විශ්ව සාහිත්‍යයෙන් – රවින්ද්‍රනාත් තාගෝර් ගේ කෙටිකතා – කාබුලිවාලා

  
[සටහන:-  කතාව නම් තරමක් දිගය. වෙලා අරගෙන බැලීම මැනවි. වසර ගණනාවකට පසු හමුවන පොඩිත්තෙක් වැඩිහිටියෙක් වී, කලකට පසුව ඔබට දකින්නට වන විට කුමක් ඔබට සිතේද? රබින්ද්‍රනාත් තාගෝර් නම් ඒ අසහාය ගත් කතුවරයා, ඒ අදහස අපට ලබාදෙන ආකාරය අපූරුය. අතීත බෙංගාලයේ තතුද ඉන් තරමක් පෙනී යයි …]  

… මගේ පස් හැවිරිදි දියණිය මිනිට විනාඩියක්වත් කතා නොකර ඉන්නට නම් නොහැක. ලෝකයට පැමිණීමෙන් පසු ඇයට කතා කිරීමට ඉගෙන ගැනීමට වසරක් ගත වූ අතර, ඉන් පසු ඇය අවදි වූ වේලාවෙන් විනාඩියක්වත් නාස්ති කර නැත. ඇගේ මව බොහෝ විට ඇයට බැණ වදින අතර ඇයගේ කට වසා තබයි. නමුත් මට එය කළ නොහැක. මිනි නිශ්ශබ්දව සිටින විට, එය දරාගත නොහැකි තරමට අස්වාභාවික ය.

ඒ නිසා ඇය මා සමඟ කතාබස් කරන්නේ නම් වඩා කැමැත්තෙමි. 

එක් උදෑසනක, මම මගේ නවකතාවේ දහහත්වන පරිච්ඡේදය ආරම්භ කරමින් සිටියදී, මිනි මා ළඟට පැමිණ, ‘පියාණෙනි, රාම්ඩොයල් ගේට්ටු මුරකරු, ‘කකුළුවා’ වෙනුවට ‘කයික්’ යැයි කියයි. ඔහු කිසිවක් දන්නේ නැහැ, එහෙම නේද? ’

ලෝකයේ භාෂාවන්හි බහුකාර්යය පිළිබඳව ඇයව දැනුවත් කිරීමට මට අවස්ථාවක් ලැබීමට පෙර, ඇය තවත් විෂයක් ගෙන ආවාය. …‘තාත්තේ, බෝලා කියන්නේ, අහසෙහි සිටින අලියෙකු හොඬය හරහා ජලය විදින විට වැස්ස ලැබෙන බවයි”… “ඔහු මොන විකාරයක්ද කතා කරන්නේ!… මේ ආකාරයේ කාරණා සම්බන්ධයෙන් මගේ මතය බලාපොරොත්තුවෙන් නොසිට ඇය හදිසියේම මෙසේ ඇසුවාය.

… “තාත්තේ, අම්මා ඔබට නෑදෑ වෙන්නේ කොහොමද? … …” හොඳ ප්‍රශ්නයක්,… මම මටම කියා ගත්තෙමි, නමුත් මිනිට මම මෙසේ කීවෙමි.

… “බෝලා සමඟ සෙල්ලම් කරන්න. මට කරන්න වැඩක් තියෙනවා”… නමුත් ඇය පසුව මගේ ලිවීමේ මේසය අසල මගේ දෙපා අසල හිඳගෙන දණ ගසා, සෙල්ලම් සඳහා කුඩා දරුවන් කියන කවියක් ඉහළ වේගයකින් කියවීමට පටන් ගත්තාය. මේ අතර, මගේ දහහත්වන පරිච්ඡේදය සමාප්ත කරන්නට උත්සාහ කලෙමි. නමුත් මගේ අවධානය වෙනතකට යොමුවිණි.

මිනි හදිසියේම කවි කීම නවතා, ජනේලය දෙසට දිව ගොස්, ‘කාබුලිවාලා, කාබුලිවාලා!’ යයි කෑ ගැසුවාය.එහි තේරුම, “කාබුල් නගරයේ සිට පැමිණෙන්නා” යන්න විය.  මිදී පෙට්ටි තුනක් හෝ හතරක් ඔසවා ගත් උස ශක්තිමත් කෙනෙක් කිළිටි ලිහිල් ඇඳුම් හැඳ පාර දිගේ එයි. ඔහුගේ දර්ශනය මගේ ආදරණීය දියණියගේ මනස තුළට කුමන සිතුවිළි ගෙන ආවේද යන්න පැවසීම දුෂ්කර විය, නමුත් ඇය ඔහු දෙස බලමින් කෑගැසීමට පටන් ගත්තාය. 

එම කෑ ගැසීම කරදරයක් බව මම සිතුවෙමි: මගේ දහහත්වන පරිච්ඡේදය අදින් අවසන් නොවනු අත. 

මිනිගේ කෑගැසීම් වලින් ආකර්ෂණය වූ කාබුලිවාලා සිනහවකින් අප දෙස බලා අපගේ නිවස වෙත ළඟා වීමට පටන් ගත් විට, මිනි උඩ පැන නිවසේ ඇතුළත කාමරවලට දිව ගියාය. කාබුලිවාලා ගේ බෑගයේ ඇය වැනි සජීවී දරුවන් තුන් හතර දෙනෙකු සොයා ගත හැකි බවට ඇයට අන්ධ විශ්වාසයක් තිබුණි. මේ අතර කාබුලිවාලා ජනේලය අසලට පැමිණ සිනාසුණේය. 

මා ලියමින් සිටි නවකතාවේ දාසය වන පරිච්චේදය කඩාකප්පල් වුවද, ඔහුගෙන් යමක් මිලට නොගෙන සිටීම හොඳ නැත යයි මම තීරණය කළෙමි.

මම ඔහුගෙන් මිදී ටිකක් මිළදී ගතිමි. ඉන් පසු මා ඔහු සමඟ කතා කලෙමි. රුසියානුවන්ට සහ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට අබ්දුර් රහ්මාන් දැරූ උත්සාහය ගැන අපි කතා කළෙමු. ඔහු පිටත්ව යාමට නැගිටින විට, … “බාබු, ඔබේ කුඩා දැරිය කොහේද ගියේ?… කියා ඇසුවේය. ඇගේ පදනම් විරහිත බිය දුරු කිරීම සඳහා මම මිනිට එළියට එන්න යයි කතා කලෙමි.

ඇය මා වෙතට පැමිණ කාබුලිවාලා සහ ඔහුගේ බෑගය දෙස සැකයෙන් බැලුවාය.

කාබුලිවාලා මුද්දරප්පලම් සහ ඇප්රිකොට් ඇට කිහිපයක් ගෙන ඇයට දුන් නමුත් ඇය ඒවා නොගත් අතර දෙගුණයක් සැකයෙන් මගේ දණහිසට ඇලී සිටියේය. මේ අනුව කාබුලිවාලා සමඟ ඇයගේ පළමු හමුව සම්මත විය.

දින කිහිපයකට පසු කිසියම් හේතුවක් නිසා එක් උදෑසනක මම නිවසින් පිටතට යනවිට, මගේ දුව දොර ඉදිරිපිට බංකුවක වාඩි වී සිටිනු මම දුටුවෙමි. කාබුලිවාල්ලා ඇගේ පාමුල ඉඳගෙන – පුළුල් ලෙස සිනාසෙමින්, වරින් වර ඔහුගේ දෙමුහුන් වර්ගයේ බෙංගාලි භාෂාවෙන් අදහස් දැක්වීය. මිනි ඇගේ ජීවිතයේ අවුරුදු පහ තුළ, ඇගේ පියා හැරුණු විට මෙතරම් ඉවසිලිවන්ත සවන්දෙන්නෙකු තවත් සොයාගෙන නැත.

ඇගේ කුඩා සාරිය මුද්දරප්පලම් හා ඇට වර්ග වලින් පිරී ඇති බව ද මම දුටුවෙමි. මම කාබුලිවාලාට කතා කොට, ‘ඇයි ඔබ මේ සියල්ල දුන්නේ?.. “ඇයට තවත් දෙන්න එපා”… “පසුව මම මගේ සාක්කුවෙන් රුපියල් භාගයක් ගෙන, ඔහුට දුන්නෙමි. ඔහු එකවරම කාසිය ගෙන ඔහුගේ බෑගයට දැමුවේය.

මම ආපසු නිවසට පැමිණි විට, මෙම රුපියලෙන් අඩක් පූර්ණ කලබලයක් කර ඇති බව මට පෙනී ගියේය. මිනිගේ මව වටකුරු දිදුලන වස්තුවක් අල්ලාගෙන මිනිට කතා කරමින්,… “ඔබට මේ රුපියලෙන් අඩක් ලැබුනේ කොහෙන්ද?’… “කාබුලිවාලා එය මට දුන්නා,”…  මිනි පැවසීය. … “ඇයි ඔබ එය කාබුලිවාලා වෙතින් ගත්තේ?’ ඇගේ මව ඇසුවාය.

… “මම එය ඉල්ලුවේ නැත”…, මිනි කඳුළු සලමින් පැවසීය…. “ඔහු එය මටම දුන්නා”… !

මම මිනිගේ මවගේ උදහසින් බේරාගෙන ඇයව පිටතට ගෙන ගියෙමි. මිනි සහ කාබුලිවාලා මුණගැසුණු දෙවන අවස්ථාව මෙය නොවන බව මම දැන ගතිමි. ඔහු සෑම දිනකම පාහේ පැමිණෙමින් සිටි අතර ඇයගේ කුඩා හදවත ඇෆ්රිකට් සහ මිදී ගෙඩි වලින් අල්ලස් දී ඇයව ජයගෙන ඇත.

ඔවුන්ට දැන් නිශ්චිත විහිළු සහ චර්යාවන් ඇති බව පෙනී යයි.

නිදසුනක් ලෙස මිනි, රහමත් දුටු විගස සිනාසෙමින්, ‘කාබුලිවාලා, කාබුලිවාලා, …ඔබේ බෑගයේ ඔබ සතුව ඇත්තේ කුමක්ද?’ යනුවෙන් විමසුවාය. රහමත් එවිට මෙසේ කියයි. … “අලියෙක්…. ! අලියෙකු තම බෑගයේ තිබීම යන සංකල්පය ඉමහත් හාස්‍යයට හේතුවකි. අපට නම් එය විහිළුවක් නොවිය හැකි නමුත්, ඔවුන් දෙදෙනාට එය විහිලු සහගත බවක් පෙනෙන්නට තිබූ අතර, සරත් සෘතුවේ උදෑසන, කුඩා දරුවෙකු සහ වැඩිහිටි මිනිසෙකු හදවතින්ම සිනාසෙනු දැකීම මට සතුටක් විය.

ඔවුන්ට තවත් විහිළු කිහිපයක් තිබුණි. රහමාත් මිනිට කියයි, … “චුටි බබා, කවදාවත් ඔයාගේ මාමණ්ඩි ගාවට යන්න එපා”…  මා සහ මගේ බිරිඳ නවීන තාලයේ අය වූ හෙයින්, අපේ තරුණ දියණියගේ අනාගත විවාහය ගැන ඇය සමඟ කතා නොකළෙමු.  එබැවින් රහමාත් අදහස් කළේ කුමක්දැයි ඇයට පැහැදිලිව වටහා ගත නොහැක. එහෙත් නිශ්ශබ්දව සිට කිසිදු පිළිතුරක් ලබා නොදීම ඇගේ ස්වභාවයට මුළුමනින්ම පටහැනි විය.

එබැවින් ඇය එම අදහස අනෙක් පසට හරවා, … “කාබුලිවාලා, ඔබ ඔබේ මාමණ්ඩි වෙත යනවාද?’ යැයි ඇසුවාය. රහමත් ඔහුගේ දැවැන්ත මිට මොලවා, … නොපෙනෙන කෙනෙක්ට තරවටු කරනවා මෙන් අහසට එය එල්ල කර පෙන්වූයේය. මිනි සතුටින් සිනාසුණේ, මේ නාඳුනන මාමණ්ඩි යන සත්වයාට අත්වන ඉරණම ගැන සිතමිනි.

එය පරිපූර්ණ සරත් කාලගුණය ඇති දිනක් විය. ඈත අතීතයේ දී, රජවරු සරත් සෘතුවේදී සිය ලෝක ජයග්‍රහණයන් සඳහා පිටත්ව ගියහ. මම කවදාවත් කල්කටාවෙන් පිටත්වී නැත; හරියටම ඒ නිසා, මගේ මනස ලොව පුරා සැරිසරයි. මගේ නිවසට මා සිරැවී ඇති බවක් පෙනේ, නමුත් මම නිරන්තරයෙන් පිටත ලෝකය ගැන ආශාවෙන් සිටිමි. විදේශීය රටක නම මට ඇසුනේ නම්, එකවරම මගේ හදවත ඒ දෙසට දිව යයි.

විදේශිකයෙකු දුටුවහොත්, එකවරම ගංගා ඉවුරක හෝ වනාන්තර සහිත කඳුකරයේ පිහිටි විදේශ ගෘහයක රූපයක් මගේ මනසෙහි ඇඳෙන අතර, මම එහි ගත කරන නිදහස් හා ප්‍රසන්න ජීවිතය ගැන සිතමි. එහෙත් කල්කටාවේ ඇතුළත වුවද තරමක් හෝ ඈතට මගේ හුරුපුරුදු ස්ථානයෙන් ඉවත්වීමට සිදු වූ සෑම අවස්ථාවකම මම දුක් වනු ඇත. 


උදේ පාන්දම මගේ මේසයේ ඉදිරියේ වාඩි වී, මේ කාබුලිවාලා සමඟ කතාබහ කිරීම, මට මනසින් ඉබාගාතේ යෑමට ප්‍රමාණවත් විය. උස්, දැවෙන ලේ පැහැති නැගීමට කොහෙත්ම නොහැකි කඳු අතෙරේ ඇති පටු කාන්තාර මාවතක බර පටවන ඔටුවන් දකින්නට ලැබේ. හිස්වැසුම් සහිත වෙළෙන්දන් සහ මගීන් ඔටුවන් මත මෙන්ම ඒ මාවතේ ඇවිද යති. ඒ සමහරුන්ගේ අතේ හෙල්ල ඇති අතර සමහරු අතේ පරණ තාලයේ ෆ්ලින්ට්ලොක් තුවක්කු ඇත.

මගේ මිතුරා ඔහුගේ උපන් බිම ගැන කතා කරන්නේ ඔහුගේ කෙමෙන් වර්ධනය වන බිඳුණු බෙංගාලි භාෂාවෙන් වන අතර, ඒ මගේ මනසේ පිළිබඳ සිතුවම් ඇති කරයි. එහෙත් මගේ ඇස් ඉදිරිපිටම මිනිගේ මව නම් ඉතා පහසුවෙන් තැති ගනී.

වීදියේ ඇති කුඩාම ගොශාව අසන ඇය සිතන්නේ, ලෝකයේ සිටින සියළුම බේබද්දන් අපේ ගෙදරට කෙළින්ම ඇතුල් වන බවයි. ඇයගේ සීමිත ජීවිත අත්දැකීම් ඇයට මනසින් බැහැර කළ නොහැකිය. සොරුන්, කොල්ලකරුවන්, බේබද්දන්, සර්පයන්, කොටින්, මැලේරියාව, දළඹුවන්, කැරපොත්තන් සහ සුදු හම සහිත කොල්ලකරුවන්ගෙන් ලෝකය යටපත් වී ඇති බවට ඇති බියට රහමාත් හෙවත් මේ කාබුල් වෙළෙන්දාද ඇතුළු වීම ගැන ඇය එතරම් සතුටු නොවීය.

යළි යළිත් ඇය මට කියන්නේ ඔහු ගැන විමසිල්ලෙන් ඉන්න කියාය.

මම ඇගේ සැකයන් දුරු කිරීමට උත්සාහ කළහොත්, ඇය ප්‍රශ්න ගණනාවක් මගෙන් අසනු අත. …”ඉතින් මිනිසුන්ගේ දරුවන් කිසි විටෙකත් අතුරුදහන් නොවේද? ඇෆ්ගනිස්ථානයේ වහල්භාවයක් නැද්ද? විශාල ඇෆ්ගනිස්ථානයකට කුඩා දරුවෙකු පැහැර ගෙන යා නොහැකිද? එය කළ නොහැකි බව මට පිළිගැනීමට සිදු විය, නමුත් මට විශ්වාස කිරීමට අපහසු විය. මගේ බිරිඳ මෙතරම් කලබලයට පත්ව සිටියේ, මිනිසුන් විවිධ ආකාරයේ මත පහළ කිරීම නිසාය.  

එහෙත් රහමාත්ට අපේ ගෙදරට එන්න ඉඩ දීමේ කිසිම වරදක් මම තවමත් දුටුවේ නැත්තෙමි. සෑම වසරකම, මැදින්  මාසයේ මැද භාගයේදී, රහමාත් ගෙදර ගියේය. ඔහු පිටත්ව යාමට පෙර සෑම විටම ඉතා කාර්යබහුල වූ අතර ඔහුට ගෙවිය යුතු මුදල් එකතු කළේය. ඔහුට ගෙයින් ගෙට යාමට සිදු විය. නමුත් ඔහු තවමත් මිනි දැකීමට එයි. ඔවුන් එකට දැකීමට, ඔවුන් යටින් කතාකරගත්තාදැයි කෙනෙකුට සිතිය හැකිය.

ඔහුට උදේට පැමිණිය නොහැකි නම් ඔහු සවස් වරුවේ පැමිණෙනු ඇත.

අඳුරු වූ නිවසක කෙළවරක ඔහුගේ සිනිඳු පිජාමා ඔහු වටා ලිහිල්ව එල්ලී සිටිනු දැකීම ඇත්තෙන්ම බිය උපදවන සුළුය. එහෙත් මිනි ඔහුව මුණගැසීමට දුවගෙන යද්දී මගේ හදවතද ආලෝකමත් වේ. ඇය සිනාසෙමින්, … “ඕ කාබුලිවාලා,… කාබුලිවාලා’… යැයි කියමින්, වයස් මට්ටමේ අසමාන මිතුරන් දෙදෙනා අතර සුපුරුදු අහිංසක විහිළු, තහළු ඇති වේ.

දවසක් උදේ මම මගේ කුඩා කාමරයේ වාඩි වී සිටියේ නවකතාවේ වැරදි සොයමිනි.ශීත සෘතුවේ අවසාන දවස් ඉතා සීතල විය. උදේ සූර්යයා බැබළෙමින් ජනේලයෙන් මගේ මේසයට පහළින් මගේ පාද දෙස ලබා දුන් උණුසුම් ස්පර්ශය ඉතා ප්‍රසන්න විය. එවිට උදේ අටට පමණ වන්නට ඇත. මේ වන විට  ස්කාෆ් වලින් සැරසී සිටි උදේ පාන්දර ඇවිදින්නන් ඔවුන්ගේ ගමන් බොහෝ දුරට අවසන් කර ඔවුන්ගේ නිවෙස් කරා ආපසු ගොස් තිබුණි.

පාරේ හදිසියේ කලබලයක් ඇති වූයේ එවිටය. මම පිටතට බැලූ විට දුටුවේ, අපේ රාහමාත් මාංචු දමා, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමඟ පාගමනින් යන බවත්, ඔහු පිටුපස කුතුහලයෙන් පිරි පිරිමි ළමයින් පිරිසක් සිටින බවත්ය. රහමාත්ගේ ඇඳුම් ලේ පැල්ලම් සහිත වූ අතර එක් පොලිස් නිළධාරියෙක් ලේ පොඟවා ගත් පිහියක් අතැතිව සිටියේය.

මම පිටතට ගොස් නිළදාරියාව නවත්වා තතු විමසුවෙමි. අපේ අසල්වැසියෙක් රාම්පුරි චදාර් උළෙල සඳහා රාමාත්ට යමක් ණය වී ඇති බව මම ඔහුගෙන් සහ අර්ධ වශයෙන් රහමාත්ගෙන් කලින් අසා ඇත්තෙමි. ඔහු ණයෙන් මිදීමට උත්සාහ කර ඇති අතර, පසුව ඇති වූ ගැටුමේදී රහමාත් ඔහුට පිහියෙන් ඇන ඇත. මිනි ගෙයින් එළියට පැන … “‘කාබුලිවාලා,…  කාබුලිවාලා”…’ කියා කෑගසන අතරේ රහාමාත් ණයගැතියාට එරෙහිව ශාප කරමින් සිටියේය.

මිනි දැක මොහොතකට රහමාත්ගේ මුහුණ සතුටින් ආලෝකමත් විය. අද ඔහුගේ උරහිසට උඩින් බෑගයක් නොතිබූ බැවින් ඔවුන්ට ඒ ගැන සුපුරුදු සාකච්ඡාව පැවැත්විය නොහැක. මිනි කෙලින්ම එළියට ආවේ ‘ඔයා ඔයාගේ මාමණ්ඩි ගාවට යනවද?’… “ඔව්, මම දැන් එතනට යනවා,’ රහමත් කීවේ සිනහවෙනි.

නමුත් ඔහුගේ පිළිතුර මිනි විනෝදයට පත් කිරීමට අපොහොසත් වී ඇති බව දුටු ඔහු, මාංචු දැමූ හස්තයන් ඔසවා සොලවමින්, … “මේවා දාගෙන මම කොහොමද මාමණ්ඩිට ගහන්නේ?

රහමත් චුදිතයා වී වසර ගණනකට හිරේට නියම විය. ඔහු අපේ මනසින් මුළුමනින් පාහේ මැකී ගියේය. අපේ දෛනික වැඩ කටයුතු කරගෙන නිවසේ වාසය කරමින්, නිදහස් සිතුවිළි ඇති කඳුකර වැසියෙක් සිරගෙයක වසර ගණනාවක් ගෙවා දමන්නේ කෙසේදැයි අපි නොසිතුවෙමු. මිනි සම්බන්ධයෙන් ගත් කල, ඇගේ හැසිරීම එතරම් ප්‍රශංසනීය නොවන බව ඇගේ පියාට පවා පිළිගැනීමට නොහැකි විය. ඇයට ඇගේ පැරණි මිතුරිය ඉක්මනින් අමතක විය.

පසුව, ඇය වැඩෙත්ම කුඩා පිරිමි ළමයින්ට වඩා ගැහැනු ළමයින් ඇගේ ප්‍රියතම සහකාරියන් බවට පත්විය.

ඇය තම පියාගේ කාමරයට පැමිණීම පවා නැවැත්වුවාය. මම එක අතෙකින් ඇයව අතහැරියා යයි කීමද වැරදි නොවේ.

අවුරුදු කිහිපයක් ගෙවී ගියේය. එය නැවතත් සරත් සමයයි. මිනිගේ විවාහය තීරණය කර තිබූ අතර විවාහ මංගල්‍යය පේජ් නිවාඩුවේ කිරීමට නියම කර තිබුණි. දුර්ගා දේවිය, ශිව දෙවි හමුවීමට කයිලාස් කන්දට යන්නාක් මෙන් අපෙන් ඉවත්වන ඇය අපගේ ආඩම්බරය හා ප්‍රීතිය මෙන්ම නිවසද අඳුරු කරනු ඇත.

එය ඉතාම ලස්සන උදෑසනක් විය. මෝසම් වැසි වලින් සෝදා පිරිසිදු කරන ලද හිරු එළිය රන්වන් පැහැයෙන් පිරිසිදු වී ඇති බවක් පෙනෙන්නට තිබුණි. එහි දීප්තිය කල්කටාවේ පසු-වීදිවලට සහ එහි සිටින්නන්ගේ රළු, කඩාවැටුණු ජීවිතවලට ආලෝකයක් ලබා දුන්නේය.  රාත්‍රි කාලය අවසන් වන විට සන්නාසි වයන්නා අපේ නිවසේ ඔහුගේ වීණාව වැයීම ආරම්භ කළේය. ඉන් නැගුනු තරංග මගේ ඉළ ඇට තුලින් සිරුරේ ගැඹුරින් නැගී එන බවක් පෙනෙන්නට තිබුණි.

සන්නාසි වයන්නාගේ කණගාටුදායක භෛරව රාගය සරත් සෘතුවේ හිරු රශ්මිය සමඟ එක් විය. අද මගේ මිනි විවාහ වන දිනයයි. උදේ සිට මේ වනතුරු නිවස කෝලාහලයක් මෙන් විය. නිමක් නැති පැමිණීම හා යෑම සිදුවිය. නිවසේ මිදුලේ උණ පොලු බැඳ බැඳ වියනක් ඉදිකරමින් තිබුණි. කාමරවල සහ සාලයේ එල්ලා වැටෙන පහන් සවිකර තිබිණ. නිරන්තරයෙන් ශබ්ද නගා කතා විය.

රහමාත් හදිසියේම මා ඉදිරියේ පෙනී සිටිමින් සලාම් කියන වෙලාවේ මම ගිණුම් බලමින් මගේ මේසය ඉදිරියේ වාඩි වී සිටියෙමි. 

මුලදී මම ඔහුව හඳුනා නොගත්තෙමි. ඔහුට බෑගයක් තිබුණේ නැත. ඔහුගේ දිගු කෙස් නැති වී තිබිණ. ඔහුගේ කලින් ශක්තිය නැති වී ගියාක් මෙන් පෙනේ. නමුත් ඔහු සිනාසෙන විට මම ඔහුව හඳුනා ගතිමි. ‘කොහොමද රහමාත්?’ මම කීවෙමි. ‘ඔබ පැමිණියේ කවදාද?’ … “ඊයේ සවස මාව සිරෙන් නිදහස් කළා,’… ඔහු පිළිතුරු දුන්නේය.

ඔහුගේ වචන මා මවිතයට පත් කළේය. මම මීට පෙර කවදාවත් මිනීමරුවෙකුට මුහුණ දී නැත. ඔහු දුටු විගස මම ඉවත බැලුවෙමි. මේ සුබ දිනයේ උදෑසන මේ මිනිහා අපේ නිවසෙන් ඉවත් විය යුතුය… කියා සිතුණි.  … “අපට අද අපේ නිවසේ යමක් කරන්නට තිබේ” … මම කීවෙමි. … “මම තරමක් කාර්යබහුලයි. කරුණාකර දැන් යන්න” … ඔහු එකවරම යාමට සූදානම්ව සිටියද, ඔහු දොර ළඟට එන විට මඳක් පසුබට වී, … “මට ඔබේ කුඩා දැරිය මොහොතකටවත් දකින්න පුලුවන්ද ? කියා ඇසුවේ මිනි තවමත් කුඩා යැයි ඔහු සිතූ බැවිනි

ඔහු ඇයව දැන සිටි කාලයේ දී මෙන්: ඇය පෙර මෙන් දුව ගොස්,… ‘කාබුලිවාලා, කාබුලිවාලා !’ කියමින් ඔවුන්ගේ පැරණි විනෝද චාරිකාව නැවත ආරම්භ වනු ඇති බවට ඔහු සිතන්නට ඇත.

ඔහු ඒ පැරණි මිත්‍රත්වය සිහිපත් කරමින් මිදි පෙට්ටියක් සහ ගෙඩි සහ මුද්දරප්පලම් කිහිපයක් කඩදාසිවලින් ඔතා ගෙනැවිත් ඇත. … “අද නිවසේ උත්සවයක් තිබේ”… මම කීවෙමි. … “ඔබට අද කිසිවෙකු දකින්නට වන්නේ නැත”… ඔහු තරමක් රළු පෙනුමකින් මොහොතකට නිහඬව සිටගෙන මා දෙස බැලුවේය. ඉන්පසු, ‘බාබු සලාම්’ කියමින් ඔහු දොර දෙසට ඇවිද ගියේය.

මට වේදනාවක් දැනුණ හෙයින් මම ඔහුට නැවත කතා කිරීමට සිතනවාත් සමඟම ඔහු නැවත පැමිණෙන බව මම දුටුවෙමි.

… “මම මේ මිදි පෙට්ටිය සහ මේ ගෙඩි සහ මුද්දරප්පලම් චුටි බබාට ගෙනාවා”… ඔහු පැවසීය. … “කරුණාකර ඒවා ඇයට දෙන්න”…  ඔහුගෙන් ඒවා ගෙන මුදල් දීමට හදනවාත් සමඟම, හදිසියේම මගේ අත අල්ලා, … “කරුණාකර මට මුදල් දෙන්න එපා” …  “මම සැමවිටම ඔබට කෘතඥ වෙමි”,.. “බාබු. ඔබට දියණියක් සිටිනවා සේම මටත් දියණියක් මගේ රටේම සිටී”…

“මම ඔබේ දුවට මුද්දරප්පලම් කීපයක් රැගෙන ආවා පමණයි” … “මම ඔබ සමඟ වෙළඳාම් කිරීමට ආවේ නැහැ”…

ඉන්පසු ඔහු තම විශාල ලිහිල් කමිසය තුළට අතක් තබා ඔහුගේ හදවතට කිට්ටු තැනක තිබි දිරා ගිය කඩදාසි කෑල්ලක් ගෙන එය ඉතා පරිස්සමින් දිග හැර මගේ මේසය මත එය විහිදුවූවේය. ඒ කඩදාසියේ ඇත්තේ ඡායාරූපයක් නොවේ”… “සිතුවමක්ද නොවේ” … “කුඩා අතක පාට මඳක් තවරා කඩදාසි මතට තද කර ඇති සටහනකි.

සෑම වසරකම කල්කටාවේ වීදිවල මුද්දරප්පලම් විකිණීමට පැමිණි විට රහමාත් තම දියණියගේ මෙම සිහිවටනය කබායේ උඩ සාක්කුවේ තබා ගත් බව මට සිහිවිය. එම මෘදු, කුඩා, බොළඳ හස්තයේ ස්පර්ශය ඔහුගේ විශාල පපුවට සැනසීමක් ගෙන එන්නාක් මෙන් විය. එය නැවත දුටු විට මගේ දෑස් තෙත් වී, ඔහු ඇෆ්ගන් මුද්දරප්පලම් කරුවෙකු බවත් මම බෙංගාලි බාබු කෙනෙකු බවත් මට අමතක විය.

ඔහුද මා මෙනි. මා පියෙක් වෙනවා මෙන්ම ඔහුද පියෙකි. ඔහුගේ කුඩා කඳුකර වාසස්ථානයේ සිටින කුඩා පාර්වතී දෙවඟනගේ අත් සලකුණ මගේ මිනි මට සිහිපත් කරවීය. එකෙණෙහිම මම මිනීව නිවසේ අභ්‍යන්තරයෙන් කැඳවා ගතිමි. බොහෝ විරෝධතා නැවත පැමිණියද, මම ඔවුන්ට ඇහුම්කන් දීම ප්‍රතික්ෂේප කළෙමි.

මිනි, පරිපූර්ණ මනාලියක ලෙස සැරසී – සඳුන් පේස්ට් රටාව, රතු සිල්ක් සාරිය, මොට්ටුව සහිතව කාමරයට පැමිණ මා අසල සිටගෙන සිටියාය.

කාබුලිවාලා  ඇයව දුටු විට කොතරම් ව්‍යාකූල වීද යත්, ඔහුගේ පැරණි සුබ පැතුම් ප්‍රකාශ කිරීමට නොහැකි විය. නමුත් අවසානයේ ඔහු සිනාසෙමින්,… “චුටි බබා, ඔබ ඔබේ මාමණ්ඩි වෙත යනවාද?’ මිනි දැන්, “මාමණ්ඩි” යන්නේ තේරුම දැන සිටියේය; ඇයට පෙර මෙන් පිළිතුරු දිය නොහැකි විය. ඇය රහමාත්ගේ ප්‍රශ්නය ඇසී  ඉවත බැලුවාය. මිනි සහ කාබුලිවාලා මුලින්ම මුණගැසුණු දිනය මට සිහිපත් විය. මගේ හදවත වේදනාවට පත් විය.

ලැජ්ජාවෙන් රතු වූ මිනි කාමරයෙන් පිටව ගිය අතර රහමාත් ගැඹුරින් සුසුම්ලමින් බිම වාඩි විය. ඔහු හදිසියේම සහ පැහැදිළිවම තේරුම් ගත්තේ, ඔහුගේම දියණිය අවසන් වරට දුටු දා සිටම හැදී වැඩී ඇති බවත්, ඇයව ඔහුට නැවත දැන හඳුනා ගැනීමට සිදුවනු ඇති බවත්ය. පෙර සිටි ඇයව ඔහුට සොයා ගැනීමට නොහැකි වනු ඇත. මේ අවුරුදු අට තුළ ඇයට සිදුවූයේ කුමක්දැයි කාටද කියන්නට හැකි වන්නේ… ?…?

සිසිල් සරත් සෘතුවේ උදෑසන හිරු රශ්මිය අතරේ සුන්දර කල්කටාවේ බිම රහමාත් වාඩි වී සිටියද, ඔහුගේ දෑස් ඇෆ්ගනිස්ථානයේ නිසරු කඳුකරය දෙසට යොමුව තිබුනේය. 

මම මුදල් නෝට්ටුවක් ගෙන එය ඔහුට දී මෙසේ කීවෙමි. “රහමාත්, … “ඔබේ මව්බිමට සහ ඔබේ දියණිය වෙත ආපසු යන්න”… “ ඔබගේ දුවණිය සහ ඔබ නැවත හමුවීමෙන් මිනිද ආශීර්වාද ලබනු ඇත”…

ඔහුට මෙම මුදල් ලබා දීමෙන්, විවාහ උත්සවයේ සමහර කොටස් ඉවත් කිරීමට මට සිදුවූ බව ඔබට කිව යුතුය. මා සැලසුම් කළ විදුළි  ආලෝකය ලබා ගැනීම දරා ගැනීමට මට නොහැකි වූ අතර, හොරණෑ සහ බෙර සංගීත කණ්ඩායම පැමිණියේ නැත. මේ පිළිබඳව මිනී ගේ මව ඇතුළු කාන්තා පාර්ශවය බෙහෙවින් අප්‍රසාදය පළ කළහ.

නමුත් මට නම්, මිනිගේ විවාහ උත්සවය කරුණාවන්ත සුමුදු ආලෝකයකින් බැබළුණු බවක් දැනිණ. 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

<span>%d</span> bloggers like this: