මමිකරණය කරන ලද සිරුරක ඇත්තේ හෘදය වස්තුව පමණක් බව ඔබ දනී. මෙහිදී සියළුම ආකාරයේ මමී වල මේ ලක්‍ෂණය තිබුණද, මෙතෙක් සොයා ගෙන ඇති මමී වල, එක රාජකීය මමියක් පමණක් විශේෂ අයුරක් ගනී. එය ඉතා ප්‍රසිද්ධ පිරිමි රාජකීයයෙක් වූ තුතන්කාමන් රජුගේ සිරුර වේ. එහි ඇතුලත හෘදය වස්තුව නැත. එහෙත් ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් සේ පෙනෙන අයුරෙන් මමිකරණය කර ඇත. තවද එය තබා ඇති පිරමීඩයේ කිසියම් සිදුරක් තුළින් එයට ආලෝකය වැටෙන සේ සකසා ඇත. එයට විශේෂ හේතුවකි.
ඊජිප්තු ඇදහීම් අනුව අහසේ පෙනෙන තාරකා වලට නොයෙක් ආකාරයේ ගුණ දී තිබේ. එයින් එක තාරකාවක් වන්නේ ‘සෞභාග්‍යයේ තාරකාව’ යන තාරකාවයි.
මේ තාරකාව ට සෞභාග්‍යයේ තාරකාව කී ලෙසම වසරේ දින 365 තුළින් එක් දිනයක් සෞභාග්‍යයේ දිනය සේද හැඳින්වේ. ඉහත කී ප්‍රාණවත් සේ සකසා ඇති පුරුෂ ලිංගයට, පිරමීඩයේ තනා ඇති සිදුර හරහා ඒ තාරකාවේ එළිය එම විශේෂ දිනයේ පතිත වේ. ඇදහීම වන්නේ මෙසේ තාරකාවේ ආලෝකය ලිංගේන්ද්‍රියට වැටීමෙන් ඊජිප්තුවේ සෞභාග්‍යය වර්ධනය වීමය. එදින ඊජිප්තුවේ උත්සව දිනයක් වේ. එදින ඊජිප්තියානු පූජකයන් නිර්වස්ත්‍රව වීථි සැරිසරමින් ශුක්‍ර මුදා හැරි බව පැපිරස් පත්‍රිකා වල සඳහන් වේ.
පසු වදන :- කරුණාකර මේ විස්තර ලංකාවේ දෙස්පාලුවනට පෙන්වීමෙන් වළකින්න. විශේෂයෙන් පුරාණ බෞද්ධ පන්සල් වූ, අද ඉන්දියාවේ දෙවොල් චාරිකා කරන දේශපාලුවන්ට විශේෂය. නැතිනම් රටට සෞභාග්‍යය ගෙන එන්නට මේ ඊජිප්තු ක්‍රමය ඔවුන්ද භාවිතා කරනු ඇත.
බැලූ බැල්මට මේ සිදුවීම සහ ලිංගේන්ද්‍රිය කතාව හාස්‍ය ජනක සේ පෙනුණද, මේ ක්‍රියාවළිය කරන්නට ඉහත කී පිරමීඩය සහ එහි තනන ලද සිදුර තැනීම කෙතරම් විද්‍යානුකූල වන්නට ඇතිද ? එහි පැවතුණු ඇදහීම් හාස්‍ය ජනක වුවද, තේරුමක් නොමැති දේ මෙන් පෙනුණද, මමිකරණ ක්‍රියාවළිය මෙන්ම ඒ අනෙක් විද්‍යාත්මක ක්‍රමද සත්‍ය වශයෙන්ම ඉතාමත් ඉහළ ශිෂ්ටාචාරයක් ඉහළ ඊජිප්තුවේ [Upper Egypt] තිබි බව පෙනී යයි.
වෙනත් අයුරකින් කිවහොත් කිසියම් ආකාරයේ ගුප්ත ඇදහීම් ප්‍රමාණයක් සාධාරණීයකරණය කරන්නට තාරකා විද්‍යාවේ සහ ජ්‍යාමිතියේ අති දක්ෂ ඉංජිනේරුවන් ඊජිප්තියානු ඉහළ තලයේ පූජකයන් සහ රාජකීයයන් භාවිතා කලාක් මෙනි.
මමිකරණයේ අවසාන අදියරක් වන්නේ ශරීරය ලිනන් රෙදි වලින් කොටස් හතරකට බෙදා එතීම වේ. හිස සහ බෙල්ල, ඇඟිලි, අත් සහ පය, ශරීරයේ ඉතිරි කොටස් සේ වේ. රෙදි එතීමේදී ඒ අතර ස්වර්ණාභරණ තැබීම කරන්නේ, මරණයේ ද්වාරය හරහා යන විට ඒවා ප්‍රයෝජනවත් වේ යන්න සිතීමෙනි. මේ ගැන ඊට වඩා විස්තරයක් සොයා ගැනීමට නොහැකි විය.
ශරීරය ඔතන විටදී පූජකයා විසින් ඒ ඒ ආගම් වාක්‍ය කියනු ලැබේ. මමිකරණය කල පුද්ගලයාට භූත බලපෑම් නොවීම සඳහා ඒ වාක්‍ය කියවීම අවශ්‍ය වේ. මමිය රේසිං වලින් තෙත් කල, ලිනන් රෙදිවලින් එතුවායින් පසුව, මියගියවුන්ගේ පොතේ ඇති වාක්‍ය මුද්‍රණය කරන ලද පැපිරස් කොළ අවසානයට ශරීරයේ ඔතනු ලබයි. එය විශේෂයෙන්ම අත් වල එතීම කරයි. අවසානයේ ඔසිරිස් දෙවියන්ගේ පින්තුරය ශරීරයේ තබා විශාල රෙද්දකින් මමිය ඔතා දෙන මත තැන්පත් කරනු ලැබේ.
මේ සංකීර්ණ සහ කාලය ගතවන මමිකරන ක්‍රියාවළිය උසස්ම රාජකීයයන් වෙනුවෙන් කරන ලද්දකි. එසේ මමිකරණය කළවුන් කීප දෙනෙක් වන්නේ, ‘අක්හෙනටන්’, ‘අමෙන්හොටෙප් ‘, ‘රැම්සෙස් I ‘,’ටුට්මොස් II’, සහ ‘තුතන්කාමන්’ යන රජවරුන්ය.
තවත් වැදගත් කාරණයක් වන්නේ බොහෝ සතුන්ගේ දේහ මමිකරණය කර තිබි බවය. විශේෂයෙන් අනර්ඝ සේ සකසන ලද බළල්ලුන් ගේද මමිකරණය කරන ලද ශරීර පිරමීඩ වල සොයා ගැනීමට හැකි වීමය. ඒ ආකාරයේ බළලුන් ගේ මමී වටා බිය සිතන ආකාරයේ පින්තුර ඇඳ ඇත. සමහරවිට ඔවුන් මිය ගිය රාජකීයයා ආරක්ෂා කරනවා යන අදහස එහි ගැබ් වේ.
මෙහිදී කිව යුතු වැදගත් කාරණයක් නම්, පුරාන ඊජිප්තුවේ බළලුන්ට ඉතා ඉහළ ආගමික තත්වයක් දී තිබුණු බවය. බළලෙක් මැරීම විශාල අපරාධයක් විය. අන් වෙන සියළු සතුන්ට වඩා රාජකීයත්වයක් බළලුන්ට දී තිබිණ. සමහරවිට මේ ඉහළ තත්වය දී තිබුනේ බළලුන් ඊජිප්තු කාන්තාරවල සිටින සර්පයන් මරා දමන හෙයින් වන්නට ඇත.
රාජකීයයන් බළලුන් පමණක් නොව වෙනත් බොහෝ සතුන්ද මමිකරණය කර තිබේ. එනම්, බැබුන්, ඉබිස්, හාවන්, ගොනුන්, රාජාලීන් මෙන් සතුන්, බල්ලන්, බූරුවන්, කටුස්සන්, කුරුමිණියන්, කින්බුලන්, නයින්, මාළුන්, තාරාවන් මෙන් ලැයිස්තුව දිගට යයි. ඒ මමිකරණය කරන ලද සතුන්ගේ දේහ වටා ගුප්ත වාක්‍ය ලියා ඇත. සමහරවිට මේ සතුන් යම් යම් දෙවිවරු නියෝජනය කරන්නට ඇත. එසේ නැත්නම් මරණයෙන් මතු යන දෙවන ලෝකයට මේ සතුන්ද රැගෙන යනවා යන විශ්වාසයෙන් එසේ කරන්නට ඇත.
මුලින් මෙම සතුන් සාමාන්‍ය ආකාරයට මමිකරණය කලේ යයි විශ්වාස කලද, පසු කලෙක එම සතුන්ද මිනිසුන් මෙන්ම ඉතා ප්‍රවේශමෙන් සහ ඕනා කමෙන් මමිකරණය කරන ලද බව සොයා ගෙන ඇත. කිතුණු ආගමේ කියා ඇති ආකාරයට ලෝක විනාශයේදී සියළු සතුන් ජෝඩුව බැගින් නෞකාවකට දමා ගෙන ගිය ආකාරයක් මෙහි පෙනේ. එය එසේ නොවේ නම්, එම රාජකීයයා ගේ දෙවන උත්පත්තියේදී එම සතුන්ද ඔහු සමඟ ඉපදෙතැයි යන විශ්වාසයෙන් මෙසේ කරන්නට ඇත.
දැනට සොයාගත් කරුණු අනුව මේ සත්ව මමී, රාජකීයයාට අයත් සුරතල් සතුන්, කිසියම් දෙවියෙක් නියෝජනය කරන සතෙක්, කරවල වැනි ආහාරය සඳහා ගන්නා සතෙක් සහ, පහනක් මෙන් දල්වා තැබිය හැකි සේ සකස් කල මමී සේ මේවා වර්ගීකරණය කෙරේ.
4 සහ 9 ශත වර්ෂ වල මේ ආකාරයට මමිකරණය කරන ලද සතුන්ගේ මමී බොහෝ ගණනක් හමුව ඇත. දැනට හමුව ඇති සත්ව මමී වලින් පැරණිම මමී ක්‍රිස්තු පූර්ව 2950 ට දිව යයි.
සතෙක් හෝ කිසියම් කෙනෙක් මියගිය විට අනිවාර්යයෙන්ම ඒ ශරීරය විනාශ වී යන බව නොදැන ගන්නට පැරණි ඊජිප්තියානු ජාතිකයා මෝඩයෙක් වූවා යයි සිතිය නොහැක. එය එසේ නම් මේ මමිකරණයේ තේරුම කුමක්ද ? කාලයකට පසු සොයා ගන්නා මේ ශරීර වල DNA තුළින් හෝ යම් අනාගතයේ සොයාගන්නා විද්‍යාත්මක ක්‍රමයකින් එම සතුන් නැවත නිර්මාණය කල හැකි බවක් ඔවුන් දැන සිටියේද ?
එය එසේ නම් තුතන්කාමන් වැනි රජවරුන් මෙන්ම, අද නැති එකළ සිටි සතුන්ද නැවත ඉපදෙනු ඇත.
මේ රහස් අනාගතයේ විසඳේද යන්න නොදනිමු.
මූලාශ්‍ර :- ඊජිප්තියානු කෞතුකාගාරය.
Leave a Reply