කුජ දෝෂය සහ නවාංශකය

astronomy-versus-astrology_resize_mdජ්‍යෝතිෂය ගැන සාමාන්‍ය දැනුමක් ඇති අය සමහර අහපු ගමන් කලබල වෙන මේ කුජ දෝෂය කුමක්ද ?

කුජ දෝෂය සහ නවාංශකය අතර කෙලින් සම්බන්දයක් නැති වුවද, මේ දෙකම එකට සාකච්චා කරන්නට හේතුවක් ඇත. කුජ යනු කව්දැයි මුලින්ම සොයා බලමු. ජ්‍යෝතිෂයේ කුජ ගෙන් පෙන්වන්නේ තරුණ නිර්භීත ග්‍රහයෙකි. ග්‍රහ මණ්ඩලයේ හේවායා වේ. කාරකස්ථාන වශයෙන් ‘සහෝදර කාරක’ , ‘සේනා කාරක’ , ‘ආයුධ කාරක’ වේ. ලේ ගලන ආරවුල් යුද්ධ වැනි දේට නියෝජනය ඇති කරයි. අතිශයින් චපල බව ද, පිත්තාධික බවද, කුජ ගේ ගති ලක්‍ෂණ කීපයකි. 

කුජ ග්‍රහයා කෙනෙක්ගේ 1, 2, 4, 7, 8, 12 යන රාශිවල ඇති විට ‘කුජ දෝෂය’, ‘අඟහරු ගේ දෝෂය’  හෝ ‘භෞම දෝෂය’ ඇතැයි කියනු ලැබේ. මෙය විවාහයට බලපාන දෝෂයක් වේ. එහෙත් කිසිම දෝෂයක් හොඳමත් හෝ නරකමත් නැත. එය හොඳ හෝ නරක වන්නේ හඳහනේ එම කුජ ග්‍රහයා පිහිටා ඇති ආකාරයෙන් වේ. කුජ දෝෂය ඇති කෙනෙක්ට, එසේම කුජ දෝෂය ඇති කෙනෙක් ගැලපී යන්නේය යන්න සාමාන්‍ය නීතිය වේ. නමුත් කෙනෙක්ගේ කුජ දෝෂය තිබියදී, අනෙක් විවාහ සහකරුගේ හෝ සහකාරියගේ එම දෝෂය නැති නම් කුමක් වේද ?

මෙහිදී කුජ දෝෂය උදාසීන වන්නේදැයි බැලිය හැක. වර්තමානයේ යුවලක් හඳහන් බලන්නේ, පෙම් සබඳතාවයක් ආරම්භ කිරීමෙන් පසුවය. රාත්‍රී කාලයේ ඉටිපන්දම් පත්තු කරන්න පෙර හඳහන් බලා විවාහ වීම කල හැකි නම් වඩාත් හොඳය. එහෙත් පෙමින් බැඳුණු දෙදෙනෙක්ගේ හඳහන් පසුව හෝ බැලූ විට, ඔවුන්ගේ හඳහන් වල කුජ දෝෂ තිබියදීත් ඒවා උදාසීන වී ඇති බව පෙනේ.

කුජ දෝෂය චන්ද්‍රයා හඳහනේ පතිත වී ඇති තැන සිටද බැලිය යුතුය. කුජ දෝෂය මඟ හැරෙන ආකාරයක් වන්නේ ගුරු ග්‍රහයා කුජ සිටින තැනට ත්‍රිකෝණ වී හෝ චතුරශ්‍ර ආකාරයෙන් පැවතුණු විටය. එහෙත් මෙතනදීත් පරීක්ෂාවෙන් බැලිය යුතු දෙයක් වන්නේ නවාංශකයේ ග්‍රහයන් පිහිටි ආකාරය වේ. නවාංශකය, කේන්ද්‍රය මෙන් ග්‍රහයන් සිටින ආකාරය විග්‍රහ කල යුතු නැති බව සමහරුන්ගේ මතය වේ. එහෙත් එය සාවද්‍ය බව තවත් මතයකි. 

කුජ දෝෂයට ප්‍රථම නවාංශක කේන්ද්‍රය මගින් නිවැරදිව අනාවැකි පළ කිරීමට හැකි බව කීමට වෙනත් ආකාරයේ උදාහරණයක් කියමි. මේ අය මට ඈතින් නෑදෑ කෙනෙක් වන මැද පෙරදිග සේවය කල අයියා කෙනෙක් විය. ඔහුගේ ලග්නය වෘෂභ විය. වෘෂභයට යෝග කාරක ශනි ධනුවේ වක්‍රව සිටියේය. ඔහුට තිබුනේ වර්ගෝත්තම කේන්ද්‍රයක් හෙවත් නවාංශකයද කෙන්ද්රයද එකම විය. එනම් නවාංශකයද වෘෂභ විය. නවාංශකයේ මේෂ හෙවත් 12 වන රාශියේ ශනි නීචව සිටියේය. ඔහුගේ කේන්ද්‍රය ඕමානයේ සිටි ඉන්දියානු කේරල ජ්‍යෝතිෂවේදියෙක් ට පෙන්වූයෙමි. 

ඔහු ගැන කිසිම විස්තරයක් නොකීවෙමි. ජීවත් වීම උදෙසා උෂ්ණ කාන්තාරයක් වැනි රටකට මේ පුද්ගලයා යා යුතු බවත්, කාර්මික අංශයේ රැකියාවක් කරන බවත් ඔහු කීවේය. නවාංශකයේ 12 හෙවත් විදේශය පෙන්වයි. එය මේෂය නිසාත්, 10 හෙවත් රැකියාව අධිපති ශනි එහි නීචව සිටින නිසා උෂ්ණ ප්‍රදේශයකට මහන්සි වී වැඩ කලයුතු තැනකට යන බවත් කියන ලදී. නවාංශක ගැන අදහස් දෙක පවතින හෙයින්, එනම් නවාංශකය කේන්ද්‍රය මෙන් සලකා අනාවකි කීම කල යුතු බව කෙනෙක් කියද්දී, තවත් කෙනෙක් නවාංශකයද මහ කේන්ද්‍රය සේම බලා අනාවැකි කීම සඳහා භාවිතා කල හැකි බව තව කෙනෙක් කියති.

නැවතත් කුජ දෝෂයට; 

කුජ දෝෂය නැති අයගේද විවාහය කැඩී ඇත. විවාහයක් අසාර්ථක වෙනවා කියන්නේ, දෙදෙනා වෙන්වීම, එක්  කෙනෙක් අකාලයේ මිය යෑම, කෙනෙක් සදාකාලික අබ්බාගත බවට පැමිණීම වැනි දෙයකි. කුජ දෝෂය නැතිව සිදු වූ සහකාරියගේ වියෝව වෘෂභ ලග්න කරුවකුගේ මෙසේ විය. එනම් කුජ කේතු 6 වැන්න හෙවත් තුලාවේ සිටියේය. එහෙත් 10 සිටි ගුරු විසින් කුජ කේතු දකිනු ලබන්නේ ගුරුට සිටි තැන හිඳ 5,7, 9 රාශි දැකිය හෙයිණි. මේ පුද්ගලයාට කුජ දෝෂය පවතින්නේ සඳුගේ පිහිටීම මගිනි. එනම් චන්ද්‍ර සහ රාහු 12 සිට 6 වැන්නේ සිටින කුජ කේතු දකී.

වෘෂභ ලග්න කරුගේ 7 අධිපතියා කුජ වේ. කුජ ග්‍රහයා, ‘හකුළුවන්නා’ හෙවත් කේතු සමඟ සිටීම ප්‍රශ්නාර්ථ ලකුණක් කළේය. එහෙත් කුජ දෝෂය ඉහත කී පරිදි උදාසීන වූයේය. එහෙත් ඔහුට වයස අවුරුදු 42 වන විට සහකාරිය මිය ගියාය.  කුජ දෝෂය උදාසීන වූ පළියට විවාහ දෝෂ ඇති නොවේ යන්න නිෂ්ප්‍රභා කිරීමට මෙය හොඳ උදාහරණයකි . මෙන්න මෙතනදී නවාංශකයද බැලිය යුතුය. ඔහුගේ උපන් නවාංශකය මේෂ විය. නවාංශක කේන්ද්‍රයේ 7 වැන්න බොහෝ පීඩාවට පත්ව තිබිණ. 7 වැන්නේ රවී, කුජ සිකුරු සහ ශනි පතිත වී තිබිණ.

තවත් ස්ත්‍රියකගේ ලග්නය තුලා වී, ලග්නයේ ගුරුද, 7 වැන්නේ කුජද සිටියේය. එනම් ඇයගේ කුජ දෝෂය පවතී. නමුත් ගුරුගෙන් ඒ කුජ දෝෂය උදාසීන වන බවක් පෙනී යයි. ඇයට කුජගේ මහ දශාව ගතවන විට, ඇයගේ මීන ලග්නය ඇති ස්වාමි පුරුෂයා මිය ගියේය. ඔහුට කුජ දෝෂය තිබුනේ නැත. එනම් 1 සිටි ගුරු ග්‍රහයා 7 දකිමින්, 7 සිටින කුජ ග්‍රහයා ගේ ‘කුජ දෝෂය උදාසීන කලේ නැත .

මෙයින් පෙනී යන කාරණයක් නම්, කුජ දෝෂය තිබුනත් නැතත්, එකවරම විවාහයට කුමක් වන්නේදැයි තීරණය කිරීම සාවද්‍ය බවය. එනම් විස්තරාත්මක සේ විවාහය නිර්ණය කිරීමේදී කුජ දෝෂය පමණක් බැලීම අසාර්ථක වේ. කෙසේ වුවද කුජ දෝෂය උදාසීන වන්නේදැයි බැලීම වැදගත් වේ. කුජ දෝෂය උදාසීන වන ග්‍රහ පිහිටීම් කිහිපයක් මෙසේ වේ. 

  1. කුජ රාහු හෝ කේතු සමඟ සිටීම. මෙය ජ්‍යෝතිෂ පොත් වල කීවද ඉන්දියාවේ සිටි විශිෂ්ට ජ්‍යෝතිර්වේදියෙක් වූ බී. වී. රාමන් මහතා මෙයට විරුද්ධ වේ. 
  2. ඉහත පෙන්වා දුන් ආකාරයට ගුරු ගේ කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ දෘෂ්ටියට කුජ වැටීම. එයද ඉහත තුලා ලග්න කාන්තාවගේ උදාහරණය මගින් වෙනස් වූ බවක් පෙනේ. 

සුදුසුම දේ වන්නේ, කුජ දෝෂය ඇති කෙනෙක් කුජ දෝෂය ඇති කෙනෙක් හා විවාහ වීමය. එසේ නැත්නම් ඒ ඒ කාලවල් වල එන මහ දශා විදශා වල ඒ ඒ අශුභ ඵල විඳින්නට වනවා ඇත. 

 

         

         

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: