාට බලාපොරොත්තුවක් ලබා දීමටයි.

දැන් අපට මොනවා නැතත්, “බලාපොරොත්තුව” තිබේ.

ග්‍රීක් ක්‍රමයෙන් කියන මේ කතාව ලෝකය, මිනිසා සහ සත්වයන් ආරම්භ වූ ආකාරයයි. ග්‍රීක් ක්‍රමයෙන් ලෝකයේ අනාගතය කුමක් වේද ? අනාගතය දැකිය හැකි එකම දෙවියා, ඉදිරියේ මෙන්ම පසුපසත් සේ මුහුණු දෙකක් ඇති “ජානුස් ” පමණි. ඔහු ග්‍රීක නොව, රෝමන් දෙවියෙකි. නමුත් සමහරවිට ඉතා ඈත අතීතයක මේ මිත්‍යා කතා ලියැවී ඇති නිසා, …එතරම් රටවල් බෙදී නැති කලෙක කී නිසා,..  ඔහු ග්‍රීසියටද “අනාගතය දැකිය හැකි දෙවියා’ සේ අදාළ වන්නට ඇත.

ඉතා පැරණි ග්‍රීක් සහ රෝමන් සංකල්ප වලින්ද, “මේ මායාව” කුමක්ද යන්න ගැන අපට අදහසක් ගත නොහැක. එහෙත් ඒ සංකල්ප අනෙක් දේව ආගම් වලට “පාදමක්” වී ඇති බව නම් පැහැදිළිය. 

දෙවියන් නම් හොඳ කලද, මොකක් හෝ වරදක් කලත්, තරුවක් වී අහසේ අමරණීය වන්නේය. ඔබටත් අමරණීය තත්වය ලබා ගන්නට අවශ්‍යද ? එය ලෙහෙසි නැත.

ක්‍රමය වන්නේ, මෙතෙක් ග්‍රීකයන් සොයාගෙන නැති තරුවක් සොයා, එය ඔබේ නමින් හඳුන්වන්න. නැතිනම් ඔබට වන්නේද මළවුන්ගේ මුහුද හෙවත් “ස්ටයික්ස්” ගංගාවේ ගිලී යාමය. 😉

https://www.facebook.com/lalith.karunaratna/posts/10161130296981729?notif_id=1638436115821686&notif_t=feedback_reaction_generic&ref=notif

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: