ස්විස්ටර්ලන්තයෙන් කතාවක්

                                                    
ස්විස්ටර්ලන්තය යන්න ගැන ඇසූ විට ඔබට මතක් වන්නේ කුමක්ද ? බොහෝ අයට මතක් වන්නේ නම් චොක්ලට් විය හැක. “Lindt” යන ස්විස් චොකලට් වර්ගය, ලෝකයේ හත් වන තැනට විකිණෙන චොකලට් වර්ගය වේ. ස්විස් ඔරලෝසුද කෙනෙක්ට මතක් වෙනු ඇත. ඉලෙක්ට්‍රොනික ඔරලෝසු එන්නට පෙරද වයින් කර දුවන ස්විස් ඔරලෝසු ඉතා ඉහළ ප්‍රමිතියකට තනා තිබිණ. “රෝලෙක්ස්”, “ඔමේගා”, “කාර්ටියර්” ඉන් කීපයකි.

අදත් ඒවා අතේ බැඳ සිටිනවා යනු ධනවත් බව අඟවන ලකුණකි. සැළකිය යුතුය:- ප්‍රතිපත්තියක් සේ මා රෝල්ස් රොයිස් වාහන, වසර සීයක් පැරණි වයින්, ඉරාන පලස් සහ ඒ ඔරලෝසු භාවිතා නොකරමි. 😉

විවිධ උපාංග ඇති ප්‍රසිද්ධ ස්විස් පිහියත් [[Victorinox Swiss Army Knife] අමතක කල නොහැක. ඒකක් නම් මා ගාව ඇත. 

ස්විස්ටර්ලන්තයේ චමත්කාරයට තවත් සුන්දරත්වයක් එකතු කරන්නේ, ‘ඇල්ප්ස්’ සහ ‘ජුරා’ කඳු පන්ති වේ. කඳු නගින්නන් මේ කඳු වල හිම ක්‍රීඩා කිරීමට දක්වන්නේ මහත් ආශාවකි. සුන්දර ජිනීවා විල,…. 15 වන ශත වර්ෂයේ සිට පැමිණෙන සංස්කෘතික ලක්ෂණ ඇති ‘බර්න්’ නගරය,… “Jungfraujoch” යන යුරෝපයේ උසින්ම පිහිටා ඇති දුම්රිය ස්ථානය,… විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය ස්ථාන වේ. අප කුඩා කාලයේ ලංකාවේද තිබුණු ‘මැටහොන්’ සිගැරට්ටුවට ඒ නම ආවේ එසේ නම් කරන ලද මැටහොන් කන්ද හෙයිණි.

එයද කඳු නගින්නන් අතර ඉතා ජනප්‍රිය ස්ථානයකි.

ඔව්. ස්විස් ලස්සණ කෙල්ලෝද අමතක කල නොහැක. යාන්තන් උඩු රැවුලට අමතරව එළු රැවුල එන කාලයේ, යහළුවෝ කීප දෙනෙක් සමඟ රුහුණු කුමාරි දුම්රියේ මාතර ගියෙමු. ඒ යන අතරේ අහසෙන් බිමට බැස්සා සේ වැනි දෙවඟනන් කීප දෙනෙක්ද, කෝච්චි පෙට්ටියේ සිටියහ. උන් අපේ වයසේම ස්විස් කෙල්ලෝ විය. මලට ඇදෙන බමරු මෙන් අප ඔවුන් වට කර ගත්තෙමු. නමුත් වැඩි වෙලාවක් කතා කරන්න දෙයක් තිබුනේ නැත.

උන් භාවනා කරන්න යම් භාවනා මධ්‍යස්ථානයකට යති. අහන්නේම ආගම් ගැන ප්‍රශ්ණයන් ය. එකළ අප දන්නා ආගමක් නොවීය. අප ඔවුන් පිස්සියන් රැළක් යයි සිතා වෙනතක ඇදුනෙමු. ඉන් බොහෝ කලකට පසුව අවබෝධ වූයේ, ඔවුන් ඒ නවයොවුන් තරුණ වියේ පවා කොතෙක් නම් පරිණත වී තිබුනාද යන්නය. ඊට හේතුව වන්නේ, ස්විස් ජාතිකයන් කුඩා කාලයේ සිටම ඉතා නිදහස් දිවියක් ගත කිරීමය. සමස්ථයක් සේ, ස්විස්ටර්ලන්තයේ වයස විස්සේ උන් සමඟ ලංකාවේ උන් සැසඳිය නොහැක. පසුව වයසට ගියද අපි මෝඩයන් පිරිසකි. ලිපියේ අවසානයේ කියන දේද ඔබට අවබෝධ නොවුනේ නම්, ඔබ මා හා එකඟ වනු ඇත.     

සමහරවිට ඔබට, බුදුන් වහන්සේගේ ජීවිතයේ තතු ඇතුලත්, “සිද්ධාර්ථ” නවකතාව ලියු ‘නොබෙල් ත්‍යාග ලාභී’ ‘හර්මන් හෙසේ’ මතක් වන්නට ඇත. ඔව්, ඔහු ස්විස් ජාතිකයෙකි. ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහතා විසින් එය සිංහළයට පරිවර්ථනය කරන ලදී.   

සමහරවිට තවත් කෙනෙක්ට ස්විස්ටර්ලන්තය කියූ විට මතක් වන්නේ, සාගරයක් නැති අන් රටවල් වලට මැදිව පවතින රටකි. ස්වභාවයෙන්ම පවතින කඳු, කේතු ආකාරයේ ගස් සහ සීතල පරිසරය නිසා ස්විස්ටර්ලන්තය ලස්සණ පින්තුරයක් මෙන් මනස්කාන්ත රටක් වේ. ස්විස් ජාතිකයා ඥාණවන්තයෙකි. දෙවන මහා ලෝක සංග්‍රාමයේ පවා ස්විස්ටර්ලන්තය නිර්පාක්ෂිකව සිටියේය. සාපේක්ෂව කුඩා ජනගහනයක්, එනම් මිලියන අට හමාරක ජනතාවක් එහි සිටිති.

ධනවත් රටක් යයි සැලකෙන එහි ඒක පුද්ගල ආදායම ඩොලර් 82,000 ක් පමණ වේ.

මෙයට විශේෂ හේතුවක් වන්නේ ඔවුන්ගේ නිෂ්පාදන හැකියාව වේ. නමුත් ඒ නිෂ්පාදන හැකියාව තිබුනද, ස්විස් ජාතිකයා නිසා පරිසරය දූෂණය වන්නේ අවම ප්‍රමාණයකිනි. එනම් ජල විදුළියෙන් 62% ක් සහ න්‍යෂ්ටික බලයෙන් 32%ක් ලබා ගනී. නූතන විදුළි ඉංජිනේරුවන්ට අළුත් දෙයක් වූ “පොම්ප හයිඩ්රො යන්තර” ඔවුන් භාවිතා කිරීම ආරම්භ කලේ 1920 වසරේ සිට විය. මේවා කරකැවෙන පැත්ත ආපසු හැරවිය හැකි ආකාරයේ ටර්බයින වේ.

සියවසක පළමු වැදගත් නවතම සන්ධිස්ථානයක් වන එය දැන් ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක වන පොම්ප-ජල ගබඩා පද්ධතිවල නවීන බල ශක්ති ජාලක සඳහා මග පාදයි. අවවාදයයි:- පහත ඇත්තේ කාර්මික තොරතුරු නිසා හුදෙක් ඒවා සමහර කෙනෙක්ට නීරස විය හැක. එහෙත් ඒවා කියෙව්වාට අහක යන්නේ නැත. ඔබට ඒවා අවබෝධ නොවන්නේ නම්, ඔබ මෝඩයෙක් යයි කියන්නට දැනටමත් එකඟ වී ඇත. 😉 

පහලට යන ජල ප්‍රවාහය උපයෝගී කරගනිමින් විදුළිය උත්පාදනය කිරීමට පමණක් නොව, පහත් ජලාශයක සිට ඉහළ ජලාශයකට ජලය පොම්ප කිරීම සඳහා විදුළිය සැපයීමට සහ විදුලිය භාවිතා කිරීමට ඇති හැකියාව ඇති, [ආපසු ජලයේ දිශාව උඩ හෝ පහලට හැරවිය හැකි] ටර්බයින සමඟ විවිධ මට්ටමේ ජලාශ ඔවුන්ට ඇත. 

මුල් පොම්ප කරන ලද ජල විදුළි ව්‍යාපෘති ටර්බයින ධාරිතාවයෙන් ඉහළ උසකට පොම්ප කිරීමට සමත් නොවීය. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ, “කනෙක්ටිකට් විදුළි ආලෝකය සහ බලශක්ති සමාගම’ විසින් 1930 දී ස්ථාපනය කරන ලද රටේ ප්‍රථම පොම්ප-ජල ගබඩා ව්‍යාපෘතියට මීටර් 70 ක් පමණක් ජලය එසවීමට හැකි විය. ජල පරිමාවේ ජල ප්‍රමාණය මෙන් සමානුපාතිකව ජල විදුළි නිමැවුම සමඟ අභියෝගය වූයේ ඉහළ හිස් හා ප්‍රවාහ සමඟ යාන්ත්‍රිකව මුහුණ දිය හැකි ටර්බයින නිර්මාණය කරන්නේ කෙසේද යන්නයි.

ස්විට්සර්ලන්තයේ, “ක්‍රාෆ්ට්වර්ක් ලින්ත්-ලිමර්න්” ව්‍යාපෘතියට ඉහළ ජලාශය, “මුට් විල” සහ පහළ “ලිමර්න් විල” අතර උස මීටර් 630 කි.  1848 දී කේන්ද්‍රාපසාරී පොම්ප-ටර්බයිනය හඳුන්වාදීම ජලයේ බලශක්ති උත්පාදනයේ ප්‍රධාන මං සලකුණක් විය. ඇමරිකානු ටර්බයින සංවර්ධකයෙකු වන, “ජේම්ස් ෆ්‍රැන්සිස්” ගෙන් පසුව අදටත්, ෆ්‍රැන්සිස් ටර්බයිනය” ලෙස හැඳින්වෙන මෙම තාක්ෂණය ටර්බයිනයේ කාර්යක්ෂමතාව කෙමෙන් වැඩි දියුණු විය.

ඒවා නිර්මාණය කිරීමට භාවිතා කල නිරවද්‍ය පරිගණක ආකෘතිකරණයේ ප්‍රතිඵල පසුගිය වසර 45 තුළ පෙනී යයි. … “අපි දැන් 92-94% ක කාර්යක්ෂමතාවයක් අත්කර ගෙන ඇති අතර එයින් අදහස් කරන්නේ විදුලිබල පද්ධතියට වැඩි ශක්තියක් සහ පොම්ප කිරීමේ සහ උත්පාදන ක්‍රම දෙකෙහිම ඇති ශක්තිය වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීමයි”… යනුවෙන් GE ආයතනයේ [General Electric] පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ගෝලීය පර්යේෂන කටයුතු අධ්‍යක්ෂක් “පියරේ ලෙරෝයි” පවසයි.

මෑත වසරවල විශාලතම තාක්ෂණික පිම්ම වී ඇත්තේ විචල්ය-වේග පොම්ප-ජල ගබඩා බලාගාර හෙවත් පොම්පවල වේගය ඊට ලැබෙන බලය අනුව වෙනස් වන ආකාරයේ සැලසුම් කිරීමයි. සූර්ය හා සුළං වැනි බලශක්ති ප්‍රභවයන්ගේ වරින් වර හා උච්චාවචනය වන ප්‍රතිඵල මඟින් අතිරික්ත ශක්තිය හැකි තරම් කාර්යක්ෂමව ගබඩා කිරීමට වේගයෙන් ප්‍රතිචාර දැක්විය හැකි විය යුතුය.

… “වසර 100 කට වැඩි කාලයක් තිස්සේ බලශක්ති නිෂ්පාදනය සඳහා භාවිතා කරන විදුලි යන්ත්‍ර සමමුහුර්ත මෝටර් ජනක යන්ත්‍ර [synchronous motor generators] වේ – ඒවා සෑම විටම එකම වේගයෙන් ධාවනය වන අතර ජාලක සංඛ්‍යාතයට සමමුහුර්ත වේ” … “නමුත් තනි වේග උපකරණ මගින් පොම්ප මාදිලියේ සංඛ්‍යාත නියාමනය කළ නොහැක”… ”යැයි GE පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ජල විදුලි ප්‍රධාන ඉංජිනේරු “ඇලෙක්සැන්ඩර් ෂ්වේරි” පවසයි.  පසුගිය දශක දෙක තුළ ජල උපකරණ නිෂ්පාදකයින් මෙම සීමාව මඟහරවා ගැනීම සඳහා විවිධ තාක්‍ෂණයන් පරිකල්පනය කර ඇති නමුත්, ඔවුන් නව වර්ගයේ යන්ත්‍රයක් නිර්මාණය කර සංවර්ධනය කරන ලදී.

කාර්යක්ෂමතාව ගැන සැලකිලිමත් වීම, ජල ගබඩා සිවිල් වැඩ සහ උපකරණවල පිරිවැය විශාල ගබඩා ව්‍යාපෘති සඳහා අවශ්‍ය මෙම යන්ත්‍රවල ජාලක සංඛ්‍යාතය සහ යන්ත්‍රයේ යාන්ත්‍රික වේගය අතර සම්බන්දයක් නැත. එමඟින් යන්ත්‍රයට වේගය වෙනස් කිරීමට හැකි වන අතර එමඟින් පොම්ප අවස්ථාවේ බලය වෙනස් වේ. එනම් විචල්‍ය වේග පද්ධති සැලසුම් කිරීම සඳහා විශාල අවශ්‍යතාවයක් ඇති බවය. 

පසුගිය වසරේ අගභාගයේදී, GE පුනර්ජනනීය බලශක්තිය ස්විට්සර්ලන්තයේ ලින්ත් නිම්නයේ වඩාත් තාක්‍ෂණිකව නවීන විචල්‍ය-වේග පොම්ප-ජල ගබඩා බලාගාරයක් ආරම්භ කළේය. ඇල්පයින් ජලාශ දෙකක් අතර ඇති ලින්ත්-ලිමර්න් බලාගාරයේ අති නවීන GE 250MW විචල්‍ය වේග ආපසු හැරවිය හැකි ටර්බයින 4 ක් සහ 280MVA විචල්‍ය වේගයකින් යුත් මෝටර් ජනක යන්ත්‍ර 4 ක් ඇත.

පද්ධතිය ස්විට්සර්ලන්තයේ ජල සම්පතට මෙගාවොට් 1,000 ක උත්පාදනයක් එක් කරයි. එහි ඉහළ ජලාශය වන “ලේක් මුට්” හී, ගිගාවොට් පැය 34 (GWh) බලයක් ගබඩා කළ හැකිය; ස්විට්සර්ලන්ත ජාලකය සුරක්ෂිත කිරීම සඳහා බලාගාරය නිරන්තරයෙන් සංඛ්‍යාත පාලනය සහ වෙනත් සහායක සේවාවන් සපයයි.

පොම්ප-ජල ගබඩා දිගු කලක් තිස්සේ හරිත බලශක්ති බලාගාරයක් සේ සාර්ථකව භාවිතා කල හැකි බව පිළිගෙන ඇත. අඩු වියදම් සුළං හා සූර්ය බල ශක්තිය සඳහා ගතික, නම්‍යශීලී පුනර්ජනනීය පිළිතුරක් ලෙස එය ස්විස්ටර්ලන්තයේ පෙන්වා දී ඇත.  විචලන ඇති පුනර්ජනනීය ශක්ති ප්‍රභව වල බලය උකහා ගැනීමට ඒවා ඉතා හොඳ විසඳුමකි. විදුළි බල මණ්ඩලයෙන් මේ සඳහා අධ්‍යයනයන් කර ඇත. ඔවුන් කලකට පෙර ගල් අඟුරු බලාගාරයේ වැඩි හෙවත් අතිරික්ත ශක්තිය ගබඩා කිරීමට ඒවා යෝජනා කළහ. දැන් සූර්ය සහ සුළං වලින් ලැබෙන අතිරික්ත බල ශක්තිය ඒවායේ ගබඩා කිරීමේ වරදක් තිබේද ? 


ලංකාවේ ජීවත්වන අපට ස්විස්ටර්ලන්තයෙන් ගත හැකි පාඩම් බොහෝ වේ.


https://reneweconomy.com.au/a-deep-dive-into-the-evolution-of-pumped-hydro-storage-technology-72909/?fbclid=IwAR1uGaGN_xeLFkrz2sF2xZG2UEOnVxyAfEXWdefBsd6NBtSKTPoWjJUTCJ0

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: