ජේසු තුමාගේ තරුණ කාලය

                                           


19 වන ශත වර්ෂයේදී, රුසියානු ජාතික “නිකොලායි නොටෝවිච්” ටිබෙටයේ සංචාරය කරන අතරතුරේ, මේ ආකාරයේ තොරතුරක් එහිදී ලැබීමට සිහිනයකින් වත් සිතන්න නැත. අනතුරකදී පාදය කැඩී ගිය ඔහුට මාස කීපයක් ටිබෙටයේ ජීවත් වන්නට සිදු වූයේ, නැවත සියරට යෑමට පෙර පාදය සුව කර ගැන්ම අවශ්‍ය වූ හෙයිණි. මේ කාලය ඔහු අපතේ යැව්වේ නැත. ඔහු ටිබෙටයේ විස්තර සොයා බැලුවේය.


එහිදී හමුවුණු ඉතා පුරාණ ලියවිල්ලක ඔහු කියෙව්වේ, “ජීසස්” හෙවත් “යේසුස්” හෙවත්, “ශාන්ත ඊසා” වයස වසර 14 සිට වසර 29 වනතුරු ටිබෙටයේ ජීවත් වූ බවය. මේ විස්තරය බටහිර ලෝකයට ගොස් එහි සිටින කිතුණුවන් ගේ යේසුස් වහන්සේ පිළිබඳ මතය උඩු යටිකුරු කරන්නට සමත් විය. මක්නිසාදයත්, ඒ ලියවිල්ල පමණක් නොව යේසුස් වහන්සේගේ සොහොනද ටිබෙටයේ ඇතැයි සාක්ෂි සහිතව නොටෝවිච් පෙන්වා දුන් හෙයිණි. 


පුදුමයකට මෙන් මේ කාලයේ යේසුස් වහන්සේ උපන්නා කියන පලස්තීනයේ එතුමාගේ උපත ගැන කිසිම සඳහනක් නැත. කිතුණු දහමේ “ඥාණවන්තයන් තිදෙනා” යයි තිදෙනෙක් යේසුස් වහන්සේ උපත ලැබූ ස්ථානයට තරුවක දිශාව ආශ්‍රයෙන් පැමිණි බව කියැවේ. 


මේ හමුවීම ටිබෙටයේ නව දලයි ලාමා සොයාගැනීමට සමාන වේ. පුරාණ දලයි ලාමා මියගිය පසු, ටිබෙටයේ එකළ සිටිනා වයෝවෘද්ධ, පුළුල් අත්දැකීම් ඇති ජ්‍යෝතිෂවේදීන් නැවත දලයි ලාමා උපන් ස්ථානය තරු ඇසුරෙන් ගණනය කරති. වර්තමානයේ සිටින දලයි ලාමා සොයාගෙන ඇත්තේද ඒ අයුරෙනි. මෙසේ සොයාගන්නා ලද නව දලයි ලාමා අන් කවරෙක් වත් නොව, යේසුස් වහන්සේ විය යන්න මේ අති පුරාණ ලේඛන වල සටහන් වී ඇත.


අබ්දුල්ලා අසිස් නම් වන පූජකයෙක් මෙසේ කියයි. ටිබෙටයේ පමණක් නොව, කාශ්මීරයේද ශාන්ත ඊසා හෙවත් යේසුස් වහන්සේගේ ජීවිතය ගැන පුරාණ විස්තර ඇත. ඔහු අනාගත වක්තෘ කෙනෙක් බවද ඊශ්‍රායලයේ සිට මෙහි පැමිණි බවද ලියා ඇත. ඔහට එහි දී ඇති නම වූයේ “යුස් අසෆ්” යන්නය. එහි තේරුම “සුවපත් කරවන්නා” මෙන්ම “එඩේරා” යන්නය.


සංචාරය කරන්නට තරම් වැඩුණු විට ඔහුව ටිබෙටයට ගෙනවිත්, ජ්‍යෙෂ්ට ලාමා වරුන් විසින් ටිබෙට් බෞද්ධ සිරිත් විරිත් පුහුණු කරවන ලදී. සත්‍ය වශයෙන්ම යේසුස් වහන්සේ වදාලා ඇති සමහර ආගමික වාක්‍යයන් බුදු දහමේ සඳහන් වී ඇති දේට ඉතාමත් සමානය. ඉන් බොහෝ වාක්‍ය අතුරෙන් ප්‍රසිද්ධ එකක් වන්නේ,  

… “It is easier for a camel to go through the eye of a needle than for a rich man to enter the kingdom of God”… – Mark 00:25


දකුණු ප්‍රංශයෙන් ටිබෙටයට සංක්‍රමණය වූ යුදෙව්වන් සිටින බව අද දින සොයාගෙන ඇත. ඒ පිරිස් අතරින් අද දින ජීවත් වන ජනතාවගේ සිතුම් පැතුම් සිරිත් විරිත් සියල්ල යුදෙව්වන්ගේ ජීවිත සිරිත් වලට විශාල සේ සමාන වේ. 


වසර 2000 කට පෙරදී මේ උපතේ දී දලයි ලාමා උපන්නා කියා සොයා ගන්නට ඇත්තේ ටිබෙටයෙන් බොහෝ ඈත පෙදෙසක බවය. කෙසේ හෝ නොටෝවිච් ගේ සටහන් අනුව යේසුස් වහන්සේ මුල් කල පමණක් නොව උන් වහන්සේගේ ජීවිතයේ අවසානයද ටිබෙටයේ ජීවත් වුනේය. 


සොලොමන්ගේ සිද්ධස්ථානය නම් වූ ස්ථානයේ යේසුස් වහන්සේ කිතුණු වර්ෂ 50 වන වසරේ “මෙහි ඊශ්‍රායලයෙන් පැමිණි ශාන්තුවරයා ජීවත් වුනේය” යයි සටහනකි.  ක්‍රිස්තු වර්ෂ 80 දී ඔහු මිය ගිය බව පැවසේ. ඔහු මියගියේ නැති බවද, මළවුන් ගෙන් පුනරුත්තාපනය නොවුනේද, එසේම දෙවියන් වහන්සේගේ දකුණු අත අසළ සිටින්නේ නැති බවද කාශ්මීරයේ ඇති කතාවකි.


මේ කතාන්දරය සත්‍ය නම් ලෝකයේ මෙතෙක් පතල වී ගිය විශාලම බොරු, “ජේසුස් වහන්සේගේ “මළවුන්ගේ නැගිටීම” සහ ඉන් පසු,  “දෙව්ලොව ගියා යන්න” …වනු ඇත.


කාශ්මීරයේ යේසුස් වහන්සේගේ සොහොන ඇතැයි කියන “ශ්‍රී නගර්” නම් ස්ථානය තවත් වැදගත් ස්ථානයකි. මේ සොහොන ස්ථාපිත කර ඇති ආකාරයද ඉතා ගුප්ත ආකාරයක් ගනී. එහි ඇති අනෙක් සොහොන් වල දේහයන් භූමිදාන කල අයුරෙන් ශාන්ත ඊසා ගේ සොහොන ස්ථාපිත කර නැත. 


ක්‍රිස්තු වර්ෂ 122 දී තනා ඇති ඒ සොහොනේ හිස ඇති දිශාව බටහිර වේ. මෙය අද දින වුවද යුදෙව්වන් ගේ දේහයන් භූමදාන කරන ආකාරය වේ. මේ අතර එම සොහොන ඉදිරියේ තබා ඇති තවත් සලකුණකි. එය පාද දෙකක සලකුණකි. ඒ පාද වල ලකුණු දෙකකි. කාශ්මීරයේ කිසිම තැනක මේ ආකාරයේ පාදවල සටහන් කල ලකුණු නැත. 


ඒවා යේසුස් වහන්සේ කුරුසයේ ගැසූ විට ඇති වූ ලකුණු වේ.   

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: