වැදගත් ව්‍යාපාරික පාඩමක්.

                                                  

වඳුරන් පස් දෙනෙකු සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලදී. 

කූඩුව මැද, කෙසෙල් ගෙඩි කිහිපයක් තබා ඇති ඉණිමඟකි. අත්හදා බැලීම ආරම්භ වන විට එක් වඳුරෙක් කෙසෙල් ගෙඩි දුටු අතර ඉණිමඟට නැගීමට පටන් ගත්තේය. මෙවිට පර්යේෂක “ගෝර්ඩන් ස්ටීවන්සන්” කලේ ඔහුට සීතල වතුර ඉසීමය. කූඩුවේ සිටි අනෙක් සියලුම වඳුරන්ටද සීතල වතුර ඉසින ලදී. ඉණිමඟේ සිටි වඳුරා කෙසෙල් ගෙඩියක් නොමැතිව පහළට පැමිණි අතර දැන් වඳුරන් පස්දෙනාම සීතලෙන් වෙවුලති.


ටික වේලාවකට පසු තවත් වඳුරෙක් ඉණිමඟට නැගීමට උත්සාහ කළේය. නැවත වරක් පර්යේෂකයා මුලින් කල දේම කළේය.  ඊළඟට සිදු වූ දෙය පුදුම සහගත මෙන්ම මුළුමනින්ම බලාපොරොත්තු නොවූ දෙයක් විය.

තුන්වන වඳුරෙක් ඉණිමඟට නැගීමට උත්සාහ කළ විට අනෙක් වඳුරන් තේරුම් ගත්තේ, ඊළඟට ඔවුන් සියල්ලන්ටම සීතල වතුර වදින බවයි. ඔවුන්ට අවශ්‍ය වූයේ මෙම අසහනය වළක්වා ගැනීමටය. එනිසා ඉණිමඟට නගින වඳුරා අනෙක් වඳුරන් විසින් බිමට ඇද දැම්මෝය.

අත්හදා බැලීමේ දෙවන කොටසට එක් වඳුරෙකු ඉවත් කර එය නව වඳුරෙකු ආදේශ කිරීම ඇතුළත් විය. නවකයා අපේක්ෂා කළ පරිදි, කෙසෙල් දුටු වහාම ඔහු ඉණිමඟට නැගීමට පටන් ගත්තේය. මින් පෙර අවස්ථාවේ වූවාක් මෙන් අනෙක් වඳුරන් ඔහුව බිමට ඇද දැම්මෝය. පර්යේෂකයා කූඩුවෙන් මුල් වඳුරන්ගෙන් දෙවැන්නෙක්ද ඉවත් කර ඔහු වෙනුවට නව වඳුරෙකු පත් කළේය. නැවතත්, නව වඳුරා කෙසෙල් ගෙඩි ගන්නට ගිය අතර  නැවතත් අනෙක් වඳුරන් ඔහුට කෙසෙල් ගෙඩි ගැනීම වලක්වන ලදි.

අත්හදා බැලීම අවසන් වන විට, මුල් වඳුරන් කිසිවෙකු ඉතිරි නොවූ අතර, දැන් ඔවුන්ගෙන් කිසිවෙකුට සීතල වතුර පහරක්ද අත් විඳින්නට සිදු නොවීය. එහෙත් ඔවුන් සියල්ලන්ම කෙසෙල් ගෙඩි ගැනීමට උත්සාහ නොකිරීමට ඉගෙන ගෙන තිබේ.

ඒ සමඟම, මෙතෙක් පැවති ශ්‍රේෂ්ටතම ව්‍යාපාරික පාඩම් වලින් එකක් බිහි විය. එය අදට වඩා අදාළ වේ. 

අපේ කාර්යාලවල බොහෝ සේවකයන් අතර පවා මෙම තත්වය බහුලව පවතී. නොවරදවාම, නව ක්‍රම ස්ථාපනය කිරීමට සහ ඒවා වැඩිදියුණු කිරීමට අප අකමැති වන්නෙමු. පවත්නා පද්ධති පරීක්ෂා කර බලන විට, කිසිදු තේරුමක් නැති, කාර්යක්‍ෂම නොවන දේ දකින්නට හැකි නමුත් ඒවා දිගටම ක්‍රියාත්මක වේ.


ඒවා පරීක්ෂා කිරීමෙන් පසුද, බොහෝ විට ඒ ගැන ඇති පුද්ගලයා පැහැදිලි කිරීම වන්නේ, … “මම මෙය කරන්නේ මන්දැයි මම නොදනිමි”… “එහෙත් එය මෙතෙක් සහ සැමවිටම සිදු වූ ආකාරයයි”… “මෙය වෙනත් අර්ථවත් දෙයක් මගින් වෙනස් කළහොත්, කුමක් සිදුවිය හැකිදැයි මම බිය වෙමි”…”එහෙත් මෙම ක්‍රියාවලිය ආරම්භ කළ පුද්ගලයා තවදුරටත් මෙහි නොමැත” …


මේ කතාව ලංකාවේ සිටින අපට ඔබට හුරුපුරුදු කතාවකි. විවිධ උදාහරණ ඉදිරිපත් කල හැක. ඉන් එක උදාහරණයක් වන්නේ,  ලංකාවේ ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ අද පවතින දඩ ක්‍රමය වේ. ගාල්ලේ සිට වව්නියාවට යන කෙනෙක් වරදක් කර අනුරාධපුරයේදී දඩයකට ලක් වේ. දැන් ට්‍රැෆික් පොලිසියෙන් කරන්නේ, වාහන බලපත්‍රය තබා ගැනීමය. දඩය ගෙවන්නට සල්ලි නැත්නම්, දඩය ගෙවන්නට ක්‍රමයක් ඒ මොහොතේ නැත්නම්, එය නිදහස් කර ගැනීමට නැවත අනුරාධපුරයට යා යුතුය. මේ දෙවන ගමනේදී වන කාලය සහ යන මිළ කිසිම තේරුමක් නැති වියදමකි. 

කිසිම රටක මේ ආකාරයේ මෝඩ ක්‍රම නොතියෙන්නට ඉඩ ඇත. 

නවෝත්පාදක ඇති කල යුතු බව සහ සේවකයන්ගේ ධනාත්මක සහයෝගී භාවය ඇති විය යුතු බවට කළමනාකාරිත්වයේ අවවාද තිබියදීත්, යමෙකු අලුත් දෙයක් උත්සාහ කරන සෑම විටම සීතල වතුර ඔවුන්ගේ අදහස් මත වත් කරනු ලැබේ.


විශාල මෙන්ම කුඩා ආයතනවල ප්‍රධාන ක්‍රියාදාමයන් නිතිපතා විභාග කිරීම සහ නැවත පරීක්ෂා කිරීම අවශ්‍ය බව මෙය ප්‍රබල මතක් කිරීමකි. උපදේශකයෙකු වරක් පැවසූ පරිදි, නැවත නැවත පරීක්ෂා කරන ලද ක්‍රියාවලියක් වැඩිදියුණු කළ ක්‍රියාවලියකි. ඕනෑම ව්‍යාපාර ක්‍රියාවලියක් සම්බන්ධයෙන් මෙය සත්‍යයකි. එය මූල්‍ය, මෙහෙයුම්, විකුණුම්, සැලසුම් කිරීම සෑම දෙයකටම අදාළ වේ.

හොඳ සහ පළපුරුදු උපදේශකයින්, කිසියම් ව්‍යාපාරයකට අදාළ එහෙත් වෙනත් ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ දැනුම ලබා දෙයි. ඔබගේ ව්‍යාපාර ක්‍රියාවලීන් මෑතකදී පරීක්ෂා කර නොමැති නම්, මෙය ඒ වෙනස් කිරීමේ කාලයයි.



සටහන:- හිතවත් කනගා ඥානා මහතා පෝස්ට් කල ඉංග්‍රීසි ලිපියකිනි. 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: