ථාර් කතරේ වගාවක්.

10 - Copy
 
අප ජීවත් වන පුංචි රටේ බොහෝ ස්ථාන වලට ජලයෙන් අඩුපාඩුවක් නැත. ඒ ජළය යහමින් තිබීම බොහෝ අයට ලොකු දෙයක්ද නොවන්නේ, ඒ අය කතරකට කිසි දිනෙක පා තබා නැති හෙයිණි. කතරක දහවලේ ඇස් අන්ධ කරන ආලෝකයත්, උහුලන්න නොහැකි තාපයත්, ඉහින් කනින් යන වැලි වරුෂාවත්, මැසි මදුරු කරදරත්, කෙනෙක්ට සිහි කරන්නේ අපායම විය යුතුය. මේ මිනිසුන්ගේ දුක්මුසු ස්වරූප බලන්න.
 
සමහරවිටෙක වසර දෙක තුන එක වැහි පොදක් මේ කතරට වැටෙන්නේ නැත.
 
මේ කුඩා ලිපියෙන් කියන්නට පණිවිඩ දෙකක් ඇත. එනම් මේ මරු කතරෙත් ගොවිතැන් කර ජීවත් වන මිනිසුන් මේ අති දුෂ්කර ප්රදේශයේ සිටින බවය. අනෙක් කරුණ වන්නේ අපට ලැබුණු ජල සම්පත ප්රවේශම් කරගත යුතු බවය. එය විස්තර කල යුතු දෙයකි.
 
“මහා ඉන්දියානු කතර”, හෙවත් Great Indian Desert කතර, ඉන්දියානු උප මහාද්වීපයේ වයඹට වන්නට ඇති රාජස්ථාන් ප්රදේශයේ, ‘පන්ජාබය’ සහ ‘නැගෙනහිර පකිස්ථානය’ පුරා පැතිර ඇත. එක් පින්තුරයක ගොවිතැනට පස සකස් කල පසු ස්වභාවයද, පසුව භූගත ජළය මගින් ඒ පසේ ගොවිතැන් කල විට තත්වයද ඔබ දකී.
 
භූගතව ඇති ජළය පොම්ප කරන්නේ හිරු ආලෝකයෙනි. මේ හා සමාන ආකාරයකින් සව්දි අරාබියේද භූගත ජළයෙන් වගා කල කාලයක් තිබිණ. එපමණක් නොව කෙනෙක් පුදුමයට පත් කරන සේ සව්දි අරාබියෙන් කලකට පෙර ඒ අවට රටවල් සියල්ලට තිරිඟු සපයන ලදී. ඒ රටවල් කීපයක් වන්නේ, එක්සත් අරාබි ජනරජය, බහරේනය, ඕමානය යි.
 
එහෙත් ඉනා අවාසනාවන්ත ආකාරයට වසර මිලියන ගණනාවක් තිස්සේ පොළව යට එකතු වූ ඒ භූගත ජලය භාවිතා කිරීමෙන්ම නැතිව ගියේය.
 
අද දින සව්දි අරාබියද තිරිඟු පිට රටවල් වලින් මිළට ගනී. මෙය අපටද යම් පාඩමකි. වෙනස් වන දේශගුණ තත්වයන් යටතේ වැසි ජලය වැටෙන රටාවල් වෙනස් වුවහොත්, වැසි ජලය ක්ෂය වුවහොත් භූගත ජලයට අත නොතැබීමට වග බලා ගැනීම මැනවි. අත්යවශ්යම වන්නේ නම්, භූගත ජළ තලය ගැන අවබෝධ කරගත් විශේෂඥයන් ගෙන් අවසර රැගෙන ඒ කාර්යය කල යුතු වේ. නැතිනම් වන්නේ ජල තලය පහතට ගොස් ඒ අවට ශාඛ මිය යෑමය.
 
මෙහි දැක්වෙන ථාර් කාන්තාරයේද එම ඉරණමම නොවන්නේය යයි කාට නම් කිව හැකිද? පුනර්ජනනීය බල ශක්තියෙන් පමණක් මිනිස් ජීවිතය පවත්වා ගැනීමට නොහැක. දැන් අප මේ විස්තරයෙන් ගම්ය වන දෙවන කාරණය සාකච්චා කරමු.
 
ජළය ලබා ගන්නා හැකි සෑම විටම, ජලාශයක් තනා ජළය ගැන්ම අවට පරිසරයට කෙරෙන සේවයකි. වැසි ජළය වුවද එසේ ගබඩා කරන්නේ නම්, කාලීනව ඒ ජළය පොළවට අවශෝෂණය වනවා ඇත. එය අපට මිහිකතට කල හැකි සේවයකි. තවද ඉන් වන අනියම් ප්රයෝජනය වන්නේ පාංශු ඛාදනය වැළැක්වීම හෙවත්, පස සේදීම වැළැක්වීමය.
 
වර්ෂා රටා වෙනස් වීමෙන් පමණක් නොව දරුණු වසංගත රෝග ඇති වීමෙන්ද, අද දින ස්වභාව ධර්මය අපට විරුද්ධව අවි අමෝරා ගෙන සිටින බව පැහැදිළිය. ඒ ණය අප ගෙවිය යුතුය.
 
එය ගෙවිය හැකි හොඳම ක්රමයක් වන්නේ ජළය අපතේ නොයැවීමෙනි. පස සංරක්ෂණය කිරීමෙනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: