මනෝ විද්‍යාව සහ ආගම්.

dc3e26e4-7d14-4666-8bd4-cd97779fdd26සිංහළෙන් ‘මනෝ විද්යාව’ යයි කියන්නේ ඉංග්රීසියෙන් Psychology කියා ව්යවහාර වන වචනයේ පරිවර්තනයයි. එහෙත් පද දෙකේ වචන ගැනත් එහි ඇති ඉතිහාසයත් ගත් විට, ඒ වචන දෙකෙන් පෙන්වන්නේ වෙනස් හේතුන්ය. ග්රීක් භාෂාවේ Psyche ලෙස කියන්නේ ආත්මය හෙවත් Soul යන ඉංග්රීසි වචනය මගින් පෙන්වන අර්ථය වේ. බුදු දහමේ හැර මේ ‘ආත්මය’ හෙවත් Soul යන්නට අනෙක් ආගම් වල විශේෂ තැනක් ලැබේ.
 
මේ ආත්ම විෂය, ආගම්වල මෙන්ම දර්ශන වාදීන් විසින්ද භාවිතා කල හෙයින්, එය Psychology ලෙස විද්යාවක් බවට පත්විය. එහෙත් කල් යත්ම ‘ආත්මය’ යන්න නිර්වචනය කර ගැනීමේ අපහසුව මෙන්ම බොහෝ දාර්ශනිකයන් ‘ආත්මය’ යන්න පැවතීමට ප්රශ්න කල හෙයින් ‘මනස’ හෙවත් ඉංග්රීසියෙන් Mind යයි කියන දෙයට මේ Psychology යි කියන විද්යාව නැබුරු විය. මිනිසා යන සත්වයාට ශරීරය, ආත්මය සහ මනස යන්න ඇති බව සමහර ආගම් වල පෙන්වා දුන්නද, බුදු දහමේ ආත්මය යන්නට තැනක් නැත.
 
ආත්මය යනු කුමක්ද යන ප්රශ්නයට දිය හැකි කෙටීම පිළිතුර නම්; ‘මිනිසාගේ කිසියම් නොවෙනස් වන ස්වරුපයක්’ ඇත. එයම ආත්මය වේ යන්නය. බුදු දහමේ එයට වෙනත් අර්ථ කථනයක් ලැබේ. එය උදාහරණයකින් පෙන්වීම මැනවි කියා සිතමි. කුඩාකල සිටියේ ද, අද වැඩුණු මිනිසෙක්ව සිටින්නේද එකම පුද්ගලයාද යන්න, බුදු දහමේ ප්රශ්න කෙරේ. කුඩා කල සෙල්ලම් බඩුවක් රැගෙන සෙල්ලම් කල දරුවා අද මිනිසෙක් විය. ඒ මිනිසා ඉහත කී සෙල්ලම් බඩුව සමඟ තව දුරටත් සෙල්ලම් කරන්නේ නැත.
 
මේ වෙනස තේරෙන්නේ , එම කාලය ඉක්ම ගිය හෙයිනි. එනම් ක්රමයෙන් මිනිසා වෙනස් විය. එය එසේ නම්, ක්ෂණයක් පාසා සත්වයා , මිනිසා වෙනස් වන හෙයින්, මොහොතෙන් මොහොත කිසියම් අනුභූතියක් මිනිසාට සම්බන්ද කර ඇත්නම්, එයද වෙනස් විය යුතු වේය යන්න බුදු දහමේ ඉගැන්වීමයි.
 
මේ ළිපිය බලන්න පටන් ගත් තැනැත්තා නොවේ, ළිපිය අවසානයේ සිටින්නේ. කෙසේ හෝ මේ කියන ආත්මික සංකල්පය අතහැරීමට නොහැකි වූ තැන, එය මනසත් සමඟම සම්බන්ද කිරීම සිදු වී, අවසානයේ ‘සයිකොලොජි’ යන වචනය ඉතිරි විය. මුල් කල් ‘අන්තර් දර්ශනය’ (හෙවත් Introspection) යන්න ව්යවහාර කලද එය තුල විඥාණය (consciousness) , ස්මරණය (Memory), අවධානය (Attention) තිබිණ. දැන් මෙතනදී අලුත්ම ප්රශ්නයක් පැන නගී.
 
නවීන විද්යාවේ නිර්මාණයක් වන රොබෝ කෙනෙක් තුලද මේ කාරණා තුන පවතින්නේය. එහෙත් එම රොබෝ ගේ ඇති විඥාණය සහ මිනිසාගේ ඇති විඥාණය යන්න එකක්මදැයි යන්න විමසිය යුතු වේ. මෙහිදී මතක තබා ගත යුතු ඉතා වැදගත් කරුණක් නම්, දිනෙන් දින දියුණු වන නොයෙකුත් විද්යාත්මක විෂයයන් අනුව, මේ රොබෝගේ විඥාණය යයි කරුණ ඉතා වේගයෙන් දියුණු වන බවය. (උදාහරණය :- Robotics, Artificial Intelligence).
 
දහනමවන සියවසේ, මිනිසා ගැහැනුන් සහ ළමයින් හැසිරීම නිරීක්ෂණය කර, ඒ ක්රම වාර්ථා ගත කරන ආකාරය සලකා ‘මනෝ විද්යාව’ හෙවත් Psychology මුලින්ම බිහි විය. එහත් එය ඇත්ත වශයෙන්ම ‘ආදර්ශ පරීක්ෂණ ක්රමයක්’ පමණක්ම විය. මනසේ ක්රියාකාරිත්වය සහ එහි සංවර්ධනය පරිසරය අනුව වෙනස් වීම එහිදී සිදු විය. යම් යම් වයස් වලදී, යම් යම් පරිසරයන්ගේ අන්යොන්ය බලපෑම් නිසා කෙනෙක් වෙනස්වීම පරීක්ෂා කිරීම මෙහි අරමුණ විය. මේ ක්රම බටහිර 19 වන සියවසේ ආරම්හ වුවද, බුදු දහම මේ ගැන පරීක්ෂණ කලේ සහ, ඒ නිරීක්ෂණ වල නිගමන පෙන්වා දුන්නේ, මෙයට අවුරුදු දෙදහස් පන්සියයකට කලිනි.
 
මෙහිදී ගිරා කුඩුවක සිටි කුඩා ගිරා පැටවුන් දෙදෙනෙක් , මාරුතයකට අසුව හොරු සිටින දෙසකට එකෙක්ද, අනෙකා තාපසයන් සිටින දෙසට යාමද, ඉන් පසුව ඔවුන් දකින දේ සහ, එම විවිධ පරිසර නිසා, ඔවුන් පසුව කතා කල වෙනස් ආකාරය ගැන, පන්සීය පනස් ජාතක පොතේ, එක්තරා ජාතක කතාවක ඇත. [සත්තිකුම්භ ජාතකය ?] එය නුතන මනෝ විද්යාවේ කියන ‘ජීවිත වාර්ථා පරීක්ෂන ක්රමයකි’ (Case history method).
 
නවීන මනෝ විද්යාවේ මේ සඳහා ප්රශ්නෝත්තර ක්රමද උපයෝගී කර ගනී. විශේෂ බුද්ධිමතුන්, හීන බුද්ධිමතුන්, බාල අපරාධ කාරයන්, පිස්සන් වැනි එකී නොකී සියලු පුද්ගලයන්ගේ ජීවිත තොරතුරු මේ ක්රමයට අඩංගු විය. එහෙත් මිනිසා තුල ඇත්තේ ගත සහ ආත්මය යන්න පමණක්ද යන්න තුල මේ 19 වන සියවසේ මනෝ විද්යාඥයන් පැටලී සිටියහ.
 
එයට හේතුව වුයේ ආබ්රහමික ආගම් වල අභාෂය ඇතිව ඉගෙන ගැනීම් නිසා, එයින් සම්පුර්ණයෙන්ම ඉවත් වීමට ඔවුන්ට තිබුණු නොහැකියාවම විය. මිනිසා තුල විඥාණය යයි දෙයක් ඇත්දැයි යන්න ගැන ඔවුන්ට තේරුමක් තිබුනේ නැත. මිනිසා යනු, ‘සිත සහ කය’ පමණකි, යන්න ඔවුන් ගේ අදහස විය. කෙසේ හෝ පසු කලක විද්යාව දියුණු වෙත්ම කායික විද්යාව (Physiology) සහ ජීව විද්යාවෙන් (Biology) මිනිස් සිරුරේ ඇති ස්නායු පද්ධතියත් මොළයත් අනෙක් අවයව හා ක්රියාත්මක වන අයුරු ඔවුන් තේරුම් ගත්හ.
 
පැරණි තෙස්තමේන්තුව සහ, නොදියුණු ගෝත්රිකයන් විසින් එය කොපි කර තැනූ අනෙක් ආගම් වල කියන ආකාරයට , ‘මිනිසා සහ ගැහැනියගේ ද්රව සංකලනයෙන් දරුවන් ඇති විය’ යන්න තුල විඥාණය සම්බන්ද අදහසක් නොඑන නිසාම, එම මත වල ආධිපත්යය තිබු, ඉහත කී 19 වන සියවසේ මනෝ විද්යාඥයන් ගේ පරීක්ෂන තව තවත් ප්රමාද වීම, මිනිසුන් ලැබූ පරාජයකි. එහෙත් බුදුන් වහන්සේ ‘ඉන්දික සුත්රයේ’ මේ සඳහා වදාළ දෙය ගැන සැලකීම වටී. එය කෙටියෙන් කිවහොත් මෙසේ වේ.
 
“පළමුව ප්රතිසන්ධි විඥාණය සමඟම කළලය උපදී. ඉන් පසු එම කළලය මගින් අබ්බුදයද, එම අබ්බුදය මගින් පේශිය හට ගනී. එමගින් ඝන නම් මස් පිඩක් හට ගනී”… තල තෙල් බිඳක් හෝ පිරිසිදු ගිතෙල් බිඳුවක් යම් බඳු ද , එනම් ආකාරයේ දෙයකට කළලය යයි කියන්නේය” (“ජාති උණ්නා නාම සුඛුමා- තස්සා එකන් සුණෝ පසන්ත තිලේ තේලන් …ලෙස මෙය කියවේ.).- ස්තුතිපූර්වකව, උපුටා ගත්තේ අන්තර් ජාලයෙනි.
 
එහෙත් අද මනෝ විද්යාවේ මේ සිත ගත පිළිබඳ අවුල කෙමෙන් ලිහී ගොස් ඇත. ඒ නිසා පිටතින් පෙනෙන කෙනෙක්ගේ බාහිර හැසිරීම පමණක් නොව අභ්යන්තරයේ ඇතිවන සිත් පරම්පරාද, මානසික විද්යාවේ වපසරියට දැන් දැන් ඇතුලත් වේ. දැනට මනෝ විද්යාවේ එන් මේ සංකල්පනා , බෞද්ධ ක්රමය වූ ‘නාම -රූප’ මතයට බෙහෙවින් සමීප වේ. බොදු මතය අනුව නම්, ‘ගතට වඩා සිතට තැනක්’ දිය යුතුය. ගත සිත දෙකම එකින් එක සම්බන්ද වේ. එහෙයින් මිනිසාගේ හැසිරීම, මනස ප්රධාන කොට ගත හිත දෙකම සමඟ පරිසරය හා ගැටීමෙන් වෙනස් වී සංවර්ධනය වේ.
 
උදාහරණයක් ලෙස, කුඩා කාලයේ තුන් වේලටම බත් කන්නට පුරුදු වූ කෙනෙක් සහ, සෑම දිනකම දෙවියන් යැදීම නීතියක් කල සමාජයක ඒ ශබ්දය ඇසීම, මනසේ නොමැකෙන ලෙස මුද්රණය වීම සිදු වේ.
 
ඒ අනුව බත් නැති තැනකැ බත් කන්න පෙලබීමත්, දෙවියන් නොසලකන සමාජයක ආගන්තුකයන් වී දෙවියන් යැදීමත්, එකම කාසියේ දෙපැත්තකි. මෙය ආබ්රහමික ආගම් කතෘ වරු ඉතා හොඳින් දැන සිටියහ. ආගමට මිනිසා වහලෙක් කිරීම ඉතා වැදගත් විය. එය රාජ්යයක් පවත්වා ගැනීමට අවශ්ය දෙයක් විය. මක්නිසාද යත්; මෝඩයන් පාලනය කිරීම පහසු හෙයිනි.
 
නුතන මනෝ විද්යාවේ පතාක යෝධයෙක් වූ අචාර්ය සිග්මන් ෆ්රොයිඩ් මිනිසා ගැන කියූ දෙයත්, බුදු දහමේ මිනිසා ගැන කියැවුණු දෙයත් සසඳා බැලීම වටී. ‘මිනිසා ඔහුගේ ඇතුලාන්තයටම අයහපත් වේ. මිනිසාගේ ඇති මමත්වය නිසා ඔහුගේ ආත්මාර්ථය ඇති වේ’ මේ ෆ්රොයිඩ් කී දෙය විය. බුදුන් වහන්සේ වදාළේ මීට ඉඳුරා වෙනස් දෙයකි. “මිනිසාගේ ඇතුලාන්තය යහපත් වේ. එහෙත් මමත්වය නිසා ආත්මාර්තකාමී සිතුවිළි ඇති වීමෙන් ඔහු අයහපත් වේ. “ දිනෙන් දින නූතන මනෝ විද්යාව, සිග්මන් ෆ්රොයිඩ් ගෙන් ඈත් වී, බුදු වදන වෙත සමීප වේ.
 
බෞද්ධ දර්ශන තුල ඇති මනෝ විද්යාවේ ඉහල තත්වයට ප්රධාන හේතුව වූ කලී, මුල සිටම ‘ආත්මය’ පිළි නොගැනීමය. ආත්මය පිළිගත් හින්දු මති මතාන්තර වලට විරුද්ධව, ආත්මයක් නැති මිනිසෙකුගේ හැසිරීම බුදු දහම මගින් තේරුම් කලේ මනසේ ක්රියාකාරිත්වය පෙන්වීමෙනි. එම ක්රියා මාර්ගයේ අරටුව වන භාවනාව තේරුම් කිරීමට මනස අර්ථ කථනය ඉතා වැදගත් විය. මිනිසාට දියුණු මනසක් ඇති බවත්, තිරිසනාට සාපේක්ෂව නොදියුණු මනසක් ඇති හෙයින්, මිනිසා තිරිසනාට වඩා දියුණු වුන වුවද, ඒ හේතුව නිසාම තිරිසනාට නැති අමුතු ආත්මයක් මිනිසාට නැති බව බුදු දහමේ පෙන්වා දීම සිදු විය.
 
ආබ්රහමික ආගම් වල තිරිසනාට ආත්මයක් නැත.
 
තිරිසනා මවා ඇත්තේ මිනිසාගේ ප්රයෝජනයටය යන්න එහි ඉගැන්වීමකි. මිනිසත් බව ලබන්නේත්, තිරිසන් බව ලබන්නේත් එකම සත්වයා යන්න, බුදු දහමේ ඉගැන්වීමකි. එය එසේ හෙයින්, කිසි දින සිත-ගත අවුලත්, ආත්ම-අනාත්ම අවුලත්, තිරිසන්-මිනිස් අවුලත්, බුදු දහමේ නොතිබුණු දෙයකි. එසේ හෙයින් බටහිර දියුණු වූ මනෝ විද්යාව හැදෑරීමට මහත්මැ රුකුලක් වන්නේ බුදු දහම ඉගෙන ගැනීම බව, ඒ ක්ෂේත්රය ගැබුරට ඉගෙන ගන්නා පශ්චාත් උපාධි අපේක්ෂකයන් කියන දෙයකි.
 
නූතන මනෝ විද්යාව අද පුළුල් විෂයයක්ව පවතින නිසා, එහි නොයෙකුත් අංගද ඇති වී තිබේ. සැම අතින්ම සමාන මිනිසුන් නැත. එක් එක් මිනිසුන් එකම පරිසරයට ප්රතිචාර දක්වන ආකාරය වෙනස් වේ. ඒ විවිධ ලක්ෂණයන් අතර ගැටුම් ඇතිවීම නිසා, එය සමාජයක් පවත්වා ගැනීමට අවශ්ය සාමාන්ය නීති රීති වලට අවහිරයක් හෙයින්, පාලකයන් ආගම යන්න සමාජය බාර ගත යුතු බවට, බල කලහ. තුවක්කුව හෝ කඩුවට සමගාමීව, පුජකයා රටෙන් රටට සංක්රමණය වුයේ එහෙයිණි. මේ අතර ඉතා ටික දෙනෙක්ගේ හැසිරීම වෙනස් විය. ඔවුන් සඳහා හිර ගෙවල්, පිස්සන් කොටු වැනි දේ ඇති විය.
ඒ අතර ඔවුන්ගේ බලපෑම සමාජයට ඉතාමත් වැඩි නම්, ඔවුන් ගේ ජීවිත තොර කල අවස්ථා අනන්ත ඇත.
 
බෘනෝ පුළුස්සා මැරුවේද , සොක්රටීස්ට වහ පානය උරුම වූයේද මේ හේතුවෙනි. මේ සියලු අවස්ථාවන් පල්ලිය මගින් ක්රියාත්මක කල බව රහසක් නොවේ. මේ ක්රියා පාලනය කලේ, එම් ආබ්රහමික ආගම් වල අරටුවේ ඇති නීති ක්රියාත්මක කල පූජකයන් නිසා, වරද ඇත්තේ පූජකයන් අසල නොවේ…
 
ඇත්ත වශයෙන්ම මේ ආබ්රහමික ආගම්ද ඉතා සාර්ථකව මනෝ විද්යාත්මක ක්රම භාවිතා කලහ. එහෙත් ඔවුන් එය භාවිතා කලේ ‘සෘණ’ ක්රමයෙනි. දෙවියන්ගේ මහත් කරුණාවත්, යක්ෂයාගේ කුරිරු බවත් කීම, මිනිසා බිය පත් කිරීමට අවශ්ය අනිවාර්ය සහ ප්රමාණවත් (If and only if) සාධකයක් විය. උදාහරණයක් ලෙස, ඔබට දින පතා හමුවෙන යමෙකුට, ඔහු ගේ ශරීරය කෙට්ටු යයිද, ඔහු අසනීප යෙන් සිටින්නේය යයි කියන්නේද, ඔහු කලකට පසු ඇත්තටම අසනීප වෙන්නට පුළුවන. ‘උපතින් පව්කාරයෙක් යයි අසන මිනිසාට ඇති එකම අවුල, ‘දෙවියන් යැදීම පමණි. දෙවියන් ශ්රේෂ්ට යයි, දිනකට පස් වතාවක් අසන්නට සහ යැදීමට සැලස්වීමද මේ ක්රමයේ තවත් පැති කඩක් විය.
 
මේ ඒබ්රහමික ආගම් වල පොදු සමාන කමක් සැමදා තිබිණ. එනම් ස්ත්රියට ඇති පහත් සැළකිල්ල විය. බයිබලය ලියා ඇති කතෘන් ගෙන් 99% ක්ම පිරිමින් විය. මිනිසාගේ ඇති තිරිසන් කාමාශක්ත බව මෙන්ම, ඒ සඳහා පැවතිය යුතු පීතෘ මූලික සමාජයක අවශ්යතාවය, එම ආගම් වලින් දිරි ගැන්වීම එයද උදාහරණයකි. එවන් ආගම් ප්රචාරය සහ පැතිරීම සඳහා ස්ත්රියට පහත් තැනක් දීම, ආබ්රහමික ආගම් වලින් පෝෂිත සියලුම ක්ෂේත්ර වලින් සිදු විය. ලොව වටා යන ‘කළු අබයා රැල්ල’ එහි ප්රතිපලයකි.
 
“ගැහැණිය මිනිසාගේ කෘෂි කාර්මික ඉඩමය” ලෙස කියන එබ්රහමික ආගම් වලට, නවීන විද්යාව සහ නිදහස් සිතුවිළි ඇති මිනිසුන් ඉදිරියේ දණ ගසන්නට වන කාලය එතරම් ඈත නොවේ.
 
එසේ හෙයින්ම ඉහත අප කතා කල නූතන මනෝ විද්යාව සහ එබ්රහමික ආගම් තුල ජීවත් වන්නන්ට අද, සත්යය කුමක්දැයි සොයන්නට වෙර දරු 19 වන සියවසේ මනෝ විද්යාඥයන්ට මෙන්ම ගැටළු පවතී. වාසනාවට මේ සමාජ ඇති රටවල් වල කාන්තාවන් බොහෝ දෙනෙක් පිරිමින්ට සාපේක්ෂව වැඩි ඉගෙනීමක් ලබති. එසේ ඉගෙන ගන්නා ඔවුන්, දිනෙක මේ ක්රම වෙනස් කිරීමට උත්සාහ කිරීම ස්වභාවික දෙයක් වනු ඇත. අද එය බොහෝ අරාබි රටවල සිදුව ඇත. අවුරුදු 9 ක දරුවෙක් ලිංගික අපචාර වලට, නීත්යානුකුලව යොදාගත් කාලය ඉක්ම ගොස් ඇත. අද අරාබියේ විවාහ වන කාන්තාවන්ගේ වයස එදා විවාහ වූ වයසට වඩා බෙහෙවින් වැඩි වේ. එදා මෙන් අද ඔවුන්ට නිදහස නැත්තේ නොවේ.
 
කෙනෙකුගේ හැසිරීම, ඔහු අදාළ සමාජයේ හෝ කාණ්ඩයේ ගති පැවතුම් අනුව සොයන, මනෝ විද්යාවේ එක් උප විෂයයක් වන සමාජ මනෝ විද්යාව (Social Phychology ) ගැනද සිත් යොමු කිරීම වටී. මෙහිදී මිනිසාගේ සිතුම් පැතුම්, ඔහු සිටින සමාජයේ සිරිත් විරිත්, ආකෘතිය, නිර්මාණය, ආයතන, ආදිය අනුව වෙනස් වන ආකාරය තේරුම් ගැනීම මෙහිදී සිදු වේ. කිසියම් සමාජයක පවතින ආගමක් මගින් සතුන් මැරීමට අනුබල නොදෙන්නේද, ඒ සමාජයේ උපන් කුඩා දරුවා මිනිසෙක් වූ විට කරුණාවන්ත මනුෂ්යයෙක් වේ. එහෙත් කිසියම් ආගමක් මගින් සතුන් මැරීමට දිරි දෙන්නේද , ඒ සමාජයේ හැදුණු වැඩුනු තැනැත්තා අකරුණාවන්තයෙක් වේ.
 
ඉහත කී ජාතක කතාව මෙනි. කුඩා දරුවන් යම් යම් දේ ඉගෙන ගන්න හැටිත්, ඔවුන්ගේ චිත්ත වේග මෝරන ආකාරයත්, මේ උප විෂයයේ දියුණුව නිසා දැන් බොහෝ දුරට තේරුම් ගැනීමට හැකිව තිබේ. ඒ අත්දැකීම් මනුෂ්යයා ගේ ප්රයෝජනයට ගැනීමට වෑයම් කරන මනෝ විද්යාවට, ‘ව්යවහාරික මනෝ විද්යාව’ යයි කියනු ලැබේ. මේ යටතේ, අධ්යාපනික මනෝ විද්යාව යන උප විෂයයත් ඇත.
 
රූත් බෙනඩික්ට් ( Ruth Benedict) රැල්ෆ් ලින්ටන් (Ralf Linton ) වයිටින් සහ චයිල්ඩ් (Whiting & Child) වැනි මානව විද්යාඥයන් ගේ සොයා ගැනීම් නිසා මනෝ විද්යාවේ සහ අධ්යාපන මනෝ විද්යාවෙත් සෑහෙන දියුණුවක් ඇති වී තිබේ. ළමයින් හදන දෙමාපියන්, රට හදන නායකයන්, පූජකයන් ආදී සෑම පුරවැසියෙකුටම නූතන මනෝ විද්යාව ගැන යම්අවබෝධයක් ඇත් නම් ලෝකය මෙයට වඩා හොඳ තැනක් වනු ඇත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: