පර්සියස්, ඇන්ඩ්‍රොමීඩා සහ ඔවුන්ගේ තාරක ස්වරූප

“මෙඩුසා” ඝාතනය කර ආපසු එන අතරතුර, පර්සියස් ඉතියෝපියාවේ අහසට ඉහළින් පියාසර කළේය, ඔහු බිම බැලූ විට, තරුණ “ඇන්ඩ්‍රොමීඩා” කුමරිය මුහුදේ ගලක ගැට ගසා තිබෙනවා දුටුවේය. ඇයගේ මව සහ පියා වූ “කැසියෝපියා” [Cassiopeia] සහ “සීෆියස්” [Cepheus] තම දියණිය වන “ඇන්ඩ්‍රොමීඩා” , මුහුදු අප්සරාවන්ටත් වඩා සුන්දර යයි කියූ හෙයින් අප්සරාවන් කෝපව සිටියහ. මේ ගැන ඔවුන් සාගරයට අධිපති දෙවියාට කීහ.

කෝප වූ පොසෙයිඩන් රාජධානිය විනාශ කිරීමට “සීටස්” [Cetus] යන මකරාට අණ කළේය. සීටස්ට සමහර තැන් වල කියන්නේ “දැවැන්ත තල්මහෙක්” කියාය. රාජධානියේ වෙරළබඩ ගම්මාන විනාශ කිරීම ආරම්භ කල “සීටස්”, යෝධ මාළුවෙකු, සර්පයෙකු සහ මකරෙකුගේ එකතුවකටද සමාන විය. මෘගයා මධ්යධරණී මුහුද හරහා ගමන් කර රාජධානියේ ගම්මාන විනාශ කිරීමට පටන් ගත්තේය. මේ සත්වයාට එරෙහි සියලු උත්සාහයන් අසාර්ථක විය.

බලාපොරොත්තු සුන් වූ “සීෆියස් රජු, “සීටස්” මෘගයාව නැවැත්වීමට කුමක් කළ යුතු දැයි සොයා බැලීමේ උත්සාහයක් ලෙස, දේව සභාවේ දේවතාවන්ගෙන් අවවාද ඉල්ලුවේය. යෝජනාව වූයේ, වෙන කිසිම දෙයක් කල නොහැකි බවත්, ඔවුන්ගේ එකම දියණිය බලවත් සීටස් රාක්‍ෂයා ට පූජා කරන ලෙසයි. “සීෆියස්” රජු සහ “කැසියෝපියා” රැජින මෙම ඉරණම පිළිගත් අතර, ඉතා කණගාටුදායක ලෙස ඇන්ඩ්රොමීඩාව විලංගු දමා “සීටස්” වෙත ගෙන ගියහ. පර්සියස්ගේ නියමිත වේලාවට එහි පැමිණීම නොවන්නට සියල්ල අහිමි වනු ඇත.

දැන් තරුණ ඇන්ඩ්‍රොමීඩා කුමරිය අසාධාරණ ලෙස ගලක බැඳ ඇත. පර්සියස් වහාම දැරිය සමඟ ආදරයෙන් බැඳුණු අතර ඇයව බේරා ගැනීමට මෙඩූසාගේ හිස භාවිතා කළේය. සීටස් ඇතුළු සියලු රාක්ෂයන් ගල් බවට පත් කල පර්සියස් ඇය ව බේරා ගත් අතර පසුව ඔහු ඇන්ඩ්‍රොමීඩාගේ ස්වාමිපුරුෂයා බවට පත්විය.

ඇන්ඩ්‍රොමීඩා මේ කාලයේ ග්‍රීසියේ නැත. ඇය අපේ විශ්වයෙන් කිලෝ මීටර් මිලියන 2.7ක් ඈතින් ““ඇන්ඩ්‍රොමීඩා නෙබියුලාව” සේ සිටී. එය Messier 31හෙවත් Andromeda Galaxy සේද කියනු ලැබේ.

මේ අතර කෝපයට පත් “පොසෙයිඩන් දෙවියා”, “කැසියෝපියාව” සහ “සීෆියස්”ව අල්ලා ඈත විශ්වයට විසි කළේය. ඒ විසිවීම නිසා අදත් ඔවුන් ජීවත් වන්නේ උඩු යටිකුරුව වේ. නමුත් ඒ සියල්ලන් තාරකා පංති කර අහසේ අමරණීය කර ඇත.

“සෙරිෆෝස්” වෙත ආපසු යන පර්සියස් තම මවව ලබා ගැනීමට උත්සාහ කරමින් ඇයට හිරිහැර කල ““පොලිඩෙක්ටස් රජුට” විරුද්ධව ක්‍රියා කළේය. කෝපයෙන්, ඔහු රජු වෙත ගොස් ඔහුට අභියෝග කළ අතර, නැවත වරක් ඔහු කෙනෙකුව පරාජය කිරීමට මෙඩූසාගේ හිස භාවිතා කළේය.

පර්සියස්, රජුව ගලක් බවට පත් කර අවසානයේ ඔහුගේ මව නිදහස් කළේය. සෑම දෙයක්ම සාමකාමී බව පෙනෙන විට, පර්සියස් පියාපත් සහිත සෙරෙප්පු සහ හර්මීස්ගේ හිස්වැස්ම ආපසු ලබා දුන් අතර, මෙඩූසාගේ හිස ඇතීනා ගේ පලිහෙහි තැබුවේය. ඉන් පසු පර්සියස් ඔහුගේ මව සහ ඔහුගේ බිරිඳ වූ ඇන්ඩ්‍රොමීඩා සමඟ ඔහුගේ උපන් ගම වන “ආර්ගෝස්” වෙත ආපසු ගියේය.

අනෙක් අතට, ඔහුගේ සීයා “ඇක්‍රිසියස් රජු” අනාවැකිය සිහිපත් කළ අතර “පෙලස්ජියන්” ජනතාවගේ රට වන “ලැරිසා” වෙත පලා යාමට තීරණය කළේය.

කෙසේ වෙතත්, තම සීයා නැවත ඔවුන්ගේ රාජධානියට පැමිණීමට කැමති වූ පර්සියස් ඔහු පසුපස යන ලදී. “ලැරිසා” හිදී, “ටියුටාමිඩාස්” රජු, තම හිතවතා වූ “ඇක්‍රිසියස් රජුගේ’ පැමිණීම සමරමින් සිටියේය. එහි තිබී ක්‍රීඩා සහ තරඟ වලදී තමා කව්දැයි නොකියා පර්සියස් රහසිගතව තරඟ කළේය. එහිදී කවපෙත්ත විසි කිරීමේ ක්‍රීඩාවේ ඔහු ප්‍රථමයා වූ නමුත්, එය ඔහු කොතෙක් ඈතට විසි කලාද යත්, තරඟය බලා සිටියවුන් දෙසට එය විසි විය.

නොදැනුවත්වම එය වැදී තිබුනේ ඔහුගේ සීයාගේ හිසේය. ඔහු අවාසනාවන්ත ලෙස එතනම මියගියේය. පර්සියස් ගේ සීයා වූ “ඇක්‍රිසියස්” මිය ගියේ, පුරාණ අනාවැකිය සත්‍ය කරමිනි. ඔහුව ලැරිසා නගරයෙන් පිටත වළලනු ලැබූ අතර, එනිසා බොහෝ කම්පනයට පත් “පර්සියස්” නැවත ආගෝස් වෙත යාම ප්‍රතික්ෂේප කළේය. ඔහු සිංහාසනය ලැබෙන්නට තිබුණි,

එහෙත් ඔහුගේ නව නිවස ලෙස, පර්සියස් “මිඩියා” [Midea] සහ “මයිසීන්” [Mycenae] නගර නිර්මාණය කළේය. පර්සියස්ට සහ ඔහුගේ බිරිඳට දරුවන් නව දෙනෙක් සිටියහ. ඔවුන්ගෙන් පුතුන් වූයේ, “Perses”, “Alkaios”, Sthenelus”, “Heleios”, “Mestor’, “Elektryon” සහ “Gorgophone” සේ විය. දියණියන් “Gorgophone” සහ “Autochthe” ලෙසින් විය.

බොහෝ ස්ථානවල ඔහු වීරයෙකු ලෙස සැලකේ. පර්සියස් සංචාරය කළ ඊජිප්තුවේ පවා ඔහුගේ රූපය සහිත ප්‍රතිමා කිහිපයක් තිබේ.

මේ කාලයේ ඔහු ග්‍රීසියේ ඇත කියා සොයාගෙන නැත. ඔහු ආලෝක වර්ෂ මිලියන 250කට ඔබ්බේ, “පර්සියස් තරු පොකුර” නම ඇතිව ඈත විශ්වයේ සිටී. ඔහු සමඟ මුහුදේ රාක්‍ෂයා වන “සීටස්”, “සුන්දර ඇන්ඩ්‍රොමීඩා”, ඇයගේ මව වන “කැසියෝපියා රැජිණ” සහ පියා වූ “සීෆියස් රජු” ද සිටින බව අහස දෙස බලන ඔබ දකිනු ඇත.

මෙහි පුදුමය වන්නේ, යක්‍ෂ , රාක්‍ෂ, මෘග වර්ගයට අයත් මෙඩුසා සහ සීටස් ගේ තාරකා පන්ති හඳුන්වා දීමේදී තරු පිහිටවූ ආකාරයයි. උදාහරණයක් සේ ඒවා තුල දීප්තිය වෙනස් වෙමින් දැල්වෙන තරු වන, “ඇල්ගොල්” සහ “ඔමික්‍රෝන්” තරු තැබීමට පැරණි ග්‍රීකයා උනන්දු වීමය. ඒ තරු යුගල තාරකා සේ කියැවේ.

ඇන්ඩ්‍රොමීඩා ඝාතනය කරන්නට පැමිණි සීටස් මෘගයා ගේ තරු පන්තිය, අහසේ ඇති විශාලතම තරු පන්තියක් වේ. එය දැකිය හැකි තාරකා පංති වලින් හතරවන පංතිය වේ. මේ “සීටස් මෘග තල්මහ මාළුවා” තබා ඇත්තේ, අහසේ ජල ප්‍රදේශය යන කොටසේ වීමද පුදුමයකි.

සීෆියස් රජුගේ නමින් ඇති තාරකා පංතියේ ඇති එක තරුවක් ඇල්ෆා සෙටි [α Ceti (Alpha Ceti)] නම් වේ. එය “ස්ටාර් ට්‍රෙක්” චිත්‍රපට බලන කෙනෙක් දන්නවා ඇත. එයද යුගල තාරකාවකි. චිත්‍රපටවල ආකාරයට “සින්ඩි” විසින් ලෝකය අල්ලා ගත් විට මිනිසා ජීවත් වන්නට යන්නේ ඒ තාරකා පන්තියේ ග්‍රහ ලෝකයකට වේ. කොහොමත්, මේ කාලයේ වහින ආකාරයට ලෝකය විනාශ වේ. විශ්වයේ අතරමං නොවී මෙතෙන්ට වත් යමු.

ග්‍රීකයන් ඔවුන් දෙස ‘කිරි සයුර” සේ යන අපගේ විශ්වයේ නොසිට, වෙනත් විශ්වයක සිට බැලුවේ නම්, සම්පූර්ණ වෙනස් කතාවක් ඔවුන් නිර්මාණය කරනු ඇත. එනම් පර්සියස් ගේ තරු පොකුරට බොහෝ වෙනස් දුරකින් හෙවත්, ආලෝක වර්ෂ මිලියන 2.5 ක දුරකින් ඔහුගේ බිරිඳ වන “ඇන්ඩ්‍රොමීඩා” ගේ තරු පොකුර හෙවත් ගැලක්සිය ඇති හෙයිණි.

දෙවියන් වී අමරණීය වූ පසු ඔවුන්ගේ මිනිස් මාන වෙනස් වන බවක් පෙනේ. “ඇන්ඩ්‍රොමීඩා” ගේ විෂ්කම්භය ආලෝක වර්ෂ 260,000 ක් වන අතර එහි ස්කන්ධය අපේ සූර්යයා මෙන් බිලියන 400 කි. ඒ අතර එහි තාරකා ට්‍රිලියනයක් ඇත. ඇයගේ ස්වාමිපුරුෂයා වන පර්සියස්ද , දැනට මිනිසා මෙතෙක් දැන ඇති ආකාශ වස්තූන් ගෙන් විශාලතම එකකි. එහි ගැලැක්සි 150 ක් පමණ ඇත.

ඒ ගැන පැහැදිළි කල හැකි හොඳම ක්‍රමය වන්නේ, “සාමාන්‍ය මිනිසුන් වන අපට, එහි තරම ගැන කවදාවත් පැහැදිළිව සිතීමට නොහැකිය” කියා කීමය.

https://www.facebook.com/lalith.karunaratna/posts/10161114956546729?notif_id=1637759634401021&notif_t=feedback_reaction_generic&ref=notif

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: