පල්ලියක් වසා දැමීම 

                                                    1200px-Afferden_Druten_Rijksmonument_14154_kerk_Koningstraat_45-690x450  පල්ලියක් වැසීම ගමකට බලපාන්නේ කෙසේද? මෙම ගම්මානවල කතෝලික ජීවිතය, පල්ලි සමඟ අතුරුදහන් වේද? ගමේ සම්ප්‍රදායන් සඳහා පල්ලියක් වැසීම, ස්වේච්ඡා සේවකයින්ගේ සහභාගීත්වය සහ ගම්වැසියන් අතර සහයෝගීතාවයේ ප්‍රතිවිපාක මොනවාද? මේවා ගම්මානයකට පමණක් නොව, මුළු යුරෝපයේම කිතුණු සංවිධාන  අද දින මුහුණ දෙන ගැටළු වේ. 

ඕලන්ද ගම්මානයක් වන, ‘ඇෆර්ඩන්’ හි ප්‍රාදේශීය පල්ලිය තායිලන්තයේ සිට බෞද්ධ ව්‍යාපාරයකට විකුණා පන්සලක් බවට පරිවර්තනය කරන ලදී. නව හිමිකරුවන් ගැන පල්ලියේ වැසියන් සතුටු වෙති: “බෞද්ධයෝ ගම් වැසියන් වෙනුවෙන් විශාල කාලයක් හා ශ්‍රමයක් වැය කරති”… යයි ඔවුන් කියති. 

බෞද්ධ භික්ෂූන් වහන්සේලා තැඹිලි වස්ත්‍රවලින් සැරසී, මුලින්ම නැඟෙනහිර දෙසින් පිහිටි ලන්දේසි ගම්මානය හරහා ඇවිද යන විට ගම්වැසියන් පුදුමයට පත්විය. “මාර්ක් වැන් ඩින්ටරන්” ඉන් එක් අයෙකි. ඔහු ඇෆර්ඩන්හි පල්ලියේ නඩත්තුකරුවෙකු ලෙස සේවය කළේය. මීට වසර දෙකකට පෙර මෙම පල්ලිය තායිලන්තයේ ධම්මකාය ව්‍යාපාරයට විකුණා පසුව බෞද්ධ භික්ෂූන් විසින් පන්සලක් බවට පරිවර්තනය කරන ලදී.

‘වෑන් ඩින්ටරන්’ බොහෝ විට පල්ලියට ගියේය. ඔහුට දැන් නම්, සතිපතා සේවාව මග හැරේ. එහෙත් ඔහු දැනටමත් හොඳින් ඊට මුහුණ දෙන අන් අය මෙන්ම සතුටු වේ. බෞද්ධයන් මිත්‍රශීලී පුද්ගලයන් වන අතර ඔවුන් දැනටමත් ගම්වාසීන් විසින් පිළිගෙන ඇත. … “පල්ලිය එසේ උනන්දුවක් දක්වන අය විසින් භාවිතා කිරීම ගැන මම සතුටු වෙමි”… ඔහු පැවසීය.

‘ඇෆර්ඩන් හි පල්ලිය විකිණීම’, ශාන්ත ෆ්‍රැන්සිස් සහ ශාන්ත ක්ලාරා යන ප්‍රාදේශීය සභාවල පල්ලි වසා දැමීමේ දීර්ඝ  ක්‍රියාවලියක කොටසකි. අසල පිහිටි ඩ්‍රූටන් ගම්මානයේ පල්ලිය පමණක් විවෘතව පවතී, අනෙක් ගම්මාන හතරේම පල්ලි  වසා දමා ඇත. පල්ලි වලට මිනිසුන්ගේ යෑම බෙහෙවින් අඩුවීම නිසා ගම්මාන වල ඇති පල්ලි නඩත්තුව කරදරයක් වී ඇත. යුරෝපයේ බොහෝ රටවලට මේ ගැටළුව පවතී. නමුත් මනහරව නිර්මාණය වූ පල්ලියක් යම් ස්ථානයකින් ඉවත් කල විට ස්ථානයේ සහ පළාතේ සුන්දරත්වය නැති වන හෙයින්, පල්ලි ගොඩනැගිල්ල එසේම තබා, ඒ ඇතුළත මහල් නිවාස තැනීම එක ක්‍රමයකි.

එවිට එළියෙන් බලන විට අමුත්තක් නොපෙනේ.   

පල්ලිය වසා දැමීමේ ක්‍රියාවලියේදී, මෙම පල්ලි විවෘතව තබා ගැනීම සඳහා විවිධ ව්‍යාපෘති සැලසුම් පල්ලි පාලක මණ්ඩල විසින් ඉදිරිපත් කරන ලදී. මෙම සැලසුම් ඇගයීම සඳහා වගකිව යුතු පුද්ගලයින්ගෙන් එක් අයෙකු වන මණ්ඩලයේ උප සභාපති, ‘ටොන් පර්ලෝ’ මෙසේ කියයි. 

…“ බොහෝ පල්ලි මිළට ගන්නන් රදගුරු පදවියේ දැඩි මාර්ගෝපදේශ සපුරා නොමැති අතර මූල්‍යමය වශයෙන් එය පාඩු වේ. එහෙත් අපට කිරීමට බොහෝ දේ ඉතිරිව නැත” … ඔහු පැහැදිලි කළේය. ‘ඇෆර්ඩන්හි පල්ලිය’ සඳහා නව හිමිකරුවෙකු සෙවීම පහසු එකක් නොවීය. දීර්ඝ කාලයක් බලා සිටීමෙන් පසුව, පල්ලිය භාර ගැනීමට උනන්දුවක් දැක්වූ පක්ෂයකින් එංගලන්ත පාලක මණ්ඩලයට ලංසුවක් ලැබුණි. එය තායිලන්තයෙන් පැමිණි බෞද්ධ ධම්මකාය ව්‍යාපාරය විය. 

… “එය ව්‍යාකූල දෙයක් විය”… කියා පර්ලෝ කියයි. … “පල්ලියේ මාර්ගෝපදේශ අනුව වෙනත් ඇදහිළිවන්තයන්ට පල්ලියක් මිළදී ගැනීමට ඉඩ නොදේ” … ඔහු ලන්දේසි කතෝලික පල්ලියේ මාර්ගෝපදේශ ගැන සඳහන් කරමින් කියා සිටියේ, කිසියම් ආගමික පක්ෂයකට පල්ලි ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට අවශ්‍ය නම් එය නෙදර්ලන්තයේ ක්‍රිස්තියානි පල්ලි දහ අටක හවුල්කාරිත්වයක් ඇති පල්ලි කවුන්සිලයේ සාමාජිකයෙකු විය යුතු බවයි.

නමුත් පුළුල් සාකච්ඡාවකින් පසුව, ‘ඩෙන් බොෂ්’ යන ​​රදගුරුතුමාට නීතියට ව්‍යතිරේකයක් කිරීමට ඒත්තු ගැන්වීමට පාලක මණ්ඩලය සමත් විය. පර්ලෝ පවසන පරිදි එය බෞද්ධ මධ්‍යස්ථානයක් වුවද එය අධ්‍යාත්මික මධ්‍යස්ථානයක් ලෙස පවතිනු ඇත. “එය අධ්‍යාත්මික ගොඩනැඟිල්ලක් ලෙස පවතී. මහල් නිවාසවලට වඩා බෞද්ධයන් එහි සිටීම හොඳය, ”ඔහු පැවසීය.

පල්ලියකට, වෙනත් පල්ලියක් බවට පත්විය හැකිදැයි ඇසූ විට පර්ලෝ පැවසුවේ …“නැත, බෞද්ධයන් වෙනස් ය. මුස්ලිම්වරුන්ට මෙන් ඔවුන්ට ඇත්ත වශයෙන්ම ආගමක් නැත, ”ඔහු පැවසීය. මෙහිදී ආගම හෙවත් යන්න ගැන බටහිර අර්ථ කථනය සැළකිය යුතුය. ආගමක් වූ කලී දවියන් හා සම්බන්ද විය යුතුය. එසේ නොවන්නේ නම් එය ආගමක් නොවේ යන මතයේ ඔවුන් සිටී.

පූජ්‍ය ‘ලුආන් ෆි භික්ෂුන් වහන්සේ’,  ‘සැන්ඩර් ඔඩෙනම්ප්සන් පල්ලිය’ සොයාගත්තේය. ඒ පළාතේ ලන්දේසි භාෂාව කතා කරන එකම භික්ෂුව ලෙස ඔහු පන්සලක් සඳහා හොඳ ස්ථානයක් සෙවීමට ක්‍රියාකාරීව සම්බන්ධ විය. ඔහු තම නව ආගමික භූමියට එන සංචාරකයන් හොඳින් පිළිගන්නා අතර, දැන් පල්ලියේ විශාල රන් බුද්ධ ප්‍රතිමාවක් සහ බුදුන්ගේ ජීවිතය පිළිබඳ විවිධ සිතුවම් ස්ථාපිත කර ඇත. 

පල්ලියේ පිහිටීම පන්සලකට ඉතා සුදුසු බව ඔහු පැවසීය. “මුලින් අපි ඇම්ස්ටර්ඩෑම්හි ස්ථානයක් සොයමින් සිටියෙමු. නමුත් මේ පළාතේ නිසල බව භාවනාවට වඩාත් සුදුසුය”… හාමුදුරුවෝ පැහැදිලි කළහ. පල්ලිය මිලදී ගැනීම බෞද්ධ ව්‍යාපාරයට අපහසු දැයි ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ එය එසේ නොවන බවයි. “නැහැ, කොහෙත්ම නැහැ”… “පල්ලිය වෙනත් දෙයකට භාවිතා කිරීමේදී රදගුරුතුමාට දැඩි මාර්ගෝපදේශ ඇති බව මම දනිමි”… “ඔවුන්ට අනුව බුද්ධාගම නිල වශයෙන් ආගමක් නොවන නිසා, අපට එය මිලදී ගැනීමට අවසර ලැබුණි”… 

එසේ වුවද, බුද්ධාගම ක්‍රිස්තියානි ධර්මයට සමීපව බැඳී ඇති බව ඒත්තු ගොස් ඇති අතර එම නිසා පල්ලියේ ගොඩනැඟිල්ලේ මුල් කාර්යයට ඒ හේතුවද අනුරූප වේ. … “ආගම් දෙකෙන්ම අවධානය යොමු කර ඇත්තේ යාඥාව සහ භාවනාව කෙරෙහි ය. භාවනා කිරීම සඳහා සවස් වරුවේ පල්ලියට පැමිණෙන අයද එසේ කියති”… ”ඔහු පැහැදිලි කළේය.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා භාවනා කිරීමේ මූලික මූලධර්ම පැහැදිලි කරන නොමිලේ හඳුන්වාදීමේ සන්ධ්‍යාවක් සංවිධානය කරති. මෙම භාවනා පන්තිවලට වැඩි වැඩියෙන් ගම්වැසියන් සහභාගී වන අතර, “මීට පෙර පල්ලියට ගිය බොහෝ අයද ඇතුළු වේ. ගමේ වැඩිහිටි පුද්ගලයින් ජීවිතය ගැනද ප්‍රශ්න අසයි. ජීවිතයේ ගැඹුරු අරුත පිළිබඳ වැඩි දැනුමක් ඔවුන් සොයති. මෙම ප්‍රශ්නවලට බුද්ධාගම මගින් බොහෝ පිළිතුරු සැපයිය හැකි යැයි පූජ්‍ය ‘ලුආන් ෆි භික්ෂුන් වහන්සේ’ සිතයි. 

භාවනා සන්ධ්‍යාවට පැමිණි අයගෙන් එක් අයෙක්, ‘ඇෆර්ඩන් හි හිටපු පූජකවරයාය’. 2005 සිට 2013 දක්වා කාලය තුළ ‘ජෙරාඩ් වැන් හූෆ් පියතුමා’ ගමේ සේවය කළ අතර පසුව ඔහු විශ්‍රාම ගියේය. ඇෆර්ඩන් සහ අවට ගම්මානවල පූජකවරයකු ලෙස ඔහු ගත කළ කාලය “ඔහුගේ ජීවිතයේ හොඳම කාලයයි.” ඇෆර්ඩන් හි ප්‍රජාව කුඩා නමුත්, මිත්‍රශීලී අවබෝධාත්මක ප්‍රජාවක් බව ඔහු සිහිපත් කරයි.

වෑන් හූෆ් පියතුමා, පාලක මණ්ඩලය හා රදගුරුතුමා සමඟ කළ සාකච්ඡා කිහිපයකින් පසුව, වැන් හූෆ් දුටුවේ, පල්ලියේ සාමාජිකයන් සෙමෙන් පල්ලි කෙරෙහි ඇති විශ්වාසය නැති වී යන බවයි. 

මෙම පල්ලිය වසා දැමීමෙන් පසු, වැන් හූෆ් අසල පිහිටි ඩ්‍රූටන් ගම්මානයේ පල්ලියට යාමට මිනිසුන් පෙළඹවීමට උත්සාහ කළේය. ඔහු මෙසේ කියයි. … “මම ඩ්‍රූටන්හි දේව මෙහෙය වෙත ගියේ එහි මිනිසුන් මා පසුපස එනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි”….” නමුත් ඔවුන් එසේ කළේ නැහැ”… “මා දන්නේ ඇෆර්ඩන්හි සිට ඩ්‍රූටන්හි දේව මෙහෙය වෙත යන දෙදෙනෙකු පමණි”… පියතුමා පැවසීය.

‘වෑන් හූෆ් පියතුමා’, බුද්ධාගමට හා භාවනාවට දක්වන ආදරය ගැන විවෘතව සහ අවංකව කතා කරයි. එබැවින් පල්ලියේ නව කාර්යභාරය ගැනත්, හිටපු පල්ලි යන්නන්ට එහි භාවනා කළ හැකි වීම ගැනත් ඔහු සතුටු වේ. …“බෞද්ධයන් ගමේ සුභ සෙත සඳහා විශාල කාලයක් හා ශක්තියක් වැය කරන අතර, ගමේ මිනිසුන් දැන හඳුනා ගැනීමට හා දැකීමට ඔවුන් විශාල පරිශ්‍රමයක් දරයි. ඔහු බෞද්ධයන් කියන්නේ බෞද්ධ භික්‍ෂුන්ට වේ. 

මේ පල්ලියේ නඩත්තු කරුවා වූ, ‘මාර්ක් වැන් ඩින්ටරන්’ මෙය දකින්නේ ඇෆර්ඩන් හි ජනතාව තමන්ගේම මාර්ගයක් සොයා ගැනීමට උත්සාහ කරන බවයි: නිදසුනක් වශයෙන්, සියලු ආත්මයන්ගේ දිනයේදී ඉටිපන්දම් පත්තු කිරීමෙන්, …“කතෝලික සම්ප්‍රදායන් ඇෆර්ඩන් හි ඕනෑම වේලාවක කල හැකිය.”… ඔහු සැනසිළි දායක ලෙස පැවසීය. … “සභාව වසා තිබුණත්, අපගේ ඇදහිල්ල ක්‍රියාවට නැංවීමට ක්‍රම සොයාගන්නෙමු”… “සම්ප්‍රදායන් නිසැකවම පවතිනු ඇත”… “නමුත් ඒවා අපේම ආකාරයෙන් පවතිනු ඇත”… ”ඔහු පැවසීය.

තවමත් මේ ගැන නොදන්නා බොහෝ දේ ඇත. එබැවින්, ලන්දේසි හා ජාත්‍යන්තර කතෝලික ප්‍රජාව තුළ වර්ධනය වන ගැටලුවක් පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා දීමට ලන්දේසි ජනමාධ්‍ය අරමුදලේ මූල්‍ය සහයෝගය ඇතිව ලන්දේසි කතෝලික සතිපතා කතෝලික සඟරාව, [Katholiek Nieuwsblad] මේ වන විට පුළුල් පර්යේෂණ සිදු කරයි.

නමුත් ඒවා යුරෝපයේ මිනිසුන්ට අදාළ නැත. භක්තිය සහ ඇදහීම මත රැඳෙන සංකල්ප වලට වඩා, ප්‍රායෝගිකව මිනිස් ජීවිතය වෙනස් කිරීමේ මාර්ග ඔවුන් සොයමින් පවතී.

https://outlook.live.com/mail/0/deeplink?version=2020052401.05&popoutv2=1&leanbootstrap=1

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: