මිනිස් චාරිකා (13) -ඉන්දු නිම්නයේ සභ්‍යත්වය.

ඊජිප්තුවේ පිරමීඩ තැනෙන කාලයේම පැරණි ඉන්දියාවේ, ‘ඉන්දු නිම්නය’ යන ප්‍රදේශයේ ශිෂ්ටාචාරයක් බිහිවිය. එහි තිබුණු නටබුන් අතරේ ‘මොහෙන්ජෝ ඩාරෝ’ සහ, ‘හරප්පා’ යන ප්‍රදේශ වල බොහෝ නටබුන් සොයා ගන්නට හැකි විය. නමුත් මේ කාලයේ එම ප්‍රදේශයේ මිනිසුන් භාවිතා කල අක්ෂර මොනවාදැයි සොයා ගන්නට 1920 වසරේ පමණ සිට කල උත්සාහයන් එතරම් සාර්ථක වූයේ නැත.

පැරණි ශිෂ්ටාචාර තිබුණු ප්‍රදේශ වල අක්ෂර වලින් කියවෙන්නේ කුමක්දැයි සොයා ගැනීම ඒ ශිෂ්ටාචාරය ගැන පුළුල් අදහසක් ලබා ගැනීමට හේතුවකි. උදාහරණයක් සේ ඊජිප්තුවේදී හදිසියේ හමුවුණු ‘රොසෙටා ගල’ ඊජිප්තු රූපාක්ෂර මොනවාදැයි හඳුනා ගන්නට හැකි වූ ක්‍රමයක් විය. එහෙත් ඒ ආකාරයේ දෙයක්, මෙතෙක් මෙම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ අක්ෂර හඳුනා ගැනීමට හමු වී නැත.  

අක්කර 500 ක ප්‍රදේශයක ‘මොහෙන්ජෝ ඩාරෝ’ ප්‍රදේශය පැතිර පැවතිණි. එහි තිබුණු ධාන්‍යාගාරයේ නිර්මාණය එකල ධාන්‍ය කල් පවත්වා ගැනීමට අවශ්‍ය වූ පියවරවල් මැනවින් ප්‍රදර්ශනය කරයි. ධාන්‍ය වලට අවශ්‍ය වාතය නියමාකාරයට ඇතුළු වන සේ සකස් කල සිදුරු මෙහිදී කැපී පෙනේ. ධාන්‍ය වලට තෙතමනය ඇල්ලීම අවම කිරීම එමගින් සිදුවන්නට ඇත.

වතුර බිඳක් හෝ කාන්දු නොවන ආකාරයට තැනූ පොදු ස්නානය සඳහා වන තටාකය වැසි වතුරෙන් පිරවෙන්නට ඇත.ජලය ලබා ගැනීමට ළිං 700ක් තනා තිබිණ.

මේ ප්‍රදේශය ජන ශූන්‍ය වූ නියම හේතුව අදත් දැන ගැනීමට නැත. එහෙත් මුල් කල කල කැනීම් වලින් සොයාගත් ඇටසැකිලි වල විශේෂ ලක්ෂණ තිබීම පුරා විද්‍යාඥයන් මවිතයට පත් කරන්නට සමත් විය. එනම් ඒ ඇට සැකිලි හිමි කරුවන් දරුණු අනතුරු වලින් පිළිස්සී මියගිය බවක් පෙනින.

මෙහි ඇති පුදුමය වන්නේ ඒ ඇටසැකිලි විශාල ප්‍රමාණයෙන් පරමාණුක විකිරණ වලට භාජනය වී තිබීම විය.

වැඩිදුර කැනීම් වලදී, සිටගෙන සහ ඉඳ ගෙන සිටින පිළිරූ ද, නටන ස්ත්‍රියකගේ පිළිරුවක්ද , මැටි වලින් තනන ලද නොයෙක් මුද්‍රාද, කුඩා දරුවන් භාවිතා කරන්න ඇතැයි සැලකෙන භාණ්ඩද සොයා ගැනීමට හැකි විය. ඒ අතර රන්, රිදී සහ එමරල්ඩ් වැනි මැණික් වලින් තැනූ පළඳනාද සොයා ගැනීමට හැකි විය. ඉතා නිවැරදි සේ සාදන මැටි භාණ්ඩද සොයා ගැනීමට හැකි විය.

‘මාතෘ දෙවඟන වන්දනාව’ මේ ප්‍රදේශ වල තිබුණු බවට සැක කල හැකි පිළි රූ හමුව ඇත. එසේම හින්දු ආගමේ පසුව ඇති වූ ඇදහීම් වල මුල් ස්වරූපයක් මෙහි තිබේ යයි අනුමාන කෙරේ. ඉහත කී සියල්ල උසස් ගනයේ නිර්මාණ වේ. එහෙත් යුධ තාක්ෂණයට සම්බන්ද කිසිම දෙයක් සොයා ගැනීමට නොහැකි වීම පුදුමයකි.

කිසියම් ආයුධයක් වශයෙන් සොයා ගත්තා නම්, එය හුදෙක් සරළ දුන්නක් සහ ඊතල පමණි. ඒවායින් හාවෙක් හෝ මැරීමට අපහසු ආකාරයේ දේවල් විය.

ඉහත කී මිනිසුන් මැරී තිබුනේ උඩුපෙලි අතට වැටී බව කියවේ. එයද විශේෂත්වයකි. පෙනෙන ආකාරයට ඔවුන් එසේ මැරෙන්නට පෙර එයින් ගැලවෙන්නට උත්සාහයක් නොගත් බවක් පෙනේ.

එනම් එය ක්ෂණිකව සිදු වූ ඝාතන යයි සැක කල හැක. මේ ප්‍රදේශයේ සිටියවුන් නොයෙක් ක්ෂේත්‍ර වල ප්‍රවීනයන් වුවද, යුධ තාක්ෂනය නොදත් හෙයින් වෙනත් මිනිස් කණ්ඩායමක් විසින් විගස විනාශ කරන්නට ඇතැයි සැක කිරීමටද හැක.

මෙහි ඇති නිවාස වැනි ගොඩනැගීම් දකින විට, අද පවතින නවීන නගරයක් මෙන් තිබෙන්නට ඇතැයි අනුමාන කල හැක. ඉතා ක්‍රමානුකූල ජලය ගලා යන කානු පද්ධති වලින් එය සමන්විත ව තිබිණ.’මොහෙන්ජෝ ඩාරෝ’ ප්‍රදේශයේ ඇති කැපී පෙනෙන තවත් දෙයක් නම්, එහි දේශපාලන හෝ ආගමික දේ සඳහා විශේෂ ලකුණු නොතිබීමය.  

මේ ප්‍රදේශ දෙකේම එකම ප්‍රමාණයේ ගල් වලින් නිම කරන ලද තට්ටු නිවාස තුබුණු බව සොයා ගෙන ඇත. 20,000ත් 40,000ත් අතර ජනතාවක් මෙහි ජීවත් වන්නට ඇතැයි අනුමාන කෙරේ. ප්‍රදේශයේ අවශ්‍යතා සඳහා කරත්ත තිබුණු බව පෙනේ.

එනම්, ගොනුන් දෙදෙනෙක් යොදා අදින ලද කරත්ත තිබුණු බවට සාධකයක් වන්නේ, ඒ ආකාරයේ කුඩා පිළිරූ සොයා ගැනීමට හැකි වීමෙනි.      

ඕනෑම ශිෂ්ටාචාරයක් ඇති වීමට ගංගා උපයෝගී වූ බවක් පෙනේ. ප්‍රදේශයේ ගංගා තිබීමෙන් සහ ගංගා අවට මේ ගොඩනැගිළි තිබීමෙන් එය ඔප්පු වේ. ක්‍රිස්තු පූර්ව 3000 පමණ මේ ශිෂ්ටාචාරය පැවතිණි. ඔවුන් ‘මෙසපොටේමියාව’ සමඟ වෙළඳාම් කළහ. ඒ වෙළඳාම, ‘කපු රෙදි’ යයි මෙසපොටේමියාවේ කරන ලද සොයා ගැනීම් වලින් පෙනී යයි.

හරප්පා ප්‍රදේශයේ කැනීම් වලින් ඒ නටබුන් වර්ෂ 4700ක් පමණ පැරණි බව ඔයා ගෙන ඇත. හරප්පා හී නිවාස ඉතා ශක්තිමත් වූයේ, ඒ සඳහා යොදා ගත් ගල් එකිනෙක හිර වීමට හෙවත් එකිනෙක එකට ලොක් වීමට තනා තිබුණු හෙයිනි. හරප්පා හී නම්, පිත්තල සහ කොපර් වලින් තනන ලද ආයුධ හමු විය. මේ පළාත්වල මිනිසුන් ඉරානය, ඇෆ්ගනිස්තානය සමඟ සබඳතා තිබුණු බව සොයා ගැනීමට හැකිවී තිබේ.

උතුරෙන් පැමිණි ආර්යයන් විසින් මේ මිනිසුන් ඝාතනය කරන ලදැයි සමහර ඉතිහාසඥයෝ විශ්වාස කරති.

අද දින මේ ‘මොහෙන්ජෝ ඩාරෝ’ සහ ‘හරප්පා’ ප්‍රදේශ පකිස්ථානයේ සින්ඩ් ප්‍රාන්තයට අයත්ව ඇත. මේ ප්‍රදේශ වල සිටි මිනිසුන් පරමාණු බෝම්බයකින් මිය ගියේද, නැතහොත් කාලගුණික විපර්යාසයක් නිසා විනාශ වූයේද හෝ, වෙනත් දෙයක් නිසා සිදු වූයේද යන්න දැන ගැනීම කාලයට ඉඩ දිය යුතු පිළිතුරක් වී ඇත.  

ඉන්දියාවේ විශාලත්වය ගැන සැළකු විට, මේ ශිෂ්ටාචාරය එහි එක් කුඩා කොටසක් වන්නට ඇත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: