ගුරුගේ වගතුග සහ ගුරු අපල සඳහා පුද පූජා.  

                                      hqdefaultග්‍රහ දේව රාජ්‍යයේ ගුරුවරයා විශාල උගතෙක් වන ගුරු වේ. ඔහු මොළයේ සහ ඥානයේ උල්පත වේ. මහත, සෙම් ප්‍රකෘති මහත් කාර්ය භාරයක් ඇති කෙනෙකි. හොඳ අරක්කැමියෙක් සහ වෙළෙන්දෙක් වේ. භාණ්ඩාගාරය හිමිය. ඇස් සහ කෙස් දුඹුරු පැහැ වේ. රෙදි වලින් නොදිරූ වස්ත්‍ර හිමි වේ. ඔහුට ඊසාන දිශාව, ධනු සහ මීන රාශි අයත් වේ.

මොහුට ඇති තවත් නම් වන්නේ, බ්‍රහස්පති සහ සුරගුරු වේ. සුරයන්ට පවා ගුරුවරයෙක් වන නිසා පූජනීය ගෞරව කල යුතු කෙනෙකි. ගුරු යනු නියම සෞම්‍ය ග්‍රහයෙක් වන අතර පාප ග්‍රහයෙක් සමඟ එක් වුනද, ඒ පාප ග්‍රහයාගේ පාපී බව මකා ඒ ස්ථානය පිවිතුරු කිරීමේ හැකියාව ඇත. නමුත් ඒ ගුරුගේ බලය අඩු වැඩි වීමක් නම් සිදුවෙන බව පෙනේ. උදාහරණයක් සේ වෘෂභ ලග්න කරුවාට ගුරු අපලය දෙන්නේ වෘෂභයේ 8 වැන්න හිමි වීමත්, වෘෂභ ලග්න අධිපති සිකුරු සමඟ ඇති සතුරු බව හේතුවෙනි.

අඟර දඟර ඇති ගණිකාවක් ගුරු වැනි උගත් පූජනීය කෙනෙක්ට රුස්සන්නේ නැත. ගුරු වසඟ වෙනවා නම් වසඟ වන එකම තැන, සඳුට පමණි. සමහරවිට රැජින කියන දේ පුරෝහිතයා අහනවා මෙනි. බලසම්පන්න රවි සහ යුධකාමී කුජ පවා ගුරු කියන ආකාරයට වෙනස් වේ. 

ගුරු ග්‍රහයා ශෝභාව අනුවද ඉතා උසස්ය. එහෙත් පොඩ්ඩක් මහත කෙනෙකි. රන්වන් පැහැ කෙනෙක් වේ. ගුරු උච්ච වන්නේ කටක රාශියේ වේ. නීච වන්නේ මකර රාශියේ වේ. මෙය අවබෝධ කර ගැන්ම ඉතා පහසුය. ලෞකික රාශි වලින් වැඩිම ලෞකික රාශිය වන මකරයට ගුරු ගැලපෙන කෙනෙක් නොවේ. නමුත් කටක රාශිය සඳුට හිමි වේ. සඳු සිත නියෝජනය කරයි. ගුරු ඥාණය නියෝජනය කරයි. මේ නිසා කටකය ගුරුගේ උච්ච භවනය වේ. 

ඊට හොඳම උදාහරණය බුදුන් වහන්සේගේ කේන්ද්‍රය වේ. [සර්වඥ කේන්ද්‍රය පහත විග්‍රහ කර ඇත.] සර්වඥයන් වහන්සේගේ ලග්න කේන්ද්‍රය කටකය වී ගුරු ලග්නයේ පතිත විය. කටකය මහ මුහුද පෙන්වයි. එසේ හෙයින් මහ මුහුද මෙන් සිතිවිළි මාළා ඇති විය. ගුරුන්ටත් ගුරු වූ සේක. සෘෂීන් ටත් සෘෂීන් වී, කාලදේවල වැනි සෘෂින්ගෙන් පවා නමස්කාරය ලැබූහ.  

ගුරු ග්‍රහයා තවත් පාපයෙක් සමඟ එක්වීමෙන් පමණක් නොව දැකීමෙන්ද දෝෂ අඩුවේ. එහෙත් ගුරු පාපී වන අවස්ථා ඇත. ගුරු කරන නරක දෙයක් වන්නේ ඇට බිඳීමය. තවද සෙංගමාලය, උන සන්නිපාතය, ආයුර්වේදයේ පිත හා සම්බන්ද රෝගත් ගුරු කරන අශුභ වේ. මහතම ග්‍රහයා හෙයින්, ශරීරයේ ප්‍රමාණය පිළිබඳ අවුල් ඇති කරයි. 

සාමාන්‍ය නීතියක් සේ මෙය මතක තබා ගැන්ම යහපත් වේ. එනම් සෞම්‍ය ග්‍රහයන් ත්‍රිකෝණ ස්ථාන [1,5,9] වලට සුභ බවත්, පාප ග්‍රහයන් [1,4,7,10] කේන්ද්‍රස්ථාන වලට හොඳ බවත්ය. එනම් ත්‍රිකෝණස්ථාන පූජ්‍ය ස්ථාන මෙනි. කේන්ද්‍රස්ථාන රජයේ අමාත්‍යංශ මෙනි. පූජණීය ගුරුතුමෙක්ට ඒ අමාත්‍යංශ පාලනය කල නොහැක. මේ සඳහා උදාහරණයක් සේ කන්‍යා ලග්න කරුවෙක්ට ගුරු ග්‍රහයා කෙසේ බලපාන්නේද යන්නෙන් අවබෝධ කරගත හැක. කන්‍යා රාශියේ කේන්ද්‍රස්ථාන වන 1 කන්‍යාව, 4 ධනුව, 7 මීනය සහ 10 මිථුන යන්නේ 4 සහ 7 අයත් වන්නේ ගුරුට වේ. තවද ගුරු සහ කන්‍යා රාශිය අධිපති බුද එතරම් සමීප සම්බන්දයක්ද නැත.

එසේ හෙයින් ගුරු කන්‍යාවට එතරම් ගුණ දෙන ග්‍රහයෙක් නොවේ. එය සාමාන්‍ය නීතියක් පමණි.  නැවතත් ගුරු ග්‍රහයාගේ ගතිගුණ වලට ;    

ගුරුට අයිති ශරීර කොටස් :- මේදසට, ආමාශයට , බඩවැල් වලට.

ගුරුට අයිති රෝග:- අක්මා , නිදිබර ගතිය, ආම වාතය, අධික මහත, කාබන් ගල් සෑදීම, කෙට්ටු වීම, කෑම දිරවීමේ අඩු පාඩු, ස්ත්‍රීන්ගේ ඇඟ උණු කරවා යාම, සිත් විකල් බව.

පාලනය කරන දේවල් :- භාණ්ඩාගාරයට, උගතුන් වසන ස්ථානයට රිදී ලෝහයට , ශරීරයේ මෙදයට, ආමාශයට, බඩවැල් වලට, වස්තුව , කීරිතිය, පුතුන්, මුණුබුරන්, ළමයින්, උගතුන්, පියාගේ පියා, බුද්ධිය, ඥාණය , අධ්‍යාපනය, අමාත්‍ය දුර, උපදේශක වරු, ශරීරය හිරිවට්ටන බෙහෙත්, ලේඛන, බෙන්සොයින්, රසදිය, කරඳ මුඟු, රක්ෂණ සමාගම්.

කාරක :- ජීව, ස්වාමි, ධන, පූජ්‍ය , පුණ්‍ය , ගෘහ, ධාතු (රන් රිදී.) හස්ති

හිමි වර්ණය :- කහ 

දැන් පූජා විධි ඉහත නියෝජනයන්ගෙන්ම සොයාගත හැකි බව පැහැදිළිය. නමුත් සම්ප්‍රදායික පූජා ක්‍රම පහත සේ වේ. 

බෞද්ධ භික්ෂුවකට සිවුරක්, අට පිරිකරක් පූජා කිරීම සහ, ඒ හේතුව ඒ භික්ෂුන් වහන්සේට කියා ආශිංශන ලබා ගැනීම, උපාසකයන්ට සුදු රෙදි පූජා කිරීම, පන්සල් වලට කහ කොඩි පූජා කිරීම, සකුරු, කහ රෙදි පූජා කිරීම,     

ග්‍රහ මණ්ඩලය දික්ව සතරැස් එනම් සෘජු කෝනාශ්‍ර වේ. හෙළ අබ, වැල්මී, කළාඳුරු, දෑසමන්, බෝලිද්ද යනාදිය මිශ්‍ර ජලය ස්නානය ගුරු ග්‍රහයාගෙන් වන රෝග සහ අපල වලට යෝග්‍යය. මුදු සඳහා රිදී සහ පුෂ්පරාග මැණික් යෝග්‍ය වේ.    

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: