ලෝකයේ සිටින පුද්ගලයන් වර්ග තුන.

20131030-083840මේ පහත ඇති ප්රකාශය කව්රුන් විසින් කිව්වේ දැයි මා නොදනිමි. එහෙත් මේ තුන්වන වර්ගයේම මිනිසුන්, ඔබට මෙන්ම මටද හමු වී ඇත. විශේෂයෙන් මේ තෙවන වර්ගයේ මිනිසුන් හමුවීම තියා දැක බලා ගැනීමත් අපහසුය. වඩාත් අපහසු වන්නේ සහ අවාසනාව වන්නේ, එවැනි මිනිසුන් ගුරුවරුන් සේ නොලැබීමය.
එහෙත් මා ඒ ආකාරයේ දුලභ වාසනාවන්තයෙක් වූයෙමි.
ප්රකාශය මෙසේ වේ.
පළමු මිනිස් වර්ගය :- ඔවුන් හමු වූ විට කතා කරන්නේ අනෙක් මිනිසුන් ගැනය. ලොව වැඩියෙන්ම සිටින්නේ මේ වර්ගය වේ.
දෙවන මිනිස් වර්ගය :- ඔවුන් හමු වූ විට කතා කරන්නේ සිදු වීම් ගැනය. දෙවනුව, ලොව වැඩියෙන්ම සිටින්නේ මේ වර්ගයේ අය වේ.
තෙවන මිනිස් වර්ගය :- ඔවුන් හමු වූ විට කතා කරන්නේ සංකල්ප ගැනය. ලොව දුර්ලභම අය වන්නේ, මේ වර්ගයේ මිනිසුන්ය. බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ, ගැලීලියෝ , අයින්ස්ටයින්, මහාචාර්ය ස්ටීවන් හෝකින් උදාහරණ කීපයකි. ලෝකය වෙනස් කලේ මේ මිනිසුන්ය.
පළමු සහ දෙවන මිනිස් වර්ග ගැන කීම අනවශ්ය වේ. එදිනෙදා මුහුණු පොතේ අසන කියන දේ දකින ඔබ, ඒ අය කව්රුන්දැයි තේරුම් ගන්නවා ඇත. ඒ මුල් දෙවර්ගයේ මිනිසුන්ට චෝදනා කිරීමක් මෙහි නැත.
තෙවන වර්ගයේ මිනිසුන් දෙදෙනෙක් හමු වූ ආකාරය සහ, ඔවුන් ඒ වර්ගයට අයත් බව මා තේරුම් ගත් ආකාරය විස්තර කරන්නෙමි. අවාසනාවට මේ මිනිසුන් දෙදෙනා කව්රුදැයි කියන්නට මට අවසර නැත්තේ මේ කතාවේ පුද්ගලික කරුණු ඇති හෙයිණි.
මේ දෙදෙනා කව්රුන්දැයි මා ඉඟියකින් හෝ නොකියමි. එහෙත් දන්නෝ මෙන්ම මා සමඟ එදා සේවය කල අය, මේ සමහර දත්ත මගින්, A සහ B කව්රුන්දැයි දැන ගන්නට ඉඩ ඇත.
එක්තරා රටක, එක්තරා ආයතනයක මා සේවය කරන කාලයේ, මේ මිනිසුන් දෙදෙනාගෙන් එක පුද්ගලයෙක් එම ආයතනයේම සේවය කළේය. ඔහුට A යයි කියමු. ආයතනයට එන එක්තරා B නම් මහාචාර්යවරයෙක්, A ගේම ක්ෂේත්රයේ වියතෙක් විය. මහාචාර්යතුමා මේ ආයතනයට පැමිණ උපදෙස් දීම් කලේය. මේ ක්ෂේත්රය, ‘යාන්ත්රික විද්යාව’ යයි මොහොතකට සිතමු.
එහෙත් ඔවුන්ගේ සත්ය විෂයය, ‘යාන්ත්රික විද්යාව’ නොවේ.
එසේම B ගේ දියණිය විවාහ වී සිටියේ A සමඟිනි. A සහ B ඔවුන්ගේ දැනුමෙන් එම රටම මවිත කළහ.
කිසියම් දිනෙක ලැව් ගින්නක් මෙන් ආයතනයේ පැතිර ගියේ , A විසින් B ගේ දියණිය දික්කසාද කල බවය. අප කලබල වූයෙමු. හේතුව වූයේ A සහ B යනු අපගේ ගුරුවරුන් වූ හෙයිණි. මේ නිසා එය ආයතනයට කසේ බලපාන්නේද යන්න අපගේ ප්රශ්ණය විය. මේ දෙදෙනාම ඔවුන්ගේ ක්ෂේත්ර සඳහා ඇවිදින විකිපීඩියා මෙන් බහුශ්රැත මිනිසුන් වූහ.
සිද්ධිය වූ දිනෙන පසු දෙදෙනාම සතියක් දෙකක් ආයතනයට පැමිණියේ නැත. මුලින්ම සතියකට පමණ පසුව A ආයතනයට පැමිණ සාමාන්ය සේ රාජකාරියේ යෙදුනේය. තවත් දින කීපයකට පසු B ද පැමිණියේ, පුදුමයකට මෙන් මේ දෙදෙනා කැන්ටිමේ කොනක කතා කරනවා දුටුවෙමු. දෙදෙනා කොයි වෙලාවේ මරා ගනීදැයි විමතියෙන් පසු වුනෙමු.
පෙනෙන විදියට මරා ගැනීමක් හෝ බැන ගැනීමක් වත් නැත.
එහෙත් ඔවුන් අත පය සොළවමින් වාදයක නිරතව සිටී.
මෙතරම් මොනවා කතා කරන්නේද යන්න ප්රශ්නයට පිළිතුරක් සෙවිය යුතුය. මේ ඔවුන් කතා කරන්නේ මොනවාදැයි සෙවීමට, ඈත ඇති ශබ්ද ඇසෙන මයික්රෆෝනයක් ඇටවීම මට භාර විය. ආයතනයේ ප්රධානීන්ට නොපෙනන පරිදි වයර් අදිමින්, සටනක් කරමින් පාලක මැදිරියක් වෙත ගෙන ආ වයර් හරහා, ඒ සාකච්චාව කුමක්දැයි අප මහත් කුතුහලයකින් ස්පීකර හරහා පැයක් පමණ අසා සිටියෙමු.
ඔවුන් කතා කලේ ‘යාන්ත්රික විද්යාවේ’ මූල ධර්ම විය…!!… එක වචනයක් වත් ඔවුන් පෞද්ගලික දේ ගැන කතා කලේ නැත…!!!
ඔවුන්ගේ හැසිරීමේ අගක් මුලක් තේරුම් ගැනීමට, තරුණ අපට එදා නොහැකි විය.
එහෙත් මේ සිදුවීම කාලයාගේ වැලි තලාවෙන් ඈතට යන අද දින, එම තෙවන වර්ගයේ ශ්රේෂ්ටයන් දෙදෙනෙක් ඇසුරු කරන්නට වාසනාව ලැබූ බව සිහි වන විට සිතට මහත් වූ පහන් හැඟීමක් ගෙන දේ.

One thought on “ලෝකයේ සිටින පුද්ගලයන් වර්ග තුන.

Add yours

  1. ඕපාදුප, වල්පල් කතාකරන මිනිස්සුන්ට වඩා අර තුන්වන කුලකයේ මිනිසුන් අසුරුකිරීමට ලැබීම මහත් භාග්‍යයක්

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: