දෘශ්‍ය වර්ගීය කේන්ද්‍ර නිරූපණ සහ ඊට උදාරණයක් සේ ඒ ඇසුරෙන් විවාහ ගැලපීම. 

Untitledමුලින්ම විවාහ ගැලපීම ගැන යම් අදහසක් ගැනීම වටී.

ඉතාම ප්‍රවේශමෙන් කල යුතු රාජකාරියක් වන මෙයට මුලින්ම අවතීර්ණ විය යුත්තේ, ඒ දෙදෙනාගේ හඳහන් නිවැරදිද යන්න මුලින්ම බැලීමෙනි. පරණ ලිත් වලින් හඳහන් හදා ඒවා එම ලිත් වල ඇති වැරදි නිසා පළාඵල වැරදුනු අවස්ථා අප දැක ඇත්තෙමු. ඊළඟට කල යුතු දේ වන්නේ ඒ ඒ කේන්ද්‍ර නිවැරදිව අධ්‍යනය කර ගැලපීමේ ප්‍රමාණය කීමය. ගැලපීම හෝ නොගැලපීම නොව, ඒ ගැලපෙන ප්‍රමාණ සහ නොගැලපෙන ප්‍රමාණය කීම වැදගත් වේ. තීරණය ඒ දෙදෙනාගේ අතේ මිසෙක, ජ්‍යෝතිෂවේදියාට ඒ අපවාදය පැමිණිය යුතු නැත.   

මෙයට හේතුවක් ඇත. එනම් බොහෝ විට මේ කාලයේ වන දෙයක් නම්, දෙදෙනෙක් පෙමින් වෙළී පසුව හඳහන් ගැලපේද යයි විමසීමය. දෙදෙනෙක් පෙමින් වෙළීමටද සංසාරික හේතුන් ඇත. පෙර භවයක එකට සිටි දෙදෙනෙක් හෝ ජන්මාන්තර සතුරන් දෙදෙනෙක් වන්නටද ඇත. එසේ හෙයින් ඒ විවාහය කරන්නේද නොකරන්නේද යන්න ඒ අයට තීරණය කිරීමට දී සත්‍ය තත්වය පමණක් පහදා දීම වඩාත් වැදගත් වන්නේය. කුජ දෝෂය ගැන වෙනම ලිපියක් ඇති නිසා ඒ විස්තර මෙහි නැත. විශේෂයෙන් එහි, ‘නම සඳහන් කරන්න අවසර…. “ගෞරවනීය වීරහෙළ චන්දිම ස්වාමින් වහාන්සේ” ගේ සටහන බලන්න. ඊට අමතරව තවත් කරුණු කීපයක් පහත ඇත.

නමුත් මේ කුජ දෝෂය මා දැක ඇත්තේ නම් එසේ නොවේ. කිසියම් යුවළක් විවාහ වී, ඒ විවාහය අසාර්ථක වූ විට [… අසාර්ථක වෙනවා යන්නේ තේරුම වන්නේ, දික්කසාද වීම, එක සහකරුවෙක් මිය යාම, දෙදෙනා කාලයක සිට වෙන්ව සිටීම] ඒ කුජ දෝෂය එක් කෙනෙක්ගේ තියෙනවා මා බොහෝ විට නිරීක්ෂණය කර ඇත්තෙමි. එහිද, කුජ 7 නම් සහකරුවා විදේශ ගත වීම හෝ මිය යන බවද, 4 නම් බොහෝ නිවාස ඉඩම් අවුල් ඇති වන බව, 2 නම් මරණය හෝ ධන හානි, 8 නම් මරණය, 12 නම් සහ්කරුවාද රැගෙන විදේශ ගත වීම මා දැක ඇත්තෙමි. එහෙත් මෙය කිසිසේත්ම සම්මත ජ්‍යෝතිෂ නියමයක් සේ ගත යුතු නැත.

හුදෙක් කෙනෙක්ට සිතන්න පැත්තක් පෙන්වූවා පමණි.  

දෙදෙනෙක් එක්ව එක වහළයක් යට ජීවත් වෙන්නට කරන උත්සාහයකදී, ඒ දෙදෙනා අතර ඇතිවන අන්‍යොන්‍ය ගෞරවය මෙන්ම ආදරය මනින්නේ කෙසේදැයි හඳහන මගින් සෙවිය හැක. කෙනෙක්ගේ සඳු සිටින රාශියේ අනෙකා ගේ රවී තිබේ නම් මෙන්ම එය පරස්පරව හුවමාරු වී ඇත්නම්, එය ඒ අන්‍යොන්‍ය ගෞරවයේ සහ පති භක්තියේ ලකුණකි. එසේම එකට ගැලපී යන රාශි වල තිබේ නම්, එයද ඒ අන්‍යොන්‍ය ගෞරවය එකිනෙකා වෙත ඇති බවට හේතුවකි. මෙය තරමක් විස්තර කල යුතු වේ.

ආපෝ හෙවත් ජල කාරක ගුණය කටක වෘශ්චික මීන රාශි වලින්ද, තේජෝ හෙවත් ගිණි කාරක ගුණය මේෂ සිංහ ධනු රාශි වලින්ද, වායෝ හෙවත් වායු කාරක ගුණය මිථුන තුලා කුම්භ රාශි වලින්ද, පටවි ගුණය හෙවත් තද ගුණය වෘෂභ කන්‍යා මකර රාශි වලින්ද පෙන්වයි. දෙදෙනාගේම රවි සහ සඳු මේ එක කණ්ඩායමකට වැටී ඇත්නම් එය ඒ එක්ව යාමේ සහ අන්‍යොන්‍ය ගෞරවය ඇති වීමේ හේතුවකි. රවි සහ සඳු යනු ග්‍රහ ලොවේ රජු සහ රැජිනයි. ඒ දෙදෙනා අතර ඇත්තේ ආදරයත් සමඟ ගෞරවයකි. ග්‍රහ ලොවේ ගෞරවනීය පවුල රවි සහ සඳු වේ දැන් අපි ආදරය සෙනෙහස දෙදෙනෙක් අතර ඇති වීමට හේතු මොනවාද බලමු.

සිකුරු ග්‍රහ මණ්ඩලයේ මනමාළිය වන අතර කුජ ග්‍රහ මණ්ඩලයේ මනමාලයා වේ. එහිද ඇත්තේ ඉහත මෙන් වූ සංයෝගයකි. කෙනෙක්ගේ සිකුරු අනෙක් කේන්ද්‍රයේ කුජ සිටින තැන සිටී නම් හෝ, අනෙක් අතට කෙනෙක්ගේ කුජ අනෙකාගේ සිකුරු සිටින රාශියේ සිටී නම්, එවැනි සම්බන්ද ඉතා ස්ථාවර වේ. ඒ ග්‍රහ පිහිටීම් ත්‍රිකෝණ ආකාරයෙන් එනම් 1, 5, 9 අනුව පිහිටීමද ශුභ වේ. රවී සඳු මෙන්ම කුජ සිකුරුද එසේ දැඩි සම්බන්යෙන් යුතුව කේන්ද්‍ර ඇති යුවළකගේ කේන්ද්‍ර දුටුවහොත් ඊට මුල් තැනක් දීම වටී.  

මෙහිදී පොරොන්දම් කියා දෙයක් තිබේ නේද යයි කෙනෙක් අසන්නට පුළුවන. පොරොන්දම් ගැන සමාජයේ ඇති මතය එතරම් නිවැරදි නැත. … “පොරොන්දම් 18 ක් සීහිලාත්, මඟුල කැඩුනා “… සේ කියනවා ඔබ අසා තියෙන්නට පුළුවන. ඇත්තෙන්ම ඒ පොරොන්දම් කීපයක් වැදගත් වුවද සියළුම පොරොන්දම් වල ඇති වටිනාකමක් නැත. උදාහරණ සේ ආයු පොරොන්දම ගත හැක. පෙර කල විසූ බ්‍රාහ්මණයන් බලන්නේ ගැහැණියට තමාට වඩා අඩු ආයුෂ ඇති විවාහය වීම, ඒ ආයුෂ පොරොන්දමට හේතුවය. එවිට ඔහුට තවත් විවාහයක් කර ගත හැක. 

කෙසේ හෝ පොරොන්දම් ඇසුරේ වඩාත්ම වැදගත් පොරොන්දම් දෙකක් වන්නේ, නැකත් පොරොන්දම් සහ නාඩි පොරොන්දම වේ. නැකත් පොරොන්දම මේ තුලිනුත් මුල් තැනක් ගන්නේ, නැකත යනු ඒ ඒ පුද්ගලයන් උපදින විට චන්ද්‍රයා සිටි නැකත වේ. මේ නැකත් දෙක සොයා ගෙන, ඒ නැකත් දෙපසටම ජන්ම, සම්පත්, විපත්, ක්ෂේම, ප්‍රත්‍යාරි, සාධක, වධ, මෛත්‍රී සහ පරම මෛත්‍රී සේ ගැනිය යුතු වේ. එවිට දෙපසටම ජන්ම, සම්පත්, ක්ෂේම, සාධක හෝ මෛත්‍රී සේ එන්නේ නම් එය ප්‍රශස්ත වේ. පරම මෛත්‍රී නම් එය මධ්‍යම වේ. විපත්, ප්‍රත්‍යාරි, වධ සේ ලැබේ නම් එය අශුභ වේ.

මෙහිදී ‘විපත්’ අවස්ථාවන් එන විට, දෙදෙනාගේ සම්බන්දතාවයන් ගැලපුනද, නොයෙක් කරදර ඒමේ සම්භාවිතාවය වැඩි බව දැක ඇත්තෙමි. 

මේ සඳහා ඔබට උදාහරණයක් දෙමි. බෙරණ නැකත [සිකුරුට හිමි] සහ උත්‍රපුටුප නැකත [ශනිට හිමි] ගන්න. එවිට බෙරණ නැකතේ සිට උත්‍රපුටුප නැකතට ගණන් කල විට, 7 ක් පැමිණේ. [9න් 9 ට ගණන් කරන්න.] එනම් එය වධ වේ. මෙය අශුභය. දැන් උත්‍රපුටුප නැකතේ සිට බෙරණ නැකතට ගණන් කරන්න. එවිට ක්ෂේම අවස්ථාව පැමිණේ. එය ශුභ වේ. එනම් මෙහිදී නැකත් පොරොන්දමෙන් 50% ක් ශුභ සේ සාමාන්‍යයෙන් කියයි.  

මෙසේ නැකත් වල සඳු ඇති ආකාරය සෙවීමට පහසු ක්‍රමයක් වන්නේ ඒ නැකත් ඔබට දැකීමට හැකි නම් වේ. පරණ ප්‍රවීන ජ්‍යෝතිෂවේදීන්ට ඒවා දැකීමට අවශ්‍ය වූයේ නැත්තේ, ඔවුන් ඒවා මනසෙන් දකින හෙයිණි. දුර්වල මනසක් ඇති මෙන්ම දෘශ්‍ය වර්ගීය කෙනෙක් නිසාද, මට නම් ඒ හැකියාව නැත. එසේ හෙයින් කලකට පෙර Autocad මෘධුකාංගය භාවිතා කර මේ දමා ඇති රූපය ඇන්දෙමි. එයට හඳහනක දත්ත එකතු කල විට, එම ග්‍රහයන් සෞර ග්‍රහ මණ්ඩලයේ සිටින ආකාරයට සමාන ක්‍රමයකින් ඔබට පෙනෙනු ඇත. 

එහි ඇති තවත් වාසියක් වන්නේ එක් ග්‍රහයන්, එකිනෙකාට දරන ආනතියන්ද කෙලින්ම දැකීමට හැකි වීමය. ග්‍රහ දෘෂ්ටි සඳහා මෙය ප්‍රයෝජනවත් වේ. ග්‍රහයන්ගේ තත්වයන් වන බාල, කුමාර, තරුණ, වෘධ, මෘත යන අවස්ථාද  එහි සටහන් කර ඇත. ග්‍රහයන් උපතේදී පතිත වූ, නැකත්, දෙර්කාණ මෙන්ම ලග්න ස්ඵුටය හෙවත්, කෙනෙක් උපදින විට නැගෙනහිර ක්ෂිතිජයේ පායමින් පවතින රාශිය මෙන්ම, එහි නවයෙන් කිනම් භාගය [හෙවත් නවාංශකය] ඇත්තේද යන්නත් ඉන් එකවරම පෙනේ. ඒ අනුව එම ස්ථානය පළවන දෙර්කාණය සේ ගෙන අවශ්‍ය නම් අනෙක් දෙර්කාණය සොයා ගත හැක.  

උදාහරණයක් සේ 22 වන දෙර්කාණය සහ 64 වන නවාංශකය ඔබට ඉන් පහසුවෙන් සොයා ගත හැක. 

එම සටහනේ මැද්දෙන්ම ඇත්තේ, මේෂ, වෘෂභ,…මීන රාශි දොළහ වේ. ඉන් පසුව ඒ එක් එක් රාශියක් තුනට බෙදා, 1, 2, 3 සේ ලියා ඇත. ඒවා නම් එම රාශියක ඇති දෙර්කාන තුන වේ. එම 1, 2, 3 ඉදිරියේ එම දෙර්කාණ වල නම් ලියා ඇත. වෘත්තයෙන් එළියට යත්ම ග්‍රහ තත්ත්ව වන බාල, තරුණ…කොටස්ද, අවසානයේ නැකත්ද ඔබ දකිනු ඇත.

සටහනේ වම් පස ඉහළට වන්නට Lagna සේ ලියා ඇති කොටසේ ල්ග්නයද, Navam කොටසේ නවාංශකයද, Chandra කොටසේ චන්ද්‍රයා 1 ට තබා, චන්ද්‍ර කේන්ද්‍රයද සටහන් කල හැක. සටහනේ වම් පසට වෙන්නට Birth constellation සේ ලියා ඇති තැන, ‘ජන්ම’ යන ස්ථානයේ කෙනෙක් උපන් නැකත හෙවත් උපතේ සඳු සිටි රාශිය යෙදීමෙන්, ඉහත කී අයුරු ජන්ම, සම්පත්,…සේ ගැනීමෙන් අනෙක් ග්‍රහයන් කිනම් අවස්ථාවක සිටීද යන්න සටහන් කල හැක. 

මේ සටහන එතරම් මුහුණු පොතේ පැහැදිළි නැති හෙයින් අවශ්‍ය කෙනෙක්ට මෙහි WORD ආකාරය ඊ මේල් හරහා එවිය හැක. [පහත මුහුණු පොත් පෝස්ට් එක හරහා එන්න.]  එය කැමති කෙනෙක්ට මුද්‍රණය කර එම ග්‍රහ පිහිටීම් සටහන් කර ගත හැකි වනු ඇත. නිවැරදිව මේ ග්‍රහ පිහිටීම් සටහන් කරගත් විට, එය බලමින් යමක් පැවසීම වඩාත් පහසු වේ.

https://www.facebook.com/groups/236530610785411/permalink/248402812931524/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: