තත්කාලය – 3 

තත්කාලය ගැන පුද්ගලික යමක් කියන්න කැමැත්තෙමි. මේවා ජීවිතයේ කරන කියා සෑම දෙයකටම ගාවා ගැනීම එතරම් හොඳ දෙයක් නොවේ. වෙන විදියකින් කිවහොත් එහි වහලෙක් වීම නම් හොඳ නැත. එනම් ඔබ කිසියම් කාර්යයක් කරන විට එහි සාර්ථක අසාර්ථක බව මින් පෙනෙන හෙයිණි. එසේත් නැතිනම් එසේ පෙනෙනවා යයි කෙනෙක්ට සිතෙන හෙයිණි. එය මහත් මානසික වධයක් වෙන්නට පුළුවන.


අවශ්‍යම වැදගත්ම වන හේතුවකට පමණක් තත්කාලය බැලීම මැනවි යන්න මගේ නම් අදහස වේ.


අපි තවත් උදාහරණයක් ගනිමු. එය රැකියාවක් සඳහා කෙනෙක් විදේශයකට යන ගමනක් ගැන විය.


මෙහිදී සැළකිය යුතු කරුණක් නම්, ඒ ක්‍රමයේ, ඒ ගැටළුව අසන අවස්ථාවේ පායා එන ලග්නය හෝ නවාංශය නොගන්නා බවය. එය එසේ වුනා නම් එන්නේ වෘශ්චික ලග්නය සහ මකර නවාංශය වේ. ඇදුරා එය ගත්තේ නැත.   අංකය අනුව, “සිංහ රාශියේ”, “සිංහ නවාංශය” පායමින් තිබිණ. [Fig – 1] බලන්න.  ඉදිරිපත් කල අංකය 50 විය. [108 සහ 1 අතර සංඛ්‍යාවක්, 9 න් බෙදන්න. මෙහි ඇත්තේ 50 වේ. 9න් බෙදූ විට 5 ක් සහ ඉතිරිය නැවත 5ක් පැමිණේ. එවිට සිංහ ලග්නයේ, සිංහ නවාංශය පැමිණේ.  

$ – වර්ගෝත්තම කේන්ද්‍රයක් නිසාත්, ලග්නාධිපති සහ නවාංශධිපති දෙදෙනාම එකම ග්‍රහයෙක් වන රවි වී, 5 වැන්න එනම් ත්‍රිකෝණ ස්ථානයක සිටී. එසේ හෙයින් මේ ගමන අනිවාර්යයෙන්ම වන දෙයකි. සාර්ථකද වේ.
$ – 2 සහ 11 අධිපති වන බුද ලග්නාධිපති සමඟ ත්‍රිකෝණාස්ථානයක සිටීම ධනය ලැබීමක් පෙන්වයි.
$ – තවද, සිංහය ලග්න සහ නවාංශ දෙකෙන්ම උද්දීපනය වී ඇති නිසා රැකියාවක් යන්න හෝඩුවාව වේ.
$ – චන්ද්‍රයා ජල රාශියක සිටීම මෙන්ම 8 වැන්නේ සිටීම ජලයෙන් එතෙර වීමක් මෙන්ම උපන් ස්ථානයෙන් ඉවත් වීමක් පෙන්වයි.   


අපි තවත් උදාහරණයක් ගනිමු. මෙය නම් මා විසින් එකල උත්සාහ කල දෙයකි. ඥාතියෙක් ගේ අසනීපයක් ගැන තවත් කෙනෙක් මගෙන් අසන ලදී. [ප්‍රශ්ණය ඇසු වෙලාව 1994 මාර්තු 18 දින උදේ, 10: 30, ස්ථානය :- ඩුබායි]  මුලින් ඒ සඳහා හේතුව මට කීවේ නැත.  දන්නා තත්කාල නීති භාවිතා කර එය විශ්ලේෂණය සඳහා උත්සාහ කලෙමි.  ඉහත 108 සංඛ්‍යා නීතිය යටතේ ගන්නා ලද ලග්නය කටක සහ නවාංශය කටකය විය. [Fig – 2] බලන්න.  

  

$ – කටක ලග්නය නිසා “ධාතු” සහ මීන නවාංශ නිසා “ජීවයක්” පෙන්වයි.
$ – මීන නවාංශධිපතියා ලග්නයේ 4 වැන්න වන තුලාව සතුරු රාශියක්ව පීඩා වේ. 
$ – මීන අධිපතියා වන ගුරු ගෙන් ලග්නයේ 6 සහ 9 පෙන්වයි.
$ – ගුරු කටකයේ ධනු අධිපතීත්වයට මුල් තැනක් දුන්නේ මූල ත්‍රිකෝණ බව හෙයිණි. එනම් මෙහි රෝගයක් ගැන කියැවේ. එතනින් එහාට මට කියන්නට හැකියාවක් හෝ දැනුමක් නොතිබිණි.


හිතවතෙක් නිසා මෙන්ම මේවා මුදලට නොකරන හෙයින්ද, සිද්ධිය කුමක්දැයි ඇසුවෙමි. ඥාතියෙක්ට දරුණු ගණයේ පිළිකාවක් වැළඳ තිබිණ. පසු කලෙක එම ඥාතියා ඉන් මිය ගියේය.


මේ සඳහා තත්කාලය මෙන්ම සම්ප්‍රදායික ජ්‍යෝතිෂ කරුණු ගලපන්නට උත්සාහ කලෙමි.  තවද “තත්කාලය – 2”, ලිපියේ අවසාන කොටසේ රෝග ගැන කියන සටහනෙන් මෙම උදාහරණය සඳහා හෝඩුවාවක් ගත හැකිද බලමු.


එනම්, 

1- වෛද්‍යවරයා., 4 – ඖශධය, 7. රෝගියා, 10. රෝගියා ද වේ.


$ – 1 සුභ වූ විට වෛද්‍යවරයා යහපත් වේ.
$ – 4 සුභ වූ විට ඖශධය ගුණ දේ.
$ – 7 සුභ වූ විට රෝගය තදබල නැත.
$ – 10 සුභ වූ විට රෝගියා, රෝගයට අනුකූලව සුවය ලබයි.
$ – 10 අශුභ වූ විට රෝගියාගේ වරදින් රෝගය පවතී.


1 හෙවත් වෛද්‍යවරයාගේ ඇති වරදක් තිබුනේ නැත. 


4 සුභ අශුභ ගුණ දෙකම ඇත. එනම් 4 වැන්නේ සෞම්‍ය ග්‍රහයෙක් වන ගුරුගේ වක්‍රය සුභ නැත.  නමුත් ගුරු සහ 9 සිටින සිකුරු සමඟ පරිවර්ථන යෝගයක් දේ. එනම් ඒ අවස්ථාව නිසා සුභ වේ. 4 න් ඖශධ පෙන්වයි. මේ පුද්ගලයාට ඉතා හොඳ පවුල් පසුබිමක් තිබී නිසා ඉහළ වෛද්‍ය සත්කාර ලැබිණි.


7 සුභ නැත. රෝගියාට අසාධ්‍ය වේ. එනම් කටක ලග්නයට ශනි අධික පාපියෙකි. ශනි පාපී වී 8 වැන්නේ සිටී. ශනි ඇත්තේ රාහු ගේ නැකතක් වන “සා” නැකතේ වේ. රෝගය පෙන්වන 7 අධිපති සිටින ඒ “සා” නකතේම කුජ සිටී. කුජ ඇත්තේ ශනි ගේ ආධිපත්‍යය යටතේ වේ. කුජ ගෙන් ලේ සහ ශල්‍ය කර්ම පෙන්වයි. බුදට එහි එතරම් බලයක් නැත. ශනි ගෝචරයෙන් නීච වන විට මෙන් වූ අවස්ථාවක් ඉතා අපල ගෙන දේ. 


10  සුභ නැත. රෝගය ඉන් පෙන්වයි. 8 අධිපතියා වන ශනි ගේ, 10 ට ඇති දෘෂ්ටිය, 4 සිටින ගුරු ගේ 10 ට ඇති දෘෂ්ටියට වඩා බලවත් වේ.  එහෙත් මේ තත්වය ගෝචර ග්‍රහ ගමන අනුව දෝලනය වේ. එසේ හෙයින් රෝගයෙන් සුවය නොලබයි. 


තවද ලග්නයට පාපීව සිටි 7 අධිපති ශනි 8 වැන්නේ සිටීම අශුභ දෙයකි.  එම ශනි එකම නැකතේ ඇත්තේ 22 වන දෙර්කානාධිපතියා වන කුජ සමඟිනි. 


මෙය අපි සාම්ප්‍රදානුකූල දශා ආශ්‍රිත ක්‍රමයට නිරීක්‍ෂණය කළහොත්, ශනි මේශයේ පාපී ව නීචව යන ගෝචර ගමනේදී ජන්මියා මිය ගියේය. ඉහත 10 න් පෙන්වන රෝගය යන්න ඒ කාලයේ උත්සන්න විය. ගුරුට ඔහුව බේරා ගැනීමේ හැකියාව අවම විය. 


තවත් තත්කාල සංකල්ප කිහිපයක් මෙසේ වේ.

$ – ලග්නයේ , නවාංශයේ ස්වරූපය ප්‍රශ්ණය වේ.
$ – නවාංශය මනුෂ්‍ය රාශියක් නම් මනුෂ්‍යයෙක් ගැන අසයි.
$ – 8 අධිපති නවාංශයේ 1 ට ගියවිට නොදන්නා දෙයක් ගැන අසයි.
$ – රාශියේ හැඩය වස්තුවේ හැඩය වේ.
$ – රවිගෙන් මාස, ගුරු, රාහු ශනි ගෙන් වර්ෂ, සිකුරුගෙන් පක්ෂ හෙවත් සති දෙකේ කාලය, බුද ගෙන් සති සහ චන්ද්‍රයා ගෙන් දින පෙන්වයි.
$ – ලග්නාධිපතියා 8 සිටින විට සියල්ල නිෂ්ඵල වේ    

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: