මිනිස් චාරිකා (15) – ඔටුවන් බලන්නෙක් විසින් ආරම්භ කරන ලද ආගම.

රෝමන් අධිරාජ්‍යය බිඳ වැටීම නිසා යුරෝපයේ ඇති වූ නොසන්සුන් තත්වය අතරේ අරාබියේ තවත් ආගමක ආරම්භය සිදු වූයේය. එය ලෝකය දේශපාලන වශයෙන් මෙන්ම ආගමික වශයෙන්ද විශාල වෙනසක් ඇති කරන්නට සමත් විය.

ඇත්තටම මේ වන තෙක් අරාබින් ලෝකයේ එතරම් වැදගත් ස්ථානයක් ඉසිලුවේ නැත. එයට හේතු වශයෙන් පෙන්වන්නට හැකි වන්නේ, මිනිසා ගල් යුගයෙන්, දෙවනුව දඩයම් යුගයෙන්, තෙවනුව එඬේර යුගයෙන්, සිව් වනුව ගොවි යුගයෙන් ශිෂ්ටාචාරයට පත් වුවද, ශුෂ්ක අරාබියේ එතරම් කල හැකි ගොවිතැනක් නොවූ හෙයින්දෝ, ඒ අරාබි මිනිසාගේ දිවි පෙවෙත, එවකට දඩයම් සහ එඬේර යුගයේ දෝලනය වෙමින් පැවතීමය.

මේ කාලයේද ඔවුන් රළු පරළු ගති ඇති දරුණු ගෝත්‍රිකයන් ව සිටි අතර ඔවුන් බොහෝ දෙවිවරුන් ඇදහූහ. එහෙත් හත්වන ශත වර්ෂයේ මක්කමේ සිටි ‘මොහමඩ්’ නම් ඔටුවන් බලන්නෙක්, තමාට දෙවියන් විසින් දෙව්ලොවෙන් පණිවිඩ ගෙන දෙන්නේ යයිද, තමා අනාගත වක්තෘ කෙනෙක් යයිද කියා සිටිමින් නව ආගමක් තැනීමට ප්‍රයත්න දැරීය.

කෙනෙක් පැරණි තෙස්තමේන්තුව සහ කුරාණය සිහි කල්පනාවෙන් කියැවූහොත්, ඒ ග්‍රන්ථ අතර ඇති සමානතාවය හොඳින් දකිණු ඇත. මොහොමඩ් කිසිත් නොදත් අඥාණ පුද්ගලයෙක් බවත්, ඔහු හුදෙක් ‘කදීජා’ යන තවලම් කණ්ඩායම් හිමි ධනවත් වැන්දබුවගේ නූගත් ස්වාමි පුරුෂයා වූ බවත් කියන්නට සහ, ඔහු හුදෙක් දෙවියන්ගේ පණිවිඩ කරුවෙක් යයි පැවසීමට බොහෝ ඉස්ලාමික මතධාරීන් උත්සාහ කරන්නේ, මෙන්න මේ ග්‍රන්ථ වල ඇති සමානතාවයක් නැති බව කීමට වේ.

ඒ කාලයේ, ‘බුද්ධිමය දේපොළ පණත’ තිබ්බා නම්, ක්‍රිස්තියානිය, ඉස්ලාමයට විරුද්ධව නඩු ගන්නට තිබිණ. [රුවන් බණ්ඩාර මහතාගේ අදහසකි.]

ඉස්ලාමය වෙනත් ආගමක් යයි කීම අසාර්ථක උත්සාහයකි. මොහොමඩ් නබි සිටියේ එකළ ‘සේද මාවත’ සේ හැඳින්වෙන, බොහෝ ජාතීන් එකට එකතුවන කැරවන් හෙවත් තවලම් ගමන් කරන වෙළඳ මාවතේය. ඒ හැරත් මේ ආකාරයේ තවලම් කණ්ඩායමක හිමිකාරිය වූ කදීජා ඔහුගේ බිරිඳ වූවාය. ඒ තවලම් කණ්ඩායම් පසු කලෙක පාලනය කලේ ඔහු විසිනි.

ලෝකය ගැන නොදත්, මිනිසුන් කණ්ඩායමක් පාලනය කල නොහැකි කෙනෙක්ට, ඒ කාර්යය කල නොහැක.

එසේ හෙයින් ඔහු පසු කලෙක, හුදෙක් ඔහු, ‘ඔටුවන් බලන්නෙක්’ පමණක් නොවෙන්නට ඇති බවත් පැරණි තෙස්තමේන්තුව ගැන මෙන්ම ආගමික කතෘන් ගැන මනා අවබෝධයක් ඇති කෙනෙක් බවටත් පැහැදිළි නිගමනයන් ගත හැක. එසේ නොවන්නේ නම් ඊබ්‍රාහිම්, මෝසස්. ජේසු තුමා සහ යුදෙව්වන් ගැන මේ තරම් කුරානයේ කියවෙන්නේද නැත.

මේ අතර ඇති තවත් සාක්ෂියක් නම්, ඉස්ලාමයේ සඳට දී ඇති විශේෂ ස්ථානය වේ. යුදෙව්වන් දින 365 කැලැන්ඩරය පිළි ගත්තේ නැත. ඔවුන් පිළිගත්තේ, ‘චන්ද්‍ර කැලැන්ඩරයයි’. බොහෝ වෙළෙන්දන් සහ නොයෙක් ආකාරයේ මිනිසුන් මේ ව්‍යාපාරයේදී ඔහුට හමු වූයේ යයිද, නොයෙක් ආකාරයේ දැනුම් සම්භාරයක් ඔහු ඔවුන්ගෙන් උකහා ගත්තේ යයි සේ, සාධාරණ සේ උපකල්පන ගත හැක.

ඔහු සොයා ගත් ආගම සරළ විය.

සරළ මිනිසුන්ට සරළ ආගමක් අවශ්‍ය වූ බව ඔහු දැන ගත්තේය. එය වූ කලී, … “අල්ලාට කැප වීම”… විය. සියළු දේ සිදු වන්නේ අල්ලාගේ අනුදැන්මෙන්ය යන අදහස [Fatalist] සහ, අල්ලාට ඇති පූර්ණ මානසික වහල් බව ඔහුගේ විශ්වාසය විය. එදා ගැහැණුන්ට තිබුණු නිදහස නැති කර මිනිසා වඩාත් ප්‍රබල කරවීය. ගැහැණු මිනිසුන්ට වඩා පියවරක් පහලින් ඇති සේ අල්ලා දෙවියන් විසින් නිර්මාණය කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ඉස්ලාමයට පෙර ගැහැණුන්ට පූර්ණ නිදහසක් ඉස්ලාමයට පෙර සමාජයේ [Pre-islamic era] තිබුණු බව, පාලන බලතල හිමි, හිජාබ පළඳා නොසිටි, ‘කදීජා’ වැනි ගැහැණුන් සිටීමෙන් පෙනී යන දෙයකි. .

එහෙත් මේ ක්‍රමය ඉස්ලාමයේ ගැලපී ගියේ නැත. එසේ හෙයින් ගැහැණුන්ට ඇති නිදහසේ වෙනසක් විය. මොහොමඩ්ට අවුරුදු 55 වන කාලයේ දී අවුරුදු 9ක දැරියක් සමඟ විවාහ වී, නව සිරිතක් ආරම්භ කළේය. පසුව ඇති වූ ආගමික යුද්ධ වලදී අල්ලා ගත් ගැහැණුන් ඉස්ලාම් කරණයෙන් පසු ඔහුගේ අන්තඃපුරයේ සිටියහ.

නමුත් ඔහු ගේ ‘අල්ලාට කැප වීමේ මුල් විශ්වාස’ මක්කමේ සිටි මිනිසුන් මුලින් පිළිගත්තේ නැත. ඔහුව එහිදී සාවඥ සේ ප්‍රතික්ෂේප කරන ලදී.

එසේ හෙයින් ඔහු, ක්‍රිස්තු වර්ෂ 622 වසරේ මක්කමේ සිට, අසළ නගරයක් වූ මදීනා වෙත පලා ගියේය. තවත් අවුරුදු අටකට පසුව ඔහු මක්කම වෙත පැමිණියේ යුධ හමුදාවක් සමඟය. මක්කම ට පහර දීම මුස්ලිම් ආගම හෙවත් ඉස්ලාමයේ ප්‍රථම ආගම් ප්‍රචාරය විය. ඉස්ලාමය කිසි සේත්ම ජේසු තුමාගේ ක්‍රිස්තියානිය මෙන් සාමකාමී ආගමක් නොවීය. ඒත්තු ගැන්වීමට වඩා කඩුවෙන් ආගම ප්‍රචාරය වීම සිදු විය.

ආගම වෙනුවෙන් සිදු කරන යුද්ධයකදී මිය යාම, ස්වර්ගයට යාමේ සැක රහිත මරණයක් විය. ඔහුගේ හමුදාවන් දස දිග විහිද ගියේය. උතුරෙන් ඔවුන් සිරියාවට පහර දුන්හ. ඔවුන් කොන්ස්තන්තිනෝපලයටද ලඟා වූහ. බටහිර දෙසින් ඔවුන් ඊජිප්තුවට සහ උතුරු අප්‍රිකාවට පහර දුන්නේය. නැගෙනහිරින් ඔවුන් ඉරානයට සහ ඉන්දියාවට පහර දුන්නෝය.

මේ කාලයේ රෝමන් වරුන්ගේ ශක්තිය අප්‍රිකාවේ ඉතා දුබල වූ නිසාත්, ආගම් භක්තියෙන් මොහොමද්ගේ සහචරයන් යුධ කල නිසාත් උතුරු අප්‍රිකාව ඔවුන්ට පහසු ඉලක්කයක් විය. ඒ නිසාම ඔවුන් ක්‍රිස්තු වර්ෂ 700 දී උතුරු අප්‍රිකාව හරහා ස්පාඤඤයට ලඟා වූවෝය. එහෙත් පිරනීස් කඳු හරහා යුරෝපයට යාමට ඔවුන් ගත් උත්සාහය ව්‍යාර්ථ වූයේ උතුරු ප්‍රංශයෙන් ඇති වූ ප්‍රතිරෝධය නිසාය.

මේ සටනේ ‘චාල්ස්’ යන ප්‍රංශ නායකයා [Chales the hammer] විසින් මොහොමඩ්ගේ අනුගාමිකයන්ට විරුද්ධව ඔහුගේ සේනා අභීතව මෙහෙයවන ලදී. අවසානයේ ඉස්ලාමිකයන් පසු බැස, ස්පාඥ්ඥය පමණක් යටත් කරගන්නා ලදුව, එය මධ්‍යතන යුගයේ වැදගත් ඉස්ලාමික රාජධානියක් සේ කාලයක් පැවතින.

මේ කාලයේම අභ්‍යන්තර ආරවුල් නිසා භේද භින්න වී තිබුණු ඉරානය හෙවත් පර්සියාව අල්ලා ගැනීම මොහොමඩ් ගේ අනුගාමිකයන්ට ඉතා පහසු කාර්යයක් විය. එසේම ඉන්දියාවේ උතුරු කොටස් ආක්‍රමණය කර අල්ලා ගැනීමද පහසු කාර්යයක් විය. ඊට හේතු වූ එකල ඉන්දියාවේ තත්වය ගැන කෙටි පැහැදිළි කිරීමක් කිරීම වැදගත් වේ.

චීනය ඔවුන්ගේ මහා ප්‍රාකාරය තැනූ හේතුව වූයේ, උතුරෙන් පැමිණි චණ්ඩ ‘හන් වරුන්’ ගේ [Hun] ප්‍රහාර වැළැක්වීමට බව දනිමු. ඔවුන් විසින් හය වන ශත වර්ෂයේ ඉන්දියාව ආක්‍රමණය කරන්නට යෙදුණි. එහෙත් ඉන්දියාවේ සිටි හින්දූන් විසින්, ‘හර්ෂ රජු’ [606-648 AD] ගේ නායකත්වයෙන් මේ හන් වරුන් පලවා හරින්නට හැකි විය. නමුත් හර්ෂ රජුගේ ඇවෑමෙන් නැවතත් ඉන්දියාවේ උතුරේ පාලනය අඩාල විය.

මෙන්න මේ අවස්ථාවේ ඉන්දියාවේ උතුරෙන් කොටසක් අල්ලා ගැනීමට මොහමඩ් ඇතුළු සහචරයන් හට හැකි විය.

එහෙත් ඒ කොටස දිගටම තබා ගැනීමට ඔවුන්ට නොහැකි විය. නමුත් ක්‍රිස්තු වර්ෂ 1000 දී, එනම් ඉස්ලාමය ඉතා ශක්තිමත් වූ කල ඉන්දියාව අල්ලා ගැනීමට එවකට ඇෆ්ගනිස්තානයේ සිටි තුර්කීන් හට හැකි විය. මොහොමඩ් ගේ ප්‍රාර්ථනය සඵල විය.

අද වුවත් ඉන්දියාවට මේ ඉස්ලාමික ආගමනයේ ප්‍රතිඵල ඔවුන්ගේ ආගමික, සමාජයීය සහ සංස්කෘතික ලක්ෂණ වල පෙනී යන්නේය. ඉස්ලාමිකයයන් කරුණාවන්තයන් වූයේ ඔවුන්ටම ආවේණික ක්‍රමයට, ඔවුන්ට කියා දී අයුරෙනි. එනම් අල්ලා ගන්නා ප්‍රදේශවල මිනිසුනට ප්‍රජාතන්ත්‍රවාදීය සේ නිදහසේ තෝරා ගැනීම සඳහා අවස්ථා දෙකක් තිබිණ. එක්කෝ ඉස්ලාමය වැළඳ ගැනීමය. නැත්නම් මරණය තෝරා ගැනීමය.

පසුව වුවද ඉස්ලාමය වැළඳ ගත් කෙනෙක්, නැවත ඉස්ලාමයෙන් ඉවත් වීමට දඬුවම මරණය වේ. දෙවියන් හෝ කුරානය විවේචනය විශාල වරදකි. ආගමක් නැති කෙනෙක් වීමට [Atheist] අදත් සව්දි අරාබියේ දඬුවම මරණය වේ.

ඔවුන්ගේ ශිෂ්ටාචාරයට පදනම වූයේ ග්‍රීක කලාත්මක නිර්මාණ විය. එසේම ඔවුන් තාරකා ශ්‍රාස්ත්‍රය වැනි දේ ගැන උනන්දුවක් දැක්වීම කරන ලද්දේ එවැනි නුවණැත්තන් ආගමට හරවා ගැනීමෙනි. සෑම දෙයකටම ඉස්ලාමික බවක් ආරෝපණය කිරීම එමගින් සිදු විය. තවත් උදාහරණයක් සේ අරාබි ඉලක්කම් සේ අද පැවසෙන ඉලක්කම් වල සත්‍ය නිජ භුමිය ඉන්දියාව විය.

අරාබි වෙළෙන්දන් ලොව පුරා යමින් මේ ඉලක්කම්, ‘අරාබි ඉලක්කම් ‘ සේ ප්‍රචලිත කළහ.

ඉස්ලාමයේ, ‘පිළිම වන්දනාව’ තහනම් වේ. එසේ හෙයින් ග්‍රීසියේ හෝ ඊජිප්තුවේ ඇති වූවාක් මෙන් කලාත්මක නිර්මාණ ඇතිවීමේ ප්‍රවණතාවයක් නොතිබිණ. එපමණක් නොව ඔවුන් අනෙක් සංස්කෘතීන්ගේ පිළිම ආශ්‍රිත සංකල්ප හෝ ඉදි කිරීම් වලට අකමැති වුවන් වෙති. බාහියන් බුදු පිළිම විනාශ කිරීම උදාහරණයකි.

පිළිගැනීමට අපහස වුවද, ඊජිප්තුවේ පිරමීඩ විනාශ කල යුතුය කියන ඊජිප්තු වාසීන් අද දිනද අඩු නැත. බොහෝ ඊජිප්තු වාසීන් පිරමීඩ බලා නැත. මක්නිසාදයත් සොහොන් ගෙවල් බැලීම කැප නැත.

ඉස්ලාමික තුර්කීන් විසින් ඊජිප්තුවේ ‘ස්පින්ස්ක්’ ප්‍රතිමාව, ඔවුන්ගේ කාල තුවක්කු එල්ලයන් ගැනීම සඳහා භාවිතා කරන ලදී.

පිරමීඩ වසා තිබූ ‘ඇලබැස්ටර්’ තහඩු, ගලවා පල්ලි සහ නිවාස තැනීමට භාවිතා කරන ලදී. කෙනෙක් ඉන්දියාවේ ගොස් නරබන ‘ටජ් මහල්’ තනා ඇත්තේ එකළ ඉන්දියාවේ තිබුණු හින්දු කෝවිල් සහ බෞද්ධ පන්සල් තනා තිබුණු කිරි ගරුඬ තහඩු වලිනි. මෝගල් අධිරාජ්‍ය සමයේ මේ ආකාරයේ දේ සාමාන්‍ය දේවල් විය.

මෙහිදී ඉස්ලාමික විශ්වාසයන් අනෙක් සංස්කෘතීන්ට සම්බන්ද වූ ආකාරය දැන ගැනීම වැදගත් වේ. අද කෙනෙක් ඉරානයේ ‘එස්ඵහාන්’ වැනි පෙදෙස් වල ඉතා පැරණි මුස්ලිම් පල්ලි වලට ගොස් බැලුවහොත්, ඒවායේ මල් ඇඳ ඇති බව දකින්නට හැක. ඉරානයේ ආර්ය සංස්කෘතිය ඒ වනවිට ඉස්ලාමික සංස්කෘතිය විසින් ගිළ ගනිමින් තිබිණ.

නමුත් පසු කලක ඇති වූ මුස්ලිම් පල්ලි වල මල් ඇඳ නැත. මිනිසාගේ ගෘන්ගාරය, රාගය වැනි අදහස් ආගමානුකූලව පාලනය කිරීම ඉතා වැදගත් විය. ඉස්ලාමයෙන් පණ පෙවුණු සමාජයේ පෙනෙන්නට ඇති එකම කලාත්මක නිර්මාණය, යම් රටාවකට ඇඳි පුනරාවර්තන සේ සකස් කරන ලද ප්‍රෙහේළිකා මෙන් වූ මෝස්‌තර පමණක් වේ.

කෙසේ වුවත් පසුව අරාබි ජාතිකයන් විසින් අනාගත වක්තෘ පදවියට උසස් කරන ලද ‘මොහොමඩ් හෙවත්, ‘මොහොමඩ් නබි තුමා’ දක්ෂයෙක් මෙන්ම බොහෝ ඥානවන්ත යෙක් විය යුතුය. එකළ සිටි, ‘ගෝත්‍රික වනචාරීන්’, පාලනය කල හැක්කේ දෘඩ නීති පද්ධතියකින් බව ඔහු දැන සිටියේය.

විමුක්තිය සොයමින් සිටි මිනිසුන් ජීවත් වූ කලෙක, ඒ සඳහා දෘඩ නීති රීති ගෙන ඒම බුදුන් වහන්සේ නොකළහ. ඒ වෙනුවට අවශ්‍ය සංකල්ප ඉදිරිපත් කළහ. එහෙත් සංවේදීතාවයක්, ඥාණයක් හෝ කලාත්මක භාවයක් නැති ‘එවැනි මිනිසුන්’ වෙනුවෙන් මොහොමඩ් නබිතුමා විසින් දරුණු නීති රීති ගෙන එන ලදී. මෙයින් ඉතා පැහැදිළිව පෙනෙන්නේ විවිධ ආගම්, ඒ ඒ සමාජයේ ලාක්‍ෂණික ගති ගුණ හා සම්බන්ද වන බවය.

මෙය මධ්‍යතන යුගයේ පල්ලිය, රාජ්‍ය පාලනය කිරීම සඳහා සම්බන්ද වී, එකල යුරෝපයේ සිටි ම්ලේච්ච ගෝත්‍රිකයන් වැනි මිනිසුන් තදින් පාලනය කිරීමේ ක්‍රියාවලියට බොහෝ සමානය. නමුත් ලෝකය දියුණු වන විට, මිනිසුන් ශිෂ්ට සම්පන්න වන විට එම කිතුණු පල්ලියේ කාර්ය භාරය යුරෝපයට අවශ්‍ය වූයේ නැත. මෙන්න මේ තත්වය, මූලධර්මික මුසල්මානුවා විසින් හඳුනා ගත් විට ලෝකය බොහෝ සාමකාමී තැනක් වනු ඇත.

සව්දි අරාබියේ මේ කාලයේ වන ප්‍රතිසංස්කරණ ඒ සඳහා ඉඟියක් පෙන්වයි

2 thoughts on “මිනිස් චාරිකා (15) – ඔටුවන් බලන්නෙක් විසින් ආරම්භ කරන ලද ආගම.

Add yours

  1. කදීජා (වලි) තුමිය යුදෙව් ආගමට සම්බන්ධ ආගමක් අදහපු කෙනෙක්. ඒ වගේම ඇගේ ඥාති සටහෝදරයෙක් වන වරකා ඉබ්න් නව්ලේ (පල්) තුමා උගත් ක්‍රිස්තියානි පූජකයෙකු්. ඉස්ලාමයේම සඳහන්වන පරිදි මුලින්ම නබි(වල්) තුමාට දේව වාක්‍ය ඇසුනවිට එය තේරුම්කරගත්තෙ වරකා තුමාගෙන්.
    කදීජා ජීවත්වන තුරුම මුහමු්මද් ජීවත්වුනේ ක්‍රිස්තියානි කාරයෙක් වගේ. ඉතියෝපියාවේ ක්‍රිස්තියානි රජු මුල්කාලේ මුස්ලිම් වරුන්ට දේශපාලන රැකවරණ ලබා දුන්නා. ඉස්ලාමය බිහිවි වසර 10කට පසු කදීජා මියගියා. ඉන්පසුව තමයි නියම ඉස්ලාමය බිහිවුනේ. කදීජා තව වසර 10ක් වැඩිපුර ජීවත් වුනානම් දැනට වඩා සම්පූර්ණයෙන් වෙනස් ඉස්ලාමයක් හැදෙන්න තිබුනා.
    මුස්ලිම් අය අන්යාගමිකයන් රවට්ටන්න පාවිච්චි කරන්නේ මුල් වසර 10 පහලවු දේව වාක්‍ය. නමුත් ඉස්ලාමයේ සඳහන් අන්දමට වඩාත් වැදගත් වන්නේ අවසානයට පහල වු දේව වාක්‍යයි.

    ISIS සංවිධානයේ වැදගත්කම වන්නේ ඔවුන් අවංකවම අවසන් වසර 10දී පහලවු දේව වාක්‍ය අනුව කටයුතු කිරීමයි. ISIS සංවිධානය ඉස්ලාමය නිරුවත්කලා. එක මුස්ලිම් පඬිවරයෙකුටවත් ISIS සංවිධානය ඉස්ලාමයට විරුද්ධ දෙයක් කලා යැයි කියන්නට හැකිවී නෑ. මිත්‍යා දෘෂ්ඨිකයන් වන අපි ISIS සංවිධානයට ස්තුතිකල යුතුයි.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: