අංශක 600 දක්වා ගල් රත් කිරීමෙන් ශක්තිය ගබඩා කිරීම.

                             
black-stones-1ඩෙන්මාර්කයේ බල ශක්තිය තාපය සේ ගබඩා කිරීම සඳහා ගල් ගබඩාවක් භාවිතා කිරීම මෙහි අරමුණ විය. 

සඳුදා ඩෙන්මාර්කයේ අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය ‘ටොමී අහ්ලර්ස් මහතා’ යෝධ නියමු ව්‍යාපෘතියක් නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ අතර එය තාපය ගබඩා කිරීම සඳහා අංශක 600 ක් උණුසුම් ගල් ඇටවුමක් විය. ඔහු මෙසේ පැවසීය: …“අපගේ පුනර්ජනනීය බලශක්ති පරිවර්තනයේ නැතිවූ සම්බන්ධය මෙය විය හැකිය”… “අධි-උෂ්ණත්ව තාප ශක්ති ගබඩා කිරීම (HT-TES) යනු තාක්ෂණික යෙදුමයි”…

…“ව්‍යාපෘතියේ මූලික සංකල්පය වන්නේ ලාභ, දිරාපත් නොවන සහ පරිසර හිතකාමී ගබඩා ද්‍රව්‍ය සමඟ ආරෝපණ හා විසර්ජන තාක්‍ෂණය ඒකාබද්ධව කර පිරිවැය අඩු ක,ර බලශක්ති ගබඩා කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීමයි”…

එමගින් – පැය ගණනක් ඩෙන්මාර්කය බල ගැන්විය හැකිය.

ලංකාව වැනි අවම සේ පරීක්‍ෂණ කෙරෙන, නිළධාරී වාදයේ අන්ත දූෂිත පීඩනය යටතේ විමර්ශන යේ හැකියාවක් නැති කල මෙන්ම, බහුතරයක් දියාරු මානසිකත්වයෙන් යුතු මිනිසුන් සිටින රටක, කිසිදා මෙවැන්නක් සිදු නොවෙනු ඇත. එහෙත් ඩෙන්මාර්කය වෙනස් මිනිසුන් සිටින රටකි.

තවද මේ ක්‍රමය මගින් තාප සන්නායකතාවය ගැන ඔවුන් දැන ගත්තේ අද ඊයේ නොවේ. මක්නිසාදයත් ඔවුන්ගේ කිරි, බටර්, චීස් කර්මාන්තය සඳහා ගබඩා පොළව යට තැනීම සම්ප්‍රදායික සේ කෙරෙන හෙයිණි. පොලව යට ඒවා තැන්පත් කර තිබේ නම්, ස්ථාවර උෂ්ණත්වයක කිරි ආහාර බොහෝ කල් තබා ගත හැක.

එය ඒවායේ ‘Aging process’ සඳහා ඉතා අවශ්‍ය දෙයකි.   

කුඩා කළු ගල් සහිත විශාල පෙට්ටියක් ගැන සිතන්න, සෑම පැත්තකින්ම පරිවරණය කර ඇති, ඉතා විශාල, නමුත් සෑදීමට ඉතා පහසු දෙයකි. සුළඟ හා සූර්යය වැනි වරින් වර පුනර්ජනනීය ප්‍රභවයන් මඟින් අතිරික්ත ශක්තිය නිපදවන විට, මෙම ශක්තිය මගින් වාතය ඉතා උණුසුම් කර ගල් ගබඩාවට පොම්ප කිරීම සඳහා යොදා ගනී. තාප ස්වරූපයෙන් ශක්තිය දින ගණනක් ගබඩා කර ගත හැක. එයට වාතය පොම්ප කර උණුසුම් වාතය ගබඩාවෙන් පිටතට යවන අතර එමඟින් විදුළිය ජනනය කරන ටර්බයින ක්‍රියාත්මක වේ.

තවද ඒ ටර්බයින වලින් පිටවන උණුසුම නගරයේ ගොඩනැගිළි රත් කිරීමට භාවිතා වේ. 

ඩෙන්මාර්කයේ අනාගත න්‍යායාත්මක ගබඩා කිරීම සඳහා, DTU යන තාක්ෂණික විශ්ව විද්‍යාලය විසින් 2035 දී ගිගාවොට් 1.4 කින් 10% ක ගබඩා අවශ්‍යතා හඳුනාගෙන ඇත. වසරකට පැය 830 සම්පූර්ණ ධාරිතාවයෙන් ( මෙගාවොට් 300 වඩා ගබඩා කර දිනකට සාමාන්‍යයෙන් මුදා හරිනු ලැබේ). ඒ සඳහා ගබඩා අවශ්‍යතාව ඝන මීටර මිලියන 1.227 ක ගබඩා විසඳුමකට සමාන වේ. (උදා: ඒ ගබඩාවේ පරිමාණය වන්නේ, මීටර් 600 X මීටර් 200 X මීටර් 10 දක්වා ප්‍රමාණයක් ) වේ. මේ ගබඩා විසඳුම පොළව යට ඇති කල හැකි හෙයින් අවට පරිසරයට ඉන් හානියක් නැත.

බලශක්ති සමාගමක් වන SEAS-NVE සහ තාක්ෂණික විශ්ව විද්‍යාලය DTU විසින් රයිස් කැම්පස් හි හවුල්කරුවන් සමඟ එක්ව මෙම මහා අදහසෙහි කුඩා පරිමාණයක්  ගොඩනගා ඇති අතර, ඒ සඳහා අර්හස් විශ්ව විද්‍යාලය,[Aarhus University] ඩෙන්මාර්ක බලශක්ති, Energinet.dk, EUDP පර්යේෂණ සඳහා මෙන්ම මෙම ව්‍යාපෘතියට අරමුදල් සහයෝගය ලබා දී ඇත. ආචාර්ය ටොමී අහලර්ස් මහතා තව දුරටත් මෙසේ පැවසීය.

… “අපි මෙතරම් ආදරය කරන ලෝකය මෙවැනි විසඳුම් නොමැතිව පවතින්නේ නැත”… “පසුගිය අවුරුදු 4 මෑත ඉතිහාසයේ උණුසුම්ම කාලය වන අතර එය මට කනස්සල්ලට කරුණක් විය “… “වෙනසක් ඇති කිරීම සඳහා මට  දේශපාලනයට යෑමට සිදු වූ අතර, මෙවැනි ව්‍යාපෘති සමඟ එය සාර්ථක කර ගත හැකිය” … “විශ්ව විද්‍යාල, ව්‍යාපාර සහ බලශක්ති සමාගම් එක්වී ඇත”… “මෙය ඉහළ මට්ටමේ ව්‍යවසායකත්වයක් වන අතර විසඳුම ඩෙන්මාර්කයේ දේශසීමාවෙන් ඔබ්බට ගොස් ඇත”…

ඉහත ප්‍රකාශය ලංකාව වැනි පසුගාමී දූෂිත දේශපාලනඥයන්ට කණේ පහරකි. විද්‍යාඥයෙක් දේශපාලනඥයෙක් වී ඇත්තේ කොමිස් ගැසීම හෝ බාර් බලපත්‍ර ගැනීම හෝ මුදල් ගැරීමට නොව, උදාර අරමුණකිනි. ආචාර්ය ටොමී අහලර්ස් මහතා තව දුරටත් මෙසේද කියයි.

… “මෑත දින ඉතා සුළං සහිත විය”… “ඇත්ත වශයෙන්ම, පසුගිය සතිය තුළ, ඩෙන්මාර්කයේ සුළං සහිත ඉතා දිගු කාලයක් ඇති බව මම දුටුවෙමි”… “ඉන් ක්‍රියාත්මක වූ සුළං මෝල් වල බල ශක්තිය වැඩි ප්‍රමාණයක් අපනයනය කළේ නෝර්වේ සහ ස්වීඩනයට ය” … “මා මෙය ලියන වෙලාවේ, එතරම් සුළඟකින් තොර හිරු එළිය සහිත උදෑසනක් වන අතර, ඩෙන්මාර්කය දැන් නෝර්වේ සිට ගිගාවොට් එකක පමණ විදුලියක් ආනයනය කරයි”… “මෙසේ ශක්තිය හුවමාරු කර ගැනීම කදිම ක්‍රමයකි ” …

… “නමුත් සොබාදහමේ අභිමතය පරිදි මිලදී ගැනීම සහ විකිණීමකින් තොරව, රට තුල බලශක්තිය ගබඩා කිරීමට හැකි වීම ගැන සිතන්න”… “එය වඩාත් ආකර්ශනීය වනු ඇත”…“ඩෙන්මාර්කය යනු මතුපිට පාෂාණ නොමැති පැතලි රටකි, එබැවින් වලවල් හාරා ඒවා ගල් වලින් පුරවා ගැනීම සරළ බව පෙනේ” …

SEAS-NVE හි ප්‍රධාන විධායක නිලධාරී ජෙස්පර් හුල්මන්ඩ්, 2016 ගිම්හානයේ සිට සියලුම හවුල්කරුවන් ඉතා මහන්සි වී කටයුතු කර ඇති ව්‍යාපෘතිය පිළිබඳව ඉතා සතුටු වේ: “අර්හස් විශ්ව විද්‍යාලයේ’ භූ විද්‍යාඥයන් නිවැරදි ගල් පරීක්ෂා කර සොයාගෙන ඇති අතර, නිරාස් සහ ඩීටීයූ හි පර්යේෂකයන් සමඟ එක්ව ‘පාත්‍ර හැඩැති’ බලශක්ති ගබඩා ආකෘතියක් ගොඩනඟා ඇත. එය අර්ධ වශයෙන් බිම හාරා ඇත. එය විශාල බෝල ග්‍රිල් එකක් වැනි ය. එහිදී බොහෝ ගල් වලට තාපය පිට කර, ගල් වල තාපය නැවත අවශ්‍ය වූ විටෙක නැවත ඉන් උකහා ගත හැකිය.

මහා පරිමාණයෙන් විසඳුමක ඉදිරි දර්ශනය ගැන, ‘ජෙස්පර් හුල්මන්ඩ්’ තවදුරටත් මෙසේ පවසයි.

… “දැන් අපි විශාල පරීක්ෂණාගාර සමඟ ඉදිරියට යාමට තීරණය කිරීමට පෙර මෙම සැකසුම මැනීම සහ විශ්ලේෂණය කළ යුතුයි. 100% ෆොසිල රහිත බලශක්ති සැපයුමක් පිළිබඳ දැක්ම අතිශයින්ම සිත් ඇදගන්නා සුළුය”… 2016 දී ඩෙන්මාර්ක බලශක්ති ඒජන්සියේ තාක්‍ෂණ නාමාවලියෙන් ලබාගත් තොරතුරු, කීපයක සාරාංශය මෙසේ වේ.

ගබඩා කළ හැකි [kWh වලින්] මිළ : 1 කිලෝ වොට් එකක් සඳහා මිළ = DKK 300 ($ 46).
එක් එක් ගබඩා අඩවියේ ගබඩා කළ හැකි ශක්ති ප්‍රමාණය =  මෙගාවොට් 1-500.
ගබඩා කළ ශක්තියේ ප්‍රමාණය වැඩි කිරීමේ හැකියාව: ඔව්.
ජීවිත කාලය:> අවුරුදු 30 යි.
ගබඩා කිරීමේ ක්‍රියාවලියේදී අහිමිවන ශක්තිය (තාපය): = පරිවරණය මත පදනම්ව 1–5%.
පාරිසරික බලපෑම: කිසිවක් නැත.
භූගෝලීය පිහිටීම් අවශ්‍යතා: පවත්නා බලාගාර වලට සමීප නම් වඩාත් සුදුසු වේ.

මෙම සංකල්පයේ ඇති විශාල වාසියක් නම් ඩෙන්මාර්කය දැනටමත් ඉතා පුළුල් ලෙස බෙදා හරින ලද දිස්ත්‍රික් උනුසුම් පද්ධතියක් ඇති හෙයිණි. එනම් තාපයෙන් විදුළිය උත්පාදනය කිරීමේ සාපේක්ෂ අලාභය අඩු බලපෑමක් ඇති කිරීමයි. [සටහන :- මේ කියන අදහස තරමක් අපැහැදිළිය . සමහරවිට ඔවුන් කියන්නේ, තාපය මේ ඇටවුමෙන් කාන්දු වුවද, ඉන් පරිසරය උණුසුම් වන නිසා, එහි අලාභයක් නැත යන්න විය හැක.]

රසායනික බැටරි ගබඩාවේ මිළට වඩා මේ ක්‍රමය බොහෝ තරඟකාරී වේ.

මුළු රටේම බලශක්ති අවශ්‍යතා සැබවින්ම පැය කිහිපයක් ආවරණය වන පරිදි ප්‍රමාණවත් ගබඩා පහසුකම් තැනීම ඇත්ත වශයෙන්ම මිල අධික වනු ඇත, නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් එය කළ හැකි දෙයකි. ගබඩාවට වැඩි වැඩියෙන් ගල් එකතු කිරීම පමණක් සෑහේ. විචල්‍ය සුළං බලශක්තිය අධික ලෙස භාවිතා කිරීමට ඒ සැපයුම සඳහා ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීම, ගබඩා කිරීම සහ විදුලි වෙළඳාම යන දෙකෙහිම එකතුවක් තුලනය කිරීමෙන් එය කල හැකිය සේ, ඔවුන් හඳුනා ගෙන ඇත. 

cleantechnica.com/2019/03/19/storing-energy-by-heating-stones-to-600-degrees-could-power-whole-country-for-hours/?fbclid=IwAR2ceAb_48jkDHk2eVhXrDq3DTTOAH2IKOpT8x13luYvEqERQ5-cIXeKEy8

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑