දකුණු කොරියාවේ බල ශක්තිය ප්‍රවාහනයට සම්බන්ද වන අයුරු

                               

දශක කීපයකට පෙර, කෙනෙක් මගේ යම් ස්ථානයකට යන පාරක් ඇසීය. මඟ ලකුණු කියා, එය තවත් සැතපුමක් පමණ ඇති කොරියාව ලඟින් දකුණට හැරී, ඉන් පසු හමුවන කන්ද නැගි පසු, කාගෙන් හෝ අහන්න යයි කීවෙමි. අවාසනාවට මෙකියන කොරියාවේ සිටි කෙනෙක්ට එය ඇසින.

ඔහු මට දොස් පැවරුවේ … “ඔවුන් වැදගත් මිනිසුන් බවත්, මිනිසුන්ව එසේ පහත් කර කතාකරන්න එපා”… යන්නත් කියමිනි. ඉන් පසු මා ඒ වචනය භාවිතා නොකලෙමි. එකළ කොරියාවක් සේ සැලකුවේ මුඩුක්කු පරිසරයකි. එකිනෙකට සමීපව නිවෙස් ඇති බොහෝ විට අපිරිසිදු පරිසරයක සිටින දුප්පත් මිනිසුන් සිටින ජනපදයක් හැඳින්වීමට ඒ වචනය භාවිතා විය.

මා කියූ ‘කොරියාව’ තිබුනේ කළුතර පෙදෙසේ බණ්ඩාරගම නගරය ආශ්‍රිතව විය. මේ ආකාරයේ කොරියාවල් රට වටා තිබිණ. අදත් ඒ සමහරක් තිබේ. එහෙත් කොරියාව වචනය වත් වී ඇත. සමහරවිට අද ඒ මිනිසුන් තමන්ගේ ජනපදයට ‘කොරියාව යයි නැවත කියනවාට බොහෝ කැමති වනු ඇත. එය දකුණු කොරියාවේ කතාවයි.එය දකුණු කොරියාවේ දියුණුවයි.

ලංකාවෙන් දකුණු කොරියාවේ සේවයට ගිය තරුණ පෙළ එහිම ජීවත් වීමට ඉටා ගැනීම වටී. වර්තමානයේ ඕනෑම රටක දියුණුවේ නිර්ණායක මැනීමේ හොඳම ක්‍රමය වන්නේ, එහි දේශපාලන වාතාවරණය තුලින් රැකෙන පාරිසරික සාධක හා සබැඳුනු සමාජ ක්‍රියාවලියේ ඇති ප්‍රවර්ධනය වේ. ඒ තත්වය ලංකාවේ ඇති වන්නට කොතරම් කාලයක් යයිදැයි ඔබ සිතන්නේද ?

ඔවුන් අද කතා කරන්නේ ඩොලර් බිලියන වලිනි. අද දින ඒ දක්ෂ කොරියානුවා වාහන ඇතුළු අනෙකුත් නිෂ්පාදන පිටරට යවමින් සීඝ්‍ර දියුණුවක් ලබා ගෙන ඇත. ඔවුන්ගේ දියුණුවේ නවතම පියවර වන්නේ විදුළි වාහන ප්‍රවර්ධනයත් ඒවා ආරෝපණය කිරීම සඳහා කාබන් ශුන්‍ය බල ශක්තිය භාවිතා කිරීමේ ප්‍රයත්නයත් ය. ලංකාවේද ඇති කොරියානු විදුළි වාහන කෙනෙක් දකින්නට ඇත. ‘හුන්ඩායි කෝනා’ විදුළි වාහනය ඊට එක උදාහරණයකි.

ඔවුන්, ඩොලර් බිලියන 17 ක ආයෝජනයක් මගින් 2025 වන විට විදුලි මෝටර් රථ සංඛ්‍යාව වර්තමාන 110,000 සිට මිලියන 1.13 දක්වා ඉහළ නංවනු ඇති අතර හයිඩ්‍රජන් වාහන සංඛ්‍යාව 8,000 සිට 200,000 දක්වා වැඩි කරනු ඇත. 

රජයේ සහනාධාර සමඟ මෙම දැවැන්ත හරිත මෝටර් රථ වර්ධනය අත්කර ගන්නා බව සෝල් හි පරිසර අමාත්‍යාංශය පැවසීය. එම දිනය වන විට ආරෝපණ මධ්‍යස්ථාන 45,000 ක් එක් කිරීමට ද සැලසුමේ කොටසකි. රාජ්‍ය පරිපාලනය පවසන්නේ මෙය රැකියා 151,000 ක් නිර්මාණය කරන බවයි.

තවත් හොඳ ආරංචියක් ඔවුන් ප්‍රකාශයට පත් කළහ. පසුගිය වසරට සාපේක්ෂව 2025 වන විට දකුණු කොරියාව සූර්ය හා සුළං බලශක්ති පහසුකම් තුන් ගුණයකින් වැඩි කරනු ඇත. තවද, 2034 වන විට තවත් ගල් අඟුරු බලාගාර 30 ක් වසා දමනු ඇත. නැතහොත් විශේෂයෙන් එය 2022 අවසන් වන විට ගල් අඟුරු බලාගාර 10 ක් ද 2034 වන විට තවත් 20 ක් ද වසා දමනු ඇත. නව ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට දකුණු කොරියාවේ රාජ්‍ය පරිපාලනය ඉඩ දී නැත.

මෙම හරිත බල ශක්ති සහ ප්‍රවාහන නව ගනුදෙනුව මඟින් රැකියා 660,000 ක් බිහි කරනු ඇත. මෙම වැඩසටහන සඳහා 2025 වන විට ඩොලර් බිලියන 61.43 ක් වැය වේ. 2020 අවසන් වන විට කොරියාව 2030 සඳහා නව වායු විමෝචන අඩු කිරීමේ ඉලක්කය 2050 වසර වනවිට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනයක් වේ.  නැගෙනහිර ආසියාවේ ශුන්‍ය විමෝචනයට ලඟා වන පළමු රට දකුණු කොරියාව වනු ඇත. 

මේ වසරේ, “නිල් අහස සඳහා පිරිසිදු වාතය” [International Day of Clean Air for Blue Skies] පිළිබඳ ජාත්‍යන්තර දිනය කොරියාව විසින් ආරම්භ කරන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානයකි. එහි වෙබ් අඩවියේ මෙසේ සඳහන් වේ

… “2030 වන විට අන්තරායකර රසායනික ද්‍රව්‍ය හා වාතය, ජලය සහ පාංශු දූෂණය හා අපවිත්‍ර වීමෙන් සිදුවන මරණ හා රෝගාබාධ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් හඳුනාගෙන ඇත”… “ ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම ඇතුළුව නගරවල ඒක පුද්ගල පාරිසරික බලපෑම අවම කිරීම සලකා බැලේ”… “2030 වසරේදී වාතයේ ගුණාත්මකභාවය සහ නාගරික හා අනෙකුත් අපද්‍රව්‍ය කළමනාකරණය ගැන විශේෂ අවධානයකින් සලකා බැලෙනු ඇත”…

https://electrek.co/2020/09/08/south-korea-to-boost-ev-numbers-to-1-13-million-by-2025/?fbclid=IwAR2O-w-TdD0hcSvdVqNee5Ou2lIiNDXivwyZAKZDn1P9cNxkkSmxCzzMTos

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: