එක භවයක සිත් පරම්පරාව ප්‍රතිසන්ධි සිතකින් ආරම්භ වී, චුති සිතකින් අවසාන වේ. මේ අතර ඇතිවන සිත් පරම්පරා කොතෙක්දැයි කියා ගණන් කර කිව නොහැක. එම ප්‍රතිසන්ධි චිත්තය විසින් ගත් අරමුණේ එල්බ පවතින චිත්ත පරම්පරාව නොබිඳ පැවතීමට ඉවහල් වන කෙළෙස් වලින් කිළුටු නොවූ ප්‍රභාෂ්වර සිත, “භවාංග සිත්” සේ හඳුන්වනු ලැබේ.
දැන් ඔබට ඉහත කතාව අවබෝධ වුනේද?
කටුක ඝෝරතර සංසාර සාගරයේ මේ නොනවතින ගමන හැකි ඉක්මනින් අවසන් කල යුතුය. අළුත් දෙයක් ඉගෙන ගන්නට ඕනා කමක් නැති කෙනෙක්ට මේ කතාව නීරස විය හැක. බුදුන් වහන්සේ සත්වයාට පිහිට වූයේ, ඒ, ඒ සත්වයන්ට නිවන අවබෝධ කර ගැන්මේ හොඳම ක්‍රමය දිවැසින් දකිමිනි.
චුල්ල පන්ථක තෙරුන්ට පිරිසිදු රෙදි කඩක් පිරිමදින්න කීවද, අංගුලිමාලට කිව්වේ, “මා නැවතී සිටිමි- තොප නැවතිය යුතුය”… කියාය. අංගුලිමාලට පිරිසිදු රෙදි කඩක් දී අතගගා ඉන්නවත්,… චුල්ල පන්ථක තෙරුන්ට “නවතින්න” කියා වදාළේවත් නැත. වීණා වාදකයෙක්ට අවවාද කලේ, සිතත් වීණාවේ තත් මෙන් මධ්‍යස්ථව ඇද තැබිය යුතුය සේය.
සාමාන්‍ය මිනිසුන් වූ අපට ඒ අවබෝධය කොහෙත්ම නැත. සසරෙන් ඉවත් වන්නට වෙර දරන එක එක පුද්ගලයා, දහම තමාට අවබෝධ වන අයුරෙන් ඉගෙන ගත යුතු වේ. එතැනින්ද අභිධර්මය ඉගෙන ගැනීම සසර ගමන් මඟ තවත් පහසු කර ගැනීමකි. අද දින බුදුන් වහන්සේ නැති හෙයින්, ඒ ඉගෙන ගැන්ම අප දන්නා දෙයකට සම්බන්ද කර ගැනීම අවබෝධය සඳහා පහසුවක් වේ.
අඩුම ගානේ කාර්මික ශිල්පියෙක් හෝ ඉංජිනේරුවෙක්ට මින් වැඩක් වෙනු ඇත. අභිධර්මය, ඉලෙක්ට්‍රොනික්ස් වැඩ කරන ආකාරය අනුව අවබෝධ කරගන්නට නොහැකිද කියා සිතේ. ඇත්තටම ඒ සිතිවිල්ල වැරදිය. එහි අනෙක් පැත්ත වඩා නිරවද්‍ය වේ. එනම්, “වීඩියෝ ඉලෙක්ට්‍රොනික්ස්” ඕනා නම් අභිධර්මය හරහා අවබෝධ කරගත හැක. පැහැදිළි කරන්න ඉඩ දෙන්න.
ඔබ රූපවාහිනී තිරය දෙස බලාගෙන සිටින විට, එක තත්පරයකට එහි පින්තුර 25 ක් වැටේ. ඒ එක පින්තූරයකට ‘ෆ්‍රේම් එකක්’ [Frame],.. [හෝ එක්ව ඇති ෆීල්ඩ් දෙකක් සේ] යයි කියයි. ඒ පින්තුරය, හරියට ලිපියක් ලියනවා මෙන් මෙන් පේලි, පේලි ලියා අත. එහි පේලි 625ක තිත් වලින් රූප ඇඳ ඇත. “බ්රුස්ලී” වැනි වේගවත්ව වැඩ කරන කෙනෙක්, තත්පරයකට ඒ පින්තුර 25ක් හෙවත් ෆ්‍රේම් 25ක් ඔබට පෙන්වන්නේය යයි සිතන්න. එවිට ඔබට පෙනෙන්නේ ඒ සියල්ල එක පින්තුරයක් සේය.
මක්නිසාදයත් ඒ පින්තුර පෙන්වීමේ වේගයට සාපේක්ෂව ඇස මන්දගාමී වීමය. ඒ එක පින්තුරයක් ඔබේ ඇසට නිරාවරණය වී තිබුනේ මිලි තත්පර 20ක කාලයකට වේ.
දැන් සිතක් යනු කුමක්ද ? බුදුන් වහන්සේ වදාළ පරිදි, ඉපිද නැතිව යන සෑම සිතකටම අවස්ථා තුනක් ඇත. ඒ “උත්පාද”, [ඇතිවීම], “තිථි”, [පැවතීම] සහ “භංග”, [නැතිවීම] යන අවස්ථා තුනයි. මේ එක අවස්ථාවක් හඳුන්වන්නේ කුඩා චිත්තක්‍ෂණයක් සේය. මේ ආකාරයේ සිත් දාහතකි. (17) කුඩා චිත්තක්‍ෂණ නම් 51 [17 x 3] කි. එයට මහා චිත්තක්‍ෂණයක් යයි කියයි. දැන් මේ මහා චිත්තක්‍ෂණයක් ඇති වීමට ගතවන කාලය කුමක්ද ?
ඒ ගැන ප්‍රමාණාත්මක මිම්මක් දී නැති වුවද, බුදුන් වහන්සේ වදාළා ඇත්තේ ඒ කාලය ඇසිපිය හෙලන මොහොතකින් කෝටියකින් එකකටත් වඩා අඩුය යන්නය. මහා චිත්තක්‍ෂණයක් ඇතිවී සමාප්ත වන විටම දෙවන මහා චිත්තක්‍ෂණය ඇති වේ. වීඩියෝ තාක්ෂණයේ ප්‍රේම් එකක අවසානයේ අනෙක් ෆ්‍රේම් එක ආරම්භ වෙනවා මෙනි.
මෙන්න මේ කාරණය නිසා, සිතක හට ගැනීම රූපවාහිනී තිරයේ එක ෆ්‍රේම් එකක් වැටෙන මිලි තත්පර 20 ට වඩා ඉතාමත්ම කුඩාය. ඇත්තටම සිතා ගන්නවත් නොහැකි තරම් කුඩා වේ. තව ටික කාර්මික සේ කීවොත්, වීඩියෝ සඥාවේ සරළ ධාරාවද, හර්ට්ස් 25 සිට මෙගා හර්ට්ස් 5.5 පමණ සංඛ්‍යාත ඇත. නමුත් මනස ඊට වඩා බොහෝ වේගවත්ය. ඒ නිසා, “වීඩියෝ ඉලෙක්ට්‍රොනික්ස් ඕනා නම් අභිධර්මය මගින් කියා දිය හැක” යයි කීවෙමි.
එනිසා වීඩියෝ ඉලෙක්ට්‍රොනික්ස් දන්නා කෙනෙක්ට අභිධර්මයේ චිත්ත වීථි අවබෝධ කර ගැනීම පහසු විය හැක.
උදාහරණයක් සේ විනාඩි 10 ක වීඩියෝ ප්‍රෝග්‍රෑම් එකක, “පලවන තත්පරය” සහ “අවසාන තත්පරය” ගන්න. එනම් ඒ ප්‍රෝග්‍රෑම් එකේ තත්පර 600ක් ඇත. ඉහත කී ෆ්‍රේම් නම් 15,000 ක් [600 X 25 = 15,000] මගින් වීඩියෝව නිර්මාණය විය. නමුත් ඒ එක එක ෆ්‍රේම් එකේ ඇත්තේ වෙනස් තොරතුරු වේ. දැන් මේ ෆ්‍රේම් එකේ පළවන ෆ්‍රේම් එක වන 1 සහ, අවසාන ෆ්‍රේම් එක වන 15,000 හරියට කෙනෙක්ගේ ජීවිතයේ මුල සහ අග වැනිය කීවොත් ඔබ පිළිගන්නේද ?
එනම් පලවන ෆ්‍රේම් එකේ ආරම්භයේ ඔහුගේ, “ප්‍රතිසන්ධි චිත්තය” වේ. “උපත” එහිදී සිදු විය. අවසාන 15,000 ස් වන ෆ්‍රේම් එකේ අවසානයේ, “චුති චිත්තය” විය. ඔහු මිය ගියේ එතැනදී විය. ඒ අතර ඇති වූ චිත්තයන් අපමණය. ඒ චිත්තයක් හරියට, “වීඩියෝ ෆ්‍රේම් එකක්” වැනිය. ඒ ෆ්‍රේම් එක ඇතුළෙත් සියුම් තව තොරතුරු තිබේ. අපි තව ටිකක් ඉදිරියට යමු. එක ෆ්‍රේම් එකක්, මේ ෆ්‍රේම් වැටෙන කාල රාමුවේ ස්ථිරව තැබීමට, ඒ සඳහා කාලය හා අනුරූප වන, “Synchronization signal” යයි කොටසක් එම ෆ්‍රේම් එකේම කොටසක් සේ ඇත.
එය හරියට බයිසිකල් චේන් එකක දුවන දැති රෝදය මෙනි. දැති රෝදයේ දැති ඇති නිසා එය ලිස්සා නොයයි. එසේම වීඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ එම සඥාව නිසා පින්තුර ක්‍රමානුකූලව තිරයේ පෙනී යයි. වීඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ එම සඥාව දුර්වල වන විට පින්තුරය ඉහළ පහළ යනවා ඔබ දැක ඇත.
එක ෆ්‍රේම් එකක, ඒ ආකාරයේ සඥා කොටසක් සහ වීඩියෝ තොරතුරුද ඇතුලත් වේ. වීඩියෝ තොරතුරු නැතුවද ඒ ෆ්‍රේම් එක සඥාව සමඟ පමණක් තිබිය හැක. එවිට ඒ වීඩියෝ තොරතුරු නැති ෆ්‍රේම් එකට Black සිග්නල් යයි කියයි. හරියට කැමරාවකින් පින්තුරයක් ලැබෙන විට, එහි ලෙන්සය හරහා ආලෝකය, එහි “ඉලෙක්ට්‍රොනික ඇසට” යන්න නොදී, “ලෙන්සය කැප් කළා” හෙවත්, එය වසා දැම්මා වැනිය. ලෙන්සය වැසුවා කියා කැමරාවෙන් එළියට සංඥාව නොගිහින් සිටින්නේ නැත.
එහෙත් එය කළු පැහැ පින්තුරයකි.
ඒ වීඩියෝ ප්‍රෝග්‍රෑම් එකක කළු පැහැ පින්තුර මෙසේ අභිධර්යේ කියවෙන “භවාංග සිත” වැනිය. එනම් තොරතුරු නැත. හුදෙක් වීඩියෝවේ පින්තුරය දිගටම ගෙන යන්නට අවශ්‍ය සඥාවකි. “ගත් අරමුණේ එල්බ පවතින චිත්ත පරම්පරාව නොබිඳ පැවතීමට ඉවහල් වන කෙළෙස් වලින් කිළුටු නොවූ ප්‍රභාෂ්වර සිත “භවාංග සිත්” සේ එය බුදුන් වහන්සේ වදාරා ඇත. “භවාංග සිත්’, ඒ කළු පැහැ වීඩියෝ පින්තුරය මෙනි.
මහා චිත්තක්‍ෂණය <–> වීඩියෝ ෆ්‍රේම් එකක්
මහා චිත්තක්‍ෂනය සැදී ඇති කුඩා සිත් 17 <–> ෆ්‍රේම් එක තැනී ඇති ෆීල්ඩ් දෙක ඇතුළත පේලි 625
ප්‍රතිසන්ධි සිත <–> වීඩියෝවේ පළවන ෆ්‍රේම් එකේ මුල
චුති සිත <–> වීඩියෝවේ අවසාන ෆ්‍රේම් එකේ අග
භවාංග සිත <–> Black signal [වීඩියෝ තොරතුරු නැත.]
අප කියූ වීඩියෝවේ අවසාන තත්පරය, එක භවයක අවසාන චිත්ත වීථිය සේ වේ. නමුත් චිත්ත වීථියක ඇත්තේ තත්පරයක වීඩියෝ එකක ෆ්‍රේම් 25ක් මෙන් නොව, චිත්තක්‍ෂණ 17කි. ඒවා “භවාංග සිත”, “භවාංග චලන සිත”,“භවාංග උපච්ච්චේදන සිත වේ”, “පංචද්වාරම්මන සිත” ,“චක්ඛු විඥාන” ,“ආරම්මණ විජානන සිත” ,“සම්පටිච්චන සිත” , “සන්තීර්ණ සිත” , “වොත්තපන සිත” “ජවන් සිත් 7” සේ පහල වේ.
PAL ආකාරයේ වීඩියෝ ෆ්‍රේම් එකක් ඇතුලත ඉරි 625 ක් ඇත. ඒ ඉරි සියල්ලේම, පින්තුර විස්තර නැත. එසේම මහා චිත්තක්‍ෂණය යන්න ඇතුලේද, සිත් 17ක වෙනත් විස්තර අත. ඒ එක එක සිත් වලින් විවිධ කටයුතු කරයි.
මෙය තාක්ෂණයේ හෝ විද්‍යාවේ බොහෝ තැන්වල එන ‘සාම්පල’ ක්‍රමය වේ. සාම්පලයේ ආරම්භය සහ අවසානය පැහැදිළිව අර්ථ දක්වා ඇත. එනම් සිත ක්‍රියා කරන්නේ “පැකට්” වශයෙන් හෝ “තොරතුරු ඒකක” සේ වේ.
විශ්මයකට මෙන් එය වසර දෙදාස් පන්සීයකට පෙර, බුදුන් වහන්සේ සිත් 89 ගැන සහ සිත් ඇති වන අයුරු පහදා ඇත්තේ මේ අයුරෙනි. පසුව එය කොපිකර අනෙක් තාක්‍ෂණ දියුණු කලේද යයි සැක සිතේ.
ඒවාත් ඉහත කී වීඩියෝ තාක්ෂණය භාවිතා කර මෙතනින් එහාටද ඔබට සිත් වැඩකරන ආකාරය ගැන උදාහරණ ඇසුරෙන් අවබෝධ කරගත හැක. ඉන් පසු ඉහත කී සිත් පරම්පරා ගැන වැඩිදුරටත් දැනගැනීමට, ගෞරවණීය තපෝවනයේ රතන තෙරුන් වහන්සේ, ගෞරවණීය කිරුලපනේ ධම්මජීව තෙරුන් වහන්සේ වැනි, ගරු කටයුතු බෞද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ දේශනා වලින් හැකිවනු ඇත.
මා උත්සාහ කලේ කාර්මික මනසක් ඇති කෙනෙක්ට අභිධර්මය ඉගෙන ගැනීමට මින් හැකිවේදැයි බැලීමය.
එසේ අවබෝධ නොවේ නම් වෙන ක්‍රමයකින් හෝ එය ඉගෙන ගැනීම මැනවි. මක්නිසාදයත්, කිසිම විද්‍යාඥයෙක්ට, දාර්ශනිකයෙක්ට අභිබවා යා නොහැකි එකම ‘අකාලික’ දෙය අභිධර්මයම වේ.
ලිපිය කෙටි වීමට ඒ කතාව මෙතනින් නවත්වා, බුදුන් වහන්සේ මොළය සහ හෘදය ගැන කුමක් වදාළේද යයි බලමු.
සිත් උපදින තැන් වලට “වස්තු” කියා කියනු ලැබේ. එවැනි වස්තු හයක් වේ. එනම් චක්ඛු, සෝත, ඝාන , ජිව්හා, කාය, හදය යනුවෙනි. මේ එක වස්තුවක කුසල් සිතත්, අකුසල් සිතත් යන දෙකම හට ගනී. ප්‍රතිසන්ධි සිතත් සමගම කර්මය නිසා හටගත් රූප කලාප තුනක් ලැබේ. එනම් “වස්තු දසකය”, “කාය දසකය”, “භාව දසකය” යන තුනයි. මෙයින් පටවී, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ඝන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රිය, රූපය යන්න, “වස්තු දසකය” වේ.
ටිකෙන් ටික රූප පරම්පරාව වැඩී ශරීර අවයව සෑදීම ආරම්භ වේ. ප්‍රසාද වස්තු ආදිය සම්පුර්ණ වන්තනට සති 11ක්, මොළය සෑදී ක්‍රියාත්මක තත්වයට පත්වන්තට සති 14ක් පමණ යයි. මෙසේ බලන විට මොළය සෑදී සිත ක්‍රියාත්මක තත්වයට පත් වන තෙක් සිත ඇත්තේ කොහෙද යන්න ගැටලුවකි. එනම් එය අනිවාර්යයෙන්ම හෘදය ඇසුරු කර පැවතිය යුතුය.
“ගෞරවනීය අජාන් බ්‍රහාම් තෙරුන්ගේ” දේශනයක, ඔහුගේ හිතවතෙක් වන “ආචාර්ය බෝර්” යන මොළය සම්බන්ද විශේෂඥයෙක්ගේ පර්යේෂණ ගැන විස්තර කියා ඇත. ඒ අනුව මොළය භෞතික සේ නොපිහිටි පුද්ගලයන් ජීවත් වී ඇත. මෙය මුලින්ම නිරීක්‍ෂණය කරන ලද්දේ පලවන ලෝක සංග්‍රාමයේ වෙඩි පහරවල් වැදී ඔලුව පැලී ගිය සොල්දාදුවන්ගෙනි. ඔලුවේ භෞතික කිසි දෙයක් නැති සොල්දාදුවන් ගැන වාර්ථා වී ඇත.
මොළය නැති කෙනෙක් ඉපදුනහොත් ඔහු හෝ ඇය විගස මිය යන්නේය. නමුත් ආචාර්ය බෝර් ඉගැන්වූ විශ්ව විද්‍යාලයේ සිටි එක් සිසුවෙක්ගේ අමුතු හැඩය ඇති හිස ඔහුගේ නිරීක්ෂණයට භාජනය විය. භෞතික සේ ඔහුට මොළයක් නොතිබිණ. ඒ වෙනුවට ඔහුට තිබුනේ, “Brain stem” යන කොටස පමණි. එසේ උපන් කෙනෙක් විගස මිය යයි. මේ කියන සිසුවා ගණිතය පිළිබඳ පශ්චාත් අධ්‍යනයක යෙදී සිටි කෙනෙකි.
… “මම ජොලියේ ඉන්නවා” … යයි ඔහු කියා ඇත.
නවීන විද්‍යාව වූ කලී පරීක්‍ෂණ, නිරීක්‍ෂණ සහ නිගමන මත රැඳෙන දෙයකි. ගලක් උඩ දැමීම දහස් වතාවක් කර එය බිමට වැටෙන බව නිරීක්ෂණය කර ‘යමක් උඩ දැමූ විට එය බිම වැටේ’ යන ස්ථිරසාර නිගමනයට පැමිණිය හැක. නමුත් පැයට සැතැප්ම 36,000 ක වේගයෙන් යමක් ඉහළ විසිකලොත් එය නැවත පොලවට නොවැටේ. එකම එක පරීක්‍ෂණයකින්, ඉහත නිගමනය වරදී.
එසේම මේ මොළය භෞතික සේ නැති සිසුවා නිසා වෛද්‍ය විද්‍යාවේ මොළය හා සම්බන්ද කොටස් උඩු යටිකුරු වන්නට ඇත. මොළය, ජීවිතයට හෘදය තරම් සම්බන්ද නැති යයි කියන බුදු දහමේ සංකල්පය තුල එය පහදා ඇත.
සුභ උඳුවප් පුර පසළොස්වක දිනයක් වේවා… !
Leave a Reply