ලෝකයේ වේගවත්ම දුම්රීන් සහ ඉන් අපට ගතහැකි පාඩම්

            1802 දී බ්‍රිතාන්‍යයේදී ජේම්ස් වොට් විසින් වාෂ්ප දුම්රිය ප්‍රායෝගිකව භාවිතා කල හැකි බව පෙන්වූයේය. 

මේ එන්ජිම ධාවනයට යොදාගත් දින සිටම දුම්රිය යන්න සමාජීය බලවේගයක් විය. කාර්මික විප්ලවයේ උච්චතම අවස්ථාව වන විට දුම්රිය සේවය භාවිතයට ගැනීම, එම විප්ලවයේ පෙර ගමන වේගවත් කිරීමට විශේෂ හේතුවක් විය. දුම්රියෙන් භාණ්ඩ හා මිනිසුන් ප්‍රවාහනයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අසමසම වාසියක් ලැබුණි. වැඩි කල් නොගොස් එය ලොව පුරා ව්‍යාප්ත විය.

විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත වල ඇති සම්පත් ක්‍රමානුකූලව බ්‍රිතාන්‍යයේ වාසියට නැව්ගත කිරීමට ඔවුන් ඒ ඒ රටවල දුම්රිය සේවයන් බිහි කලහ. සත්‍ය වශයෙන්ම ඒ ඒ රටවල් වලටද ඉන් මහත් සේ ප්‍රයෝජන ලැබුණි. නමුත් බ්‍රිතාන්‍ය ආධිපත්‍යය ඔවුන්ගේ යටත් විජිත වලින් ඉවත් වීමෙන් පසු තත්වය වෙනස් විය. එනම් දුරදර්ශී නායකයන් නොමැති වූ ඒ රටවල් වල කෙමෙන් එම දුම්රිය සේවය පිරිහුණා යයි කීම අසත්‍යයක් නොවේ. අවාසනාවට ලංකාවද ඉන් එකක් විය.

මේ ගැන කියන්න බොහෝ හේතු ඇතත්, එකම එක හේතුවක් පමණක් දැක්වුවහොත්, “රත්නපුරයට තිබුණු දුම්රිය මාර්ගය” නවත්වා දැමීම ගත හැක. එය වැදගත් වන්නේ එම ධාවන මාර්ගය භාවිතා කරන විශාල සෙනඟ ප්‍රමාණයයි. මේ අතර අනෙක් රටවල් ඒ ඒ දුම්රිය මාර්ග වල දිග වැඩි කලාක් පමණක් නොව, ඒ දුම්රිය වඩාත් වැඩි වේග වලින් ධාවනය කිරීම ආරම්භ කළහ.

උදාහරණ සේ, මොරොක්කෝව සහ ඉන්දියාව ගත හැක. ප්‍රංශ ජාතිකයන් සහ බ්‍රිතාන්‍යයන් එම රටවල් වල ආරම්භ කල දුම්රිය සේවය ඔවුන් ඉතා ඉහළ තත්වයකට ගෙන ගියෝය. 

රටක වර්ධනය හා වාණිජ කටයුතු පහසු කිරීම සඳහා සෙසු ජාතීන් තමන්ගේම දුම්රිය මාර්ග ජාලයක් තැනීමට උත්සුක වූහ. එය එක්තරා තරඟයක් විය. 1964 දී ජපානයේ, “ටෙකයිඩෝ ෂින්කාන්සන්” නොහොත් “බුලට් දුම්රිය” පැයට සැතපුම් 124 (පැයට කිලෝමීටර 200) ට වඩා වැඩි වේගයක් ලබා ගත් පළමු අධිවේගී දුම්රිය පද්ධතියයි. අනෙක් රටවල් සහ දුම්රිය සංසන්දනය කිරීමෙන් ඒ ඒ රටවල් වල සංවර්ධනය පිළිබඳවද අදහසක් ගත හැකිය. 

ලෝකයේ වේගවත්ම දුම්රිය ඇත්තේ කාටද ?

ජපානය අධිවේගී දුම්රිය විප්ලවය ආරම්භ කළ අතර, ඔවුන් තවමත් මුල් ස්ථානයේ සිටී. වේගවත්ම, නිතිපතා ධාවනය වන බුලට් දුම්රිය (N 700 – A ෂින්කාන්සන්) මගින් පැයට සැතපුම් 186  (කි. මී .300) ක වේගයක් ලබා ගනී. ජපානයේ, “චුම්භක පාවීම සංකල්පය” භාවිතා කරන දුම්රිය පැයට සැතපුම් 374 ක් හෙවත් පැයට කිලෝමීටර 602 ක වේගයක් ලබා ගනී. එය ලොව වේගවත්ම දුම්රිය වේ. එනම් “චුම්භක පාවීම”  [Magnetic lavitation] අනුව ක්‍රියාත්මක වන දුම්රීන් සම්ප්‍රදානුකූල දුම්රිය වේගයන් බිඳ දමමින් සිටී.
ඉතා සරළව කිවහොත්, චුම්භක දෙකක එකම වර්ගයේ ධ්‍රැව විකර්ෂණය කෙරේ. මේකියන ආකාරයේ දුම්රියේ රෝද සහ පීලි එකිනෙකට නොගෑවී ඇත්තේ ඒ ක්‍රමයෙනි. ලොව වේගවත්ම දුම්රිය දෙක වන්නේ ජපානයේ සහ චීනයේ ඇති මේ ආකාරයේ දුම්රිය [මැග්ලෙව්] වර්ගය වේ. චුම්භක කට්ටල දෙකක් දෙපස භාවිතා කරමින් දුම්රිය ඝර්‍ෂණය අවමව ඉදිරියට යාම වේගවත් කරයි.

මේ අතර චීනයේ වේගවත්ම දුම්රිය ජපානයේ දුම්රියට වඩා වේගවත්ව ධාවනය සඳහා උපරිම උත්සාහක් දරයි. 2021 ජූලි මාසයේදී චීනයේ එළිදැක්වූ දුම්රිය පැයට සැතපුම් 373 ක් හෝ පැයට කිලෝමීටර 600 ක වේගයක් ලබා ගත්තේය. එය ජපන් දුම්රියට වඩා වේගය අඩු වන්නේ පැයට සැතප්ම 1 කින් පමණි. 

චීනය, ලෝකයේ දිගම අධිවේගී දුම්රිය ජාලය දැනටමත් තනා ඇත. මෙසේ යටිතල පහසුකම් සඳහා විශාල වශයෙන් දුම්රිය සඳහා ආයෝඡනය කරන චීනයෙන්, ජපානයට දැඩි තරඟයකට මුහුණ පෑමට සිදුව තිබේ. චීනයේ මේ වන විටත් මැග්ලෙව් දුම්රිය ක්‍රියාත්මක වේ. එය ෂැංහයි නගරයේ මැග්ලෙව් දුම්රිය මධ්‍යස්ථානය ජාත්‍යන්තර ගුවන් තොටුපල සමඟ සම්බන්ධ කරයි.

ඇත්තෙන්ම චීනයේ ලොව වේගවත්ම දුම්රිය අටෙන් අඩක් ඇත. ජපානය සහ දකුණු කොරියාව ඇතුළුව ආසියාවේ අධිවේගී දුම්රිය ජාල සහ වාර්තාගත වේගයන්ගෙන් වැඩි ප්‍රමාණයක් හිමි කර ගනී.  වේගයෙන්ම යන දුම්රිය ගත් විට ඒ සියල්ල මැග්ලෙව් දුම්රීන් නොවේ. උදාහරණයක් සේ ප්‍රංශයේ TGV POS දුම්රිය සහ ඉතාලියේ Frecciarossa 1000 දුම්රිය පිළිවෙලින් 357 mph (575 km/h) සහ 245 mph (394 km/h) වේගයක් ලබා ගනී.

කෙසේ වුවද භෞතික විද්‍යාවේ පරාමිතික අනුව තීරණය කරන සීමා ඇත. එසේ හෙයින් පීලි වලින් ඝර්ෂණයක් නැති වුවද, වාතයෙන් ඇතිවන ඝර්ෂණය වැළැක්විය නොහැක. එනිසා එය අවම කිරීමට දුම්රියේ මුහුණතේ ස්වභාවයද වෙනස් කෙරේ. මේ එක පින්තුරයක ඒ දුම්රිය එන්ජිමක මුහුණත ඇත. තවත් විශේෂ දෙයක් වන්නේ එම දුම්රිය ගමන් කරන දුම්රිය ස්ථාන වල පදික වේදිකාව වැටකින් ආවරණය කර තිබීමය.

මෙයට හේතුව වන්නේ නොනවත්වා යන දුම්රියක් මගින් ඇති කෙරෙන දැවැන්ත වායු ප්‍රවාහය නිසා, එම දුම්රිය ස්ථානයේ සිටින මගීන්ට හානි වීම වැළැක්වීමට වේ.  මේ දුම්රියක වේගය සහ භාරය නිසා ඇතිවන ගම්‍යතාවය කොතරම්ද යත්, එය නවත්වන විට සිදුවන ශක්ති පරිණාමනය නැවත ග්‍රිඩ් එකට ලබා දෙමින් [Regenerative breaking] ඒ නගරයේ ප්‍රාදේශීය කුඩා දුම්රීන් දුවවීමට අවශ්‍ය බලය ඉන් ලබා ගනී.  

බොහෝ අය “දුම්රිය” යන්නේ තේරුම ගැන එකවරම සිතන්නේ නැත. “දුම් ඇති කරන රිය” යන්න එහි තේරුමයි. නමුත් මේ කියන සීඝ්‍රගාමී දුම්රීන් එකක්වත් එසේ දුම් ඇති කරන්නේ නැත. විශේෂ උදාහරණයක් සේ ගතහොත්, නෙදර්ලන්තයේ දුම්රිය දුවවන්නේ, සුළං මෝල් වලින් ලැබෙන පුනර්ජනන බලයෙනි.  එහි කිසිම අවස්තාවක දුම් ඇති කරන ෆොසිල ඉන්ධන භාවිතා නොකෙරේ. 

දුම්රියක් වැනි බොහෝ දෙනා ගෙනයන වාහනයක විශාල වේගයක් ලබා ගන්නා තරමට, ඒ රටේ එම දුම්රිය මාර්ගයේ ගමන් කරන දුම්රීන් වල සිටින ජනතාවගේ ශ්‍රමය වැඩි වැඩියෙන් රටට ලැබෙන බව පසුගාමී රටවල් වල සිටින බොහෝ දේශපාලනඥයන් සහ ඉහළ නිළධාරීන් පවා දන්නේ නැත. උදාහරණයක් සේ දහසක් ජනතාව ගමන් කරන දුම්රියක් එක විනාඩියකින් ඉක්මන් වුනොත්, එය විනාඩි දාහක ශ්‍රමය ඉතිරි වීමකි.

එක්තරා දුම්රියක් එවැනි ගමන් දහයක් දිනකට යන්නේද, වසරේ දින 250ක් එසේ ධාවනය වන්නේද නම්, එවිට රටකට ඉතිරි වන ශ්‍රම දායකත්වය වන්නේ = 1000 X 10 X 250 =  වසරකට විනාඩි 250, 0000 = වසර 4 ක් සහ දශම 7 කි…. !!  රටේම ඇති දුම්රීන් ගත් විට මේ ශ්‍රම දායකත්වයේ ඉතිරිය බොහෝ විශාල වේ.

දියුණු රටවල් තම තමන්ගේ ජනතාවගේ ශ්‍රම දායකත්වය ගණන් ගන්නේ මෙලෙසිනි. මෙවැනි සරළ යතාර්ථයන් නොදැන රජයයන් කිරීමේ විපාක හෙවත්, රටේ පිරිහීම ගැන අපි අද අත්දැකීමෙන්ම දැක විඳින්නෙමු. 


https://www.facebook.com/lalith.karunaratna/posts/10161029330731729?notif_id=1634177133061497&notif_t=feedback_reaction_generic&ref=notif

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: