ද්‍රව වායු බලශක්ති ගබඩා 

liquidairenergystorage_highviewpower… සූර්ය බල ශක්තියේ ඇති වාසි අවාසි අපි දන්නෙමු. වාසිය වන්නේ, භාවිතා කිරීම ඉතා සරළ වීමත්, කිසිම ආකාරයේ චලනය වන කොටස් නැති වීමත්ය. … “ඕනෑම පද්ධතියක දුර්වලම කොටස වන්නේ චලනය වන කොටස් වේ”…තවත් වාසියක් වන්නේ සූර්ය පැනල වල මිළ දිනෙන් දින ඉතා පහළට වැටීමය…

… අවාසිය වන්නේ, පැනල වලට සූර්ය බලය වැටෙන විට ඒ බලය පැනල වලින් නොගත්තේ නම් එය වැය වී යාමය. සූර්යයාගේ ගමන සහ වළාකුළු වලින් සූර්යයා මුවහ වීම නිසා ඇතිවන, විචල්‍යතාවයකින් යුතු මේ බලය ග්‍රිඩ් සැපයුමකට දීමට විශේෂ විධි විධාන යෙදිය යුතුය. රටකට අවශ්‍ය බේස් ලෝර්ඩ් බල ශක්තිය ජනනය කරන බලාගාර වලින් ලැබෙන ශක්තිය , සූර්ය ශක්තිය අඩු වැඩි වන ආකාරයට වෙනස් කල යුතු වේ. මෙය එතරම් පහසු වැඩක් නොවේ ….

… මෙතෙක් භාවිතා වන ක්‍රමයන් වන්නේ විචල්‍ය වූ ශක්තිය බැටරි වල ගබඩා කිරීම, ඒ ශක්තිය ද්‍රව ලුණු වල ගබඩා කිරීම [උදාහරණය නූර1 , නූර් 2 බලාගාර – මොරොක්කෝව] වැනි දේය. පහත දැක්වෙන මෙම ක්‍රමයේ බැටරි වල මෙන් රසායනික සංකීර්ණතා නැත. පරිසරයට නිරාවරණය වීමෙන් වන ගැටළු නැත. එසේම භෞතික විපර්යාසයක් නිසා භාවිතා කල යුතු කාල සීමාවකට කොටු වීද නැත…

… මේ තරම් විශාල බල ශක්තියක් ගබඩා කිරීම අමතක කලද, සූර්ය පැනල කිහිපයකින් වුවද කල හැකි දෙයක් බව පෙනේ. එනම් වාහන වැඩ පොළවල් වල ඇති සම්පීඩක මගින් වාතය අධික පීඩනයක් යටතේ ටැංකියකට පිරවීමට සහ ඒ පීඩනය මගින් ක්‍රියාකරන, ඒකාකාරී බලයක් ලබා ගැනීමට හැක.

                                                            ද්‍රව වායු බලශක්ති ගබඩා 

ලොව ප්‍රථම ග්‍රිඩ් පරිමාණයේ ද්‍රව වායු ශක්ති ගබඩා (Liquid air energy storage – LAES) බලාගාරය 2020 ජුනි මාසයේදී එක්සත් රාජධානියේ නිළ වශයෙන් දියත් කරන ලදී. එමගින් මෙගා වොට් 5 සිට 15 ක බල ශක්තියක් ලබාගත හැකි වනු ඇත. 

 

වාතය සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 196ට සීතල කර, ද්‍රවයකට හරවා ගබඩා කෙරේ. එය පරිසරයට නිරාවරණය කල විගස 700 ගුණයකින් ප්‍රසාරණය වේ. බෝම්බයක් මෙන් බලයක් එහි එවිට ඇතිවන නිසා, ඒ බලයෙන් ටර්බයිනයක් ක්‍රියාත්මක කිරීමට සහ දහනයකින් තොරව විදුළිය නිර්මාණය කිරීමට යොදා ගනී. මෙයත් හරියට බැලුමකට වාතය පුරවනවා මෙනි. වාතය බලුමකට පුරවන විට බැලුම පිම්බේ. ඉන් පසු බැලුමේ කට අරිය විට වාත ප්‍රවාහයක් පීඩනයකින් යුතුව නික්මේ. ඉන් බල ශක්තිය ඉපදවේ.

යම් හෙයකින් ඒ බැලුම වෙනුවට, පිම්බෙන්නේ නැති වානේ සිලින්ඩරයකට පීඩනයක් යටතේ වාතය පිරෙව්වහොත්, ඒ වාතය යම් අවස්ථාවක ද්‍රව අවස්ථාවට හැරේ. එනම් එහිදී එම සිලින්ඩරයේ පරිමාව මෙන් 700 ගුණයක් පමණ ඒ ආකාරයෙන් ගබඩා කල හැක. ද්‍රව වාතය ගබඩා වූ සිලින්ඩරයේ කරාමය ඇරි විට එහි ද්‍රවය වායු බවට හැරී විශාල පීඩනයක් මුදමින් එළියට පැමිණේ. ඉන් ටර්බයින කරකවනු ලැබේ.  

එක්සත් රාජධානියේ දිගුකාලීන බලශක්ති ගබඩා සමාගමක් වන, ‘හයිවීව් පවර්’ හා පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන ‘විරිඩෝර්’ සමඟ එක්ව කරන ලද මේ ව්‍යාපෘතියට එක්සත් රාජධානියේ රජයෙන් ඩොලර් මිලියන 8 කට වැඩි අරමුදල් සම්පාදනය කරන ලදී. එක්සත් රාජධානියේ, ‘මැන්චෙස්ටර්’ අසල ‘බරි හි, ‘පිල්ස්වර්ත්’ ගොඩකිරීමේ ගෑස් අඩවියේ පිහිටා ඇති මෙම බලාගාරය වැඩ කරන්නේ අතිරික්ත විදුළි බලය භාවිතා කරමිනි. 


මේ කම්හල ක්‍රියාත්මක කිරීමට ආරම්භ කලේ බලශක්ති ගබඩාවට සමබර සේවා ගණනාවක් ලබා දිය හැකි ආකාරය නිරූපණය කිරීම සඳහා ය. සමාගම පවසන්නේ ටර්බෝ යන්ත්‍රෝපකරණ, විදුළි බල උත්පාදනය සහ කාර්මික වායු අංශයන්ගෙන් ස්ථාපිත ක්‍රියාවලීන්ගෙන් තාක්‍ෂණය ලබා ගන්නා බවයි. ක්‍රියාවලි සඳහා භාවිතා කරන සංරචක මුල් උපකරණ නිෂ්පාදකයින් වෙතින් පහසුවෙන් ලබා ගත හැකි අතර, මෙහෙයුම් ආයු කාලය සහ කාර්ය සාධනය ඔප්පු කර ඇත” සේ ඔවුන් පවසති.

එහි තාක්‍ෂණය බැටරි ගබඩා කිරීම වැනි “විදේශීය ද්‍රව්‍ය” මත රඳා නොපවතින අතර ඇටවුම වානේ වලින් සමන්විත වන අතර එය බැටරි සඳහා අවුරුදු 10 ට සාපේක්ෂව අවුරුදු 30 ත් 40 ත් අතර ආයු කාලයක් ලබා දෙයි. එහි ආයු කාලය අවසානයේදී, LAES බලාගාරය ඉවත් කළ හැකි අතර, වානේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය. එනම් මෙහි පරිසරයට ඇතිවන බලපෑම අවමයක් වේ.  

 

මේ ග්‍රිඩ් පරිමාණ බලාගාරය නිම කිරීම “අද පිළිගත හැකි පිරිවැයකින් ලබා ගත හැකි මහා පරිමාණ, සැබෑ දිගුකාලීන, ස්ථානගත කළ හැකි බලශක්ති ගබඩා කිරීමේ තාක්‍ෂණය” පෙන්නුම් කිරීමේ වැදගත් සන්ධිස්ථානයකි. 

සාමාන්‍ය ප්‍රමාණයේ නිවාස 5,000 ක් පැය තුනක් පමණ බලය සැපයීම සඳහා විසඳුමකි. එහෙත්, මින් කල හැකි දේ ඊට වඩා විශාල බව සමාගමේ ප්‍රකාශකයෙක් වූ බ්‍රෙට් සඳහන් කළේය. විශාල නගරවල බලශක්ති ඉල්ලුමට අනුකූලව LAES තාක්ෂණය මෙගාවොට් සිය ගණනක් දක්වා පරිමාණය කළ හැකිය.

…“LAES තාක්‍ෂණය සඳහා වෙළඳපල අවස්ථාව ඉතා සිත්ගන්නාසුළු බවත්, ගෝලීය බලශක්ති ගබඩා වෙළඳපොළෙන් 60% ක් දිගුකාලීන, ජාල සම්බන්ධිත ගබඩාවලින් සමන්විත වන අතර අපගේ LAES තාක්‍ෂණය මෙයින් අඩක් පමණ (45%) සපුරාලීමට සූදානම් බව අපි ගණන් බලා සිටිමු”… “ ලොව පුරා සිටින ජාතීන් මේ විසඳුම තක්සේරු කරමින් සිටින බව බ්‍රෙට් පැවසීය. “එබැවින් අපි දැනටමත් ජාතිකත්වයන් කිහිපයක ගනුදෙනුකරුවන් සඳහා සහ විවිධ යෙදුම් සඳහා බලාගාර ඉදිකිරීමට සවිස්තරාත්මක සාකච්ඡා කරමින් සිටිමු”…

සේ බ්‍රෙට් කියා සිටී. 

 

https://www.powermag.com/grid-scale-liquid-air-energy-storage-plant-is-launched/

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: