බුදගේ වගතුග සහ බුදගේ අපලයට කල යුතු පිළියම්.

Budha_grahaග්‍රහ දේව රාජ්‍යයේ දරුවා නම් බුධ වේ. කුඩා කෙට්ටු, තල එළලු කෙනෙකි. උතුරු දිශාව පාලනය කරයි. ගණිතයට දක්ෂ වේ. බුද්ධිය, අධ්‍යාපනය, කතා කිරීමේ බලය, වැනි දේ නියෝජනය කරයි. දරුවෙක් නිසා  ජනනය කිරීමේ ශක්තියක් නැති හෙයින් නපුංශක ග්‍රහයෙක් යයි කියැවේ. ඔහුට මිථුන සහ කන්‍යා රාශි අයත් වේ. බුද දෙබිඩි ග්‍රහයෙක් යයි කියන ජ්‍යෝතිෂ ග්‍රන්ථ තිබේ. නිවුන් දරුවන් බිහි කරන්නට බුද උදව් කරයි. 

අයිති ශරීර කොටස් :- මොළය, උගුර , දිව, ස්නායු පද්ධතිය, තයිරොයිඩ් ග්‍රන්ථිය, ශරීරයේ පිට හම, බෙල්ල.

අයිති රෝග: ගොළු වීම, උන්මාදය, අමතක වීම, හිසේ කැක්කුම, චර්ම රෝග, ගොත ගසා කතා කිරීම හෙවත් වික්කල් බව. පණු රෝග, රහස් රෝග, වලිප්පුව, අතීසාර, කුෂ්ට රෝග, ඇම්ම,   

පාලනය කරන දේවල් :-වෙළඳාම්, ළිපි කරුවන් , කාව්‍යයන්, බුද්ධිය, අධ්‍යාපනය, කතෘත්වය, කතා කිරීමේ බලය, වාග් චාතුර්යය, මුදල්, මිශ්‍ර ලෝහ, මාමා වරුන්, මවගේ පියා, පිය පක්ෂයේ නෑදැයින්, රාජ මන්දිර, අශ්වයන්, වෙදැදුරන්, පල්ලි, පාටශාලා, දූ කෙලින ගුහාවන් .

කාරක :- බුද්ධි, බාල, මාතුල (මාමා වරු) ලේඛන , ශිල්පී
හිමි වර්ණය :- පලාවන් හෙවත් කොල පැහැය.
හිමි දිශාව :- උතුර
අයිති ලෝහ:- පච්ච හෙවත් මරකත මැණික්, නිල් මැණික්, ලෝකඩ. රසදිය වේ.   

කළු පාට දුහුල් රෙදි වලට කැමති ඔහු දරන නිළය යුව රජු වේ. ද්විපාද, පක්ෂි වේ. ක්‍රීඩා ස්ථානය හිමිය. රෙදිවලින් හිමි තෙත රෙදි වේ. 

බුද යන වචනයේ පරිසමාප්ත අර්ථයම එන සේ බුද්ධිය පිළිබඳ තත්වය විග්‍රහ කර දේ. න්‍යායික හා තර්කානුකූල සේ මිනිසා ක්‍රියා කරන ආකාරය, වචනය පැහැදිළි සේ ඉදිරිපත් කිරීම, විශ්වාසයේ නිසල ගතිය, සත්‍ය වචනය, අවංක කම බලවත් බුද ගෙන් ලැබේ. මාමා වරුන් සහ බෑණා වරුන් අතර ඇති සම්බන්දය, වෙලහෙළදාම් වල අනාගතය, සූදුවට, ළිපි ලේඛන, ග්‍රන්ථකරණයට බලපායි.    

බුද ගේ මණ්ඩලයද දුන්නක් මෙන් වේ. බුද ග්‍රහයා පාපී වූ විට පහත ආකාරයෙන් ද්‍රව්‍ය සොයා ඒවා ස්නානය වැනි ආකාරයන්ට යොදා ගත යුතු වේ. මල්, රේණු, නෙළුම් අල, විළඳ, මුතු ඇට, මී පැණි, ගෝරෝචන යන ද්‍රව්‍ය, කිරි, ගිතෙල්, ගෝ මුත්‍ර, ගොම යන පංච ගව්‍යය හා සංයුක්ත කරන ලද ජළයෙන් ස්නානය කිරීම කල යුතුය. 

බුද විෂයේ දිය යුතු දාන වන්නේ , නීල වර්ණ වස්ත්‍ර, මුන්, ගිතෙල්, සියළු වර්ණ පුෂ්ප වේ.    

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: