මේ අකාරයේ මානසික ව්‍යාධියකින් පෙලෙන රෝගියෙක් කියන දෙයක් ෂෙයාර් කළහොත්, බොහෝ මානසික රෝගීන් ඔහු කියන දේ පිළිගෙන ඒ වලටම වැටෙනු ඇත. එහෙත් මෙය කියවන, වීඩියෝව බලන ස්වල්ප දෙනෙක් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගනු ඇත. එය ඇත.
බුදුන් වහන්සේ පැහැදිළිව මෙසේ වදාළහ. … “මාගේ ධර්මය ඥාණවන්තයන්ට පමණක් ග්‍රහණය කල හැක !
සරදියෙල් තියෙන අයගෙන් නැති අයට අරන් දුන්නේය. එය “දිට්ටිගත සම්ප්‍රයුක්ත” පාපයකි. එය “දිට්ටිගත විප්‍රයුක්ත” අකුසලයට වඩා බලවත් පාපයකි. එහි ඇති වී තිබෙන්නේ, “දශ වස්තුක මිත්‍යා දෘෂ්ටිය” වේ. [දුන් දෙයේ විපාක නැත, මහා දානයන් හී විපාක නැත, සේ වැරදියට ගැනීම ….] එනම් පාපයක් වේ යයි විශ්වාසය නැතිව කීම සහ කිරීමයි.
අපි මේ සඳහා උදාහරණයක් ගනිමු. සමහර විටෙක කිසියම් මහා සෑයක් අබියස විශාල පළතුරු පූජාවක් කෙරෙන විටෙක, කෙනෙක් එය අපරාධයක් යයිද, ලංකාව වැනි දුප්පත් රටක එය කෑම අහක දැමීමක් යයිද, බුදුන් වහන්සේ සිටියා නම් ඊට විරුද්ධ වන්නේ යයිද කියති. මෙය ඉතාම සාවද්‍ය අදහසකි. එය මහා දානයේ විපාක නැති බව නොදැනීමකි. එය භාග්‍යවත් බුදුන් වහන්සේගේ ලැබීම බව නොදැනීමයි. එහෙත් තරමක් විස්තර කල යුතුය.
ඔබෙන් කව්රුන් හෝ මෙසේ ඇසුවහොත් ඔබගේ පිළිතුර කුමක් වේද? … “ලංකාවේ වැඩියෙන්ම ඉඩම් ඇත්තේ කාටද ? …පහත ලියා ඇති දේ බලන්න පෙර ඒ ගැටළුවට පිළිතුර කුමක්ද කියා සිටීම වටී.
ලංකාවේ වැඩියෙන්ම ඉඩම් ඇත්තේ බුදුන් වහන්සේට යයි කිවහොත් ඔබ එය පිළිගන්නේද ? ලංකාව පුරා පැතිර ඇති පන්සල් පනස්දහසක් පමණ කාට අයිති වන්නේද? බුදුන් වහන්සේට ඉන් ඇති ප්‍රයෝජනයක් නැත. නමුත් ඉන් පෙනෙන්නේ, බුදුන් වහන්සේ පිරිනිවීමෙන් පසුත් ඒ ලැබීමේ අඩුවක් වන්නේ නැති බවය. ඇස් ඉස් මස් දන්දීමේ විපාක එය වන්නේය. ඒවා පිනට දුන්නේ හිතවතුන් සඳහාම නොවීය. තිරිසනුන් සඳහාද ඒවා දැන් දුන් බව පෙනී යයි.
එසේ හෙයින් බුදුන් වහන්සේ වෙනුවෙන් ලැබෙන විශාල පූජාවක් කෙරේ අප කලබල විය යුතු නැත. මේ මානසික රෝගියා දළදා මාලිගාවේ දිනපතා දානයේ එළවළු 32 ගැන කලබල වී වැරදි අදහසක් දේ. අප අතරේ දුප්පත් මිනිසුන් සිටින බව සැබෑවකි. ඒ අය කුසගින්නේ සිටින බවද සැබෑවකි. එසේ කුසගින්නේ සිටීමට සිදුව ඇත්තේ ඒ අය පෙර භවයන් හී නොදුන් නිසාමය. ඒ අයටද ආහාර දීම වෙන කතාවකි.
යම් කෙනෙක් ඉහත සේ අසදෘශ දානයකට විරුද්ධ අදහසකින් දෙයක් කීවේ නම්, එය “දිට්ටිගත සම්ප්‍රයුක්ත ආකාරයේ දෙයකි” බවයි. එනම් එසේ කියන්නේ, “දිට්ටියක” පිහිටා වේ. තවද එහි “උපේක්ෂා” බවද ඇත. එපමණක් නොව, එහි “අසංස්කාරික” හෙවත් තමාගේම ඕනෑකමකින් කෙරෙන බවද ඇත.
සත්වයාට ඇතිවන සිත් 89 තුල, “දිට්ටිගත සම්ප්‍රයුක්ත” වීමේදී අකුසල කර්මය වඩා බලවත් වේ. මේ සිත් 8න් වැඩිම අකුසලය ගෙනෙන සිත වන්නේ, “උපේක්ෂා සහගත දිට්ටිගත සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත” බව පැහැදිළිය. අඩුම අකුසල් සිත වන්නේ “සෝමනස්ස සහගත දිට්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත” යි.
මේ මුළු වීඩියෝවම දෝෂ වලින් ගහනය. ඒ ගැන කියනවා නම් මේ ලිපිය ඉතා දීර්ඝ වනු ඇත. ටයිම් කෝඩ් 0.24 යන්නේ කියවෙන දේ ගැන පමණක් ලීවෙමි.
https://www.youtube.com/watch?v=jXXIOtNj2A0&feature=youtu.be
“ලංකාවේ වැඩියෙන්ම ඉඩම් ඇත්තේ කාටද ?

Leave a Reply