තිබේ.

තිබේ
අවුරුදු 2500 ක් පරණ ඊසොප්ගේ උපමා කතාවක් මෙසේ වේ.
 
බූරු කතාව:-
 
පියෙක් පුතෙක් සහ බූරුවෙක් ගමනක් ගියෝය. මිනිසුන් සමූහයක් පසු කරන විට ඔවුන් මේ දෙස බලා,… “අන්න බලාපල්ලා අර මෝඩයෝ දෙන්නා …!..!! බූරුවාගේ පිට නැගිලා යන්නේ නැතිව පයින් යනව …! මෙය ඇසුණු පියා, පුතාට බූරුවා පිට නගින්න කියා කීවේය. තවත් දුරක් යනවිට ඔවුන්ට යමෙක් මෙසේ කියනවා ඇසුණේය. …”දැන් කාලේ හැදෙන කොල්ලෝ වැඩිහිටියන්ට සළකන්නේ නැහැ”… “තාත්තා පයින් යන අතරේ පුතා බූරුවා පිට යනවා…!
 
ඒ අනුව බූරුවාගේ පිටෙන් බසින ලද පුතා, පියාට බූරුවා මත නැග යාමට උදව් කළේය.
 
ටික දුරක් යන විට ජනාකීර්ණ ස්ථානයකදී සමූහයක් මෙසේ කීවෝය. … “මේ හැඩිදැඩි මිනිහා බූරුවා පිට යනවා…. !! … “පොඩි එකා පයින් යනවා”…”මොන නරක මිනිහෙක්ද ? … දැන් මේ පියා සහ පුතාට මෙය හරිම ප්රශ්ණයකි. ඔවුන් කතාකර තීරණයකට පැමිණියහ. බූරුවාගේ ගාත් එකිනෙකට බැඳ, ශක්තිමත් පොල්ලක් මැදින් යවා ඔවුන් දැන් බූරුවා ඔසවා ගෙන ගියෝය.
 
එසේ උඩු යටිකුරුව රැගෙන යනවාට අකමැත්තෙන් සිටින බූරුවා දඟලන විටදී, ගාත් බැඳ තිබූ ලණු බුරුල් වීමෙන් බූරුවා බිම වැටී බෙල්ල කැඩී මිය ගියේය.
 
හරක් කතාව.
 
හරක් මස් කඩයක දැන්වීමක මෙසේ ලියා තිබිණ. “මෙහි හොඳ හරක් මස් විකිණීමට තිබේ”… !
 
මෙතනින් ගිය කෙනෙක් ලෙබ්බෙට කිව්වේ, …“ඕයි මෙහෙ නැත්නම්, ඔහේගේ ගෙදරද හරක් මස් තියෙන්නේ ? කියාය. ම්නිසුන් ගෙදර එනවාට අකමැති ලෙබ්බේ, … “ ෂරි තමා” …කියා එම දැන්වීමේ, “මෙහි” යන්න කපා, “හොඳ හරක් මස් විකිණීමට තිබේ”…සේ වෙනස් කළේය. තවත් කෙනෙක් මෙසේ කීවේය. …”ලෙබ්බෙ , තමුසේ ජරාව විකුනන්නේ නැහැනේ? …”හොඳ කියල විශේෂයෙන් කියන්න ඕනා නැහැ”…
 
දැන් දැන්වීම, “හරක් මස් විකිණීමට තිබේ”… සේ විය.
 
පසුවදා දැන්වීම බැලූ කෙනෙක් කිව්වේ, …”අයිසෙ ලෙබ්බෙ, තමුසෙට පිස්සුද ? …මෙතන තමුසේ මාළු, එළවළු, කුකුල් මස් විකුණනවද ? …හැමෝම දන්නවා තමුසේ හරක් මස් විකුනනවා කියා”… “ඔය දැන්වීම වැරදියි”… “ඕකේ කපනව ‘හරක් මස්’ කෑල්ල…! දැන් බෝර්ඩ් එක මෙසේ වේ. …”විකිණීමට තිබේ”… මෙතැනට පැමිණි තවත් කෙනෙක් මෙසේ කීවේය. .. “ඈ ඕයි, තමුසේ දන්සැලක් දාලද ? … “විකුණන්නේ නැතිව පිනට දෙනවද ? “විකිණීමට” කියලා විශේෂයෙන් ලියන්න ඕන නැහැ”…
 
දැන් දැන්වීමේ ලොකු අකුරෙන්, “තිබේ” යන්න ලියා ඇත.
 
තවත් දිනයක එහි පැමිණි කෙනෙක් මේ මස් කඩයේ තිබුණු බෝර්ඩ් එක දැක, … “හෑ ?…?…“මොනවාද ඕයි ‘තිබේ’ කියන්නේ? තමුසෙගෙ ඇටද බඩ මාළුද ?…?… කියා ඇසීමෙන් ලැජ්ජාවට පැමිණි ලෙබ්බේ, දැන්වීම පොළවේ ගසා පොඩි කර දැම්මේය.
 
මේ කතාව කියන විටත්, කතාවෙන් කියන්න හදන හේතුව වටහා ගන්න නොහැකි කෙනෙක් බූරු කතාවේ කියූ බෙල්ල කැඩී ගිය බූරුවා හෝ, හරක් කතාවේ ලෙබ්බෙට වඩා වෙනසක් නැත. ඒ අයට මේ පහත විස්තරය ලියමි. අනෙක් අය මා මෙන් පණ්ඩිතයන් හෙයින් එම පහත විස්තරය බැලීම අනවශ්යය. 😉
 
නුවණ ඇති මිනිස්සු මෙසේ සිතති. … “සියල්ලන්ම සතුටු කල නොහැක”… ඕනෑම සිදුවීමකදී කලබල නොවී කටයුතු කල යුතුය. අන් අයගේ මත වලට කන් දෙමින්, ඒ අයට ගෞරවය පුද කරමින්, එහෙත් ස්වායත්තව කරන්න හදන දෙය තමාට නිවැරදිය යයි සිතෙන අයුරෙන් කල යුතුය. ජීවිතය දෙස බැලිය යුත්තේ, කළාකරුවෙක් චිත්රයක් ඇඳි පසු තරමක් පසුපසට ගොස් ඒ චිත්රයේ හැඩ තල බලනවාක් මෙනි. එවිට එහි වැරදීම් සහ නිවැරදි තැන් හොඳින් පෙනෙනූ ඇත.
 
එනම් ඔබ ඔබ දෙස බැලිය යුත්තේ වෙන කෙනෙක් දෙස බලනවාක් මෙනි. එවිට වැරදි වැඩියෙන් පෙනෙනු ඇත. එය නිවැරදි වීමේ ක්රමයකි.
 
ජයග්රහණයට මාර්ගය කුමක් වේද ? ශත වර්ෂ ගණනක් තිස්සේ නුවණැති මිනිසුන් මේ ප්රශ්ණයට දෙන උත්තරය වන්නේ ‘ස්වයං ඥාණය’ තිබීම වේ. එම ස්වයං ඥාණය ඇති, පැරණි ග්රීක පඬිවරුන් කියා ඇත්තේ මෙසේය. “Know thyself”… ශේක්ස්පියර් කියා ඇත්තේ මෙසේය. … “ To thine own self be true” … නමුත් මෙය මුලින්ම කියා ඇත්තේ බුදුන් වහන්සේය. උන් වහන්සේගේ ඥාණය, සීමාසහිත ‘ස්වයං ඥාණය’ නොවේ. එය, ‘ස්වයංභූ ඥාණය’ යයි කියනු ලැබේ. එනම් එය, කිසි කෙනෙක්ගෙන් කොපි කල, උඩින් පහළ වූ ඥාණයක් නොවේ.
 
ඇත්තටම අප, අප ගැන දන්නවාද ?
 
තිස් පස් වියැති ධනවත් කෙනෙක් මට මෙසේ කීවේය. … “උපාධියක් ගැනීමට මා වයස වැඩි යයි සිතමි”… එවිට මා මෙසේ ඇසුවෙමි… “ උපාධිය ගැනීමට ඔබට කොපමණ කලක් මහන්සි වන්නට සිදු වේද? උත්තරය අවුරුදු හතරක් බව කියැවිණ. … “එය එසේ නම් උපාධියට මහන්සි වුවද නොවුවද ඔබගේ වයස, තවත් අවුරුදු හතරකින් වසර තිස් නමය වනු ඇත”…මා කීවෙමි. ඒ අනුව උපාධියට ඉදිරිපත් වීමට ඔහු තීරණය කළේය. උපාධිය ලැබුණු පසු මා අමතක නොකළ ඔහු, එපා කියද්දී ඔරලෝසුවක් තෑගි දුන්නේය.
 
අද ඔහු ලොක්කෙකි.
 
උපාධි කතාව හැර ඉහත චේද මා කොපි කලෙමි. ඒවා මගේ අදහස් නොවේ. ඒවා මට වඩා මොළේ ඇති මගේ ගුරුවරුන් කියූ කතා වේ. එහෙත් ඒ අනුව ක්රියා කිරීම නම් වැදගත්ය.
 
ඔබ ඔබ ගැන දනී නම්, දැන්වීම ඔබට කැමති අයුරෙන් ලියන්න. එක එක හාල් පාරුවන් කී පළියට එය වෙනස් නොකරන්න.
 
… “මෙහි හොඳ හරක් මස් විකිණීමට තිබේ !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: