– අධිකරණ සංඝ නායක, “කෑගල්ලේ පඥාරාම තෙරුන් වහන්සේ ගේ” දේශනාවකි. ගරු පඥාරාම තෙරුන් වහන්සේ, ගාල්ල කනන්පිටිය පුරාන අම්පිටිය භාවනා මධ්‍යස්ථාන අධිපති ශ්‍රී ලංකා අමරපුර අරියවංශ නිකායේ ප්‍රධාන කම්මාට්ටානචාර්ය වහන්සේ වේ. ගුවන් විදුළි සංස්ථාවේ මාසිකව කරන ලද දේශනා සංග්‍රහයේ 29 වන දේශනයේ සංක්‍ෂිප්ත සටහනකි.
චරථ භික්කවේ චාරිකං – බහුජන හිතාය – බහුජන සුඛාය – බහුනෝජනස්ස – අත්ථාය- හිතාය සුඛාය දේවමනුස්සානං, ….
බුදුන් වහන්සේ ප්‍රථම රහතන් වහන්සේලා 60 දෙනාට එසේ දේශනා කල සේක. මුල්ම සම්මා දිට්ටිය යනු අකුසලය, කුසලය සහ එහි මූලයන් දැන ගැනීමය. ඒ අනුව දහම් ඇසීම ඉතා වැදගත් වේ.
භාවනා කිරීම සඳහා කොන්ද සහ හිස එක කෙලින් තබා ගත යුතුවේ. නිර්වාණය අබියස සිත පිහිටුවා ගත යුතුය. “සති සම්පජන්ය” හෙවත්, “සිහිය සහ සිහිය නුවනෙන් මෙනෙහි කිරීම”. තවත් ආකාරයකින් කිවහොත්, “යෝනිසෝ මනසිකාරය” තිබිය යුතුය. නිර්වාණයේ නාම රූප සිත් පහල වීමක් නැත. … “ලෝකයේ කරන්නෙක් නැත – එහෙත් ක්‍රියාවක් ඇත”…. සම්මුති සේ සිටියද, පරමාර්ථ සේ පුද්ගලයෙක් නැත.
… “අත්ථි නිබ්බුති” – “නිවනක් ඇත”. එහෙත් කෙනෙක් එසේ නිවනට යනවා කියා දෙයක් නැත. නිවන් දොරටුව වෙත යන විට සියල්ල අනිත්‍ය, දුක්ඛ අනාත්ම සේ වැටහේ. නිරෝධ ඥානය පැමිණියේ නම් එය නිවනට මඟ වේ. එය හිස් වීම නොවේ.
… “දීඝන්වා අස්ස සංතෝ – දීගන්අස්ස සාමීති පජානාතී – දීගන්වා පස්ස සංතෝ – දීගන්පස්ස සාමිති පජානාති – රස්සන්වා අස්ස සංතෝ – රස්සන් පස්සසාමිති පජානාති – රස්සන්වා පස්සසංතෝ රස්සන් පස්සසාමීති පජානාති “ … සේ කියා ඇත. එනම් එසේ භාවනා කරන විට හෙවත් කාය පටිසංවේදී වන විට, “කායානුපස්සනාව” හෙවත් කය අනුව “සිහිය පිහිටවීම” හෙවත් “සතිපට්ටානය” මතු වේ. එනම් වේදනාව ඇති වේ. කායානුපස්සනාව, “දුඛ වේදනාව”, “සුඛ වේදනාව”, “දෝමනස්ස වේදනාව”, “සෝමනස්ස වේදනාව” සේ වේ.
ඒවාත් නොදැනෙන අවස්ථාවක් දැනේ. උපේක්ෂාව දැනේ. එනම් උපේක්ෂාව යනු, අපේක්ෂා නැති තැනයි.
භාවනාව කරන යෝගියාට මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව දැනේ. කොතරම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වත් මෙය නොදැනේ. මේ සතිපට්ටානය අවබෝධ කර ගැනීමට ආනාපානාසති භාවනාවම කල යුතුය. හුස්ම සියුම් වන්න වන්න සිහිය තව තවත් වැඩේ. තවත් ආනාපානාසති භාවනාවේ ඉදිරියට ගමන් කරන විට “විරාගානුපස්සනාව”වැනි අනුපස්සනාවල්, “සබ්බ චිත්ත පටිසංවේදී” හරහා ඇති වේ.
එනම් “චිත්තානුපස්සනාව” වේ. මෙය මනස දෙස බලා සිටීමයි. රාගය, ද්වේශය, මෝහය, මාන්නය,…වැනි කෙලෙස් හොරු අපට පෙනේ.
මේ මොහොතේ මාර බලවේග ඇති වීමට හැක. එනම් මනෝමය රූප පෙනීම ආරම්භ වේ. මේවා සතර ආරක්‍ෂිත භාවනා කර භාවනාව කරන්නේ නම් නොපෙනේ. [පංච මාරෝ ජිතෝ නාථෝ – පත්තෝ සම්බෝධි මුත්තමන් ඝාතාව…] ඒ රූප කෙරේ සිත යෙදිය යුතු නැත. ඉන් පසු “අනිච්චානුපස්සී අස්සසිස්සාමිතී – අනිච්චානුපස්සී පස්සසිස්සාමි සික්ඛතී”.. සේ භාවනාව කෙරේ. එනම් අනිත්‍ය ආශ්වාසය සහ ප්‍රශ්වාසය හරහා දකී.
නාමය සහ රූපය දෙකම නැති වේ සේ භාවනා කෙරේ. එවිට සිත වඩාත් සියුම් වී, “නිබ්බිදානුපස්ස්නාව” යන ඥාණය ඇති වේ.
හුස්ම ඇති වෙනවා නොපෙනේ. එහෙත් හුස්ම නැති වීම පෙනේ.. එනම් “භංග ඥාණය” යන්න හෙවත් “භංගානුපස්සනාව” ඇති වේ. තවත් භාවනාව කරගෙන යන විට හුස්ම ඇති වීමත්, නැති වීමත් යන දෙකම නොපෙනේ. එවිට බියක් ඇතිවෙන්නේ ආත්ම තණ්හාව අපට තවමත් ඇති හෙයිනි.
එනම් ජීවිතය ගැන ඇති ඇල්ම නිසා එක පැත්තකින් “භයතුපට්ටානු ඥාණය” ඇති වේ. මේ වෙලාවේ බයක් ඇතිවීම විය හැක. මෙහිදී සසරේ මෙතෙක් සිටියෙමි,…සසරෙන් මිදිය යුතුය” … “බයක් ඇති විය”…, “බයක් ඇති විය”…, බයක් ඇතිවිය සේ මෙනෙහි කල යුතුය. එවිට සිත සංසුන් වීම සමඟම නළල මැද සුදු පැහැ ආලෝකයක් ඇති වේ. මෙය මුල් කාලයේ සියුම් ආලෝක තිතක් හරහා ලැබෙන මානසික ස්වභාවය නොවේ. මේ ආලෝකය ස්වභාවයෙන්ම ඒකාග්‍රතාවය පැමිණෙන විට ඇති වේ.
නමුත් ඒ ආලෝක තිතක් කෘතිමව ඇති කර ඒ ගැන සිතමින් කරන භාවනාවේදී සමාධිය ඉක්මනින් ලැබේ.
එම සුදු පැහැ ආලෝකයෙන්, සංස්කාර වලින්, මේ ජීවිතයෙන් මිදෙන්නේ කෙසේද යන්න මෙනෙහි වේ. මිදෙනු කැමති ඥානය හෙවත් “මුන්චිතුකම්මතා ඥාණය” එවිට ඇති වේ. ජීවමාන බුදුන් වහන්සේ ජීවත්ව සිටි කල ආලෝකයක් හරහා මනස හරහා විදර්ශනාවට නැංවීම සඳහා අවවාද කෙරිණ. එහෙත් මේ අවස්ථාවේ එය නවලෝකෝත්තර ධර්මය හරහාම ස්වභාවයෙන්ම පෙනී යයි.
පංච උපාදානස්කන්ධයම, අනිත්‍ය දුක්ඛ අනාත්ම සේ එකින් එක මෙනෙහි වේ. එනම් රූප, වේදනා සඥා, සංඛාර, විඥාන එකින් එක ගෙන, “අනිත්‍ය”, “දුක්ඛ”, “අනාත්ම” සේ විදර්ශනා සේ මෙනෙහි වේ. හෙවත් දර්ශනය වේ. කන නාසය, ඇස …සේ ලැබෙන ඇසීම්, සුවඳ , දැකීම්, මනස… වැනි විඥාන අනිත්‍ය දුක්ඛ අනාත්ම සේ දැනේ. අවබෝධය වැඩි වන්නට වැඩි වන්නට දැන් පෙනෙන්නේ ඒ සෝත ධාතු, සෝත විඥාන ධාතු, චක්ඛු ධාතු,… ඝාන ධාතු,… මනෝ ධාතු … වැනි දේ ඉතා සියුම්ව පෙනීම ආරම්භ වේ.
මේ ධාතු ඉතාම සිහින් වේ. පංච ස්කන්ධය ධාතු ගොඩක් කිවහොත් එතනත් යමක් තිබේ. එසේ නැති බව පෙනී යා යුතුය. ශුන්‍යතාවය යනු ලෝකයේ පවතින යම් ස්වභාවයක් වේ. ශුන්‍යතාවය යනු නිවන නොවේ. එයත් විදර්ශනා කරන විට නිරුද්ධ වේ. සෝත ධාතු, සෝත විඥාන ධාතු,… වැනි දේ නිරුද්ධ වේ.
… “නිරෝධානු පස්සී අස්සසිස්සාමි” – “නිරෝධානු පස්සී පස්සසිස්සාමි”… එනම්, “නිරෝධය දකිමින් ආශ්වාස කරමි”… “නිරෝධය දකිමින් ප්‍රාශ්වාස කරමි” යන්නය. මෙය ධම්මානුපස්සනාවේ අග්‍රම ස්ථානය වේ.
මේ ස්ථානයට පැමිණීමට යෝධ වීර්යයක් අවශ්‍ය වේ.
Leave a Reply