මුදල් කොල භාවිතයේ අවසානය


ලෝකය වෙනස් වේ. එය පොදු ධර්මතාවයකි. මුදල්ද ඊට යටත්ය.

ස්ථාන දෙකක ඇති භාණ්ඩ දෙකක් හුවමාරු කර ගැනීම අතීතයේ සිදු විය. ලංකාවේ වුවද වැදී ජනතාවට අවශ්‍ය වූ ලුනු සහ තුන පහ යනාදිය ලබා ගැනීමට ඔවුන් යාබද ගම් වාසීන් සමඟ දඩ මස් හුවමාරු කරගත්හ. ගැමි ජීවිතයේ, ‘අත්තමට වැඩ කිරීම’ යයි ක්‍රමයක් තිබිණ. එනම් එක් ගොවියෙක්ගේ කුඹුරු වැඩ කිරීමට තවත් කෙනෙක් ස්වේච්චාවෙන් ඉදරිපත් විය. පසුව මුල් පුද්ගලයා දෙවැන්නාට සහයෝගය දුන්නේය.

ලෝකයේ බොහෝ ස්ථාන වල ශ්‍රම හුවමාරුව මෙන්ම භාණ්ඩ හුවමාරුවද සිදු වූ බවට සාක්ෂි ඇත. එහෙත් ලෝකය සංකීර්ණ වනවිට වඩාත් පහසු, “මුදල” නම් ඒකකයකට ශ්‍රමය සහ භාණ්ඩ විකිණීමට පසුව පෙරළිණි. මුදල මුල් කාලයේ රන් රිදී කැබලි, වහළුන් හෝ මුතු මැණික් මෙන් දේවල් විය. පසුව එය ආණ්ඩුවක් වැනි කිසියම් ආයතනයක් මගින් පිළිගත් ලියවිල්ලක් බවට පත්විය.

ඒවා මුදල් කොල සේ හැඳින් විය. පසු කලෙක බැංකු ඇතිවී ඒ කොළ මුද්‍රණය ආරම්භ විය. එහෙත් ඒ කොළ හිතුමතේට මුද්‍රණය කිරීම නොකෙරිණ. එසේ කලහොත් ඒ මුදලේ වටිනාකම අඩු වී යනු ඇත. උදාහරණයක් සේ පාන් ගෙඩියක් රුපියල් සීයක් නම්, එය පසුව රුපියල් දෙසීයක් වනු ඇත. බැංකුව සතු රත්තරන් සංචිතයට අනුකූලව මුදල් නෝට්ටු මුද්‍රණය මුල් කාලයේ සිදු විය. වර්තමානයේ එය වඩා සංකීර්ණ වී ඇත.

එහි අවාසනාවන්තම තත්වය වන්නේ, මූල්‍යමය පාලනයකින් තොර, දූෂිත රටක ඇතිවන මුදල් කොළ මුද්‍රණය වේ. සිම්බාබ්වේ එක උදාහරණයකි. එහි පොදු කියමනකි. … “පාන් ගෙඩියක් ගන්නට මුදල් කෙනෙකුට නැති විය හැක – එහෙත් ඔහුට බිලියනපතියෙක් වීම වඩා පහසුය”… 

ලංකාවේද නූතන කාලයේ බොහෝ මුදල් නෝට්ටු මුද්‍රණය විය. එමගින් වන හානිය අවම කර ගත හැකි සරළ ක්‍රම දෙක වන්නේ, දුරදර්ශී මූල්‍ය දැනුමක් භාවිතය සහ රටේම ඒ ඒ අවශ්‍ය දේ නිෂ්පාදනය කර ගැනීමය. එවිට වන්නේ, රටට මුදල් බාහිරින් ලැබීමය.  මේ පසු කී දේ ගැන යමක් කිව යුතුය. එක්තරා රටක අන්තර්ජාතික දැවැන්ත වෙළඳපොළ ජාලයක නොයෙක් රටවල් වලින් නිෂ්පාදනය කරන ආහාර ඇති රාක්ක සමූහයකි.

ඉන්දියා කොටසේ ඒ රාක්ක 5ක් , පකිස්ථාන කොටසේ ඒ රාක්ක 2 ක්, පිලිපීන කොටසේ ඒ රාක්ක 4ක් තිබිණ. ලංකාව වෙනුවෙන් ඉහත කී රාක්ක කීයක් තිබුනේද යයි ඔබ සිතන්නේද?

ඔවුන් විකිණු සියළුම දේවල් ලංකාවේ බහුලව සොයා ගත හැකිදේ විය. උදාහරණයක් සේ අඹ සහ වරකා මදුළු වේලා පැකට් කර තිබිණ. මෙය විශේෂයෙන් පිලිපීනයේ සකස් කරන දෙයකි. ලංකාව වෙනුවෙන් තිබුනේ එක රාක්කයක් පමණි. එයද පිරී තිබුනේ භාගයක් පමණි. මුදල් කොළ භාවිතයේ අවසානය යන මාතෘකාවෙන් පිට පනින හෙයි,න් එය මීට වඩා විස්තර කිරීමේ තේරුමක් නැත. නමුත් එහි වක්‍ර පණිවිඩයක් ඇත.

එනම්, අපේ මුදලට වැඩි අගයක් ලබා ගත හැකි එක වැදගත් ක්‍රමයක් වන්නේ ලංකාවේ නිෂ්පාදන වැඩි කිරීමෙන් යන්නය.        

ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ දියුණුව මෙන්ම සෞඛ්‍යාරක්ෂක හේතුන් නිසා මෙම “මුදල” හෙවත් “මුදල් කොල” භාවිතය ලොවෙන් වේගයෙන් තුරන් වී යන බවක් පෙනී යයි. කාර්මික විප්ලවය ආරම්භ වූ ප්‍රධානම රටක් වන එක්සත් රාජධානියේ මේ ප්‍රවණතාවය විශාල වේ. ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට 2026 වසර වන විට, එනම් තවත් වසර පහකින් බ්‍රිතාන්‍ය සමාජයේ මුදල් කොල භාවිතය මුළුමනින්ම නැතිවී යනු ඇත.

කොරෝනා වසංගතය නිසා සිදු වූ හොඳ දේවල්ද ඇත. එකක් නම් කාබන් විමෝචනය අඩු කිරීමය. තවත් දෙයක් නම් සම්පත් වැඩියෙන් අවශ්‍ය වන ප්‍රවාහන ක්‍රම සහ බල ශක්ති ක්‍රම අඩු වීමය. මේ මාතෘකාවට අදාළව නම් වඩාත් සම්පත් භාවිතා කර මුද්‍රණය කල යුතු මුදල් කොළ භාවිතය අඩු වීමය. ඒ අඩුවීමට හේතුව වූයේ, මුදල් කොළ හරහා වෛරසය සංසරණය වන බව වෛද්‍ය විශේෂඥයන් සොයාගත් හෙයිණි.

එලෙස කොරෝනා වසංගතය මුදල් භාවිතය පහත වැටීම වේගවත් කිරීමත් සමඟ මුළු ලෝකයේම මුදල් කොළ භාවිතයේ අඩුවක් සිදු විය. උදාහරණයක් සේ 2020 දී එක්සත් රාජධානියේ කාඩ්පත් හිමියන්ට ලබා ගත හැකි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාවේ 10% ක අඩුවීමක් දක්නට ලැබුණි.

බ්‍රිතාන්‍ය තරුණ තරුණියන් මෙහි පුරෝගාමීන් වූ බවක් පෙනේ. එයට හේතුව වන්නට ඇත්තේ සාපේක්ෂ වශයෙන් ඔවුන්ට වැඩියෙන් ඇති පරිඝනක සාක්ෂරතාවය සහ ස්මාර්ට් දුරකථන භාවිතයේ ඇති හැකියාව වන්නට ඇත. එංගලන්තයේ තරුණ තරුණියන්ගෙන් සියයට 41 ක් කියා සිටියේ ඔවුන් ගෙවීම් සඳහා ‘ඇප්ස්’ වෙත මාරු වී ඇති බවයි.එය පෙර වසරට වඩා 22% වැඩි වීම විශේෂයකි.

දුර ගමන් දුම්රිය ක්‍රියාකරුවෙකු විසින් එක්සත් රාජධානියේ, “අවන්ති වෙස්ට් කෝස්ට් සමාගම” පවසා ඇත්තේ, සංචාරකයින්ට කඩදාසි ටිකට් පත් භාවිතා කිරීමෙන් වැළකී සිටීමට ස්මාර්ට් කාඩ් භාවිතා කල හැකි බවය. අවන්ති වෙස්ට් කෝස්ට් පවසා ඇත්තේ කඩදාසි ටිකට් පත් භාවිතා නොකිරීමට නව ස්මාර්ට් පද්ධතිය හඳුන්වා දුන් බවයි. ටිකට්පත් අන්තර්ජාලය හරහා මිලදී ගත හැක.

පසුව අවන්ති කාර්ය මණ්ඩලය විසින් භාවිතා කරන අත් උපාංගයක් භාවිතයෙන් දුම්රිය ස්ථානයකදී පාරිභෝගිකයාගේ මුදල් කපා ගනු ලැබේ.

ස්මාර්ට් කාඩ්පත හඳුන්වාදීම මඟින් දුම්රිය භාවිතා කරන්නන්ට සාම්ප්‍රදායික කඩදාසි ටිකට් පත් වලින් ඉවත් වීමට තවත් විකල්පයක් ලබා දෙන අතර එය අපද්‍රව්‍ය කපා හැරීමට ද උපකාරී වේ. වෙන එකක් තබා ලංකාවේ වුවද මුදල් කොළ භාවිතයේ අඩුවීමක් දැකිය හැක. එය ඉතා හොඳ ප්‍රවණතාවයක් වේ. කෙසේ වුවද මේ ප්‍රවනතාවය වැඩිහිටියන් අතර අඩු වේ. පහසුවෙන් තොරතුරු ලබා ගත හැකි බ්‍රිතාන්‍ය සමාජයෙන් මෙයට උදාහරණ ලැබේ.

එනම් බ්‍රිතාන්‍යයන් මිලියන දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ දෛනික ජීවිතයේදී, මුදල් කොළ මත මුළුමනින්ම රඳා පවතින බව සොයාගෙන ඇත. විශේෂයෙන් මහලු අය, අවදානමට ලක්විය හැකි සහ ග්‍රාමීය ප්‍රජාවන්හි ඒ අය තවමත් වැඩි වේ. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර යන්ත්‍රවල සංඛ්‍යාව අඩුවීම වළක්වා ගැනීම සඳහා සාප්පු වලින් මුදල් එකතු කිරීම කලින් ඇණවුම් කිරීමට මෙය මිනිසුන්ට ඉඩ දෙයි.

යුරෝපය ගත් විට, “රුමේනියාව” මුදල් කොළ මත වැඩිපුරම විශ්වාසය තබා ඇත. සියළුම ගෙවීම් වලින් සියයට 78 ක් තවමත් භෞතික මුදල් කොළ භාවිතා කරන අතර රටේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් (සියයට 42 ක්) බැංකු රහිතව ජීවත් වේ. ගනුදෙනු වලින් සියයට 63 ක් පමණ සිදුකරන ඊළඟ යුරෝපීය රට බල්ගේරියාව වන අතර ඉන් පසුව යුක්‍රේනය (සියයට 60) වේ. මුදල් කොල මගින් ගෙවීම් වලින් අඩුම ප්‍රතිශතයක් හිමි රට වන්නේ නෝර්වේ ය.

ඇපල් පේ [Apple Pay ] (මිලියන 507 භාවිතා කරන්නන්), ගූගල් පේ [Google Pay] (මිලියන 39 භාවිතා කරන්නන්) සහ සැම්සුන් පේ [Samsung Pay] (මිලියන 51 භාවිතා කරන්නන්) එක්සත් රාජධානියේ සහ යුරෝපයේ වඩාත්ම ජනප්‍රිය ගෙවීම් යෙදුම් වන අතර, සමස්තයක් ලෙස වඩාත්ම සාර්ථක වන්නේ ඇලිපේ [Alipay] ය. Alipay වැඩියෙන්ම භාවිතා වන්නේ චීනයේය.

මුදල් යන්ත්‍ර අඩු වී තිබියදීත් බොහෝ අය තවමත් කඩදාසි ගනුදෙනු කරමින් සිටින නිසා මෙන්ම ඉලෙක්ට්‍රොනික ගනුදෙනු වලට අකමැති අය සිටින හෙයින් මෙම මුදල් කොළ භාවිතය තවත් කාලයක් ලෝකයේ පවතිනු ඇත. නමුත් මුදල් කොළ රහිත සමාජයක් අනාගතයේ ඇතිවීම වැළැක්විය නොහැක. පොල් කඩන හරමානිස් අයියා සහ චුන් පාන් මල්ලි වැඩි කලක් නොගොස් ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරනවා ඇත.

ලෝකය යන අතට සුභවාදීව ඒ ප්‍රවණතාවයන් ඇති වන විටකදී එයට පෞද්ගලිකවද යොමු වීම අපට කල හැකි දෙයකි. එය පවතින ආණ්ඩුවක් මගින් හෝ බැංකු මගින් කෙරෙන්නට පෙර පහසුවෙන් ඊට අනුගත විය හැක. එහි වාසි බොහෝය.

විෂබීජ ව්‍යාප්ත නොවේ. සොර සතුරන්ට ගත නොහැක. නොදැනුවත්වම වියදම් වන මුදලේ වාර්ථාවක් ගොඩ නැගේ. එපමණක් නොව බොහෝ රටවල් වල මුදලින් නොමැතිව ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් යමක් මිළට ගන්නා විට ඒ භාණ්ඩයේ මිළද අඩු වේ. 

https://www.facebook.com/photo.php?fbid=10160526267766729&set=a.140146881728&type=3&notif_id=1614569560686140&notif_t=feedback_reaction_generic&ref=notif

One thought on “මුදල් කොල භාවිතයේ අවසානය

Add yours

  1. ගිය වසරේ ජූලි මාසයේ ඉඳලා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සුපර් මාර්කට් ජාලයක් වන වූල්වර්ත්ස්/සේෆ්වේ සමාගමේ සුපර් මාකට් 11 ක් “මුදලින්” ගණුදෙනු කල නොහැකි වෙළඳ ආයතන බවට පත් කළා. එනම්, බඩු වලට ගෙවීම ”මුදලින්” කල නොහැකි ලෙසටත්, බඩු ගැනීමෙන් පසු cash out (බඩු වලට කාඩ් පතකින් ගෙවා, ඊට අමතරව මුදල්නෝට්ටු ලබා ගැනීම) පහසුකම නොලැබෙන ලෙසටයි. අත්හදා බැලීමේ පදනම මත සිඩ්නි හා මෙල්බන් සුපිරි වෙළඳසැල් 11ක මේක ක්‍රියාත්මක කළා. ඒ මොන මොන සුපිරි වෙළඳ සැල් ද, ඒ ක්‍රමය තවදුරටත් ව්‍යාප්ත කලාද කියලා මට දැනුමක් නැත්තේ, මමත් “මුදල්” ගනුදෙනු නොකරන නිසයි.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: