ෆොසිල ඉන්ධන තහනම් කිරීමේ දේශපාලන හා ආර්ථික දිරියක් ලංකාවට නැත


                                පරිසරය ඇසුරේ ලංකාව වැනි රටවල් ප්‍රාථමික තත්වයේ තිබෙන්නට ප්‍රධානම හේතුවක් වන්නේ, මධ්‍යම රජයකින් පමණක් ප්‍රධාන සහ බොහෝ තීරණ ගැනීම වේ. පරිසර නීති පැහැදිළිව විමධ්‍යගත කර නොතිබීමත් ඊට තවත් හේතුවකි. එහෙත් බොහෝ රටවල් වල පරිසරය ගැන, ඒ ඒ ප්‍රාදේශීය රාජ්‍යයන් සහ කිසියම් ප්‍රාන්තයක් හෝ ප්‍රදේශයකින් ගන්නා ලද තීරණ වලට මධ්‍යම ආණ්ඩුවකින් ඇඟිලි ගැසීමක් නොකෙරේ.

මේ සඳහා සෙනෙගාලය හොඳ උදාහරණයකි.

විදුළි රැහැන් රටපුරා අදින්නට නොහැකි තරම් විශාල රටක් වූ සෙනෙගාලයේ ඇතිවී තිබෙන පරිසරය පිළිබඳ කතිකාවක් ආරම්භ වී ඇත්තේ වසර ගනනාවකට පෙර සිටය. ඒ නිසාම ඒ මිනිසුන් ගේ එදිනෙදා රාජකාරි සහ වැඩ කටයුතු සඳහා අවශ්‍ය විදුළි බලය වේගයෙන් පුනර්ජනනීය බලයෙන් ඉටු කර ගැනීම සිදුවේ. හැකිතාක් විදුළි බලය වැඩි කර ගැනීමට ජනතාව උනන්දු කිරීම රජයෙන් සිදු වේ. ඒ සඳහා අවශ්‍ය පිළිබඳ අවවාද සහ දත්ත මධ්‍යම විදුළි අධිකාරයෙන් සොයා ගත හැක. 

කෙන්යාව තවත් උදාහරණයක් වන අතර විශාල සේ පුනර්ජනනීය විදුළි බල ශක්තිය වේගයෙන් ව්‍යාප්ත වේ. එහි අගනුවර වන නයිරෝබි නගරයේද, එකෙන් එක විදුළි වාහනය වැඩිවන බවක් පෙනී යයි. තවත් පියවරක් ඉදිරියට තබන ඊජිප්තුව ඔවුන්ගේ  දැවැන්ත සුළං මෝල් සංකීර්ණයේ හැපෙන සංචාරක පක්ෂීන් ආරක්ෂා කිරීම අවධාරණය කරයි. ඒ අනුව ඔවුන් රේඩාර් පද්ධති භාවිතා කර මෙන්ම, එම සුළං මෝල් විවිධ වර්ණයන් ගෙන් ආලේප කරමින් පක්ෂීන් ආරක්ෂා කරති.

මේ එක උදාහරණයකට හෝ අකුල් හෙලීමක්, අවසාන තීරණයක් ගැනීමක් මධ්‍යම රජයකින් වන්නේ නැත. ඒ නිසා පරිසරය විෂයේ ශුභවාදී පිළිවෙතක් එම අප්‍රිකාණු රටවල් වල පවා ඇති වී තිබේ. වඩාත් පරිසරය ගැන උනන්දු වන යුරෝපය සහ ඇමරිකාව මෙන්ම අප්‍රකට යයි පෙනෙන අනෙකුත් රටවල් වලද පරිසරය ආරක්ෂා කර ගැනීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙන බව මින් පෙනී යයි.

මේ බොහෝ රටවල් වලට සාපේක්‍ෂව පරිසරය ආරක්ෂා කර ගැනීමේ සංකල්පයක්, ලංකාවේ නැති බව දැකීම අවාසනාවට කරුණකි.  

නූතනයේ ඇතිව තිබෙන කොරෝනා වසංගතය සමඟ වෙන කිසි දිනෙක ඇති නොවූ පරිසරය ආරක්ෂා කර ගැනීමේ උනන්දුවක් ඇමරිකාවේද ඇතිවී තිබෙන බව පහත ප්‍රවෘත්තියෙන් පෙනී යයි.  කැලිෆෝනියාව ඉන් ප්‍රධාන තැනක් ගනී. 

නව ගෑස් ස්ථාන තහනම් කිරීමට කැලිෆෝනියාවේ “පෙටලූමා නගර සභාව” ඒකමතිකව පියවර ගත් අතර, පවතින ස්ථානවලට නව ගෑස් පොම්ප එකතු කිරීමට ඉඩ නොදේ. නමුත් ඔවුන්ට විදුලි ආරෝපිත ස්ථාන එකතු කළ හැකිය. දැනට පවතින ගෑස් මධ්‍යස්ථාන පෙටලූමා හි වසා දමා නොමැති වුවද, කෙමෙන් ඒවා වසා දමන බවට මෙය ඉඟියක් විය හැක.

විදුලි වාහන භාවිතය වේගවත් කිරීම මෙහි සැලසුම වන අතර 60,000 ක් පමණ ජනගහනයක් සිටින පෙටලූමා නගර සභාවට එහි දැනට පවතින ගෑස් මධ්‍යස්ථාන 16 ප්‍රමාණවත් යැයි හැඟේ. … “මෙහි අරමුණ පොසිල ඉන්ධන වලින් ඉවත් වීම සහ එය හැකි තරම් පහසු සේ කිරීම ය”… “මේ වන විට අපට අවශ්‍ය වන්නේ විද්‍යුත් වාහන චාජර් එකතු කර මිනිසුන්ට භාවිතා කළ හැකි තවත් ඉන්ධන ප්‍රභවයක් නිර්මාණය කිරීමයි” … සේ ඔවුන් කියයි. 

නගරයේ පාලනය මගින්, මහජන විදුළි වාහන ආරෝපණ මධ්‍යස්ථාන වල යටිතල පහසුකම් සැලසුම් කිරීමට යන්නේ ය. 2030 වන විට පෙටලූමා නගරය සඳහා හරිතාගාර වායු කාබන් උදාසීනත්වය 2030 වසරේ ලබා ගැනීමේ සැලැස්මක් පෙටලූමා නගරය විසින් දියත් කර ඇත. එය පසුගිය මාසයේ සම්මත විය. මේවා කිසි දෙයකට මධ්‍යම රජයෙන් අකුල් හෙලීමක් නැත. 

අසල්වැසි, ප්‍රාදේශීය කණ්ඩායම් සහ තේරී පත් වූ නිළධාරීන්ගේ පොසිල ඉන්ධන ඉවත් කිරීමේ ප්‍රයත්නයන් සහ පිරිසිදු බලශක්ති විසඳුම් වේගයෙන් සොයා ගැනීම” ලෙස විස්තර කෙරෙන, “SAFE Cities” නමින් වැඩසටහනක් පවත්වාගෙන යන පාරිසරික කණ්ඩායමක් වන “Stand earth” හි සහයෝගය පෙටලූමාට තිබුණි.

එහි අධ්‍යක්ෂ මැට් ක්‍රෝග්, පෙටලූමා නගරයේ ප්‍රාදේශීය පාලකයන් ගැන පැවසුවේ “ ඇත්ත වශයෙන්ම එය දේශපාලන ධෛර්යය” පෙන්වීමක් බවය.

පෙටලූමා රෝපණය කලේ පරිසරය ආරක්ෂා කර ගැනීමේ පළමු බීජයක් වන අතර බොහෝ නගර ඔවුන් අනුගමනය කරන බවක් පෙනී යයි. පළමුව කැලිෆෝනියාවේ සහ පසුව වොෂිංටන් වැනි වෙනත් එක්සත් ජනපද ප්‍රාන්ත මේ ක්‍රමය ඇති කිරීමට යති. උදාහරණයක් ලෙස කැලිෆෝනියාවේ, “සොනෝමා ප්‍රාන්තයේ” සහ ඊට අයත් නගර නවයේ ගෑස් මධ්‍යස්ථාන අලුතෙන් ආරම්භ කිරීම තහනම් කිරීමට නව ගෑස් ස්ථානවලට එරෙහි සන්ධානය [Coalition opposing new gas stations – CONGAS]  කටයුතු කරයි.ලෝකය ගල් අඟුරු සහ අනෙකුත් පොසිල ඉන්ධන වලින් මිදී හරිත බලශක්තිය දෙසට ගමන් කරනවා සේම, ඇමරිකානු නගර ද පෙටලූමා නගරයේ අඩිපාරේ යමින් විදුළි වාහන සංඛ්‍යාව ඉහළ දමති. ICE හෙවත් අභ්‍යන්තර දහන මෝටර් රථ ප්‍රමාණය පහත වැටෙන විට ප්‍රමාණවත් තරම් ආරෝපිත ස්ථාන ඇති බව තීරණය කරයි.

ආරෝපණ මධ්‍යස්ථාන ගණන වැඩි වන අතර පෙට්‍රල් පිරවුම් මධ්‍යස්ථාන ගණන හැකිලෙනු ඇත. එය ඇමරිකාවේ සෙනෙගාලයේ හෝ ඊජිප්තුවේ පමණක් නොව එය ලෝකයේම ප්‍රවණයතාවයක් වී ඇත්තේය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: