රවි ග්‍රහයා ගේ වගතුග සහ අපල වලට පුද පූජා 

                                        sinhala_hindu_new_year_wallpaper_2013_by_i_am_71-d60ng12රවි යනු ග්‍රහ මණ්ඩලයේ රජතුමා වේ. හිසකෙස් අඩු හෝ තට්ට හිසැති, මහා පෞරුෂත්වයක් ඇති, කහ ඇස් ඇති, උස, කළු පැහැ රතු කෙනෙකි. පිත්ත ස්වභාවය ඇති ඔහුගෙන් පෞද්ගලික ආකර්ෂණය, ජීව ශක්තිය, ග්‍රන්ථින් ගේ ශක්තිමත් ස්වභාවය, චිත්ත බලය, උද්වේගකර අදහස්, නැති වූ බලය හෝ ශක්තිය වහා ලබා ගැනීමේ හැකියාව, චිත්ත බලය, රජයට මෙන්ම, කෙනෙක්ගේ පියා ගැනද කියවේ. ඔහුට හිමි දිශාව නැගෙනහිර වේ. සිංහ රාශිය අධිපතියා වේ. පුරුෂ, පාප ග්‍රහයෙකි. 

රවී මේෂ රාශියේ උච්ච වේ. තමාගේ රාශිය හෙවත් ස්වක්ෂේස්ත්‍ර වන රාශිය සිංහය වේ. නීච වන්නේ තුලා රාශියේ වේ.

ජ්‍යෝතිෂයේ රවි ගැන කියැවෙන්නේ මෙසේය. … “සූර්ය තෙම පද්මයක් අතින් ගත්තේ, පද්මාසනයක් ඇත්තේ, පියුම් ගැබක මෙන් කාන්ති ඇත්තේ, අසුන් සත්දෙනෙක් ඇති රථයක ගමන් කරන්නේය”… 

අයිති ශරීර කොටස් :- හිස, මොළය, ඇට කටු, හෘදය වස්තුව, ආමාශය, ඇස් , උගුර, ලේ නහර, ලේ ගමන් කරන ක්‍රමය, කන් සහ ඒ සම්බන්ද රෝග. උදාහරණයක් සේ ගැහැණු කෙනෙක්ගේ රවි දුබලව 12 සිටී නම් එය දකුණු ඇසේ ගැටලුවක් පෙන්වයි. ඒ දුබලවීම සිදු වන්නේ ගෝචරයේ රවි නීච වන විට හෝ කටක වැනි ජල රාශියක යනවිට විය හැක. මේවා දෙර්කාන සංකේත වලට ගිය විට සියුම් කරගත හැක. දෙර්කාන සංකේත ‘වරහා මිහිර’ නම් පොතේ අවසාන පරිච්චේදයේ ඇත.  

අයිති රෝග: ඉහත දේ සම්බන්ද රෝග මෙන්ම, ලේ ගමන වැඩි වීම, තද උණ , මොළේ අබාධ, ක්ෂය රෝගය සහ පාචනය, ඇස් රෝග, උගුරේ අමාරු,  

පාලනය කරන දේවල් :- නිධාන්, කඳු වැටි, කැලෑ, ප්‍රධාන නගර සහ පුජාස්ථාන ඉන්ධන , සතුන්ගේ හම්, අවි ආයුධ, සිල්ක් රෙදි, කට දවන රස, එඬේරුන්, පිට පොත්ත ඇති ධාන්‍ය වර්ග, රත්ත්‍රන්, ඖෂධ, තිරිඟු , වෙදදුරන්, රජවරු, රජයේ නිලධාරීන් , ඉන්ධන, සිල්ක් රෙදි, කට දවන රස, තිරිඟු, 

කාරක : පීතෘ, රාජ, අස්ථි, නේත්‍ර මුදල්,

හිමි වර්ණය :- රතු හෝ තඹවන් පැහැය.

මේ සමහර දේවල් රවිට සම්බන්ද වන්නේ කෙසේදැයි කෙනෙක් පුදුම වන්නට හැක. එහත් ඒවා තත්කාලය යන ක්‍රමය භාවිතා කරන විට ප්‍රයෝජනවත් වේ. සමහරවිට ඒ ශ්‍රාස්ත්‍රය ප්‍රගුණ කල කෙනෙක්, … “මෙහි එන්නට පෙර සැර කෑමක් ඔබ අනුභව කර ඇත”… යයි කියන්නේ රවි ගේ නියෝජනයක් දැකීමෙනි.  

ග්‍රහ මණ්ඩලය සහ පුද පූජා :- ග්‍රහ මණ්ඩලය හෝ පූජාසනය කවාකාරව තැනිය යුතු වේ. රත් සඳුන් සුවඳ ඇතිව උක් සකුරු ඇති බත් මුල් කොට ඇති ද්‍රව්‍ය තබා පූජාසනය තැනීම කෙරේ. කොට්ටම්, වැල්මී, නෙලුම් අල, එනසාල්, මනොශීල, සැවැන්න, පළොල්, දේවදාර යනාදියෙන් සමන්විත ජලයෙන් ස්නානය හිරු ගේ දෝෂ සමනය කිරීමට හේතුවක් වේ. රතු වස්ත්‍ර, රත් සඳුන්, පියුම්, උක් සකුරු පූජා ද්‍රව්‍ය වේ.

බෞද්ධ භික්‍ෂුන් වහන්සේ කෙනෙක් වැනි ගරු කටයුතු පූජකයෙක්ට ඒ ද්‍රව්‍ය පූජා කර, හේතුව කියා ආශීර්වාද ඉල්ලා සිටීම සාමාන්‍යයෙන් කෙරෙන චාරිත්‍රය වේ.  

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: