වාහන විත්ති 448 – හයිඩ්‍රජන් ඉන්ධන වාහන

                                                        


අවශ්‍ය දේ රටට නොගෙනීම සහ අනවශ්‍ය දේ රටට නොගෙනීම සඳහා ලංකාව තරම් මුග්ධ රටක්, අදත් ඊයෙත් මේ ලෝකයේ නොතිබිණ.

උදාහරණයක් සේ වසංගතයක් මෙන් පැතිර ඇති ත්‍රී වීලය රට පුරා පැතිර යෑම මෙන්ම ඒ සඳහා කුමක් හෝ වීල් හතරේ ආදේශකයක් ඇති කිරීමට අප මෙතෙක් අපොහොසත් වී ඇත්තෙමු. ත්‍රී වීල පදවන්නාගේ හැකියාවටත් වඩා එය අනාරක්‍ෂිත බව දැකිය හැක. මේවා ගැන අනෙක් රටවල් දක්වන සෘණ ආකල්පය කොතෙක්ද යත්, ලංකාවේ ඒක පුද්ගල ආදායමට වඩා [තවමත්] අඩු ඉතියෝපියාවේ සහ උතුරු සුඩානයේ අගනුවරවල් වන අඩිස් අබාබා සහ කාර්ටුම් නගර වල ත්‍රී වීල තහනම් වේ.

ත්‍රී වීල හදන ඉන්දියාවේද මේවා කෙමෙන් කෙමෙන් පාරවල් වලින් ඉවත් වෙමින් යයි.

රටට අනාගතයේ එන්නට හැකි හයිඩ්‍රජන් වාහන වල නියම තත්වය සොයා බැලීම වටින්නේ මෙහෙයිනි. මුහුද හත් ගව්වක් තියා අමුඩ ගැසීම කල යුතු නැති වුවද, ලංකාව පිහිටා ඇති ඉන්දියන් සාගරයට එය අදාළ නැත. 

මක්නිසාදයත්, … “ඔක්සිජන් කන්නද?… යයි අහන දේශපාලනඥයන් සිටින රටක,… කොරෝනා වලට පැණි බොන දේශපාලනඥයන් මෙන්ම මිනිසුන් ඇති රටක,… ලවක් දෙවක් නැතිව වන විනාශය නැවැත්වීමේ අදක්ෂ පරිපාලනයක් ඇති රටක, … අලි මරන්නට ගොවීන්ට තුවක්කු දෙන රටක,… පරීක්‍ෂණ, නිරීක්ෂණ, නිගමන සහ විද්‍යාත්මක නිර්ණායක වලට තැනක් නැති හෙයිණි.

ඒ අය මේ ටික පමණක් බලන්න…. “විශාල පීඩනවලදී, කාන්දු වීම ගැටලුවක් වේ. හයිඩ්‍රජන් මගින් හුස්ම හිරවීම සිදුවීම වන අතර, වාතයේ බරෙන් 1/14 ක් වන වායුවකි. ක්ෂණිකව චලනය වේ. ඉහළ ගිනි අවුලුවන පරාසයක් සහිත මිශ්‍රණයක් සියයට 4 සිට 75 දක්වා පරාසයක විහිදේ, ඉතා අඩු ජ්වලන ශක්තියක් ඇතිව වහා ගිණි ගන්නා එය, ඉහළ දහන ශක්තියක් සහ ආසන්න සෙන්ටිග්‍රේඩ් අංශක 2000 ට ළඟා විය හැකි අදෘශ්‍යමාන දැල්ලක් ඇති කරයි”….

සම්ප්‍රදායික වාහන නිෂ්පාදන ආයතන සහ ඒවායේ ඒජන්ත වරුන්ට දැඩි පීඩනයක් එල්ලවී ඇත්තේ, අවම නඩත්තුවක් ඇති සම්පූර්ණ විදුළියෙන් ක්‍රියාත්මක වන වාහන වේගයෙන් ජනප්‍රිය වීම හෙයිණි. එසේ හෙයින් ඔවුන් තම ඒකාධිකාරය පවත්වා ගැන්මට, ෆොසිල ඉන්ධන වාහන වලට සමාන හයිඩ්‍රජන් වාහන ආනයනය කරන්නට ඉඩ ඇත. අවශ්‍ය වන්නේ අදිසි දූෂිත දේශපාලන හස්තයක් පමණි. 

බලශක්ති ප්‍රභවයක් ලෙස හයිඩ්‍රජන් භාවිතා කිරීමට පක්ෂව ඇති තර්ක වන්නේ, විශ්වයේ බහුලම වායුව, දහනය කිරීමෙන් ජලය පමණක් මුදා හැරීම යන්නය.

එහෙත් හයිඩ්‍රජන් පෘථිවියේ නිදහස් ස්වරූපයෙන් කිසිදු ප්‍රයෝජනවත් ප්‍රමාණයකට නොපවතී. සෑම අණුවක්ම නිෂ්පාදනය කළ යුතු අතර ලාභම හා වඩාත්ම පුළුල් ක්‍රමය වන්නේ ස්වාභාවික වායුව වාෂ්ප කිරීමයි. [steaming natural gas] භාවිතා කරන තාක්‍ෂණය මත පදනම්ව, මෙම වාෂ්ප ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රතිඵලයක් ලෙස හයිඩ්‍රජන් නිපදවන ප්‍රමාණයට වඩා සියයට 33 ත් 50 ත් අතර ශක්තියක් අවශ්‍ය වේ.

අතුරු නිෂ්පාදනයක් ලෙස ඉන් විශාල කාබන් ඩයොක්සයිඩ් නිපදවයි. සියයට 20-30 අතර අවශේෂ විමෝචන හේතුවෙන් එය වර්තමානයේ “ශුන්‍ය කාබන් වලට ආසන්න නොවේ”.

හයිඩ්‍රජන් ලබා ගැනීමේ විකල්ප ක්‍රියාවලිය වන ජලය විද්‍යුත් විච්ඡේදනය කිරීම  මිල අධික වේ. ලබාගත් හයිඩ්‍රජන් බලශක්ති වටිනාකමට වඩා සියයට 20-30 අතර වැඩි ශක්තියක් ඊට අවශ්‍ය වේ. එය පුනර්ජනනීය ක්‍රම වලින් පමණක් ලබා ගන්නේ නම්, එහි කාබන් විමෝචනයක් නැති බව පැහැදිළිය. එය නිෂ්පාදනය කිරීමට හා ප්‍රවාහනය කිරීමට භාවිතා කරන විදුලි බලයේ ශුද්ධ පිරිවැයට වඩා සෑම විටම වැඩි පිරිවැයක් දැරීමට සිදුවේ.

විදුලිබල ඉල්ලුම ඉක්මවා යන විට සුළං මෝල් නවත්වා තබනවාට වඩා විද්‍යුත් විච්ඡේදනය මගින් හයිඩ්‍රජන් නිෂ්පාදනය කිරීම කෙරේ. 

හයිඩ්‍රජන් බලශක්ති ගබඩා කිරීම සඳහා මාධ්‍යයක් ලෙස සැලකේ.

අඩු විදුලි ඉල්ලුමක් පවතින කාලවලදී බාධා නොවී හයිඩ්‍රජන් තැනිය හැක. සුළං යටිතල පහසුකම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඉඩ දීමෙන් විදුලිබල ජාල ස්ථායිතාවයට තාක්‍ෂණයට සහාය විය හැක. එනම් අඩු ඉල්ලුමකදී නවත්වා සුළං මෝලක් නවත්වා තබනවාට වඩා ඒ අවස්ථාවේ හයිඩ්‍රජන් නිෂ්පාදනය කිරීමද, වැඩි ඉල්ලුම පැමිණි විගස, ක්ෂණිකව මෝලේ බලය විදුළි පද්ධතියට සම්බන්ද කල හැක.  

ලෝකයේ විශාලතම අක්වෙරළ සුළං ගොවිපල [offshore wind farm] වන 2022 දී එංගලන්තයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් 1.4GW බලයක් ගෙන දෙන “හෝර්න්සියා 2” නම් වූ බලාගාරය ‘හරිත’ හයිඩ්‍රජන් නිපදවයි. මෙවැනිම ව්‍යාපෘති කිහිපයක පළමු වැන්න වන ඇබර්ඩීන් සිට කිලෝමීටර් 15 ක් ඈතින් පිහිටි 2MW බලය ජනනය කරන “ඩොල්ෆින් පාවෙන සුළං බලාගාරයද”, සුළං වලින් කෙලින්ම හයිඩ්‍රජන් නිපදවනු ඇත.

එය මගින් 2024 වසරේ සිට නල මාර්ගයක් හරහා පමණක් හයිඩ්‍රජන් වෙරළට ගෙන එනු ඇත. එහි ජාතික විදුලි පද්ධතිය සමඟ සම්බන්ධතාවයක් නොමැත.

හයිඩ්‍රජන් හී කිලෝග්‍රෑමයකට කිලෝවොට් පැය 33 ක ශක්ති ඝනත්වයක් ඇත. එනම් හයිඩ්‍රජන් ද්‍රව අවස්ථාවේ ඇති විට පමණි.

මෙය පෙට්‍රල් සමඟ [13 kWh / kg] හා ඩීසල් [12.6kWh / kg] සමඟ සසඳන විට දෙගුණයටත් වඩා වැඩි වේ. කෙසේ වෙතත්, අඩු පරිසර උෂ්ණත්වයකදී ඇති ඝනත්වය නිසා, බාර් 700ක් යටතේ සම්පීඩනය කරන විට හයිඩ්‍රජන් බලශක්ති ඝනත්වය ලීටර් එකකට 1.4kWh පමණක් වේ. පෙට්‍රල් ලීටරයට හා ඩීසල් ලීටරයට සාපේක්ෂව මෙම අඩු ශක්ති ඝනත්වය මත හයිඩ්‍රජන් අභ්‍යන්තර දහන එන්ජින් වල භාවිතය අකාර්යක්ෂම වේ.

හයිඩ්‍රජන් යනු අඩු ඝනත්ව වායුවක් වන අතර අතිශයින්ම සැහැල්ලු නිසා වායුගෝලීය පීඩනයේදී එහි කිලෝග්‍රෑම් 1 ක් ගබඩා කිරීම සඳහා දළ වශයෙන් මීටර් 3 සිට මීටර් 2 සිට මීටර් 2 දක්වා ටැංකියක් අවශ්‍ය වේ.

එය කුඩා මෝටර් රථයක ප්‍රමාණය පමණ වේ. එබැවින් එය සම්පීඩනය කළ යුතු අතර ඒ සඳහා විශාල ශක්තියක්, වියදමක් සහ යටිතල පහසුකම් අවශ්‍ය වන අතර ඒ සියල්ල සමස්ත බලශක්ති ක්‍රියාකාරිත්වයටම බලපායි. අද ලබා ගත හැකි සාමාන්‍ය FCEV මෝටර් රථයකට හයිඩ්‍රජන් කිලෝග්‍රෑම් 5 ක් සමඟ සැතපුම් 400 ක පරාසයක් ළඟා කර ගත හැක. එය වායුගෝලීය පීඩනය මෙන් 700 ගුණයක් යටතේ ගබඩා කර ලීටර් 125 ක ටැංකි ධාරිතාවක තබා ඇත. (මුහුදු පතුලේ ටයිටැනික් සුන්බුන් මත පීඩනය වායුගෝලීය පීඩනය මෙන් 416 ගුණයක් පමණි)

හයිඩ්‍රජන් ෆුවෙල් සෙල් විදුළි වාහනයක්, [FCEV]  ‘කිලෝ වොට් පැයක බල ශක්තියකින්’ කිලෝ මීටර් 2.85 ක් පමණක් ගමන් කරයි.

ඩීසල් සඳහා එය කිලෝ මීටර් 1.5ක්, පෙට්‍රල් සඳහා එය කිලෝ මීටර් 1.25ක් සහ සම්පූර්ණ විදුළි වාහනයක් සඳහා එය කිලෝ මීටර් 4 සිට 6.5ක් පමණ වේ. මෙන්න මෙතනදී සම්පූර්ණ විදුළි වාහනය අන් සියළු වාහන අභිබවා යයි. එසේ හෙයින් බර භාණ්ඩ වාහන, සඳහා හයිඩ්‍රජන් ඉන්ධන සෛල [FCEV] සඳහා අනාගතයක් පමණක් බොහෝ දුරට පවතිනු ඇත. එයද කිරීම සඳහා තද නීති රීති වලින් ආවරණය වන යටිතල පහසුකම් අවශ්‍ය වනු ඇත. එක්සත් රාජධානිය, ජපානය හෝ ස්කැන්ඩිනේවියානු වැනි රටක නම් ඒවා ප්‍රායෝගික වේ.

සමහර ෆුවෙල් සෙල් වාහන වලින් හයිඩ්‍රජන් කාන්දු වූ බව වාර්ථා වී තිබේ.

‘හරිත’ හයිඩ්‍රජන් බලශක්තියෙන් යුත් වාහන සඳහා කාර්යක්ෂමතාවයට විශ්ලේෂකයන් විසින් නිගමනයකට එළඹ තිබේ.

සුළං ටර්බයිනයෙන් විදුලිය විද්යුත් විච්ඡේදනය කිරීමේ ක්‍රියාවලිය මෙහිදී සළකා බලා ඇත. පළමුව මුහුදු ජලය පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය වන සැලකිය යුතු ශක්තිය නොසලකා හැර ඇත. විද්‍යුත් විච්ඡේදනය සියයට 75 ක් පමණ බලශක්ති කාර්යක්ෂම වේ. එවිට හයිඩ්‍රජන් සම්පීඩනය කර වෙරළට ප්‍රවාහනය කළ යුතුය. මෙය නල මාර්ගයෙන් සිදු කරන විට සියයට 90 ක් පමණ කාර්යක්ෂම වේ. බාර් 700 ක පීඩනයක් යටතේ මෝටර් රථයක් නැවත පිරවීමේදී ශක්තියෙන් සියයට 7 ක් පමණ අහිමි වනු ඇත.

FCEV වාහන වල හයිඩ්‍රජන් සරළ ධාරා විදුලිය නිපදවීමට සාමාන්‍යයෙන් සියයට 60 ක් දක්වා කාර්යක්ෂම වේ. වාහනයේ විදුලි මෝටරය ධාවනය කිරීමට සහ එහි අධි වෝල්ටීයතා බැටරිය ආරෝපණය කිරීමට සියයට 95 ක් පමණ කාර්යක්ෂම වේ. එබැවින් සමස්ථයක් ලෙස සුළං ටර්බයිනයේ සිට රෝදය දක්වා වූ ක්‍රියාකාරිත්වය සියයට 35 ක් පමණ බලශක්ති කාර්යක්ෂම හෝ අඩු වේ.

දැන් අපි මෙය සම්පූර්ණ විදුළි රථයක් සමඟ සංසන්දනය කරමු. එහිදී ඊට අවශ්‍ය බල ශක්තිය එකම සුළං මෝලකින් ලබා ගන්නේය යයි උපකල්පනය කරමු.

සුළං මෝලේ සිට බැටරියට බල සම්ප්‍රේෂණයෙන් සියයට 5 ක් පමණ ශක්තිය අහිමි වේ. මෝටර් රථයේ විශාල ධාරිතාවයකින් යුත් බැටරිය ආරෝපණය / විසර්ජනය කිරීමේදී තවත් සියයට 15 ක් අහිමි වන අතර විදුලි මෝටරය සියයට 95 ක් පමණ කාර්යක්ෂම වේ, එනම් 75% ක පමණ කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරයි. එය දැනට හයිඩ්‍රජන් ෆුවෙල් සෙල් වාහන [FCEV] වලින් ගත හැකි ප්‍රමාණය මෙන් දෙගුණයක් වේ. [- මූලාශ්‍ර :-  Late Prof David Mackay, “The climate change problem is an energy problem”.]

වොක්ස්වැගන් සමූහය [Volkswagen Group] බැටරි ගැන තද විශ්වාසයක් තබා ගෙන ඇත.  වොල්වෝ වැනි අනෙකුත් නිෂ්පාදකයින් විසින් තහවුරු කර ඇත්තේද විදුලි මෝටර් රථවල පිරිසිදු වන බවය. කිසිම ෆොසිල ඉන්ධන එන්ජිමක් ඇති වාහනයක පෙට්‍රල් ටැංකිය නැවත අලුතෙන් දමනවා ඔබ දැක තිබේද? හයිඩ්‍රජන් වාහන වල එසේ නැත. හයිඩ්‍රජන් පුරවන ටැංකිය එසේ හයිඩ්‍රජන් 4950 වතාවක් පිරවූ විට, එම ටැංකිය මාරු කල යුතුය. 

එබැවින් හයිඩ්‍රජන් ICE සහ FCEVs ප්‍රවාහනය ශුද්ධ ශුන්‍ය බල ශක්තියට සමීප වීමට හොඳ ආරංචියක් නොවේ. විද්‍යාඥයන් කියන්නේ, කිසිදු අපක්ෂපාතී ඉංජිනේරු විද්‍යාවක් හරහා හයිඩ්‍රජන් ඉන්ධන සෛල කාර් ප්‍රවාහන ජයග්‍රාහකයෙකු ලෙස නොපෙනෙන බවය.  

[මූලාශ්‍ර:- eandt websites, Elon Musk talks, Hyundai service manuals]

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: