වාහන විත්ති 411 – නිවසටද විදුළිය ලබා ගැනීමට හැකි අවුඩි විදුළි වාහන.

Enel-Nissan Italy V2G pilot grid balancingඇමරිකාවේ ‘ඩොරියන්’ සේ නම් කල කුණාටුව පැමිණි අවස්ථාවක ජාතික බල සැපයුමේ රැහැන් කැඩී ගිය විටෙක, නිවසේ තිබුණු නිසාන් ලීෆ් රථයකින් මධ්යම ප්රමාණයේ නිවාසයක් දින තුනක් බල ගැන්වූ බව ආරංචි විය.
 
මෙය එතරම් ප්රයෝජනයක් ඇති දෙයක් නොවේ යයි කෙනෙක්ට සිතෙන්නට පුළුවන. එහෙත් අනාගතයේ නම් එමගින් විශාල ප්රයෝජන ලැබෙන්නට හේතු තිබෙන්නට පුළුවන. නැතිනම් ලෝ ප්රකට අවුඩි සමාගම ඔවුන්ගේ විදුළි වාහන වලට ඒ පහසුකම දෙන්නට හේතුවක් නැත.
 
වාහනයක් මගින් ජාතික බල සැපයුමෙන් කරන දේ කරන්නට යන්නේ, අහවල් දේකටද යයි කෙනෙක් සිතන්නට පුළුවන. එසේ නොකළහොත් වන්නේ, ‘නොකියා’ දුරකථන වලට වැරදුණු ආකාරයට වාහන ආයතන වලටද වැරදීමය. එනම් ‘නොකියා’ දුරකථන සමාගම, අන් දුරකථන සමාගම් මෙන් ඔවුන්ගේ දුරකථන ‘ස්මාර්ට්’ හෙවත් විවිධාංගකරණය’ නොකළ හේතුවෙන්, ඔවුන්ට වෙළඳ පොළ තිබි ස්ථාවරය නැති වී ගියේය.
 
විදුළි වාහනයක් ආරෝපණය කල යුතුය. විශේෂයෙන්ම අඳුරු රටවල් වල ඒ සඳහා යන මිළ, පෙට්රල් මිළ තරම් නොවුවද, සැළකිය යුතු මුදලක් වියදම් වේ. මේ වියදම් වන මිළ නැවත පාරිභෝගිකයාට ලබා දීමට හැකි නම් එය ඒ වාහනයට ඇතිවන ආකර්ෂණයේ වැඩි වීමකි. මෙයට තවත් හේතුවක් ඇත. එනම් විදුළි වාහන දියුණු වන ආකාරයට එක් එක් වාහනයේ තත්වය තීරණය කරන අංගෝපාංග නිසා එතරම් විශාල වෙනසක් වාහනයෙන් වාහනයට ඇති නොවේ. මක්නිසාදයත් එහි එන්ජිමක්, ගියර් පෙට්ටියක් අදාළ දේ නොමැති හෙයිණි.
 
එන්ජිම, ගියර් පෙට්ටිය වැනි උපාංගවල විශේෂඥතාවය ලැබූ මර්සිඩීස් බෙන්ස්, බී.එම්. ඩබ්ලිව් සහ ටොයෝටා වැනි සම්ප්රදායික වාහන සමාගම් සමඟ තරඟ කරන්නේ, දශකයකට පමණ පෙර කිසිම ජනප්රියතාවයක් නැතිව තිබි ටෙස්ලා, බී.වයි.ඩී, කන්ඩි, ෆිස්කර් වැනි සමාගම් වේ. ටෙස්ලා හැර අනෙක් සමාගම් ගැන බොහෝ අය දන්නේ වත් නැත.
 
සියවසක් පමණ පර්යේෂණ කර සොයාගත් ඉහළ තලයේ එන්ජින් සහ ගියර් පෙට්ටි නිර්මාණය කල වාහන නිර්මාණය කල ඒ සම්ප්රදායික නිෂ්පාදන ආයතන වලට, විදුළි වාහන නිෂ්පාදන ආයතන දැවැන්ත අභියෝගයක් වේ. මක්නිසාදයත් පූර්වයේ සොයාගත් ඒ අත්දැකීම් විදුළි වාහනයකට අනවශ්ය බැවිණි. තවද ඒ එන්ජින් සහ අනෙක් උපාංග සූසර කිරීමට විශේෂඥ දැනුමක් මෙන්ම විශේෂ උපකරණ අවශ්ය වේ. ලොකුවට කතාකරන ‘ඩුවෙල් ක්ලච්’ එක එක නිදසුනකි.
 
මෝටරය සහ බැටරිය ඒ සියල්ල උඩු යටිකුරු කර ඇත. කෙටියෙන් කිවහොත් තරඟකාරිත්වය සඳහා ඇති සාධක අවම වේ.
 
මෙන්න මේ අවස්ථාවේ විදුළි වාහනය විවිධාංගකරණය වන තරමට ඒ ඒ විදුළි වාහන නිර්මාණය කරන ආයතනයට වෙළඳාම වැඩි වේ. ෆිස්කර් විදුළි වාහනය උත්සාහ කරන්නේ, ඉක්මනින්ම බැටරිය ආරෝපණය කිරීමටය. මර්සිඩීස් බෙන්ස් ආයතනය උත්සාහ කරන්නේ, එක් ආරෝපනයකින් ධාවනය කල හැකි වැඩිම දුර යාමට උත්සාහ කිරීමය. අවුඩි වෙනත් මඟක්, එනම් නිවසේ විදුළියට වාහනයේ බැටරිය සම්බන්ද කරයි.
 
ඇත්තෙන්ම මේ ක්රමයේ මූලාරම්භකයා නිසාන් සමාගම වේ.
 
තවත් දශකයකින් මේ වාහනයකට තටු දෙකක්ද සම්බන්ද කර පියාසරද කල හැකිය යයි කිවහොත්, ඒ ගැන පුදුම වන්නට අවශ්ය නැත.
මේ විවිධාංගකරණ සෙල්ලම නිසා, අවුඩි යනු, ‘ද්වි-දිශානුගත ආරෝපණ’ [bi-directional charging] අත්හදා බැලීමේ නවතම මෝටර් රථ නිෂ්පාදකයා වේ. එනම් අවුඩි අනාගත විද්යුත් මෝටර් රථවලට ඔවුන්ගේ බැටරි ඇසුරුම්වලින් විදුළිය නැවත විදුළි බල පද්ධතියට මුදා හැරීමට ඉඩ සලසයි. ඒ සඳහා ස්මාර්ට් හෝම් බලශක්ති කළමනාකරණ සමාගමක් වන, ‘හේගර් සමූහය’ සමඟ අවුඩි ආයතනය අත්වැල් බැඳ වැඩ කරයි.
 
කිලෝවොට් 12 ක් දක්වා ආරෝපණය කළ හැකි DC wall box එකක් සහ එමගින්ම කිලෝවොට් 9.0 ක පැය බලශක්තිය නැවත ලබා ගැනීමට හැකි සේ මේ පහසුකම දී ඇත. ඒ බල ශක්තිය මධ්යම ප්රමාණයේ නිවසක් බල ගන්වන්නට ප්රමාණවත්ය.
 
මෙහි තේරුම වන්නේ, අනාගතයේ මධ්යම ජාතික බල ශක්ති සේවා සැපයුමක් කෙමෙන් කෙමෙන් අනවශ්ය වී යෑමය. විශේෂයෙන් එය හිරු එළිය ඇති රටක මේ ඉලක්කයට ළඟා වීමේ සාර්ථක බව ඉතා වැඩි වේ. නමුත් හිරු එළිය ඇති වුවද, තවත් ගල් අඟුරු බළාගාර ඉදි කරන්නට හදන දූෂිත රටවල් ඒ ගොඩට වැටෙන්නේ නැත.
 
සූර්ය පැනල අතුරා ඇති නිවෙස්වලට අතිරික්ත විදුලිය රඳවා තබා ගැනීම සඳහා මෝටර් රථයේ බැටරි පද්ධතිය භාවිතා කළ හැක. එනම් වාහනය විදුළිය නැති විටෙක හදිසි බලශක්ති ප්රභවයක් ලෙසද වාහනය ක්රියාත්මක කළ හැකි බව අවුඩි සමාගම කියා සිටී. ‘වාහනයෙන් ගෙදරට’, (V2H) නමින් හැඳින්වෙන මෙම භාවිත ක්රමයට අමතරව, විදුළි බල ජාලයේ දිගුවක් ලෙස මෝටර් රථය භාවිතා කළ හැකිය. වාහනයේ සිට ග්රිඩ් එකට’, (V2G) යෙදුම් වලදී, අඩු ඉල්ලුමක් පවතින කාලවලදී අතිරික්ත ශක්තිය බැටරියට අවශෝෂණය කර ගනී.
 
ඉහළ ඉල්ලුමක් ඇති කාලවලදී එය මුදා හැරීමෙන් විදුළි මෝටර් රථ සමූහයට විදුලිබල පද්ධතිය “සමතුලිත” කිරීමට උපකාරී වේ.
කෙසේ වෙතත්, මෙම එක් යුරෝපීය පරීක්ෂණයකින් ඔබ්බට අවුඩි සමාගමේ අනාගත සැලසුම් මොනවාද යන්න පැහැදිළි නැත. සමහරවිට එය තවමත් වෙළඳ රහසක් විය හැක. ඇමරිකාවේ අවුඩි ආයතනය පැවසුවේ එක්සත් ජනපදයේ ද්වි-දිශානුගත ආරෝපණය දිගුකාලීන ඉලක්කයක් වන අතර, ඒ ප්රමිතීන් තවමත් ක්රියාත්මක නොවූවත් මෘධුකාංග සහ දෘඩකාංග නම් සංවර්ධනය කරමින් පවතී.
 
ඊ-ට්රෝන්හි බැටරි සහ ආරෝපණ පද්ධති ද්වි-දිශානුගත හැකියාව සඳහා නිර්මාණය කර ඇති බව අවුඩි විධායකයින් මීට පෙර සනාථ කර ඇත. එහෙත් බල ක්ෂේත්රයේ අද ඇති ප්රමිතීන් සහ ගෘහ දෘඩාංග බාධක වේ. කෙසේ වෙතත්, ආරෝපණ උපකරණ නිෂ්පාදකයින් V2H සහ V2G ක්රියාකාරිත්වය සලකා බැලීම ආරම්භ කර ඇත. වසර අවසාන වීමට පෙර ඔවුන් විසින් එක්සත් ජනපදයේ ද්වි-දිශානුගත ආරෝපණ ක්රියාකාරිත්වය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
CHAdeMO [ආරෝපිත ක්රමයකි.] ආරම්භයේ සිටම ද්වි-දිශානුගත ආරෝපණය සමඟ අනුකූල විය. 2025 වන විට එම හැකියාව තිබීම ඉලක්කය වුවද, CCS [තවත් ආරෝපිත ක්රමයකි.] සහය දක්වන දෘඩාංග සමඟ තවම මේ ක්රමය එකට අනුගත නොවන බව කියයි. අනාගත තත්වය වෙනස් වනු ඇත.
 
වසර ගණනාවක් තිස්සේ කරන ලද බොහෝ අධ්යයනවලින් පෙන්නුම් කර ඇත්තේ උපරිම / අවම ආරෝපණ සහ ස්මාර්ට් ජාලගත ආරෝපණ ක්රමය ඇති වන බවය. ඒ අතර V2H සහ V2G මගින් ජාලක ස්ථායීකරනය ඊළඟ මට්ටමට ගෙන යා හැකි බව සොයා ගෙන ඇත. ජර්මනියේ බී.එම්.ඩබ්ලිව් සමාගම සහ සහ ඇමරිකාවේ සමාගමක් වන ‘කැලිෆෝනියා උපයෝගීතා පැසිෆික් ගෑස් සහ ඉලෙක්ට්රික් සමාගම’ විසින් 2017 දී කරන ලද අධ්යයනයක් ඊට ඇතුළත් ය.
 
ඔවුන්ගේ අධ්යයනයේදී දළ වශයෙන්, ‘බී.එම්.ඩබ්ලිව් අයි 3 හැච්බැක්’ වාහන සීයක් භාවිතා කරමින් විදුලි කාර් මගින් ජාතික විදුළි ජාලයට ආධාර කළ හැකි බව පෙන්නුම් කර තිබේ.
 
රටක ඇති විදුළි වාහන ප්රමාණය වැඩිවත්ම, මේ ආකාරයේ ප්රතිලාභ රටටම ලැබෙන බව පැහැදිළිය. දශකයක් පමණ දුර බලා දියුණු රටවල් වල විදුළි වාහන ප්රවර්ධනයට මුල් තැනක් මෙකළ දෙන්නේ එහෙයිණි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: