
සුඩානයේ කාර්ටූම් නගරයේ චීන්නුන් විසින් තනන ලද මහ පාළම උඩ සිට බලන විට අපූරු දර්ශණයක් පෙනේ. උගන්ඩාවේ සිට ගලා එන විශාළ පළලකින් යුතු මහා ගංගාවක් වන සුදු නයිල් නදිය, ඉතියෝපියානු කඳුකරයෙන් එන පටු නිල් නයිල් නදිය සමඟ එක් වීමය. ඒ මහා විශාල ගංගාවට කුඩා ගංගාව ගිල ගනී සේ යය ඔබ සිතන දේ වරදින බව පෙනෙන්නේ, ගංගා දෙකේ ජලය එක්වී තවත් කිලෝ මීටරයකින් පමණ දුරක් ගොස් බැලූ විටය.
කුඩා වාහනයක් විශාල වාහනයක හැපී, ඒ විශාල වාහනය කුඩා වාහනය තල්ලු කරගෙන යෑමේ විලෝමය ඔබ දකිනු ඇත. ඔව්, එය අනභිභවනීය නිල් නයිල් නදියේ බලයයි. සුදු නදිය පුළුල්ය නොගැඹුරුය. කොතරම් පුළුල්ද යත්, සමහර ස්ථානවල එහා මෙහා නොපෙනේ. ගැඹුරු නිල් නයිල් නදියේ ජල පහර ඉතා වේගවත් සහ විශාල වුවද, නදිය පටුය. මේ නදීන් දෙක එකතු වී තැනෙන මහ නයිල් නදියේ සමහර තැන් මහවැළි ගඟ මෙන් පටු වුවද, ජීවිතයට ආදරය ඇති කෙනෙක් නම් ඒ හරහා පීනන්නේ නැති විය යුතුය. එහි රළ පහර මෙන්ම මිනීමරු කිඹුල්ලුද සිටින හෙයිණි.
කෙසේ හෝ ඉතියෝපියානුවන් තරම් මේ නිල් නයිල් නදියේ වටිනාකම ගැන දන්නා මිනිසුන් තවත් නැත.
මහ නයිල් නදිය නිල් සහ සුදු නයිල් නදීන් සේ අතු දෙකකින් ආරම්භ වී, ඊජිතුවේ කයිරෝ නගරයෙන් මධ්යධරනී මුහුදට ගලා යයි. සිතියමේ පරිදි නයිල් නදියෙන්, එය ආරම්භ කරන ස්ථානයේ සිටම අවසානය තෙක් බොහෝ රටවල් ඉන් ජළය ලබා ගනී. මාරක සහරා කතරේ ඇති රටවල් වලට නයිල් නදිය ජීවයයි. නයිල් නදිය නැති කලක් වුවහොත් ඒ රටවල් වල ජීවිතයක් නැත. ඒ සියළු රටවල්වලට නයිල් නදිය අයිති වේ.
ඉතියෝපියාවේ තනන අප්රිකාවේ විශාලතම ජල විදුළි වේල්ල , ‘ග්රෑන්ඩ් ඉතියෝපියානු පුනරුද වේල්ල’, {The Grand Ethiopian Renaissance Dam, (මෙතනින් එහාට GERD යයි කියමු )} නිසා ඊජිප්තුව සහ ඉතියෝපියාව අතර ආතතිය ඉහළ මට්ටමක පවතී. පසුගිය අවුරුදු 40 තුළ දෙරට අතර එවැනි තත්වයක් ඇතිවී නැත. (GERD). වසර නවයක ඉදිකිරීම් වලින් පසු අප්රිකාවේ විශාලතම ජල විදුළි ව්යාපෘතිය වනු ඇත. එහෙත් අනාගතයේ දී ඉතියෝපියාව, ඊජිප්තුව වැනි රටවලට කොපමණ ජල ප්රමාණයක් ලබා දිය යුතුද යන්න පිළිබඳව මතභේද පවතී.
ඉක්මනට වේල්ල හරහා ජලාශය පිරෙව්වහොත්, ඉතියෝපියාවට ඉක්මනින් ජල විදුළිය ජනනය කල හැක. එහෙත් එසේ පිරවීමට ගියහොත් පහළ රටවල් වලට ජලය හිඟ වනු ඇත. 2011 දී එහි ඉදිකිරීම් ආරම්භ කළ දින සිට ඊජිප්තුවේ සහ සුඩානයේ වැනි නයිල් නදියේ පහළ සිටි ජාතීන්ගේ විරෝධයට එය මුහුණ දුන්නේය. පෙබරවාරියේදී, සුඩානයේ බ්ලූ නයිල් ප්රාන්තයේ පදිංචිකරුවන් තම ප්රදේශයේ ජල මට්ටමට GERD හි බලපෑම පිළිබඳ භීතිය පෙන්නුම් කළ බවට වාර්තා තිබේ.
නදියේ ජලය අඩුවීම ගැන මිනිසුන් කොතරම් බිය වේද යත්, හිතවතෙක් සමඟ සංචාරය කරන විට කුකුළන් ගේ බෙලි කපා ගඟට විසි කරනවා දුටිමි. සෝදිසි කල විට දැන ගත්තේ, ඒ ගංගා දේවතාවාට පිං පිණිස යන්නය…!! .. !… ගංගා රැජිනද සිහිපත් කරන, උත්සව ඇත. එදාට මිනිසුන් සහ ගැහැණුන් ඔවුන්ගේ හොඳම ඇඳුම් අඳින දිනයයි.
ඉතියෝපියානු බැම්ම ගැන ලෝක බැංකුවටද රපොර්තු කිරීමෙන් පසු ලෝක බැංකු ආධාර GERD නිර්මාණයට නවත්වා දැමීම කරන ලදී. එහෙත් ඉතියෝපියානුවන් අමුතු උදාර මිනිසුන් කොටසකි. වේල්ල බැඳීම සඳහා ගැහැණු අය ඔවුන්ගේ කණකර විකුණා ආණ්ඩුවට සහයෝගය දුන් බව සැල විය. අද දිනද, කෙනෙක්ට කැමති නම් තමා ගේ වේතනය හෝ දිනක වේතනය හෝ ලබා දී වේල්ල තැනීමට සහයෝගය දිය හැක. ලංකාවේ මෙවැනි දෙයක් වේ යයි ඔබ සිතන්නේද ?
එක් පාර්ශ්වයක් තර්ක කරන්නේ GERD යනු පහළ රටවලට ශාපයක් වනු ඇති බවයි. අනෙක් ප්රකාශයන් එය ආර්ථික වර්ධනය සහ දේපළ සඳහා ආශීර්වාදයක් යයි කියති. නයිල් ගඟේ පහළින් ඊජිප්තුවේ මෙන්ම වේල්ල ඉදිකරන ඉතියෝපියාව යන දෙපාර්ශ්වයම විවාද කරති. එසේ කිරීමෙන් ඔවුන් ඒ ඒ රටවල් වල පුරවැසියන් ව්යාකූල කර ඇති අතර GERD ව්යාපෘතියේ වාසි සහ අවාසි මැනීම දුෂ්කර කරවයි. වැරදි තොරතුරු හා උපාමාරු දැමීමේ තත්වයන් යටතේ, ඊට සම්බන්ධ ජාතීන් අතර මතභේදය විසඳීම වඩා දුෂ්කර විය හැක.
එම එකඟ නොවීම් යනු වේල්ල පිරවීම සඳහා ඉතියෝපියාවට කෙතරම් ඉක්මනින් ඉඩ දිය යුතුද යන්නයි. ඊජිප්තුව ඉල්ලා සිටින්නේ ඉතියෝපියාව එය වසර 12 කට නොඅඩු කාලයකදී පුරවන ලෙසයි. ඉතියෝපියාව පවසන්නේ එය අවුරුදු පහේ සිට හත දක්වා කාලය තුළ අඩක් සිදුකරන බවයි. වේගයෙන් පිරවීම මඟින් පහළට ගලා යන ජල ප්රමාණය අඩු වේ.
ඊජිප්තුව අවධාරනය කරන්නේ GERD ජලාශය ඉක්මනින් පුරවන තරමට එය ඉතා අඩු වර්ෂාපතනයක් සඳහා වඩා හානිකර විය හැකි බවයි. එවැනි සිදුවීමක් සිදුවුවහොත් ඊජිප්තුවේ ජනතාව සහ ආර්ථිකය දුක් විඳිනු ඇත. සාමාන්ය පිරවුම් කාලය හා වේල්ල කළමනාකරණය කිරීමට වඩා වර්ෂාව නැති අර්බුදකාරී අවස්ථාවන්හිදී වේල්ල කළමනාකරණය කිරීම පිළිබඳ ගැටළු වැඩිය. ඉදිරි වසර පහ තුළ සාමාන්ය ජල විද්යාත්මක තත්වයන් වුවහොත්, ඉතියෝපියාව එහි ඉලක්කය වන ඝන මීටර් බිලියන 49 ක් ජලාශය පුරවනු ඇත.
නමුත් නියඟයක් ඇති වූ විට කුමක් සිදුවේද යන්න මතභේදාත්මක වේ. මේ මොහොතේ, ඊජිප්තුවේ මාධ්යවල කලාතුරකින් වාර්තා වන කාරණය නම්, අස්වාන් වේල්ල උඩටම පිරී ඇති අතර එම නිසා කෙටි කාලීනව වර්ෂාපතනයේ යම් අඩුපාඩු සඳහා වන්දි ගෙවීමට එය උපකාරී වේ යන්නය. ජල සැපයුමට බාධා කරන ඕනෑම සංවර්ධන ව්යාපෘතියක් පිළිබඳව ඊජිප්තුව සැළකිලිමත් වේ. වියළි කාලවලදී ජල හිඟය උග්ර විය හැකි බැවින් ඊජිප්තුවට ඒ ගැන සෝදිසියෙන් සිටී.එය රඳා පවතින්නේ 1959 සුඩානය සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම යටතේ ඊජිප්තුව වෙන් කළ ඝන මීටර් බිලියන 55.5 ක ප්රමාණය මත වේ.
කෙසේ වෙතත්, මෙම ජල ප්රමාණය ඊජිප්තුවට ගැටළුවකි. උතුරු කැරොලිනා විශ්ව විද්යාලයේ මාක් ජෙලන්ඩ් පවසන්නේ සුඩානයේ ආර්ථික සංවර්ධනයේ හිඟය සහ ඊජිප්තුවේ ජනගහනයේ පුපුරා යාමේ වර්ධනය හේතුවෙන් – සෑම මාස හයකට වරක් පුරවැසියන් මිලියනයක් රටට එකතු කිරීම – ඊජිප්තුවට වැඩි වැඩියෙන් ජලය වෙන් කිරීම වසර ගණනාවක් තිස්සේ සුළි සුළඟක් මෙන් ගැටළුවක් බවය. [ඊජිප්තුව මුස්ලිම් රටකි.. ආර්ථික බාධක හෝ අන් කිසිම බාධකයකයක් අමතක කර ජනගහනය වර්ධනය කිරීම ඔවුන්ගේ ක්රමය වේ.] එසේ හෙයින්, ‘ඊජිප්තුවට නව යථාර්ථයකට හැඩගැසීම වේදනාවක් වනු ඇත’ යයි ඔහු පවසයි.
පිරවීමේ කාලය තුළ විශාල නියඟයක් ඇතිවීමට කොපමණ ඉඩ තිබේද යන්න ගැන එක්සත් ජනපද පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වසර කිහිපයක් තුළ මධ්යකාලීන අනාවැකි කීම දුෂ්කර බවයි. කෙසේ වෙතත්, එතිහාසික දත්ත සහ පුරෝකථන ආකෘතීන් පෙන්නුම් කරන්නේ GERD හි පිරවුම් කාලය තුළ එවැනි සිදුවීමක් සිදුවිය හැකි බවය. ඔක්ස්ෆර්ඩ් සරසවියේ ජල විද්යාඥයෙක්වූ, ‘ආචාර්ය කෙවින් වීලර්’ පවසන්නේ එවැනි අවස්ථාවක් සියයට 7 ක් පමණ සම්භාවිතාවයකින් යුක්ත වේ යන්නය.
විස්කොන්සින් මැඩිසන් විශ්ව විද්යාලයේ ඉංජිනේරු විද්යාලයේ, ‘පෝල් බ්ලොක්’ කියන්නේ, වසර වෙනුවට මාස කිහිපයක් වැනි කෙටි කාලීන අනාවැකි පළ කිරීම පහසු බවය.
අපක්ෂපාතී අනාවැකි අවුරුදු පහක් හෝ හතක් ඉක්මවා යාම දුෂ්කර ය. ප්රධාන නියඟ සහ, “එල්-නිනෝ ආචරණය” අතර සහසම්බන්ධයක් සොයා ගැනීම වැදගත් වන බව පර්යේෂකයන් කියයි. උණුසුම් සාගර ජල කලාපයක් හා සම්බන්ධ ‘එල් නිනෝ’ හි උණුසුම් අවධිය වන්නේ පැසිෆික් සාගරයේ විචලනයන් අනුව වේ. නිල් නයිල් නදිය ගලා එන කඳුකරයේ ඉහළ ජල පෝෂකයේ අධික නියඟයන් එවිට ඇති විය හැක.
ඊජිප්තුව කාන්තාර රාජ්යයක් වන අතර එහි ජල සැපයුමෙන් 90% කට වඩා වැඩි ප්රමාණයක් නයිල් ගඟෙන් තම නිවැසියන් සඳහා ලබා දේ. නයිල් නදියේ ජලය කෘෂිකර්මාන්තය සඳහා වාරිමාර්ග සපයයි. නයිල් ගඟේ ප්රධාන අතු ගංගා දෙක වන නිල් සහ සුදු නයිල් නදීන් දකුණු සුඩානය, බටහිර ඉතියෝපියාව සහ උගන්ඩාව යන රටවල පෝෂණය කෙරේ.
නමුත් සුඩානය සහ ඊජිප්තුව ඇතුළත් පහළ නයිල් ද්රෝණියේ සමහර ප්රදේශවලට ස්වභාවයෙන්ම ඉතා සුළු වර්ෂාපතනයක් ලැබෙන අතර, ඒ රටවල් වලට අවශ්ය ජලය ප්රමාණය නයිල් ගඟ මත දැඩි ලෙස රඳා පවතී. වසර 31 ක කාලයක් සඳහා ලබාගත් දත්ත වලින් පෙනී යන්නේ වසර 12 ක් තුළ වර්ෂාපතනය මිලි මීටර් 50 ට වඩා පහත වැටී ඇති බවයි. සෑම දොළොස් වසරකටම වඩා දරුණු ජල හිඟයන් ඇති වුවද, දශක තුනක් පමණක් එය විනිශ්චය කිරීමට අපහසු වී ඇත. 1980 සිට 1985 දක්වා වූ සමහර නියඟයන් ඒවායේ දිග හා බරපතලකම නිසා මහජන සන්තානයේ රැඳී ඇත.
1930-1935 සහ 1980 දී උතුරු අප්රිකාව පුරා දෙවරක් දැඩි නියඟයක් දක්නට ලැබිණි. ඊජිප්තුවට වඩා දිගු කාලයක් පිරවීම සඳහා ඇති ඉල්ලීම සාධාරණද යන්න සිතිය යුතු දෙයකි. එය සිදුවිය යුතුව ඇත්තේ නරකම පරිකල්පනීය දේශගුණික තත්ත්වයන් තුළ පමණක් යන්න විශේෂඥයන් පවසති.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්යාලයේ පෘථිවි හා ග්රහලෝක විද්යා අධ්යයනාංශයේ පර්යේෂක, “බෙන් සයිචික්” තර්ක කරන්නේ නම්යශීලී වීම වඩා හොඳ බවයි. … “ඉතියෝපියාවේ තෙත් කාලයක් තිබේ නම්, ඔවුන් වසර පහකින් වේල්ල පුරවනු ඇත. නියඟය ඇති වුවහොත් එය නවයක් වනු ඇත”… එහෙත් එවැනි අවිනිශ්චිතතාවයක් නීත්යානුකූලව ගිවිසුමකට හඳුන්වා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ ප්රශ්න මතු කරයි.
පර්යේෂකයන් වඩාත් කනස්සල්ලට පත්වන්නේ පිරවුම් කාලයෙන් පසු ඊජිප්තුව සහ ඉතියෝපියාව අතර එකඟතාවයක් නොමැති වීමයි. GERD පිරවීම හා සමගාමීව ඉතා බරපතල නියඟයක් නොතිබුනේ නම්, කලින් එකඟ වූ සමබර පිරවුම් ප්රතිපත්තියක් නොමැතිව පවා ඊජිප්තුවට එය ජය ගත හැකි වනු ඇතැයි පැවසේ. 1980 දශකයේ මෙන් විශාල නියඟයක් ඇති වුනොත් නම් තත්වය බැරෑරුම් වේ.
කලකට පෙර ඉතියෝපියාවේ ඉන්නේ ම්ලේච්චයන් යයි සේ හෝ සිතූ හෙයින්, එවකට ඊජිප්තුව එහි ජල පරිහරණය තනිකරම තමන්ගේම යටිතල පහසුකම් සමඟ නිදහසේ කළමනාකරණය කරමින් සිටියේය.
බ්රිතාන්යයන්ගේ ආශිර්වාද ඇතිව ඊජිප්තුව සන්නිවේදනය කලේ සුඩානය සමඟ පමණි. ඊට ඉහළ වැඩිම ජල ධාරාවක් ගලා එන ඉතියෝපියාව ඔවුන් ඕනාකමෙන්ම අමතක කළහ. දැන් වේලි දෙකක් ඇත. ඊළඟ විශාල නියඟය ඇති වූ විට, ඉතියෝපියාවේ වේල්ල සිඳී යනු ඇත්තේ ඔවුන් ඉන් ජල විදුළිය ජනනය කල යුතු හෙයිනි.
එවිට නම් එය ඊජිප්තුවට වාසිදායක වන්නේ, පහළට ගලන ජළය එවිට වැඩි වන හෙයිණි.
නාගරික හා කෘෂිකාර්මික ජල ඉල්ලීම් සපුරාලීමට රටට අවශ්ය බැවින් ඊජිප්තුවේ, ‘ලේක් නාසර්’ හිස් වනු ඇත. එමඟින් මෙම දැවැන්ත යටිතල ව්යුහයන් නැවත පුරවන්නේ කෙසේද යන්න පිළිබඳ ප්රශ්න මතු වේ. රටවල් දෙකේම ජලාශ හිස් නම්, එය දැන් ඇති තත්වයට වඩා බෙහෙවින් වෙනස් තත්වයකි, එහිදී නාසර් විල පිරී ඇති අතර GERD හිස් ය. දෙකම හිස්ව තිබියදී, වේලි පිරවීම හා සම්බන්ධ වේදනාව රටවල් දෙකම අත් විඳිනු ඇත.
එහෙත් ඕනෑම කරදරයක් සැහැල්ලුවෙන් ගන්නා ඉතියෝපියානුවන් නම් ඊජිප්තියානුවන් මෙන් නොව ඒ කරදරයටත් සිනහමුසු මුහුණෙන් මුහුණ දෙනු ඇත. විද්යාත්මක යථාර්ථය වැරදි ලෙස නිරූපණය කිරීම විශාල ගැටළුවකි. විශේෂයෙන් ඊජිප්තු පාර්ශවය ඉතියෝපියාව දෙස බලන ආකාරය එතරම් තර්කානුකූල නැතැයි සේ සිතේ. අපක්ෂපාතී අධ්යයනයක් කිරීමට දැරූ සියලු උත්සාහයන් වලක්වනු ලැබුවේය.
ඉතියෝපියානු අධ්යයනවලින් කියැවෙන්නේ වේල්ල විශාල හා ප්රයෝජනවත් වනු ඇති බවත් ඊජිප්තු අධ්යයනවලින් කියැවෙන්නේ එය විනාශකාරී හා භයානක වනු ඇති බවයි. ඊජිප්තුවේ සූවස් ඇළ විශ්ව විද්යාලයේ, ‘එල්-සයීඩ් ඔම්රාන්’ විසින් රචිත ‘ග්රෑන්ඩ් ඉතියෝපියානු පුනරුද වේල්ලේ ඒකාබද්ධ ජල කළමනාකරණ කළමනාකරණය සහ දුරස්ථ සංවේදනය’ නම් එක් ලිපියක නිගමනය වූයේ, “GERD” කඩා වැටීමට වඩා සම්භාවිතාව ඉතා වැඩිය”… “වේල්ලේ ආරක්ෂාව ඉතා අඩුයි” … [ඉතින් මොකෝ ? …ඊජිප්තුව ඇත්තේ ඉතියෝපියාවට කිලෝ මීටර් දෙදාහක් එහායිනි…!… !!… ]
කයිරෝ විශ්ව විද්යාලයේ 2017 පර්යේෂණය වැනි අධ්යයනයන් ඊජිප්තුව වසර තුනක කාලයක් සඳහා තම ගොවිබිම් වලින් සියයට 51 ක් අහිමි වන බවත්, වසර හයක් සඳහා සියයට 17 ක් අහිමි වන බවත් කියා සිටියේය. ඉතියෝපියාව ද ඒක පාර්ශවීය පර්යේෂණවලට සම්බන්ධ විය. ඉහළ නිල් නයිල් ගඟේ (ඉතියෝපියාව) බහු ගබඩා ජල විදුළි බල සංවර්ධනය පිළිබඳ ඇගයීමක් විය. ඉතියෝපියානු ආයතනවල පර්යේෂකයන් දෙදෙනෙකු විසින් ලියන ලද කලාපීය ඉදිරි දර්ශනය – නිගමනය කළේ – ඊජිප්තුවට වැඩි බරක් නොමැතිව – සාමාන්ය හා තෙත් ප්රවාහ තත්වයන් යටතේ වසර පිරවීමේ කාලය, GERD පහළට ගලා යන ජල භාවිතය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති නොකරන බවය.
එක්සත් රාජධානියේ ඉතියෝපියානු තානාපති කාර්යාලය සිය සමාජ මාධ්ය පැතිකඩෙහි මෙසේ ලිවීය: “GERD සියලු අප්රිකානුවන්ගේ බලාපොරොත්තුවේ ආලෝකයක් ලෙස පවතී. සුඩානය හා ඊජිප්තුව වෙත එහි ගලායාම දිගටම කරගෙන යාමට ඉඩ සලසන ජල විදුළි වේල්ලක් භාවිතා කිරීම අවසානයේ සියලු නයිල් ද්රෝණියේ රටවල විදුලි පහන් දැල්වෙනු ඇත. ඊජිප්තුව සහ ඉතියෝපියාව අතර ආතතීන් තවත් ඔබ්බට යයි. කලින් සඳහන් කළ විරෝධතා ඇතත් මිලිටරීකරණය වැඩි වී තිබේ.
ඊජිප්තුවේ ප්රහාර වලින් වේල්ල ආරක්ෂා කිරීම සඳහා ගුවන් ආරක්ෂක පද්ධතියක් (එය ස්ථාපනය කිරීමට ඉතියෝපියානු නිළධාරීන් නියෝග කර ඇත) සමහර වාර්ථා පවසයි.
ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක් තැනීමට ඉතියෝපියාවට උදව් කළේ කුමන රටද යන්න මේ මොහොතේ පැහැදිලි නැත. ඊශ්රායලය එයට කිසිම සම්බන්ධයක් නැති බව ප්රතික්ෂේප කළේය. මෙහිදී ඊශ්රායලය කලින්ම මේ ගැන කතා කලේ ඇයිද යන්න ගැන විස්තර කල යුතුය. ඉතියෝපියාව සහ ඊශ්රායලය අතර ඉතා පැරණි සංස්කෘතික සහ ආගම් සම්බන්දයක් ඇත. [කරුණාකර ඉතියෝපියාව කොටස- – බ්ලොග් එක බලන්න.]
කෙටියෙන් කිවහොත් ඊශ්රායල් රජු වන සොලමන් සහ ඉතියෝපියානු සුන්දර රැජිණිය වන ශීබා බිසව ගේ දරුවා වන මෙනලික් රජු ගේ පරම්පරාව මෑතක් වන තුරු රට පාලය කළේය.
ජුලි මාසයේ සිට GERD හි ගත් අධි විභේදන චන්ද්රිකා ඡායාරූප මගින් එවැනි ආරක්ෂා පද්ධතියක කිසිදු හෝඩුවාවක් නොපෙන්වයි. 2020 ජුනි මස අවසානයේදී ඉතියෝපියාව කියා සිටියේ ඊජිප්තු හැකර්වරු තම රජයේ වෙබ් අඩවි ගණනාවකට එරෙහිව විශාල සයිබර් ප්රහාර දියත් කර ඇති බවත් එය වේල්ල පිරවීම නවත්වන බවත්ය. එවැනි ක්රියාකාරකම් නිසා දෙරට පවතින තත්වයෙන් මිදීමට මාර්ගයක් සොයා ගැනීම දුෂ්කර වනු ඇත. ඉතියෝපියාව GERD පුරවන්නේ නම් කුමක් කළ යුතුද? ඊජිප්තුවට ඇති විකල්ප මොනවාද?
ඔක්ස්ෆර්ඩ් සරසවියේ ජල විද්යා ඥ ආචාර්ය කෙවින් වීලර් පවසන්නේ එහි ජනගහනය සඳහා ජල සැපයුම සහතික කිරීම සඳහා, මුහුදු ජලය මිරිදිය කිරීම කළ හැකි නමුත් එය ඊජිප්තුවේ කෘෂිකාර්මික අංශයට ප්රමාණවත් නොවන බවයි. දෙවන විකල්පය වන්නේ කෘෂිකාර්මික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමෙන් හෝ උපායමාර්ගික බෝග ප්රතිපත්ති සකස් කිරීමෙන් ජල භාවිතය අඩු කිරීමයි. සහල් වගාව සඳහා ඇති ඉඩම් ප්රමාණය කපා හැරීම 2018 දී ඊජිප්තියානු රජය විසින් ප්රකාශයට පත් කරන ලදී.
අවම වශයෙන් ඉතියෝපියාවට GERD හි ප්රතිලාභ හොඳ විය යුතුය. නමුත් මෙහි පවා සැලකිලිමත් වේ. GERD හි ටර්බයින උත්පාදක යන්ත්ර ධාරිතාවයෙන් මෙගාවොට් 5,150 ක් වීය. වාර්ෂික විදුලි බලාගාරයේ වසරකට ටෙරා වොට් පැය 16 ක් සහ බලාගාර බර පැටවීමේ සාධකය සියයට 28.6 කි. [plant load factor of 28.6 ] එය වසරකට මෙගාවොට් 2,100 සහ 10TWh නිෂ්පාදනය වන ඊජිප්තු අස්වාන් වේල්ලේ ධාරිතාව මෙන් තුන් ගුණයකි.
ඉතියෝපියාවට ආක්රමණශීලී විද්යුත්කරණ උපාය මාර්ගයක් නැත. 2030 වන විට මුළු රටටම විදුලිය ලබා දීමට අවශ්ය නමුත් එය බොහෝ දුරට විදුලි බල පද්ධතියෙන් බැහැරව පවතින බව විශේෂඥයෝ පවසති. ග්රාමීය භාවිතා කරන්නන් ප්රමාණවත් තරම් විශාල බලශක්ති පාරිභෝගිකයන් නොවේ. කුමන රැකියාවක් කලද බොහෝ අයගේ ජීවන තත්වය සෑහෙන සමානතාවයකින් යුතු වේ.
සම්ප්රදායික ‘ඉන්ජෙරා ‘ ආහාරයෙන් සැනහෙන ඔවුන්ට ගමේ එළවළු, ගමේම පළතුරු ලැබේ. බොහෝ විට ඉතා සුවපහසු සීත දේශ ගුණයක් ඇති නිසා, වායු සමීකරණයක් අනවශ්ය තරම්ය. GERD මගින් ලැබෙන ශක්තියෙන් වැඩි ප්රමාණයක් පරිභෝජනය කළ යුත්තේ, ඒ සරළ මිනිසුන් නොව “කාර්මික ක්රියාකාරකම්” වැනි ඉහළ බලශක්ති භාවිතයන් සඳහා වන අතර, එය නාගරික සහ කාර්මික ප්රදේශවල වනු ඇත.
එනම් ඉතියෝපියාවට, විශාල ශක්තියක් අවශ්ය නොවේ”. අලුතින් එකතු කරන ලද ධාරිතාව දැවැන්තය. ඉතියෝපියාවේ වර්තමාන ජාතික ධාරිතාවය මෙගාවොට් 4,425 කි. ඒ වැඩි ශක්තිය විකුණා දැමිය යුතුව ඇත. එය ඉතියෝපියාව ධනවත් කරනු ඇත. සුඩානය මේ සඳහා සුදුසු සහකරුවෙකි. මෙතෙක් සුඩානයේ විරුද්ධත්වය තරමක් මධ්යස්ථව පැවතීමට හේතුව මෙයයි. අනෙක් රට ඉරිත්රියාව වේ.
එහෙත් බල ශක්තිය වැඩියෙන් ලැබෙන විට, ඉතියෝපියාවෙත් වැඩියෙන් එය වැය වනු ඇත. රාත්රී කාලයේ චන්ද්රිකා ඡායාරූප මත ඊජිප්තුව සහ ඉතියෝපියාව අතර වෙනස පැහැදිළිව දැකිය හැක. ඉතියෝපියාවේ රාත්රී කාලය අඳුරු වන අතර ඊජිප්තුව ආලෝකය විහිදුවයි.
ඉතියෝපියාවේ රාත්රිය වසර කිහිපයකින් දීප්තිමත් වෙනවා මෙන්ම ධනවත් රටක්ද වනු ඇත.
Leave a Reply