එලිසබෙත් රැජින

                                                                          එළිසබෙත් රැජින



කලකට පෙර බකිංහැම් මාලිගයට හොරෙක් ඇතුල් වූ බව ආරංචි විය. හොරා දෙස එලිසබෙත් රැජින අනුකම්පාවෙන් බලාසිටි බව පසු කලෙක හොරාම කීවේය. ඔහු තව දුරටත් මෙසේ කීවේය. …”ඒ මාලිගාව ඇතුලේ තිබුණු විල්ලුද පාවාඩ …!… “අම්මෝ,… මම ඒකෙ ඇවිදින කොට දැනුණු සනීපය… !!!



එවැනි අධි සුඛෝපභෝගී ජීවිතයක් උරුම වන්නට කොතරම් කුසලයක් එලිසබෙත් රැජිණට තිබේද ? ඒ කුසලය සහ එම බලය ඇයගේ කේන්ද්‍රයෙන් අපට පෙනෙන්නේද ?



මේශයේ රවි උච්චය. කටකයේ සඳු ස්වක්ෂේත්‍ර වේ. මකරයේ කුජ උච්ච වේ. එනිසාම ගුරු නීච භංග වී ඉතා බලවත් වේ. බුද ගේ නීචය, ඉහත කියන ලද ගුරුගේ බලය නිසා නැති වී යයි. මේ අතරේ අය ස්ථානය අධිපති කුජ සහ ලග්නාධිපති ශනි පරිවර්ථනය සිදුව ඇත. ඇයට ඇති ධනය ගැන ඇයවත් දන්නේ නැතුව ඇත. ලග්නයට සතුරු වන රවී , අමාත්‍ය කාරකයාට කාලීනව කරන කරදරයක් නැත්තේ, “ජෛමිණී ක්‍රමය අනුව” රාශි දෘෂ්ටියක් නැති හෙයිණි. තවත් මොනවාද ?



බ්‍රිතාන්‍ය නීතිය අනුව ඇය හමුවීමට පැමිණෙන අය තරමක් පහත් වී ඇයට ආචාර කල යුතුය.  ලෝකයේ දස දෙසින් පැමිණි රාජ්‍ය නායකයන් කී දෙනෙක් නම් ඇයට එසේ ආචාර කරන්නට ඇත්ද?


ජ්‍යෝතිෂය මුසාවක් කියන අයට, කණට දෙකක් ගසා මේ කේන්ද්‍රය පෙන්වන්න…. 🙂  



පරාශර මෙන්ම ජෛමිණී ජ්‍යෝතිෂයේ ආත්ම කාරකයාට මෙන්ම අමාත්‍ය කාරකයාටද විශේෂ බලයක් දෙන බව අප දන්නෙමු. එහෙත් ඒ කාරකයන් දෙදෙනාගෙන් වඩාත්ම වැදගත් වන්නේ අමාත්‍ය කාරකයාට බව බොහෝ උගත් ජ්‍යෝතිෂ ඇදුරන් නොකියා කියති. එය සත්‍යයක් බව පැහැදිළි කිරීමට පෙර එක කරුණක් ලියා මේ කේන්ද්‍රය සාකච්චා කරමු.



මේ කාලයේ රාහුගේ බලපෑම නිසා දෝ මට සංක්‍රමණය වන්නට වී ඇත්තේ අරාබි රටවල් කීපයක් අතර වේ. ඉතාමත් විශ්වාස දායක ක්‍රමයකින් ඒ එක අරාබි රටක නායකයෙක්ගේ උපන් වෙලාව මට ලැබිණි. ආත්ම කාරකයාගේ බලය අවම වේ. නීච බවට කිට්ටු වේ. එහෙත් “අමාත්‍ය කාරකයා” ගේ බලය අහස උසට වේ. නැවතත් මට ඒ රටවල් වලට යෑමට වෙන්නට හැකි හෙයින් නම් හෝ කේන්ද්‍රය නම් අනාවරනය කිරීමට නොහැක.



දියුණු වන අරාබි රටවල් ගත් විට මෙය ඉතාම ස්වාභාවික වේ. මක්නිසාදයත්, ඒ කායකයන් මෙන්ම ප්‍රාදේශීය නායකයන් බොහෝ දෙනෙක් ගොන්ම ගොන්, මැට්ටන් නිසාය. එහෙත් ඒ අයට අපේ උන්ට නැති විශේෂ දැනුමක් හෙවත් පාන්ඩිත්වයක් ඕනෑවටත් වඩා පිහිටා ඇත. එය නම්, තමා දන්නේ නැති බව තමා විසින්ම දැන ගැනීමය. තමා ගැන ලොකුවට කතා කිරීමක් ඔවුන්ගේ නැත. කරලා වැඩ පෙන්වීම පමණක් ඇත. අන්න ඒ නිසා ඒ නායකයන් පිළිපදින විශේෂ කරුණක් ඇත. එනම් , අපේ ගොන් බිජ්ජන් මෙන් නොව, ඔවුන් ඒ ඒ විෂයයන් සඳහා දක්ෂ විශේෂඥයන් බඳවා ගැනීමය.



දැන් ඔබට මේ කතාවේ ජ්‍යෝතිෂමය හේතුව අවබෝධ වෙනවා වෙන්නට පුළුවන. එනම් අමාත්‍ය කාරකයන්ගේ බලය වැඩි වන ආකාරයට ඔවුන් ක්‍රියා කරති.  රටට යමක් කල, තමාගේ නම අමරණීය සේ ඉතිහාසයේ සඳහන් කල බොහෝ ජන නායකයන්ගේ ආත්ම කාරකයන්ට වඩා අමාත්‍ය කාරකයන්ගේ බලය වැඩිය. මේ කතාවේ සත්‍ය-අසත්‍ය ස්වභාවය ඔබටම සොයා ගත හැක. අපි දැන් උක්ත මාතෘකාව ගැන සාකච්චා කරමු.    



ලග්නාධිපති අධිපති සෙනසුරු ග්‍රහයා දෙස බ්‍රහස්පති දෘෂ්ටි හෙළයි. ඒ සමඟ AmK වූ උච්ච අඟහරු ග්‍රහයා ලග්නයේ ඇත. එතනම කුජ නිසා ගුරුගේ නීචය භංග වී ඇත.  ඇය දැනට දශක ගණනාවක් තිස්සේ ලෝකයේ වඩාත්ම ගෞරවනීය රාජකීය චරිතය ලෙස ජීවත් වේ. 

(අ) ලග්නයේ අමාත්‍ය කාරකයා ඇත්තේ කෙසේදැයි බලන්න;

(ආ) ඔහුට ලැබෙන දෘෂ්ටි මොනවාදැයි බලන්න.
(ඇ) ඉන්පසු එය වෙනත් ග්‍රහයන් සමඟ සම්බන්ධ වන්නේ කෙසේදැයි බලන්න.


ආත්ම කාරකයා හොලවන්නට නොහැක. ඔහු රජු වේ. එහෙත් අමාත්‍ය කාරකයා සෙලවිය හැක. සමහරවිට ආත්ම කාරකයා මෙන්ම අමාත්‍ය කාරකයා දුබල වූ කෙනෙක්ට, අමාත්‍ය කාරකයා ට අදාළ පුද පූජා කිරීමේ ප්‍රයෝජනයක් තිබිය හැක. එහෙත් එය හුදෙක් පෞද්ගලික මතයක් පමණි. තර්කයට යොමු විය යුතු කරුණකි. එනම්, එවැනි අවස්ථාවක කේන්ද්‍රයේ බලය වැඩි කිරීමට පුද පූජා වලින් ප්‍රයෝජන නැති වනු ඇත.


අමාත්‍යකාරකයා පතිත චර රාශි දශාවක් පැමිණීම ඉතා කල්පනාවෙන් නිරීක්ෂණය කල යුතුය. එනම් ඒ කාලයේ අනෙක් රාශීන් ගේ දෘෂ්ටිය [ජෛමිණී ක්‍රමය අනුව] නිසා ඒ ඒ රාශි වල සිටින ග්‍රහයන් ගෙන් ලැබෙන දෘෂ්ටිය හේතුවෙන් අමාත්‍ය කාරකයා ගේ බලය වර්ධනය වීම හෝ අඩු වීම විය හැකි හෙයිණි.  ලග්නයට අශුභ ග්‍රහයෙක් හෝ ඝටී කාරකයා විසින් අමාත්‍ය කාරකයා දකී නම් එය ගැටළුවකි.  ඇත්තෙන්ම මේ කතාව, මෙම ලිපියේ ඇති වැදගත්ම චේදය බව අවධාරණය කරන්නට කැමැත්තෙමි.


චර තිර සහ උභය රාශි එකිනෙක අනෙක් රාශි දකින ආකාරය ඔබ දැන් දනී. 


සටහන 1 :- මේ කේන්ද්‍රය හිතවත් ඉන්දියානු මිතුරෙක්ගෙන් ලැබිණි. කේන්ද්‍රය ධනු බවට වාද කලෙමි. එහෙත් 1926 වැනි කාලයක දී කේන්ද්‍ර සාමාන්‍ය මෘධුකාංග වලින් ගත නොහැකි බව ඔහුගේ මතය විය. ඊට හේතු වශයෙන් ඔහු පෙන්වන්නේ මෘධුකාංග වල ගණනයන් හී ඇති දෝෂ ඉවත් කිරීමේ ක්‍රමයක් ඇති බවය. [In interpolations] එසේම මේ කේන්ද්‍රය මකර වන බවට ඉන්දියාවේ උගත් ජ්‍යෝතිෂවේදීන් අනුමාන කරති.


සටහන 2 :- ඔහුගේ අනෙක් තර්කය වූයේ එළිසබෙත් රැජිණගේ ස්වාමි පුරුෂයා ගැනය. ඔහු සෞම්‍ය මෙන්ම ජනප්‍රිය පුද්ගලයෙක් විය. හේතුව ඇයගේ කේන්ද්‍රයේ 7 වැන්නේ සඳු ගේ පිහිටීම විය. ධනු රාශිය වීම සඳහා මගේ තර්කය වූයේ ඇයගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු ඩෙන්මාර්ක – ග්‍රීක් ජාතිකයෙක් වීමය. එනම් ධනු ලග්නය වන විට රාහු 7 වැන්නේ පවතී. විජාතිකයෙක් සමඟ විවාහය සිදුවීමට ඉඩ ඇත. තීරණය ඔබේ අතේය.



ලග්නය කුමක් වුවද, එය අපගේ “අමාත්‍යකාරක මාතෘකාවට” වැඩි කරදරයක් වන්නේ නැත.   අමාත්‍ය කාරකයා ස්ථානගත වීම අනුව ඵල ලැබේ. ලග්නයේ සිට කේන්ද්‍රස්ථාන වල හෝ ත්‍රිකෝණ වල හෝ 11 වන භාවයේ තැන්පත් වුවහොත් ඒ පුද්ගලයාගේ වෘත්තීය මට්ටම සාමාන්‍යයෙන් හොඳින් ගලායන අතර, එහි මට්ටම වෙනත් සාධක මත රඳා පවතී. තවද අමාත්‍යකාරකයා සමඟ සම්බන්ධ අනෙක් ග්‍රහයන් ගැනද සැළකිය යුතුය.


ඇයගේ කේන්ද්‍රයේ ඉතා බලවත් අමාත්‍ය කාරකක් වන කුජ සිටිනවා පමණක් නොව, එනිසා ආත්ම කාරකයා වන ගුරු නීචයෙන් ඉවත් කර, අති ප්‍රබල තත්වයකට නංවන බවද පැහැදිළිය. තවද කුජ ගුරු එකම නවාංශයේ පිහිටමින් කේන්ද්‍රයට විශාල බලයක් ගෙන දෙන යෝගයක් ඇති කෙරේ.  



එහෙත් මේ කියන කුජ, මකරයේ අග්‍රයේ ඇති බව කෙනෙක් වාද කරනු ඇත. එනම් මකරය ස්ත්‍රී රාශියක් නිසා එහි අග්‍රයේ පතිත ග්‍රහයන් “බාල” අවස්ථාව නිරුපණය කරන හෙයිණි. මෙතනදී ඒ තත්වය කුජට නැති වන්නට විශේෂ හේතුවක් තිබිය යුතුය. එකක් නම් කෙලින්ම පෙනෙන ආකාරයට කුජ ගේ උච්ච වීමය. එහෙත් ඊට වඩා සියුම් අවස්ථාවක් මෙහි පවතී.



කුජ සිටින්නේ ඔහුගේම දෙනට නැකතේ වේ.  නැකතේ ඵලය වඩා උතුම් යයි කියන්නේ එහෙයිණි.  


https://www.facebook.com/groups/nationalastrologers/posts/901982174010439/?comment_id=901986270676696&notif_id=1631497755881429&notif_t=group_comment&ref=notif

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: