ඊජිප්තුව ආක්‍රමණය කල කාලිඩ් රජතුමා, ඇලෙක්සන්ඩ්රියාවේ පුස්තකාලයේ විශාලත්වය දැක මවිතයට පත් විය.
එය එකල ලෝකයේ තිබුණු විශාලතම පුස්තකාලය විය. සමහරවිට ඒ පුස්තකාලය මෙතෙක් ලොව පැවති විශාලතම පුස්තකාලය වන්නටද ඇත. කුරාණය සහ ඉස්ලාමික හදීත් පොත් කීපයක් පමණක් සංසරණය වූ සමාජයක ජීවත් වූ රජතුමා ඇතුළු පිරිස, මෙම පුස්තකාලයේ ගැබ්ව ඇති අප්‍රමාණ දැනුම් සම්භාරයෙන් ශේෂයක් හෝ අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් නැති වූවන් විය.
අවසානයේ රජු ආගමික පූජකයන්ගේ පිහිට පැතුවේය. … “පුස්තකාලයට කුමක් කරන්නේද?… යන්න රජතුමා එහි සිටි ප්‍රධාන මුල්ලා ගෙන් ඇසුවේය. ඔහුගෙන් නියමම පිළිතුරක් ලැබුනේය. එය මහදැනමුත්තා එළුවාගේ බෙල්ල කපා මුට්ටියද බිඳ දැමීම සිහියට නංවන ආකාරයේ පිළිතුරකි.
… “මේ පුස්තකාලයේ කුරානයේ පිටපතක් නැත්නම්, පුස්තකාලයෙන් ඇති වැඩක් නැත”…. “ කුරානයේ පිටපතක් තිබේ නම්ද පුස්තකාලයෙන් වැඩක් නැත” … “මක්නිසාදයත්, අපට දැනටමත් කුරාණය අපට තිබෙන බැවිනි”….
මුල්ලාගේ විශිෂ්ට තීරණය අනුව, පුස්තකාලය ගිණිබත් විය. එහෙත් එය කොතරම් විශාලද යත්, ශත වර්ෂ ගණනාවක් තිස්සේ එකතු වූ පුස්තකයන් එකවර විනාශ කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවීය. රජතුමා එවිට අණ කලේ ළඟ එන ශීත සෘතුවේ නිවාස උණුසුම් කිරීමට මේ පොත් දල්වා උණුසුම ලබාගන්න කියාය. ඒ අනුව මිළ කල නොහැකි පුස්තක දැවී ගියේය.
මේ අයුරෙන් පුරාණ දැනුම විනාශ කලේ ඉස්ලාමිකයන් පමණක් නොවේ. කිතුණු පූජකයන්ද ඔවුන්ට දෙවැනි නැත.
මායා වරුන්, ඔවුන්ගේ අතීතය සහ ඔවුන්ගේ පුරාණ මිනිසුන් සොයා ගත් දැනුම් සම්භාරයද ඉතා ක්‍රමවත්ව ලියා තියාගෙන ඒවා ප්‍රවේශම් කල ජාතියක් විය. ඒවා පොත් දහසකට වඩා වැඩි විය. ඇලෙක්සැන්ඩ්රියාවේ පුස්තකාලයට වඩා ඒවායේ වෙනස වූයේ, ඒවා සාරාංශ ගතකර තිබීම වන්නට ඇත. එම පුස්තක මීට වසර 800ක් පමණ ඈත කාලයක් සුරක්ෂිතව තිබිණ.
එහෙත් ඒ දේශය යටපත් කල ස්පාඥ්ඥ වරුන්, ඔවුන්ගේ ආගමික පූජකවරුන්ගේ අවවාද අනුව එම පොත් විනාශ කර දැමූහ. මායා වරුන්ගේ පොත් වල තිබුණු විස්තර යක්‍ෂයාගේ පණිවිඩ සේ ඔවුන් විශ්වාස කරන ලදී. අද මායන් වරුන්ගේ පුස්තකවලින් ඉතිරිව ඇත්තේ පොත් හතරක් පමණි.
අද පවා ඉතිරිව ඇති දුර්ලභ පුස්තක කීපයද කියවීම පහසු දෙයක් නොවේ. වතිකානුව අත්පත් කරගත් පුස්තක කියවීම සඳහා සාමාන්‍ය ජනතාවට ඉඩක් නැත. ඉතා විශේෂ ස්ථානයක් වූ ඇමරිකාවේ නිව් යෝක් නගරයේ ඇති “ෆ්‍රික්” නම් පුස්තකාලය ඊට නිදසුනකි.
ඊට ප්‍රවේශය ලබා ගැනීමට අපහසුම පුස්තකාලවලින් එකක් වන්නේ ෆ්‍රික් පුසතකාලය වන අතර, ඊට ඇතුල් වී පොත් කියවීම සඳහා සුදුසුකම් ලබා ගැනීමට පුද්ගලික සම්මුඛ සාකච්ඡාවක්, පර්යේෂණ කරන දේ පිළිබඳ ඉතා නිශ්චිත තොරතුරු සහ එතනින් එහාට ඒ විස්තර වලින් කරන දේ කීවොත් පමණක් නම්, ඊට ඉඩ ලැබේ. කාර්ය මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින්ට පවා පුස්තකාලයේ සියලුම ගබඩාවලට ප්‍රවේශ විය නොහැක
මෙය තරමක් ඈත අතීතයයි. දැන් අපි ලංකාවට හැරෙමු. වසර දශක කීපයකට පෙර අතීතය කෙනෙක්ට මතක නම්, “ඉතිහාසය” යයි විෂයයක් පාසැල් වල උගන්වන ලදහ. අද එය නැත. ඉතිහාසයෙන් වැඩක් නැත යයි කෙනෙක් සිතන්නේ නම් එය දැවැන්ත මුලාවකි. වැඩක් නැත්තේ අතීත කාමයේ ජීවත් වීමය. එහෙත් එදා රටේ තිබුණු ස්වයංපෝෂිත භාවය සහ ඒ සරු බව ලබා ගත් ආකාරය, රට ආක්‍රමණය කරන්න පැමිණියවුන් එළවා දැමීම වැනි කරුණු ගැන දැන ගැනීම ඉතා වැදගත් වේ.
අද ඔබ පාසැල් දරුවකුගෙන් ඉතිහාසයේ සාමාන්‍ය කරුණු ඇසුවහොත් ඔබට මොනවා නම් අසන්නට ලැබේවිද ?
Leave a Reply