එකම වර්ගයේ බඩුවක් වෙළෙන්දෝ දෙදෙනෙක් විකුණනවා. ඒ බඩු දෙකම, “හොඳ ටොප් බඩු” කියා පාරිභෝගිකයෝ ඉදිරියේ, වෙළෙන්දෝ දෙදෙනාම කියනවා. ඒත් ඒ බඩු හරියට “කොකා කෝලා වගේ. මොකද, කොකා කෝලා හදන කොම්පැණියෙන් ඒ බීමේ අන්තර්ගතය කුමක්ද කියා කියන්නේ නැහැ වගේම, ඒවා විකුණන ලොකු අවුට්ලට් කොම්පැනි වලටත්, එහි අන්තර්ගතය ගැන කියන්න තහනම්…. !
… දැන් මෙතන වෙලා තියෙන්නේ , ඔය බඩුව කියා විකුනන්න හදන්නේ ‘රහත් බව’ …
… ඒ එක්කෙනෙක් මේ වජිර බුද්ධි උන්නාන්සේ … එයා කරන්නේ, “මා ගාව හොඳ බඩු තියෙනවා”, “හැබැයි, හොඳ බඩු කියා ඔප්පු කරන්න මට ඕනා නැහැ”… කීම සහ, … “ඕනා නම් ගන්න”… කීම පමණයි. අනෙක් එක්කෙනා පිටිදූව පූජක උන්නාන්සේ. එයා තර්ක කරන්නේ, … “මා ගාව හොඳ බඩු පමණක් නොවේ”, … “එය හොඳ කියා ඔප්පු කරන්නත් පුළුවන් කියා” ….
… එක වෙළෙන්දෙක් වන මේ වජිර බුද්ධි උන්නාන්සේගේ රහත් බව, පිටිදූව උන්නාන්සේ ඉවසන්නේ නැහැ. මොකද තවත් වෙළෙන්දෙක් රහත් බව විකුනනවා නම්, පිටිදූව කොම්පැනියේ රහත් බවට දැවැන්ත පාඩුවක් වෙනවා. ඉතින් ඒ පිටිදුව කොම්පැනිය, තැරැව්කාරයෝ දාලා, වජිරබුද්ධි කොම්පැනියේ බඩු බාලයි කියා කියන්න හදනවා ….
… හැබැයි මේ කොම්පැනි දෙකම, කොකා කෝලා ලොවට හෙළි කල කොම්පැනියේ නීතියට පිටින් යනවා. … ඒ නිසා හොඳම දේ වන්නේ කොකා කෝලා ගැනීම නැවැත්වීමට ඔය හොර කොම්පැණි දෙකෙන්ම විකුණන, “ඩුප්ලිකේට් කොකා කෝලා” වර්ජනය කරන එකයි …
… තේරුනාද මන්දා….
…. තේරුනේ නැත්නම් ඊට සමාන උදාහරණයක් තියෙනවා….
[…. පසු කලෙක, භික්ෂු සාසනයේ භික්ෂුන් වැඩි වූ විට විනය නීති ගෙන එන්නට සිදු විය. ඒ අනුව බුදුන් වහන්සේ වදාළ ආකාරයට ධ්‍යාන අධිගම යනාදිය, උපසම්පන්න භික්ෂුවක් විසින් අනුපසම්පන්නයෙකුට හෙවත්, සාමනේර හෝ ගිහි උපාසිකා උපාසක අයට ප්‍රකාශ කල යුතු නැත යයි වදාළා ඇත … ]
…. බුදුන් වහන්සේ විසින් මෙසේ වදාළා තිබේ. අනාගතයේ “කසාව කණ්ටක” නමින් භික්ෂුන් යයි කියන අය බිහිවෙති. එනම්, ඒ තැනැත්තන්, “තමා භික්ෂුවක් කියන්නට කහ නූලක් පමණක් අතේ පළඳින අය” වෙති. ඒ අයටද , කුඩා හෝ දානයක් දීමද මහත්ඵල මහා ආනිසංශ සිදු වෙන දෙයකි …
… “ආර්ය උපවාදය” යනු ආර්යයන් වහන්සේ කෙනෙක්ට උපවාදයක් කලවිට ලැබෙන පාපය වේ. එය විශාල පාපයකි. එහෙත් ආර්යයෙක් නොවන භික්ෂුවකට උපවාදයක් කිරීමද බරපතල පාපයක් විය හැක. නමුත් පාරාජිකා කර තම භික්ෂු ශීලය බිඳ ගත් කෙනෙක්ට කරන අපවාදය, පරිභව කිරීම එසේ නොවේ. එය සාමාන්‍ය මිනිසෙක්ට කරන අපවාදයක් සේ වන්නට පිළිවන ….
… කාට හෝ රෝෂයෙන් බැනීමෙන් ද්වේශ මූල අකුසල් සිත් ඇතිවන බව විශේෂයෙන් කිව යුතු නැත. නමුත් කිසියම් චීවර ධාරියෙක් ධර්මානුකූල සේ නොහැසිර වරදක් කරන්නේ නම්, ඒ සඳහා කරුණු දැක්වීමේ අයිතිය ගිහියාට තිබේ. එහිදී ද්වේශයක් නොමැතිව ඒ කරුණු දැක්වීමෙන් බුද්ධ සාෂණය පවත්වා ගැනීමේ කුසලයද ඒ කරුණු දක්වන ඔහුට හෝ ඇයට ලැබේ. බුදු දහම වූ කලී, භීතියෙන් විශ්වාස කල යුතු ආගමක් නොවන අතර ප්‍රශ්ණ කර අවබෝධ කරගත යුතු ආගමකි.
බුද්ධ සාසනය පවත්වා ගැනීම ඉදිරියේ ගිහියා නිවැරදිව කරුණු දැක්වීම අවැඩක් නොවන්නේය. එය කිසිසේත් අකුසලයක් නොවේ. ආර්ය උපවාදයක්ද නොවේ. ගිහියාට සංඝ භේදය කල නොහැකි හෙයින් එය කිසි සේත්ම සංඝ භේදයක්ද නොවේ.
සමන්තහද්ර භික්ෂුව කියන්නේ, වෙනත් භික්ෂුවක් තමා රහත් යයි කියන්නේ නම්, තවත් ලක්ෂ ගානක් රහත් වන බවය. මෙය වැරදිය. රහතන් වහන්සේ කෙනෙක් තමා රහත් කියා කිව්වාට අනෙක් අය රහත් වන්නේ නැත. ඒ අවබෝධය ලබා ගත යුත්තේ තමාම විසිනි.
සත්‍යය ඇත්තේ, ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා අතර නොව, ග්රාමවාසී ස්වාමින් වහන්සේලා අතර පමණි යන්න බවද, සමන්තභද්‍ර තෙරුන් පවසයි. මෙය එසේ නොවේ. ත්‍රිහේතුක ප්රතිසම්බන්දයක් ලබා ඇත්නම්, බුදුන් වහන්සේ ගේ අවවාද අනුගමනය කරයි නම්, එය කොහේ වුවද සිදුවිය හැක.
සමන්තභද්‍ර මෙසේ කියයි… :-… “රහතන් වහන්සේලාට සිල් පද පනවා නැත”… සේය. එය අමූලික බොරුවකි.
මූලාශ්‍ර :- මහාවග්ග පාලියේ උපෝසථ කාණ්ඩය.
පිළිතුර සහ විස්තර ඇතිව :- …. “මහා කප්පින තෙරුන් ට අදාළ වේ.” රහතන් වහන්සේ කෙනෙක් වූ එම තෙරුන්ට, පැවිදි අරමුණ ලබා ගත් නිසා, අනෙක් මහනුන් සමඟ වැඩිය යුතු නැත නේද යන්න තෙරුන් වහන්සේට සිතින.
…. මෙය දැන ගත් බුදුන් වහන්සේ වදාළේ, …”ඔබ පොහොය කල යුතුය, පූජා කල යුතුය, ධර්මයට විනයට ගෞරව කල යුතුය”…යයි දේශනා කල සේක.
… දැන් ඔබට වෙලාවක් තිබේ නම් බැලිය යුත්තේ අලවා ඇති මුහුණු පොත් ලින්ක් එකේ ඇති වීඩියෝව වේ. එය බලාම, පහත සටහන කියවීම මැනවි. ඔබම තීරකයා වේ.
… පටන් ගත්ත තැනම වැරදියි. … “ඕගොල්ලන්ට කල්පනා කරන්න පුළුවන්, අතීතයේ කෙනෙක් ජීවත් වීම පමණයි”… “ඕහොල්ලන්ට කල්පනා කරන්න බැහැ, වර්තමානයේ ජීවත් වීමක් ගැන “… හී හී…. 😀 … ඒ දෙකම එකයි කියා මේ උන්නාසෙට තේරෙන්නේ නැහැ. ඒ දෙකේම ආත්ම වාදයක් නැහැ…. කව්රුවත් එහෙම කල්පනා කරනේ නැහැ. එක්කෝ දෙකේම පුද්ගලවාදය සහ ආත්ම වාදය තියෙනවා. එසේ නැත්නම් ඒ එක තැනක වත් එනම් කාලත්‍රයේ එකතැනක වත් එසේ කෙනෙක් නැහැ.
මෙයා කොහොමද, අනෙක් අයට හිතෙන දේ ගැන කියන්නේ?
…“ජීවත් වන්නෙක් නැහැ”,…” දුක් විඳීමක් පමණයි තියෙන්නේ”… “විඳින්නෙක් නැහැ” … යන බුදු වදන අනාගත අතීත සහ වර්තමාන කාලත්රය සඳහාම පොදුයි. …”ජීවත් වන්නෙක් ඉන්නවා කියන්නේ, එක්කෝ අනාගතයේ හෝ එක්කෝ අතීතයේ … “ …මොනවාද මේ කියවන්නේ?…? …. පිස්සුද ? එතනම මේ මෝඝ පුරුෂයා ගේ වැරදි අවබෝධය පෙන්වනවා…. “ආත්ම වාදය”, “මම” යන්න බුදු දහමේ කිසිම කාලයකට ලඝු කර නැහැ. එනම්, පරමාර්ථ වශයෙන් අනාගතයේ හෝ අතීතයේවත් එසේ කෙනෙක් නැහැ.
අනුන්ගේ ලස්සන පින්තුර වීඩියෝ එකට, බැක් ග්‍රවුන්ඩ් මියුසික් දාලා, බැරෑරුම් විදියට මොනවා කියෙව්වත් එය සීනි තවරපු තිත්ත බේතක් වගේ, …එයින්වත් මුන්නැහැහේ මිනිසුන්ව වැරදි මාර්ගයේ යැවීම සඟවන්න බැහැ … වරෙක රහත්,,…. වරෙක බුදු වෙලා…. අයියෝ සල්ලි…! :V
…හුදෙක් මුඛරි කම පමණක් තියෙනවා. ලස්සණට, බුදුන් වහන්සේ සොයා ගත් පරමාර්ථ සත්‍යය සහ බොරුව හොඳට මික්ස් කරලා තියෙනවා… :V
බොරුව සත්‍යය සමඟ, “මික්ස්” කල විට සත්‍යය සොයා ගැනීම ලෙහෙසි නැත. එසේ හෙයින් සහෝදරවරුනි, සහෝදරියෙනි, අප, අපගේ විමුක්තිය තනිවම සොයාගත යුතු නිසාත්, සද්ධර්ම ප්රතිරූපකයන් කව්දැයි යන්න අවබෝධ කර ගනිමු.
මේ භවයේ නිවන් මඟ අවබෝධ කර ගන්නට නොහැකි වුවත්, තවත් භවයක හෝ එය අවබෝධ කරගත යුතුය. ඒ සඳහා බුද්ධ සාසනයක් තිබිය යුතුය. සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදුන් වහන්සේ එය අපට ලබා දුන්නේ භික්ෂු ප්රතිරූපකයන් මගින් එය කෙලෙසා දැමීමට නොවේ. එසේ හෙයින් අවබෝධයෙන්ම එය ආරක්ෂා කර ගනිමු.
https://www.facebook.com/groups/364090128027618/permalink/371836517252979/
https://lankacitizens.com/social/ඩුප්ලිකේට්-කොකා-කෝලා-සහ-ර/
LikeLike