අමාත්‍ය කාරකයා ගෙන් කිවහැකි මාරක සහ රැකියා උසස් වීම්

     


රාශි අග්‍රයේ සිටින ග්‍රහයා ගේ බලය කෙසේ අඩු වන්නේද යයි කෙනෙක් පිටුවේ අසා තිබිණි. මෙවැනි ගැටළු වලට ඇති හොඳම පිළිතුර වන්නේ ප්‍රායෝගික සේ කේන්ද්‍රයක් විශ්ලේෂණය කිරීමය.


මෙහි කේන්ද්‍ර දෙකක විශ්ලේෂණයක් ඇත. ඒ කේන්ද්‍ර දෙකේ හිමිකරුවන් ගේ දෛවයන් සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයන් වූයේය. කෙනෙක් ජ්‍යෙෂ්ට විනිශ්චයකාරයෙක් වී එයින් ඉවත්ව ඊටත් වඩා ඉහල ධුරයක් බලාපොරොත්තුවෙන් සිටියද, එය කඩ වූ කෙනෙක් විය. අනෙක් පුද්ගලයා ඉක්මනින් විශ්‍රාම යන්නට සිතා ගෙන සිටියදී, හදිසියේ කඩා වැටුණු වාසනාවකින් දියුණුවේ ඉහල තත්වයකට ගිය කෙනෙක් විය.


ජ්‍යෝතිෂයට ඉමහත් සේවයක් කල කේ. එන් රාඕ මහතා විසින් කරන ලද විශ්ලේෂණ දෙකකින් ගන්නා ලද තොරතුරු පහත ඇත. 


පළවන කේන්ද්‍රය:-


Lagna 27001′,  Mars AmK 28036′ ,  Venus GK 12052’’, Sun AK 28043’ , Mercury 23041′,  Saturn (R) 12054’’

Moon 2049′ , Jupiter 17059′,  Rahu 4004’’



කේතු සහ සූර්යයා කේන්ද්‍රස්ථානයේ සිටී. කුජ අටවැන්නේ AmK වේ. ඔහු ඉන්දියානු අධිකරණ වෘත්තියේ ඉතා ඉහළට නැගි විනිසුරෙක් විය.රවි දිග බල වී ආත්මකාරක විය.  අඟහරුගේ විම්ශෝත්තාරි දශාවේදී මහාධිකරණයට උසස් කරන ලද අතර එය අමාත්‍යකාරක ගේ Amk ගේ ශක්තිය විදහා පෑම වේ.  සැඟවුණු වාසනාවක් ලැබිණි. 



නමුත් 1977 දී ඉන්දිරා ගාන්ධි පරාජය වී ජනතා රජය බලයට පත් වීමෙන් පසු ඔහු තමාගේම කැමැත්තෙන් ඉල්ලා අස්විය. එය කලේ ගාන්ධි මැතිණියට සහාය දීම ලෙසය. ගාන්ධි මහත්මිය නැවත බලයට පත් වන විට, ඔහුගේ රාහු දශාව ආරම්භ වී තිබිණ. එම වසර පුරාම කොන්ග්‍රස් පක්ෂයේ විරෝධී බවේ පීඩා වලින් පීඩා විඳීමෙන් පසු, ඔහු බලාපොරොත්තු වූයේ ගාන්ධි මහත්මිය විසින් රජය යටතේ උසස් අධිකරණ තනතුරකට පත් කරනු ඇතැයි කියාය.


නමුත් ජ්‍යොතීර්වේදී රාඕ මහතා ඔහුට කීවේ, එය ඔහුට නොලැබෙන බවත් ඔහුගේ අතීත මිතුරන් විසින් සිදු කරන පාවා දීම් වලට මානසිකව සූදානම් විය යුතු බවත් ය. ඒ අතරතුර ඔහුගේ සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන ලෙසටද අවවාද ලැබිණි. ඔහුට සුදුසු අධිකරණ තනතුර නොලැබීම නිසා ඇති වූ කම්පාව කෙතරම් ද යත්, 1984 සැප්තැම්බර් මාසයේදී රාහු-ශනි කාලයේදී , ජෛමිනී චර රාශි කන්‍යා දශාව ආරම්භ වූ විටදී සංචාරයක යෙදී සිටි අතරතුර හෘදයාබාධයකින් මිය ගියේය.


අමාත්‍යකාරක කුජ ග්‍රහයාට මේ කාලයේ බලය අඩු වූ අතර, අසනීප වීම නිසා ජීවිත හානියද සිදු විය.

1. මෙතැනදී අමාත්‍යකාරක අඟහරු ග්‍රහයාව සූර්යයා විසින් යහපත්ව දකී. [සූර්යයා චර රාශියක් වන කටකයේ සිටී. අඟහරු සිටින්නේ සූර්යයාට පෙනෙන තිර රාශියක වේ.]

2. අඟහරු ග්‍රහයාව කේතු විසින්ද දකී. [කේතු සිටින්නේද චර රාශියක වේ. කේතු අඟහරු දකී.] මෙය අශුභ දෘෂ්ටියකි.

3. ඔහු මිය යන විට “කන්‍යා රාශි චර මහ දශාව” පැවතිනි. කන්‍යා වේ සිකුරු නීච වී සිටියය. එවිට දශාවේ මාරාන්තික බවක් ඇත. මිය යන කාලය තවත් සියුම් ව බැලූ විට එය “තුලා රාශි චර උප දශාව” විය. තුලාවට අධිපති සිකුරු නීච වුනා පමණක් නොව GK හෙවත් ඝටී කාරකයාද විය.

3. කන්‍යාව ලග්නයේ සිට දොළොස්වැන්න වන අතර ඝටීකාරක හෙවත් ඥාතිකාරක සිකුරු ග්‍රහයා GK සිටී. 12 න් පෙන්වන්නේ රහස් සතුරන් වේ. තවද ඝටී කාරකයන්ගෙන්ද සතුරන් පෙන්වයි. 

 


ඔවුන්ගේ කුමන්ත්‍රණ ඔහුට විශාල පීඩාවක් ඇති කළේය. ඔහුගේ ඉරණම වූයේ හෘදාබාධයකින් මිය යෑමය.


පසු සටහන :- කුජ ග්‍රහයා වෘෂභයේ රාශි අන්තයක සිටීම නිසා “බාල” අවස්ථාව ඇතිවීම නිසා අමාත්‍යකාරකයාගේ බලය පිරිහේ යයි කෙනෙක් සිතන්නට පුළුවන. එය එසේ නොවුනේ, කුජ සිටින්නේ ඔහුගේම මුවසිරස නැකතේ වීමය. නැවතත් මෙයින් පෙනෙන්නේ තම නැකතේ සිටින ග්‍රහයා බලවත් බවය. රාශි අග්‍රයේ දුබලතාවය ඉන් නැතිවන බවය.   


දෙවන කේන්ද්‍රය:-

Lagna 8°01′ Mars 28°09′,  Venus 7°18′, Sun 19°22′ Mercury 7°41′ Saturn 5°34′, Moon 27°04′ Jupiter 28°24′ Rahu 8°10′

ජන්ම කේන්දරයේ AmK ලග්නයෙන් අටවැන්නේ ද AK ලග්නයේ සිට දොළොස්වැන්නේ ද ඉතා නරක ලෙස ස්ථාන ගත වී ඇත.


රාඕ මහතා මෙසේ කියයි.

… “ ඔහු කිසි දිනෙක ලබා ගැනීමට සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවූ දේ ලබා දීමට නොහැකි රාජයෝගය මෙහි ඇත. එහෙත් ඒ හා සම්බන්ධ වන්නේ AK, PK සහ DK පමණි. මුලින් විශ්‍රාම ගැනීම සඳහා ඔහු ජ්‍යෝතිෂ උපදෙස් ඉල්ලා සිටියේය. ඔහුගේ වෘත්තීය ජීවිතයේ මෙතෙක් සිදු වූ හොඳම දේ තවමත් සිදු වී නැති හෙයින්, තව කුඩා කලක් බලා සිටින ලෙස මම ඔහුට අවවාද කළෙමි” …


දැන් නවාංශය බලන්න.

දාරකාරකයා හැර අනෙකුත් සියලුම කාරක ග්‍රහයෝ රාජයෝග රාශියක් සාදයි. ඊළඟට සඳු සහ සිකුරු සංයෝගය වේ. මෙන්න මේ සංයෝගය, ජෛමිණී ජ්‍යෝතිෂයේ විශේෂ සංයෝගයකි. හොඳම යෝගය වන්නේ, ජෛමිණී ජ්‍යෝතිෂයේ දුර්ලභ රාජයෝගයක් වන “සෙනසුරු හැර සෙසු සියලු ග්‍රහලෝක චන්ද්‍රයා දෙස දෘෂ්ටි හෙලීම” වේ.


ඔහු විශ්‍රාම ගැනීමේ අදහස ගැන සිතමින් සිටියදී හදිසියේම ඉන්දියානු රජයේ සෘජු බදු මණ්ඩලයේ [Chairman of the Board of Direct Taxes, Government of India]  සභාපති බවට පත් කරන ලදී.



දෙදෙනෙක්ගේ දෛවය එසේ වෙනස් විය. 

පසු සටහන :- රාඕ මහතා රාහු ග්‍රහයාට කාරක ස්ථාන දෙන්නේ නැති බව කරුණාවෙන් සලකන්න. තවද ඔහු නවාංශ කේන්ද්‍රයේද  ජෛමිණී දෘෂ්ටින් සාධාරණ යයි සළකන බවක් පෙනී යයි.


වැඩි විස්තර

https://www.facebook.com/groups/nationalastrologers/permalink/902693707272619/?comment_id=902697140605609&notif_id=1631597717785720&notif_t=group_comment&ref=notif

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: