පුනර්ජනනීය බලයෙන් මුදල් සෙවීම

                                                              NAT-190715-SOLAR--Read-Only-_16bf588a280_largeමේ කාලයේ ගල් අඟුරු බලාගාර මුහුණ දෙන ආර්ථික අර්බුදය ලොවට රහසක් නොවේ. ඊට එරෙහිව පුනර්ජනනීය බලශක්තියේ වර්ධනය සිදු වනු ඇතැයි ආර්ථික විද්‍යා ගුරු මහාචාර්ය ‘රොස් ගාර්නොට්’ පවසයි.  කොරෝනා වෛරස් වසංගතය නිසා ඇති වූ තත්වය උඩ,  හරිත ආර්ථික ප්‍රතිපත්ති පදනමක් මත බැංකු වලින් ණය ලබා ගැනීමට අප බිය නොවිය යුතු යැයි ඔහු තර්ක කරයි.

වසංගතයෙන් ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය යනු, … “බැංකු පොලී අනුපාතද කලින් පැවති තත්වයට වඩා බෙහෙවින් අඩු වීම”…  යන්නයි.

මහාචාර්ය ගාර්නොට් තර්ක කළේ, … “සැබවින්ම මේ තත්වය පුනර්ජනනීය බලශක්ති උත්පාදනය පුළුල් කිරීමට හේතු වනු ඇත”… යන්නයි. පසුගිය සතියේ, ‘ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය’ ගෝලීයව එය පුරෝකථනය කළේ මෙසේය.  … … “ බල ශක්ති ඉල්ලුම මේ වසරේදී සියයට 6 කින් පහත වැටෙනු ඇති අතර ගල් අඟුරු සඳහා ඉල්ලුමේ සියයට 8 ක අඩුවීමක් සමඟ පාඩු දැරීමට ගල් අඟුරු ක්‍ෂේත්‍රයට සිදු වේ” …

පුනර්ජනනීය බලශක්ති උත්පාදනයේ, අඩු මෙහෙයුම් පිරිවැය නිසා කොරෝනා වෛරස් වසංගතය තුළ විදුලි ඉල්ලුම පහත වැටීම හේතුවෙන්, පුනර්ජනනීය වෙළඳපල පුළුල් කිරීමට හැකි වී තිබේ.  ගල් අඟුරු බලාගාරයේ අධික මෙහෙයුම් පිරිවැය නිසා එහි වෙළඳපල හැකිළීමට හේතු වී තිබේ. ලෝකයේ කලින් අසා නොතිබූ පසුබෑමකදී පුනර්ජනනීය බලශක්තිය පමණක් පවත්වා ගෙන යන්නට ඉඩ ලැබෙනු ඇත ”… යැයි ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ෆේත් බිරෝල් පැවසීය.

ගෝලීය පසුබෑම ඉදිරියේ තොග වෙළඳපොලේ ඉතා අඩු මිලකට යන ගල් අඟුරු මත පදනම් වූ උත්පාදනය කෙරෙහි විශාල පීඩනයක් එල්ල වී ඇතැයි මහාචාර්ය ගාර්නාට් මහතා පැවසීය. …”ස්වාභාවික ආර්ථික විසඳුම වන්නේ ගල් අඟුරු බලාගාර වසා දැමීමයි.”…  අපේක්ෂිත දිගුකාලීන පොලී අනුපාත අඩු කිරීම මගින් පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට ඇති ප්‍රධාන බාධකය වන, ප්‍රාග්ධන පිරිවැය අඩු කරනු ඇත.

එනම් ආධාර දෙන බැංකු බලාපොරොත්තු වන්නේ, ඒ ඒ ව්‍යාපෘති සාර්ථක වීම මිසෙක අවදානමෙන් යුතු ව්‍යාපාර වලට ණය දීම නොවේ. දැන් ඒ සාර්ථක භාවය පුනර්ජනනීය බල ශක්තිය සඳහා සාධනය වී ඇත. එහෙත් එය කඩා වැටෙන ගල් අඟුරු බලාගාර සඳහා කල නොහැකි හෙයින්, ගල් අඟුරු ක්ෂේත්‍රය සඳහා එය නරක ආරංචියක් වනු ඇතැයි මහාචාර්ය ගාර්නාට් පැවසීය.

නමුත් ලංකාව නම් ඉන්දියන් සාගරයේ [අ]මුතු ඇටයේ නිළධාරින් ඒ බව කණකට ගන්නේ නැතිව, … “බල ශක්ති මිශ්‍රණය’ යන මන්තරය මතුරමින්, දූෂිත දේශපාලුවන් සමඟ වෙනම ගමනක් යනු ඇත.  ලංකාව ‘ඇන ගන්නේ’ , වර්තමාන කොරෝනා තත්වය හෝ පසු කොරෝනා කාලයේදී, මේ ගල් අඟුරු සැපයුම අඩාල වුවහොත්ය. ගල් අඟුරු සපයන රටවල් වලට ඇති බාධක හමුවේ එය වෙන්ට සෑහෙන ඉඩක් ඇත්තේය.

… “ලාභ පොළිය [පොසිල ඉන්ධන වලින්] සංක්‍රාන්ති පිරිවැය [the cost of transition] අඩු කරන අතර, රජයේ විකෘති ආකාරයේ මැදිහත්වීමකින් තොරව, නව ගල් අඟුරු බලයක් සඳහා ආයෝජනය කරනු ඇතැයි අපට සිතිය නොහැකිය.”… මහාචාර්ය ගාර්නාට්,  ස්මාර්ට් බලශක්ති කවුන්සිලයේ සමුළුවට පුනර්ජනනීය බලශක්තිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන සඳහා කාරණා ඉදිරිපත් කළේ, ක්වීන්ස්ලන්තය, දකුණු ඕස්ට්‍රේලියාව සහ බටහිර ඕස්ට්‍රේලියාව යන රාජ්‍ය අග්‍රාමාත්‍යවරුන්ගේ දේශනවලට පෙරය.

ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍ය, ‘ඇනස්ටේෂියා පලස්චුක්’ තම ප්‍රාන්තයේ “පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ අතිශයින්ම විශ්වාසයෙන් සිටින” බව පැවසූ අතර, ඕස්ට්‍රේලියාවේ විශාලතම සූර්ය ගොවිපල වන, ‘චින්චිලා’ අසල ඉදිකිරීමට තම රජය සහාය දෙන බව ප්‍රකාශ කළාය.  ක්වීන්ස්ලන්ඩ් රජය විසින් පුද්ගලික සංවර්ධකයෙකු වන, ‘නියොන්’ [Neon] ඩොලර් මිලියන 570 ක්, ‘වෙස්ටර්න් ඩවුන්ස් ග්‍රීන් පවර් හබ්’ හි දී [Western Downs Green Power Hub ] රජයට අයත් බලශක්ති සමාගමක් වන, ‘ක්ලීන්කෝ’ [CleanCo] හරහා මෙගාවොට් 320 ක බලයක් මිලදී ගැනීමට කැපවී සිටී.

සුළං ටර්බයින, සූර්ය පැනල සහ බැටරි තැනීම සඳහා අවශ්‍ය වන තඹ, කොබෝල්ට්, සින්ක් සහ ලිතියම් වැනි නව ආර්ථික ඛනිජ මගින් රජයේ පතල් ක්‍ෂේත්‍රය නංවාලීමටත්, නව නිෂ්පාදන රැකියා සඳහා මග පෑදිය හැකි බවටත් ‘පලස්කූක්’ මහත්මිය පැවසුවාය. “මට ක්වීන්ස්ලන්තයේ නිෂ්පාදිත බැටරි දැකීමට අවශ්‍යයි, … මන්ද එයින් අදහස් කරන්නේ වඩා සුරක්ෂිත දිගු කාලීන රැකියා ඇතිවීම”… යනුවෙන් ඇය පැවසුවාය.

සේවා යෝජක නියෝජිත ඕස්ට්‍රේලියානු කර්මාන්ත සමූහයේ ප්‍රධාන විධායක ‘ඉනස් විලොක්ස්’ පැවසුවේ ශුන්‍ය විමෝචනයකට මාරුවීම සඳහා රාජ්‍ය ආයෝජන සඳහා විශාල ඉඩක් පවතින බවත්, “ අද ඇති අර්බුදය තුළ එය ආරම්භ කිරීම වේගවත් වන බවත්ය”… “රාජ්‍ය ණය ක්ෂණික අර්බුදයක් නොවේ, … “එහෙත් රාජ්‍ය හා පෞද්ගලික ණය වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීම දිගු කාලීන අභියෝගයක් වනු ඇත,” … විලොක්ස් මහතා පැවසීය.

අඩු විමෝචන තාක්‍ෂණයන්ට මාරුවීමට සහ එමගින් ආර්ථික උත්තේජනයක් ජනනය කිරීමට උපකාරී වන ප්‍රමුඛතා අංශ වන්නේ බර කර්මාන්ත, ප්‍රවාහන, කෘෂිකර්මාන්තය සහ ගොඩනඟන ලද පරිසරය බව විලෝක්ස් මහතා පැවසීය. දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් සහ විමෝචන රහිත ආර්ථිකයකට මාරුවීමේ අවස්ථාව පිළිබඳ වඩාත් සවිස්තරාත්මක විශ්ලේෂණයක් ලෙස 2011 ගාර්නට් සමාලෝචනය පවතී.

මහාචාර්ය ගාර්නාට්ගේ, ‘2019 සුපර් පවර්’ යන ග්‍රන්ථයේ, ඕස්ට්‍රේලියාව පුනර්ජනනීය ඉන්ධන බලශක්ති අපනයන කරුවෙකු වන්නේ කෙසේද යන්න දක්වයි.

බල ශක්ති ජනනය සහ ඒ නිසා පරිසරයට වන බලපෑම එක් රටකට ලඝු කල නොහැක. එසේ හෙයින් මේ ආකාරයේ අධ්‍යනයන් සලකා බැලීම සහ පුනර්ජනනීය බල ශක්තියේ ප්‍රවර්ධනය ජාත්‍යන්තර සේ එක්වුණු බල ශක්ති විශේෂඥයන් සහ විවිධ රටවල් වල සාමූහික ප්‍රයන්තයක් විය යුතුය.

අද ඇති තත්වය අනුව නම්,  ලංකාව මේ ප්‍රශ්නය හමුවේ තවමත් තනිව ක්‍රියා කරන ආකාරයක් පෙනී යයි.

https://www.smh.com.au/politics/federal/renewable-power-to-boom-on-cheap-money-as-coal-loses-out-garnaut-says-20200506-p54qdt.html?fbclid=IwAR13v7s_IAuU14zjFhivt7M3LpdYDr-4Tai-fDs3JLchinRyho-DXryQelU

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: