බැටරි හුවමාරු කරන විදුළි වාහන

විදුළි වාහනයක් සඳහා ඇති විශාලතම ගැටලුව වන්නේ, පෙට්‍රල් හෝ ඩීසල් වාහනයක් මෙන් එකවර ඉන්ධන හෙවත් විදුළි ශක්තිය බැටරි වලට පුරවා ගත හැකි නොවීමය. ටෙස්ලා, වොක්ස්වැගන් වැනි නිෂ්පාදකයන් නම්, වේගවත් ආරෝපණ ජාල ඇති කර තිබේ. එහෙත් ආර්ථික හේතු නිසා ඒ ආකාරයේ ජාලයක් සෑම රටකටම අනුගත කරගැනීම වර්තමානයේ එතරම්ම පහසු නැත.

පෙනුමට බොහෝ සරළ විසඳුමක් වන්නේ, බැටරිය විසර්ජනය වූ විට එය පහසුවෙන් ඉවත් කර ආරෝපණය කල බැටරියක් වාහනයට සම්බන්ද කිරීමය. එය මෝටර් රථ වලට නම් ප්‍රයෝගික නැත. මක්නිසාදයත්, විශේෂයෙන්ම බැටරිය විශාල සහ බර වැඩි හෙයින් එය ගලවා ඉක්මනින් නැවත සවි කිරීම ප්‍රායෝගික නැති හෙයිණි.

නමුත් සාපේක්‍ෂව ඉතා කුඩා බැටරියක් අවශ්‍ය ස්කූටියක්, ස්කූටරයක් හෝ විදුළි බයිසිකලයකට එය කිරීමේ අපහසුවක් නැත. එය බයිසිකලයකට තෙල් පුරවනවාට වඩා ඉක්මනින් කල හැක. මේවා ගැන කලක් තිස්සේ පරීක්‍ෂණ කල තායිවාන් ආයතනයක් වන, “ගොගොරෝ” ආයතනය, ඒ බැටරි හුවමාරු කල හැකි ආකාරයේ කුඩා විදුළි වාහන වලට ඔවුන්ගේ සේවය සපයයි. ඔවුන් මේ තාක්ෂයෙන් පුරෝගාමීන් වෙති. මේ වන විට බැටරි පැක්ස් 800,000 ඔවුන් මහා මාර්ගයේ ක්‍රියාත්මක කරති… !…!!

ඉන්දියාව සහ චීනය ඔවුන්ගේ ප්‍රධාන සහ දැවැන්ත වෙළඳ පොළ වේ.

රටේ ඇති අක්‍රමවත් ප්‍රවාහන නීති රෙගුලාසි සමඟ නොගොස්, ඒ ගැන කියවා කාලය නාස්ති නොකර, පෙනෙන ආකාරයට මේ ආයතනයට හේත්තු වී, කුඩා විදුළි වාහන රටට අනුගත කර ගැනීම වාසි යයි සිතේ. කාලය එවිට ඉතුරු වනු ඇත. තවද ලෝකය යන අතට අපටද ඉක්මනින් ගමන් කරන්නට ඉන් හැකි වනු ඇත. මේ ක්‍රමය වඩාත් ප්‍රයෝජනවත් වන්නේ මෝටර් සයිකල් කරුවන්ට වේ. ජනාකීර්ණ දිනෙක පාරේ කොපමණ නම් මෝටර් සයිකල් ප්‍රමාණයක් යන්නේද කියා අප දැක ඇත්තෙමු.

ඉන්දුනීසියාවේ ආයතනයක්ද මෙම ආයතනයේ වෙළඳ කොටස් මිලදී ඇත. එනම් ඉන්දුනීසියාවද දැවැන්ත රටක් නිසා මේ බැටරි හුවමාරු ක්‍රමය එහිද ජනප්‍රිය වීම ලෝකයට එම ක්‍රමය ඉක්මනින් එන බවක් කියාපායි. ගොගොරෝ ප්‍රධානියා වන හොරේස් මහතා මෙසේ කියයි. … “…“ඩොලර් බිලියන භාගයක් පමණ මුදලක ශක්තියෙන් අපේ හවුල්කරුවන් සමඟ මෙම වෙළඳපොළ ව්‍යාප්ත වනු ඇත. අපගේ තාක්‍ෂණය හා පද්ධති අඛණ්ඩව සංවර්ධනය කරමින් අපගේ නවෝත්පාදනයන් ඊළඟ තලයට ගෙන එන්නෙමු”…

… “මෙම දශකයේ විදුලි සංචලනය ආරම්භ වෙමින් පවතින අතර දශකය අවසන් වන විට මිනිසුන් නව වාහන මිලදී ගැනීමේදී තෝරා ගන්නා ප්‍රවාහන මාධ්‍යය වනුයේ විදුලි සංචලනය බවට සැකයක් නැත” … “වසර පහකටත් අඩු කාලයකදී ගොගොරෝ සිය ප්‍රාදේශීය තායිවාන දායකත්ව පදනම සිය විදුලි ස්කූටර වලින් බැටරි හුවමාරු කර ගන්නා ග්‍රාහකයින් 400,000 කට වැඩි සංඛ්‍යාවක් දක්වා වර්ධනය කරගන ඇත”…

….“එම කාලය තුළ සමාගම සිය දේශීය වෙළඳපොලේදී පමණක් ඩොලර් බිලියනයකට වැඩි ආදායමක් උපයා ඇත”…”දැන් ගොගොරෝ සමාගම, තායිවාන වෙළඳපොල පමණක් නොව, චීන හා ඉන්දියානු වෙළඳපොල දක්වා ව්‍යාප්ත වීමත් සිදුවේ”… “වැදගත් දෙයක් වන්නේ, ගොගොරෝ ලොව විශාලතම ත්‍රීරෝද රථ වෙළඳපොලවල බැටරි හුවමාරු කිරීමේ තාක්‍ෂණය භාවිතා කිරීම සඳහා ස්ථානයක් හිමි කරගෙන තිබීමය”…

ගොගොරෝ සමාගම තායිවානයේදී තමන්ගේම ඉහළ පිළිගැනීමක් ඇති විදුලි ස්කූටර් නිපදවන අතර, සමාගමේ වර්‍ධනය සඳහා ඇති මූළිකම අවස්ථාව වන්නේ එහි බැටරි හුවමාරු ජාලයන් ව්‍යාප්ත වීමයි. ඔවුන් විශාල වාහන නිපදවන්නන් සමඟ හවුල්කාරිත්වයන් ඇතිකරගෙන තිබේ. එනම් චීනයේ හෝ ඉන්දියාවේ තනන විදුළි වාහනයක් හා ගොගොරෝ බැටරි භාවිතා කල හැක. එය ගොගොරෝ සමාගමේ ඉලක්කය වේ.

බොහෝ මහල් නිවාසවාසීන් සහ නාගරික වැසියන් මුහුණ දෙන ගැටලුව වන වාහනයේ බැටරිය ආරෝපණය කර ගැනීමේ අපහසුතාවයට මෙම බැටරි හුවමාරු ක්‍රමය හොඳ විසඳුමකි.

යමහා, හීරෝ සහ යදෙයා [Yadea] වැනි ප්‍රධාන නිෂ්පාදකයින් ගොගොරෝ සමඟ හවුල් වී ඒ බැටරි සමඟ සිය විදුළි රෝද රථ නිෂ්පාදනය කිරීමට පියවර ගත්හ. කුඩා ප්‍රමාණයෙන් සහ සාපේක්ෂව ඉහළ කාර්‍යක්‍ෂමතාවයෙන් යුත් විදුලි ස්කූටර වැනි සැහැල්ලු විදුලි වාහන ගොගොරෝගේ බැටරි සඳහා ආකර්ෂණීය ඉලක්කයන් වේ. නමුත් ගොගොරෝගේ තාක්‍ෂණයෙන් ප්‍රයෝජන ගත හැක්කේ විදුලි වාහන වලට පමණක් නොවේ. ගොගොරෝ විදුලි ස්කූටර් සමාගමක් ලෙස සිතීම සැම විටම නිවැරදි නැත.

ඔවුන් ස්කූටර නිෂ්පාදනය කරන නමුත් ගොගොරෝ සැබවින්ම බලය බෙදා හරින ලද බලශක්ති සමාගමකි. එහි බැටරි විවිධාකාර ප්‍රයෝජන සඳහා භාවිතා කළ හැකි අතර ඕනෑම ජංගම උපාංගයක් සඳහාම බලයක් ලබා දේ. විදුළිය නැති විටෙක, ප්‍රාදේශීය විදුලිබල පද්ධතියට උපස්ථ බලය සැපයීමට පවා ඒ ආරෝපිත ස්ථාන වලට හැකිය.

මෙසේ ගොගොරෝ සමාගම අන් සමාගම් සමඟ අත්වැල් බැඳ කටයුතු කිරීම සමඟින්, ඒ මාරු කළ හැකි බැටරි ක්‍රමය සාර්ථක කර ගනිමින් සිටී.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: